Sunday, July 28, 2019

අපේ පුද්ගලික ගමනාගමනයේ අනාගතය




පෙරේදා මම පළමුවරට app කුලී රථයක ගමනක් යාම පිළිබඳව බ්ලොග් එකක් ලිව්වෙමි. ඊයේද මට එලෙසම ගමනක් යාමට සිදුවිය. ඒ මිතුරෙකුගේ පුතෙකුගේ වෙඩින් එකක් සඳහාය.
වෙඩින් වලදී මත්පැන් බීමට සිදුවන නිසා මෙදිනද app වාහනයකින් ඒ සඳහා යාමට තීරණය කලෙමි. පෙර දිනයේ වාහනය ඉක්මනින් පැමිණි නිසා උත්සවයට යාම සඳහා පිළියෙළ වී පික් මි app එකට ගියේ වාහනයක් ඇනවුම් කිරීම සඳහාය.
මුලින්ම ගිය පික්මි හි අවට සියලුම වාහන බිසී කී නිසා තරමක ව්‍යාකූලතාවයක් ඇති වුවද, උබර් එකට ගිය විගසම ඇනවුම සාර්ථක විය. විනාඩි 7 කින්; ඇනවුම් කරන විට කියූ ලෙසටම වාහන පැමිණියේය. රියදුරු ඉතාම ප්‍රියමනාප පුද්ගලයෙකු වූ අතර, මුස්ලිම් මිනිසුන් අතරද වශී ගුරුකම් ආදිය පවතින බව දැනගත්තේද, ඔහුත් සමග කතාවෙනි. උබර් කුලියද පික්මි එකට වඩා 5% ක් පමණ අඩු බවද පෙනුනි. නගරයේ නැගෙනහිර පැත්තේ පිහිටි මගේ නිවසේ සිට පේරාදෙණිය රෙස්ට් හවුස් එකට ගොස්, ආපසු පැමිණීමට ගියේ රුපියල් 1050 කි.
ආපසු එන ගමනේදී මත්පැන් වලින් අපගේ නිර්මාණශීලි බාවය වැඩිකරන බව මොනවට වැටහුණි. මම රියදුරු සමග ඕනවට වඩා කතාවට නොගියෙමි. මෙම app වලින් අප රටේ සමාජයේ සහ ගමනාගමන පද්ධතිය තුල අනාගතයේ සිදුවිය හැකි වෙනස්කම් මොනවාදැයි, මම කල්පනා කරන්නට පටන් ගත්තෙමි. පහත සඳහන් වෙනස්කම් මගේ සිතට පැමිණින. මම ඉන්පසු එකින් එක බිරිඳ සමග සාකච්ඡා කලෙමි. ඇයද එකඟ වූ ඒවා මෙහි ලැයිස්තු ගත කරමි.
1.    ඉදිරි වසර 5 තුල පාරවල වාහන ප්‍රමාණය සෑහෙන දුරට අඩුවනු ඇත.
2.    නගරවල වාහන නැවතීමේ ඉඩකඩ අවශ්‍යතාවය බොහෝ දුරට අඩුවනු ඇත.
3.    ත්‍රි වීලර් නගරවලින් සීග්‍රයෙන් ඉවත්වනු ඇත.
4.    ත්‍රි වීලර් ගම්බද කුඩා පාරවලට, කෙටි ගමන් වලට සහ ලිහිසි බඩු ඇදීම් සඳහා සීමාවනු ඇත.
5.    මෙලෙස ත්‍රි වීලර් සඳහා ඉල්ලුම අඩුවන විට, ඒවා රටට ගෙන්වීමද අඩුවනු ඇත.
6.    වාහන ගෙන්වීමද අඩු වනු ඇත. (ලක්ෂ 40 ක වාහනයක් ගැනීමට සිතන කෙනෙකු එම මුදල බැංකුවේ දැම්මොත් මසකට රුපියල් 40000 පමණ ලැබෙයි. එම මුදලෙන්, වාහනයක තිබෙන අනෙක් වියදම්ද කරදරද නොමැතිව, පහසුවෙන්ම දිනපතා වැඩට යාමට පවා උබර් මගින් වාහනයක් ලබා ගැනීමට පුළුවන)
7.    app වාහන පදවන බොහෝ දෙනෙක් වෙනත් යමක් කරන්නන්ය. මට දැනට හමුවුන 4 දෙනාගෙන් දෙදෙනෙක්ම හෝම් ස්ටේ එකක් සහ ග්‍රොසරි එකක් කරන්නන්ය. මෙලෙස ද්විත්ව ව්‍යාපාර වල යෙදීමෙන් ඔවුන්ටද වැඩි ආදායමක් ලැබෙන අතර, නිෂ්පාදන ශ්‍රම බලකායටද වැඩි පිරිසක් එකතු වෙයි.
8.    මෙතෙක් කල් කිසිම අයුරකින් බදු ලබාගත නොහැකි වූ කුලී රථ සේවයේ, අඩු තරමින් ප්‍රධාන ආයතනයෙන් වත් යම් බදු මුදලක් රජයට ලැබෙනු ඇත.
රජයට මේ සඳහා කළ හැකි හොඳම දෙය මෙයට ඇඟිලි නොගසා සිටීමයි. පුද්ගලික ව්‍යාපාරිකයන් මෙය ලස්සනට කරගෙන යනු ඇත.
රජයට මොනව හරි කරන්න ඕනෑම නම් රජයේ වැඩකටයුතු වලටද app නිර්මාණය කරවා; නොයෙකුත් අනුමැතියන් සහ පදිංචි සහතික වැනි කටයුතු වලට, තව දුරටත් මිනිසුන්ට වාහන වල ගමන් යාමට ඇති අවශ්‍යතාවය අඩු කිරීමයි.

6 comments:

  1. ගම්බද ප්‍රෙද්ෂ වලට මේව ව්‍යාප්ත වෙන්නෙ නෑ

    ReplyDelete
  2. \\ ඉදිරි වසර 5 තුල පාරවල වාහන ප්‍රමාණය සෑහෙන දුරට අඩුවනු ඇත.\\ ඉදිරි වසර 50 තුල. කාර් එකක් නැත්තම් තත්වයක් නෑ කියන මතය තාම ඉවත්වී නැත

    ReplyDelete
  3. Lakshman,

    What you have written perfectly alright and timely discussion. When comparing those private transport system with America it is convenient in both countries as you have very clearly explained. The hurdle to develop this system in Sri Lanka would be a regulating issue.

    1) Law making politicians would have no knowledge of this and they will never learn social requirements until it jeopardize otherwise.

    2) Regulating officers and other local government bodies will never know how to regulate and they dont want to regulate

    3) Most of the time government will not understand to earn income while providing infrastructure for the industry

    4) I also had so much expectations as a schoolboy while brand new private buses on the road in 1977 and giving so much merits to JRJ that we could travel in a comfortable bus for 50 cents, those days minimum fare was 50 cents.

    5) But when you think of today's situation of private bus condition I curse to JRJ because he brought novel system to the country but never regulate it properly so, today "so calle Bus Gamunu" and all become rulers of Sri Lanka which is a pathetic situation

    6) What we have to do in order to have proper App transport service to discuss pros and cons with everyone through the modern communication system such as social media and try to transfer proper management knowledge to everyone including law makers.

    ReplyDelete
  4. I checked with an officer of Bulathkohupitiya Duvisional secretariat Office, whether they have these facilities in their area she said no. People just use village limited vehicles and also they don't much use internet too.

    ReplyDelete
  5. එක වරක් හෝ දෙවරක් uber කුලී රථයක ගමනින්, අත්දැකීමෙන් ඔබ සහ බිරිඳ එකඟ වූ රටටම බලපාන්නා වූ නිගමන ගැන .... සිනා පහල විය !
    මේ වාක්‍ය කියවන විට සිනාව නවත්වා ගත නොහැකි විය......"පුද්ගලික ව්‍යාපාරිකයන් මෙය ලස්සනට කරගෙන යනු ඇත." ...77 JR ගේ පුද්ගලිකකරණයෙන් පසු ,ලංකාවේ පුද්ගලික බස් රථයක ගමන් කල මුල් කාලයේත් ඔබට මෙසේ සිතෙන්නට ඇත යි සිතමි!!
    මේ Uber කොම්පැනියේ ක්‍රියාකාරිත්වය ගැන ඔබ අසා කියවා ඇතිද? ලෝකයේ දියුණු රටවල සමහර නගරවල Uber සේවය තහනම් කර suspend කර ඇති බව ඔබ අසා ඇතිද ? එසේම ඇමෙරිකාවේ සමහර නගරවල Uber රියදුරන්ම, කොම්පැනියේ නීති රීතිවලට එරෙහිව වර්ජන, විරුද්ධ උද්ගෝෂණ පවත්වන බව ඔබ අසා ඇතිද ? උනන්දු නම් link තොරතුරු සැපයිය හැකිය.

    ReplyDelete
  6. ඉදිරි වසර තුන හතර ඇතුලත ඇමරිකාවේ ටෙස්ලා කාර්, බොස්ව වැඩට දාලා තමන්ම ගිහින් හයර් හොයං දුවල හැන්දැවට ආයි බොස් ගන්න ඔපිස් එකට ඒවි. ඒ වගේ තත්වයක් තියෙන්නේ මහත්තයෝ දැං. මේක කියෙව්වම තේරුනා නිර්මාණශිලීබව නං ටොප් එකට ඇවිත් කියලා.

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...