Saturday, July 27, 2019

කුලී රථ app සහ රජය






ඊයේ මම මුල් වතාවට app එකක් භාවිත කර වාහනයක් ගෙන්වාගෙන ගමනක් ගියෙමි. ඇත්තටම මම ලංකාවේ කුලී රථයකින් ගමනක් ගිය මුල්ම වතාවත් මෙය විය යුතුය.
මම මිතුරෙකුගේ චිත්‍ර ප්‍රදර්ශනයක් නැරඹීමට දහවල් 11 ට නුවර කුවින්ස් හෝටලයට යාමට සිතා සිටියෙමි. 10 ට පමණ නිවසට පැමිණි මිතුරෙකු සෙනසුරාදා නගරයේ වාහන පාකින්ග් ඉතාමත් අපහසු බවත්, මට බොහෝ වෙලාවක් ඒ සඳහා ගත වන බවත් කීවේය. මෙවිට මෙම සෙනසුරාදා ප්‍රශ්නය සත්‍යයක් බව මට මතක් විය.
මේ නිසා මම දැනටමත් ඩවුන් ලෝඩ් කරගෙන සිටි උබර් app එක පාවිච්චි කිරීමට උත්සාහ කලද, එහි වාහන තෝරා ගැනීමට නොහැකි බව පෙනුනි. මේ නිසා පික් මි app එක ඩවුන් ලෝඩ් කරගෙන එයින් කුඩා වාහනයක් තෝරාගෙන ඇනවුම් කලෙමි.
සාමාන්‍යයෙන් වාහනයක් ඒමට ගතවන වෙලාව ගණනය කර, මම ඇනවුම් කලේ වොෂ් එකක් දමා ඇඳ ගන්නට පෙරය. වොෂ් එක දමා අවසන්වන විටම වාහනය ගෙදරට පැමිණින. බිරිඳටත් ඉක්මනට අන්දවාගෙන වාහනයට යනවිට විනාඩි 5 ක් පමණ ගත වී තිබිණ.
අපි ප්‍රදර්ශනය නරඹා මුණගැසුණු තවත් මිතුරෙකුත් සමග බේක් හවුස් පබ්  එකට ගොස් දහවල් ආහාර ගෙන, තවත් පික්මි එකක් ගෙන්වා ගෙන නිවසට ආවෙමු. ආපසු යාමට වාහන එලවන්නට නොමැති නිසා මට මිතුරා සමග pre-lunch drink එකකුත් ගත හැකිවිය.
මෙම අත්දැකීම ඉතාමත් පහසු එමෙන්ම මිහිරි අත්දැකීමකි. මෙතරම් පහසුවෙන් මෙවැනි ගමනක් මම කවදාවත් ගොස් නැත. දෙපැත්තට ගමන අවසානයේදී එම රියදුරන් රවුම් ගානට පැමිනිමේදීද,  ඔවුනට පාඩු වන පැත්තට යාමට තරම් කාරුණික විය. 307.61 ට ඔහු ගත්තේ රුපියල් 300 ක් පමණි.
අපි නගරයට ගියේ එක පාරකින් වූ අතර, පැමිණියේ වෙනත් පාරකිනි. බිල් දෙකෙන් මම ඒ පාරවල් දෙකෙන් නිවසට වඩා ළඟ පාර කුමක්දැයි දැනගත්තෙමි.
මෙලෙස වාහනයේ එද්දී මට විශේෂ කාරණයක් සිහිවුනි. ඒ මෙම කුලි රථ app එක වන්නක් රජයෙන් සංවිධානය කලේ නම්, එය කොපමණ සීරියස් වනු ඇතිද යන බවය.
එසේනම් ඒ සඳහා පාවිච්චි කරන වාහන වලට අයදුම් පතක් බාරදීම සඳහා වෙනම ලියා පදිංචියක් ඉල්ලනු නොඅනුමානය. රියදුරු පදිංචිය පිලිබඳ ග්‍රාම සේවා සහතික ලබාගෙන ප්‍රාදේශීය කාර්යාලයට ගොස් අත්සන් කරගෙන, ඉන්පසු පොලිසියට ගොස් දවසක් රස්තියාදු වී පොලිස් වාර්තාවක් අඩු තරමින් ලබාගැනීමට නියම කරනු ඇත. දවස් දෙක තුනක් රජයේ කාර්යාලවල රස්තියාදුවී, ඇඳුරුම් කමක් නැත්නම් කීයක් හෝ අත මිටි මොලවන්නටත් අවශ්‍ය වනු ඇත.
අනික් පැත්තෙන් අපටද ගමන යාමට කෘෂිකර්ම දෙපාර්මේන්තුවේ පැල මිලදී ගැනීමට ගිය විට මෙන්, පෙර එම කාර්යාලයට ගොස් මුදල් ගෙවා  කුවිතාන්සියක් ලබාගෙන, එය රියදුරුට පෙන්වා වාහනයට නැගීමට සිදුවනු ඇත.
මේ සම කරුණකටම වඩා මට මෙතැනදී දැනුනු දෙය හෙට්ටු කිරීමට අවස්තාවක් නොවීමය. app එකෙන් දෙන අවසාන කුලිය ගෙවීමෙන් කර්තවය අවසන් වෙයි.  "සර් කැමති ගණනක් දෙන්න" වැනි ඇන්දීම් වලින් තොරව දෙදෙනාම සතුටු සිතින් විසිර යාමය. 
රජය අඩු ගනනේ මෙවැනි සේවා වලින් වත් ඈත් වී සිටීම, අපට කරන කොතරම් සේවයක්ද?

5 comments:

  1. කොළඹ සහ නුවර විතරයි නේද තියෙන්නෙ? පිට පලාත් වලත් තිබුනනන් වටිනව

    ReplyDelete
  2. හුඟක් තැන වල තයෙනවා නැගේ හිතේ

    ReplyDelete
  3. මමත් ලඟකදි පටන් ගත්තා. විශේෂයෙන් ඩ්‍රින්ක් එකක් ගන්න අදහස් කරනවානම්.

    ReplyDelete
  4. රජය මගින් මේ වගේ දෙයක් කලොත් රෙජිස්ටර් වෙන්න ගමේ පක්ෂ ශාඛාවෙ ලියුමක් ඕන වෙනවා මුලින්ම. හැබැයි පෞද්ගලික අංශය වුනත් එක දෙයක් කරනවානම් හොඳයි මගීන්ගේ යහපත වෙනුවෙන්.සෑම රියදුරෙක්ම Police clearance එකක් සැපයීම. එතකොට ක්‍රිමිනල් රෙකෝඩ් එකක් තියෙනවා නම් මේ වගේ මගීන් ප්‍රවාහනය කිරීම කරන්න බැහැ.දියුණු රටවල නම් ටැක්සි හෝ හයරින් වාහන පදවන්න Driving licence එකට අමතරව Drivers certificate එකක්. ඕන. ඒක ගන්න විභාගයක් සමත් වෙලා ඊට පස්සේMedical and Police clearance දෙන්න ඕන.

    ReplyDelete
  5. Not every step in bureaucracy is useful, some are just revenue collection, some are regulations/public safety ect either way SL bureaucracy is extremely inefficient.

    However, there is kind of opposition building up for internet based unregulated businesses building up. Mainly outside players like Google/Uber/ebay/Amazon collecting revenue without paying due tax to govts. Most govt are looking to implement new laws to regulate internet based businesses as well.

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...