Friday, January 4, 2019

අපේ පොලිසිය


මේ ලඟකදී මම අප රටේ හමුදාවන් දියුණු කල යුත්තේ කෙසේදැයි සිතා ඒ පිළිබඳව කෙටි සටහනක් ලිව්වෙමි. ඉන්පසු අපගේ පොලිසිය කුමන ආකාරයෙන් වෙනස් කළහොත් ජනතාවට වැඩියෙන් සේවය කල හැකී දැයි කල්පනා කලෙමි. මේ එහි ප්‍රතිපලයයි.
.  
1.  සෑම රාජකාරියේ සිටින රථ වාහන අංශ පොලිස් නිලධාරියෙකුගේම ඔහුගේ ඉදිරිය පෙනෙන පරිදි කැමරාවක් සවි කිරීම. (දැනට මෙම ක්‍රමය ඇමරිකාවේ ආරම්භ කර ඇත) . මෙමඟින් පොලිස් නිලධාරින් රාජකාරි වෙලාවලදී කරන කියන දෑ පටිගත වන අතර ඔවුන් යම් වැරදි වැඩක් කරන්නේ නම් හෝ දුෂණයේ යෙදෙන්නේ නම් එය සොයාගත හැක.
2.  ප්‍රධාන මාර්ග, හන්දි සහ සංඥා එළි යනාදී මාර්ග නීති කඩකල හැකි සෑම තැනකම පාහේ  සී.සී.ටී.වී. සවිකර සුළුවෙන් හෝ නීති කඩන්නන්ට එමගින් දැඩි දඬුවම් පැමිණවීම. මෙම ක්‍රමවේදය පුළුල් ලෙස යොදාගැනීමෙන් පොලිස් නිලධාරින් විශාල ප්‍රමාණයක් නොයොදා නිතිය සහ සාමය ආරක්ශා කිරීමට හැකියාව ලැබේ.
3.  රථ වාහන පාලනය සහ අපරාධ පරීක්ෂණ සදහා නව දියුණු තාක්ෂණය යොදා ගැනීම. .සැම දුම්රිය හරස් පාරකම ආරක්ෂණ ක්‍රම වේදයක් අතිකිරීමද මෙයට ඇතුළු වෙයි.
4.  අපරාධ සහ මාර්ග අනතුරු වැලැක්වීම, නව ක්‍රමවේද යොදාගැනීම  සහ අපරාධ විසඳීම  මාපකයන්  ලෙස ගෙන (YOY), පළාත් භාර නිලධාරින් , දිස්ත්‍රික්ක ප්‍රධානින් සහ  පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරු ඇතුලු කොට්ඨාශ භාර නිලධාරීන්ට දිරිගැන්වීම් ලබාදීම. ඔවුන්ගේ රැකියාවේ දියුණුවද මේ මත රදා පවතින ලෙසට ක්‍රමවේද සකස් කිරීම.
5.  පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස නීති උපාධිධාරීන් පමණක් පත් කිරීමට ක්‍රම වේදයක් ඇතිකිරීම. මෙම සුදුසුකම් සඳහා පොලිසිය තුලින්ම නීති පිටය හෝ නීති විද්‍යාලය මගින් පාටමාලාවක් පවත්වා එයින් හොඳින් සමත්වන්නන් තෝරාගැනීමෙන් දැනට පොලිසියේ සිටින නිලධාරින්ට අසාධාරණයක් සිදු නොවනු ඇත.
6.  සැම පොලිස් ස්ථානයකම කටයුතු කරන ආකාරය මාස තුනකට වරක් පරික්ෂාකර ඒවා වඩා හොඳට කරන්නේ කෙසේදැයි ඔවුන් සමග සාකච්චා කිරීමටත් ඔවුන්ගේ රාජකාරි වඩාත් කාර්යක්ෂමව කළහැකි ආකාරයන් යෝජනා කිරීමට 10 දෙනෙකුගෙන් පමනයුත් කමිටුවක් පත්කිරීම. මෙම කමිටුවට යම් නිශ්චිත පුද්ගලයන් පත්කිරීමට ක්‍රමවේදයක් සැලසීමෙන් මේ සඳහා අනවශ්‍ය දේශපාලන පත්වීම් නැවැත්විය හැක.උදාහරණයක් වශයෙන්

·      කොට්ටාශයේ වැඩියෙන්ම ආදායම් බදු ගෙවන තිදෙනා
·      කොට්ටාශයේ වැඩියෙන්ම විශ්‍රාම වැටුප් ලබාගන්න රජයේ විශ්‍රාමිකයන් දෙදෙනා
·      කොට්ටාශයේ වැඩිම කුඹුරු ප්‍රමාණයක් වගාකරන ගොවියන් දෙදෙනා
·      කොට්ටාශයේ වැඩිම සේවකයන් ගණනකට රැකියාවන් ලබාදී ඇති පුද්ගලයන් දෙදෙනා යනාදී වශයෙන්
පත් කිරීමට අණ පනත් ඇතිකළ හැක්කේය.
 
7.  මෙලෙසම පොලිස් ප්‍රදේශද කුඩා කොටස් වලට කඩා ඒවායේ වගකීමද කනිෂ්ඨ නිලධාරීන්ට ලබා දී ඔවුනටද ඉහත පරිදි දිරිගැන්වීමේ ක්‍රමයක් ඇති කිරීම.
8.  දිස්ත්‍රික්කයකට එක බැගින් STF කඳවුරු පිහිටුවා ඒ සැම කඳවුරක් හා සම්බන්ධව ක්ෂණික මෙහෙයුම් කණ්ඩායමක් හෙලිකොප්ටරයක් සහිතව ඇතිකිරීම. යුද්ධය නිමා වී ඇති නිසා මෙම හෙලිකොප්ටර අවශ්‍යතාවය ගුවන් හමුදාවෙන් ලබාගත හැකි අතර දිස්ත්‍රික්කය තුල ඕනෑම හදිසි අවශ්‍යතාවයකට විනාඩි 10 ක් ඇතුලත මෙම ක්ෂණික විහිදුම් කණ්ඩායමට පැමිණිය හැකි වන පරිධි එය සංවිධානය කිරීම.
9.  පොලිස් වාර්තා ලබාගැනීම සහ රථවාහන වැරදි සඳහා දඩ මුදල් ඔන්‍ ලයින් කළහැකි වන ආකාරයට; පොලිස් කාර්යාල වෙත නොයා කරගැනීමට හැකිවන සේ නව තාක්ෂනය යොදා ක්‍රම වේදයක් ඇතිකිරීම
මේ අපේ පොලිසියට මගේ wish list එකයි.

3 comments:

  1. සෑම රාජකාරියේ සිටින රථ වාහන අංශ පොලිස් නිලධාරියෙකුගේම ඔහුගේ ඉදිරිය පෙනෙන පරිදි කැමරාවක් සවි කිරීම. (දැනට මෙම ක්‍රමය ඇමරිකාවේ ආරම්භ කර ඇත) . මෙමඟින් පොලිස් නිලධාරින් රාජකාරි වෙලාවලදී කරන කියන දෑ පටිගත වන අතර ඔවුන් යම් වැරදි වැඩක් කරන්නේ නම් හෝ දුෂණයේ යෙදෙන්නේ නම් එය සොයාගත හැක.

    පොලිස් වාර්තා ලබාගැනීම සහ රථවාහන වැරදි සඳහා දඩ මුදල් ඔන්‍ ලයින් කළහැකි වන ආකාරයට; පොලිස් කාර්යාල වෙත නොයා කරගැනීමට හැකිවන සේ නව තාක්ෂනය යොදා ක්‍රම වේදයක් ඇතිකිරීම
    මේ අපේ පොලිසියට මගේ wish list එකයි.

    my wish

    ReplyDelete
  2. බස් වල උඩ කැමරා සවිකරොත් ඒ බස් වල වගේම වගේම පාරේ අනෙකුත් රියදුරන්ගේත් මාර්ග වැරදි ගොඩක් වලක්වගන්න හැකිවේවි.

    උපදේශකවරු තොරන්න යෝජනාකරන ක්‍රමයනම් අපුරුයි, එත් බලධාරීන් අපරාධකාරයෝ ගලොවගන්න ජොබ් ස්වේච්චාවෙන්ම භාරගෙන තියන පුජ්‍යපක්ෂයටම ඔයි කාරියත් භාරදේවි නේද?

    ReplyDelete
  3. ඉතාම කාලෝචිත අදහස් සමුහයක්. දියුණු රටවල මේ කියූ කාරනා බොහොමයක් ක්‍රියාත්මක වෙනවා. මා ජීවත්වන ඕස්ට්‍රේලියාවේ Neighbourhood Watch නමින් පොලිසිය සමග අත්වැල් බැඳගත්, අසල්වැසියන් එකිනෙකා රැකබලා ගන්නා ක්‍රමවේදයකුත් තියනවා. යම්කිසි සැක කටයුතු දෙයක් සිදු වෙනවා නම් එය Crime Stoppers නමින් හැඳින්වෙන පොලිසියේ තියන විශේෂිත නොම්මරයකට (හදිසි පොලිස් ඇමතුම් අංකය නොවේ) දැනුම් දීමට මේ අසල්වැසියන් කටයුතු කරනවා. කලකට පෙර මටත් ඒ ක්‍රමවේදය පිලිබඳ අත්දැකීමක් ලැබුනා.
    මා දැන් පදිංචි නිවස මිලදී ගැනීමට සුදානම් වූ කාලයේ, එහි නොයෙකුත් දේවල් පිලිබඳ සොයා බැලීමට මම හත් අට වතාවක්ම ඒ නිවස අසල හරස් පාරේ වාහනය විනාඩි කිහිපයක් බැගින් නවතා සිටියා. (වාහනය නවතා වාහනයේම හිඳ බැලුවා පමණයි). දින කිහිපයකට පසු මට පොලිසියෙන් කෝල් කර මගේ වාහනය නිතර නිතර xx මාර්ගයේ ගමන් කරනවාද? කියා ඇසුවා. මම කිව්වේ 'ඔව්, මම එහි 00 අංකය දරන ගේ මිලදී ගන්න යනවා ' කියලයි. එවිට ඔහු මට සුබ පතා ඔබගේ තේරීම නිවැරදියි, ඒ ඉතාම ආරක්ෂාකාරී ප්‍රදේශයක්. මේ ඇමතුමට හේතුවත් ඔබ සැක කටයුතු ලෙස ඒ පාරේ ගැවසෙනවා කියා ඔබේ වාහනයේ අංකය අපට ලැබීමයි කියා කියුවා.
    අපේ පොලිසියටත්, ග්‍රාමාරක්ෂක හමුදාවටත්, ග්‍රාම සේවක නිලධාරිවරුන්ටත් මෙවැනි ක්‍රමවේදයක් පහසුවෙන්ම හදා ගන්න පුළුවන්.

    සුභ නව වසරක්!

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...