Saturday, January 12, 2019

2 ඇසු දුටු දෑ- 2019 ජනවාරි දෙවන සතිය




මාතර සිට බෙලිඅත්ත   දක්වා විවෘත්ත කෙරුණු අළුත් දුම්රිය මාර්ගය- මෙම මාර්ගය සැදීමේ ගෞරවයන් බෙදා ගැනීමට ලොකු අරගලයක් කරගන්නට යෙදුනු බව පෙනුනි. ඇත්තෙන්ම මෙම ව්‍යාපෘතියේ ලබාගැනීමට ඇත්තේ ගෞරවයක්ද එසේ නැත්නම් මෙය පටන් ගැනීම ගැන පටන්ගත් අය ලජ්ජා විය යුතුද යන්න සොයා බැලීමට වඩා  සුදුසු කාරණයකි.
 සුද්දෝ ගියත් හරියකට අපට දුම්රිය මාර්ගයක් සාදා ගන්නට බැරිවුණ නිසා කොහාට හරි යන්නට  එවැනි මාර්ගයක් හැදුවොත් තමන් සුද්දාටත් වඩා දක්ෂයෙකු බව කෙනෙකුට පෙන්නන්ට අවශ්‍ය නම් මෙවැනි පාරක් සදුවාට ප්‍රශ්නයක් නැත. නමුත් ඒ එම ව්‍යාපෘතිය තමන්ගේ මුදලින් කරනවානම්ය. ජාතියට නයක් අරගෙන එවැනි ව්‍යාපෘතියක් කරනවානම් එසේ සිදුකල යුත්තේ  නොකරම බැරි ව්‍යාපෘතීන් බව නොකිවමනාය.

සුද්දෝ කොච්චි පාර හැදුවේ තේ රබර් සහ අනෙකුත් අපනයන භාණ්ඩ වරාය වෙත ගෙන එම සඳහාය. කොච්චි පාර හදනවිට එම භාණ්ඩ කොළඹ වරායට ගෙන ආවේ ගොන් කරත්ත වලිනි. ගෙනයන්නට වෙළඳ භාණ්ඩ තිබුනේ නැත්නම් හෝ එසේත් නැත්නම් කන්ටේනර් වාගන සහ පළල පාරවල් එකල තිබුනේ නම් සුද්දෝ දුම්ර්ය පාරවල් හදන්නට හිතන්නේවත් නැත.ඔවුන් කවදාවත් ලකුණු දාගන්නට වැඩකරන්නන් නොවේ. පද්ධතිය වඩා කාර්යක්ෂම කරන්නට වැඩ කරන්නන්ය. මේ ලඟකදී මට මගේ මිතුරෙකු අප පොලිසියේ ඉතිහාසය ගැන අපුරු පොතක් ගෙනවිත් දුන්නේය. ඔවුන් එකල පොලිසිය පටන්ගැනීමට සහ එය හරි පාරට දමා ගැනීමට කොතරම් සාකච්චා කර ඇද්ද කොතරම් කමිටු පත්කර ඒ පිළිබඳව සොයා බලා ඇද්දැයි බලන විට ඇත්තෙන්ම පුදුම සිතේ.

මම මේ දිනවල නෙටෆ්ලික්ස් චැනලයේ වයිකින්ග් ච්ත්‍රපටය බලන්නෙමි. මම පොත් කියවන විටත් චිත්‍රපට බලද්දිත් ඉතිහාස පසුබිමක නිපදවා ඇති චිත්‍රපට බලන්නට ප්‍රිය කරමි. මෙම චිත්‍රපටය බලද්දී මට හොලිවුඩ් ඉතිහාස චිත්‍රපට සහ අපගේ සහ ඉන්දියානු ඓතිහාසික චිත්‍රපට අතර තිබෙන ප්‍රධාන වෙනස අවබෝධ විය. ඒ අපගේ චිත්‍රපට වල කොතරම් දුප්පතෙකු වුවත් ඇඳගෙන ඉන්නේ අලුත්ම ඇඳුම්ය. හොලිවුඩ් ඓතිහාසික චිත්‍රපටයන්හි චරිත ඇඳගෙන ඉන්නේ කතාවේ එම දර්ශනයට ගැලපෙන තරමට පරණ වූ ඇඳුම්ය. මෙම වෙනසෙන් චිත්‍රපටයට යතාත්වික පෙනුමක් ලබාදෙයි. උදාහරණයකට දැන් දෙරණේ යන කුසුමාසන දෙවි ගමු, එහි ඕනෑම චරිතයක් ඇඳගෙන ඉන්නේ අලුත්ම ඇඳුම්ය. සමහර චරිත අඳින ඇඳුම් ටිකක් පරණ කර ගත්තේනම් එම දර්ශන මෙයට වඩා බොහෝලෙස යතාත්වික කරන්නට පුළුවන් බව මට සිතේ.

මෑතකදී විදේශීය සංචාරකයන් විසින් දෙල්තොට ; මහනුවර සිට කිලෝමීටර 32 ක් දුරින් ස්ථානයක් බව ගුගල් මැප් එකෙන් දැනගතිමි, පරචුට් යොදාගෙන කරන ග්ලයිදින්ග් සඳහා අපුරු ස්ථානයක් බව සොයාගෙන එම ප්‍රදේශයට පැමිණ පරචුට් වල එල්ලී රාවනා ඇල්ල හෝ කන්ද වැනි නමක් ඇති කන්දක් දෙසට පැය කිහිපයක් ග්ලයිඩ් කරන ආකාරය එම ප්‍රවෘති ක්ලිප් එකේ ප්‍රදර්ශනය කෙරින. ලංකාවේ ඕනෑම නිව්ස් එකක මෙන් එහිදීද ගමේ මිනිසුන් කිහිපාදෙනෙකු සමග මේ පිළිබඳව සාකච්චා කරන ලද අතර ඒ ඇය කිව්වේ රජය මැදිහත්වී මෙම සොයාගැනීම ප්‍රසිද්ධ කර ගමටද මෙයින් යම් ප්‍රයෝජනයක් ලබාදීමට කටයුතු කලයුතු බවය. 

අපේ මිනිසුනට අපේ රටේ ව්‍යාපාර කරන්නට උත්සාහ කර රටට  විනකරන රජය ගැන ඇත්තේ පුදුම විශ්වාසයකි. ඕකට රජය මැදිහත්වුනොත් ඔය නව සොයාගැනීම පටන්ගත් තැනම ලොප් වනවා හැරෙන්නට වෙන සිදුවන දෙයක් නැත. ඇත්තෙන්ම විය යුත්තේ පෞද්ගලික සංචාරක සමාගමක් මෙය ලොව පුරා ප්‍රසිද්ධ කර එලෙස ගයිදින්ග් කරන කණ්ඩායම් මෙම භූගෝලීය පිහිටීම ගැන දැනුවත් කර කණ්ඩායම් සංචාරයන් සන්විශානය කිරීමයි. කාමර කුලියට දීම ආහාර ලබාදීම වැනි අනෙක් සේවාවන්ගෙන් සහ air b&b activity guide වැනි සම්බන්ධා වීමකින්  ගමේ අයටද යම් ප්‍රයෝජනයක් මේ මඟින් ලබාගත් හැකි වන්නේ එවිටය.

පසුගියදා මහනුවර සිදු වූ ගිණි ගැනිම සහ එක් පුද්ගලයෙකු විසින් තම පවුල බේරා ගැනීම පසුගිය දිනවල බොහෝ කතාබහට ලක් විය. එතනදි ඔහුට උදව් කළ මහා මාර්ගයේ ගමන් කළ පුද්ගලයන් තමන්ගෙ දෙවිවරුන් බවද තමන් එදින තම දෙවිවරුන් පියවි ඇසින් දුටු බවද එම පියා ෝහලේ දී ප්‍රකාශ කරනු මම රූපවාහිනියෙන් දුටුවෙමි.
ඇත්තෙන්ම ඔහු කළ වීර ක්‍රියාව ඇමරිකාවේ හොලිවුඩ් හී ිත්‍රපට නිෂ්පාදනය කරද්දී නලුවන්ට යම්   ත්‍රාසජනක දර්ශනයක්  කිරීමට සිදුවූවිට පාවිච්චි කරන වෘතිය  stuntmen වරුන්ටත් වඩා ත්‍රාසය උපදවන බව  නොකිවමනාය.
ඔහුට දැන් නිවාස ලබා දෙන්නට ළමයි පාසල් වලට දමා දෙන්නට උදව් කර ලකුණු දමා ගන්නට රූපවාහිනියෙන් පෙන්වන දේශපාලඥයන්ද උත්සාහ කරනු පෙනේ.
නමුත් මෙම සිද්ධියේදී යට ලැබුණු විශාල ප්‍රසිද්ධිය පසුපස සැඟවී යන අප විසින් පරික්ෂා කලයුතු තවත් කාරණා ඇත්තේය.
එයින් ප්‍රධානම කාරණයක් වන්නේ මේ නගරය මැද සිදු වූ ගිනි ගැනීමේ දී එම ස්ථානයට  පැමිණිය යුතු නාගරික ගිනි නිවන හමුදාවට කුමක් සිදුවිද  යන්නයි.
මෙම සිද්ධිය සිදු වන්නේ මහනුවර නගර මධ්‍යයේය. එම ස්ථානයට ඉතාමත් ආසන්නයේ ගිනි නිවන හමුදාවේ ෙහෙයුම් මධ්‍යස්ථාන දෙකක් ඇත සාමාන්‍යයෙන් කෙනෙකු මෙම  මධ්‍යස්ථානයක  සිට වේගයෙන් ඇවිද ගෙන පැමිණියේ වුවද මෙම මෙම සිද්ධිය සිදුවූ ස්ථානයට පැමිණීමට විනාඩි දහයකට වඩා ගත විය නොහැක එසේනම් ගිනි නිවන හමුදාවේ පිරිස් සිද්ධිය අවසාන වන තෙක් අපට දක්නට ලැබුනේ මන්ද?

එසේ අපට ඔවුන් ද දක්නට නොලැබුණ ලැබීමට වඩා අප සමාජයට විනකරන තවත් වරදක් මෙතන සැඟවී ගොස්  ඇත ඒ මේ සම්බන්ධව මෙසේ නිවන හමුදාව ඔවුනට උදව් කිරීමට පැමිණීමට නොහැකි වීම පිළිබඳව මහනුවර නගර සභාවෙන් හෝ ගිනි නිවන හමුදාවෙන්  කිසිම කෙනෙකු අසනවා විමසනවා අපට දක්නට නොලැබීමයි.  අඩු තරමෙන් මාධ්‍යවලින් පවා මෙලෙස ගිනි නිවන හමුදාවේ පමාවා ගැන කිසිම විමර්ශනයක් කරන බවක් මා නම් මෙතෙක් දැක්කේ නැත
පමා වීම තම රාජකාරිය වේලාවට නොකිරීම සහ අකාර්යක්ෂමතාවය අපගේ රට තුළ ප්‍රශ්නයක් නොවන බවක් එසේත් නැත්නම් එය සාමාන්‍ය තත්වය බවට පත්වී ඇති බව පත්වී ඇති මෙයින් හැඟෙන්නේ ද?

5 comments:

  1. නුවර සිද්දියේ මගේ පළමු කුතුහලයත් නගරයේ ව්‍යාපාරිකයන්ගෙ බදු මුදලින් නඩත්තුවන ගිනිනිවන හමුදාවට මොකද වුනේ කියායි, වෙනත් කවුරුන් හෝ එසේ අසා තියනවා දුටු පළමු අවස්ථාවයි.
    මේ දවස්වල ඔය වගේම තවත් ජනප්‍රිය මාතෘකාවක් තමයි අම්පාරේ කොටියක් වටිනා නවීනතම ප්‍රින්ටින් ප්‍රෙස් මැෂිම කපා සේවකයකුගේ අතක් බේරාගැනීමට තීරණය කෙරූ දෙවියා, මගේ කුතුහලය කෝටියක් වටිනා නවීනතම ජර්මන් යන්ත්‍රයේ සේෆ්ටි මෙකනිස්ම් මුකුත්ම තිබුනේ නැත්ද? නැතිනම් පහසුවට ඒවා ගලවා දමා තිබුනාද? සේවකයකු එලෙස අවදානම් කාර්යයක යෙදවුවකු වගවිය යුත්තෙකු නොවී වීරයකු වන්නේ කෙසේද?

    ReplyDelete
    Replies
    1. දැනට වසරකට දෙකකට පමණ පෙර, නුවර ගිනි නිවන හමුදාවට යාබදව පිහිටි ස්ථානයක (මට මතක හැටියට පුස්තකාලය විය හැකියි ) රාත්‍රියේ ඇතිවූ ගින්නක් නිවීමට, ගිනි නිවන හමුදාව නොපැමිණි වග හෝ ඔවුන් පැමිණෙන විට ගින්න මැඩපවත්වා අවසන් බව කියවුන ප්‍රවෘත්තියක් දුටුවා මට මතකයි.

      Delete
    2. මාධ්‍ය ආයතනවලින් වෙච්චි දේ කියවන කියවනවා thekkama ඒ සිදුවීම වටා ඇති ජනතාවට ්‍රයෝජනවත් විය හැකිය එසේම එම සිදුවීමෙන් ඉගෙන ගත හැකි පාඩම් ගැන සාකච්ඡා කිරීමක් සිදුවන්නේ අල්ප වශයෙනි ාධ්‍ය ආයතන ඔවුන්ගෙන් ජනතාවට ඉටුවිය යුතු සේවය හරියාකාරව ඉටු කරන්නට නම් එම සිදුවීම් අනාගතයේදී වළක්වා ගැනීමට හැකිවන ඒ සඳහා කල යුතු දෑ පිළිබඳව හරබර සාකච්ඡාවක් කිරීම තාමත් අවශ්‍ය කාරණයකි

      Delete
  2. Railway Kelaniya Bridge is another fascinating story.

    ReplyDelete
  3. ඔබගේ විවරණය හරිම කාලෝචිතයි . මේ ලිපියේ මෙන්ම අනෙක් ලිපි වලත් ඔබ ඉතිහාසය , වර්තමානය , ක්‍රමවේදය ගැන මධ්‍යස්ථව කරන විවරණය අනර්ඝයි . දුකට කාරණය තවමත් බොහෝ දෙනා තුල තිබෙන ආකල්ප සහ රාජ්‍ය මැදිහත්වීම දේශපාලන ලකුණු දමගනීම් විනා ඒ කාර්යය කරන පුද්ගලයාට උදව් වන අයුරින් ඉටු නොවීමයි . තමන්ට නිදහසේ කැමති විදිහේ ගෙයක් හදාගන්නට ගිය කෙනෙකුට එය එපාවීම ගැන තිලක සිතේ තියෙන කතාව හොද නිදසුනක් .එහෙම නැත්නම් සැහැල්ලු දුම්රිය වගේම බදුල්ල මාතර යාකෙරුණු දුම්රිය මගත් යථාර්තයක් වෙන්නට තිබුණේ දශක ගණනකට කලින් .

    ReplyDelete

3 ගිනි බොක්කේ මුහුදු කොල්ල කරුවන් මර්ධනය කිරීම 3

https://lakshmanillangakoon.blogspot.com/2019/01/2-2.html  සිට  මෙම සම්මන්ත්‍රණය ගිනි බොක්ක කලාපයේ පලවෙනි වරට පැවැත්වූ සාගර ආරක්ෂ...