මෙම සම්මන්ත්‍රණය ගිනි බොක්ක කලාපයේ පලවෙනි වරට පැවැත්වූ සාගර ආරක්ෂාව පිළිබඳ මේ සදහා නයිජීරියාව, ඝානා, අයිවරි කෝස්ට්, ගැබොන්,ඉක්විටෝරියල් ගිනි, නැමීබියා, දකුණු අප්‍රිකාව, බෙනින් සමූහ ආණ්ඩුව, සෙනගල්, ටෝගෝ, කැමරුන් සහ සාවෝතෝමේ සහ ප්‍රින්සිපේ යන රටවල නාවික හමුදාපති වරුන්ද සහභාගි වූහ.
එයට අමතරව එක්සත් ජනපද අප්‍රිකා අණදෙන මූලස්ථානයේ ප්‍රධානියාද
බොහෝ බටහිර රටවල සාගර ආරක්ෂක සමාගම්වල නියෝජිතයන්ද මේ සදහා සහභාගි වුනි. අපේ
සමාගමෙන් සභාපතිවරයාත් මමත් තවත් විශ්‍රාමික නාවික හා ගුවන් හමුදා නිලධාරියෙකුත්
සහභාගි වුනෙමු. මෙම සම්මන්ත්‍රණය පැවැත්වුනේ ක්‍රොස් ගඟ අසබඩ පිහිටි තිනාපා
ලේක්සයිඩ් හෝටලය නැමැති හෝටලයකය. සාමාන්‍යයෙන් නයිජීරියාවේ බොහෝ නගරයන්ට වඩා
ඉතාමත් පිරිසිදු සහ ස්වාභාවික අලංකාරත්වයෙන් යුත් කලබාර් ප්‍රදේශය පිහිටා තිබෙන්නේ
නයිජීරියාවට නැගෙනහිරින් අසල්වැසි රටක් වූ කැමරුන් රාජ්‍යය සහ නයිජීරියාව අතර දේශ සීමාව ආසන්නයේය.
දවස් කිහිපයක්
පැවති මෙම සම්මන්ත්‍රණයේදී අපට බොහෝ නයිජීරියානු රාජ්‍ය නිලධාරීන් අදුනා ගැනීමට
ලැබුනු අතර, මේ අතර එහි නාවික හමුදාපතිවරයා විශේෂ විය. ඒ ගිනි බොක්කේ මුහුදු
ආරක්ෂක කටයුතු සදහා අපට සහභාගි වීමට හැකියාවක් ලබා දීමට ඔහුගේ උපකාරය බොහෝ සේ ප්‍රයෝජනවත්
වන බව අප දැන සිටි නිසාය. සම්මන්ත්‍රණය
දවස් කිහිපයක් පැවතුන නිසා උදේ පාන්දර නැගිට ඝණ වනාන්තරයක් වැනි එම ක්‍රොස් ගඟ අවට
ඇවිදීමට අප සැම දිනකම වාගේ ගියෙමු. උදයේ නැගිට ඇවිදින්නට ලෑස්ති වී බුෆේ එකට ගොස්
ජූස් එකක් ආදිය බී ඇවිදීමට යන අපි පැය එක හමාරක් පමණ ඇවිද ආපසු කෙලින්ම බුෆේ එකට ගොස්
උදය ආහාරය ගෙන කාමර වලට ගොස් ඇඳගෙන සම්මන්ත්‍රණයට යාමට අපි පුරුදු වූයෙමු.
සම්මන්ත්‍රණයේදී සහ එහි අවසන හෝටලයෙදී හැකි තරම් ගිනි බොක්ක අවට රටවල නාවික
හමුදාපතිවරුන් හමුවී ඔවුන් සමග දැන හැදුනුම්කම් ඇතිකර ගැනීමට අපි උත්සුක වූයෙමු.
එලෙස පුද්ගලිකව හමුවන එම නාවික හමුදා ප්‍රධානීන්ට අපි රැගෙන ගිය වටිනා තේ නිෂ්පාදන
ත්‍යාග වශයෙන් දී අපි කරන්නට බලාපොරොත්තු වන ගිනි බොක්කේ මුහුදු ආරක්ෂක වැඩ
පිලිවෙල ඔවුන්ට පැහැදිලි කර දුන්නෙමු. මෙසේ අපට මහන්සි වීමට සිදුවුයේ ගිනි බොක්ක
අවට සම රටක්ම පාහේ අප යෝජනා කරන වැඩපිළිවෙලට අනුමැතිය දිය යුතු නිසාවෙන්ය.
අපි මෙලෙස උදේ
ඇවිද්දනට යන විට එකල තිබු ආරක්ෂක හේතුන් නිසා හෝටලයෙන් පිටතට යාම එතරම් සුදුසු
නොවන බව අපට දන්වා තිබුනද, අපි එය එතරම් ගණන් නොගෙන හෝටල් පරිශ්‍රයෙන් පිටතට පැමිණ
එළියට එනවිට දකුණු පැත්තට තිබුනු පාරේ ටික දුරක් ගමන් කල විට ඉතා විශාල භූමියක
විහිදී ඇති අති විශාල ගොඩනැගිල්ලක් දුටුවෙමු. හෝටලයෙන් කිලෝ මීටර් දෙක තුනක්
එලියෙන් පිහිටි මෙම ගොඩනැගිල්ල ගොඩනැගිලි පරිශ්‍රයක් වශයෙන් හිතා ගන්නට බැරි තරම්
විශාල වූ අතර, කුමන අවශ්‍යතාවයකට ගොඩනගා ඇත්තේදැයි සිතා ගන්නටත් අපහසුය. මෙහි
මුදුනේ සිට බලන විට ඈත ගඟෙන් එගොඩද මීටත් වඩා තවත් විශාල ගොඩනැගිල්ලක් සාදමින්
පවතින බවද පෙනුනි. හෝටලයට පැමිණි පසු මෙය කුමක්දැයි විමසූ විට අපට දැන ගන්නට
ලැබුනේ මේ පරිශ්‍රය වසරකට වරක් පොලක් වැන්නක් පවත්වන්නට යෙදෙන බවත් අසල්වැසි රට
වලින්ද මෙයට මිනිසුන් පැමිණෙන බවත්ය. බොහෝ විට තෙල් සල්ලි ඇති රටවල්; තෙල් සල්ලි
නැති රටවලද එවැනි දෑ නොකෙරෙන වාම නොවේ, තමන්ට ලැබෙන මුදල් විශාල වැඩකට නැති වැඩවල යෙදවීමට මෙය හොඳ
උදාහරණයක් නොවේදැයි මට සිතුණි.
සම්මන්ත්‍රණය
අවසානයේදී ආපසු ලාගෝස් නගරයට ගුවනින් ගිය අපි එහි සිට එමිරේට් ගුවන් යානයකින්
ඩුබායි ගුවන්තොටුපල හරහා ලංකාවට පැමිණියේ බොහෝ බලාපොරොත්තු ඇතිවය.
අප විසින්
යෝජනකරනු ලැබූ මෙම ව්‍යාපෘතියට රටවල් දුසිමකටත් වැඩි ගණනක් සහ රටවල් 16 ක සාමාජිකත්වයෙන් යුක්ත Ecowas
ආර්ථික සමුළුවේ ද කැමැත්ත ලබාගත යුතු නිසා ලංකාවට පැමිණි පසු මෙම රටවල් සමග
සම්බන්ධතා ඇතිකර ගැනීමට අපි දැඩි මහන්සියකින් කටයුතු කළෙමු.