Tuesday, March 20, 2018

හොඳ විහිලු

අපි  හුඟ දෙනෙකු විහිලු අහන්නට කැමති වෙමු.හොඳ විහිළුවක් ඇසුවිට ඇහෙන්නට සිනහවිම කලයුතු වන්නේ නැතිනම් විහිලුව කියූ කෙනා අපහසුතාවයට පත්වන නිසාය. සමහරවිට අප මිට කලින් අසා ඇති විහිලුවකටත් එසේ සිනාසෙන්නේ කියූ කෙනාට පොඩි සතුටක් ලබා දීමටය. නමුත් අප කියවනවිට ඉතාමත් හොඳ විහිළුවක් නොවන්නේ නම් හඬනගා සිනා නොවෙමු.එහෙත් එසේ සිනාසෙන අයත් ඉඳහිට එසේ සිනාසෙනු මා දැක ඇත්තෙමි.'

සමහර අයට විහිලු කතා සැහෙන කාලයක් මතක තිබේ. කට්ටියක් එකට එකතුවන අවස්තාවක පැය ගණනක් පෙර ඇසු විහිලු කතා කියන්නට පුළුවන් මිතුරෙකු දෙන්නෙකු අප කාටත් සිටිති. තව සමහරුන්ට එතරම් සිනහ නොයන විහිලු කතාවකුත් ලස්සනට කියන්නට  පුළුවන. අපි සමහරවිට විනාඩියකින් කියන කතාවක් එවැනි කෙනෙකු විනාඩි දහයක් පමණ අරගෙන ලුණු ඇඹුල් දමා අවැසි තැන්වල නවත්වමින් ලස්සනට කියනවිට අපට මෙසේ කියන්නට බැරි ඇයි කියා කණගාටුවන අවස්ථාද ඕනෑ තරම් ඇතිවේ.

මම මුලින්ම  හාස්‍ය  කියවන්නට පටන්ගත්තේ අප කුඩාකල නිවසට ගෙන ආ රිවිරැස පත්‍රයේ පිටුවක් පුරා තිබූ චන්ද්‍ර අනගිරත්නගේ නරලොව හොල්මන් නමැති හාස්‍ය මුසු උපහාසාත්මක සැටයරයන්ය. වයස 10 /15 වෙදී කියවූ ඔහුගේ ඒ ලිපි මට තවමත් මතක තිබේ. ඒවා ඒ තරමටම රසවත්ය,තත්වයෙන් උසස්ය.එකල ඩඩ්ලි සේනානායක රජයෙන් දියත් කල වගා  සංග්‍රාමය නම් වූ ගොවි ව්‍යාපෘතියක් ගැන ඔහු ලියු සැටයරයක් මට තාමත් සිහියට නංවා ගෙන සිනාවක් මුවගට නංගා ගන්නට පුළුවන.

ඒ හා සමානම තවත් හාස්‍යජනක වැඩ සටහනක් වුයේ විනෝද සාමය නම්වූ ගුවන් විදුලියේ ප්‍රචාරය වූ හාස්‍ය වැඩ සටහනයි. එම වැඩසටහනද ලංකාවේ මෙතෙක් බිහිවූ අනර්ගම හාස්‍ය ජනක නිෂ්පාදනයක් විය. ඒ අතරම අප කුඩාකාලයේ ප්‍රචාරය වුනු මුවන් පැලැස්ස ද ඒ වර්ගීකරණයට අයත් නොවුවද යම් හාස්‍ය රසය අසන්නන්ට ගෙන දුන්නේය.

ඉන්පසු හාස්‍ය බොහෝ වියලි  ගිය  යුගයක් ඇතිවිය. විහිලු කලේ විරූපී ඇඳුම් ඇඳ ගැනීමෙන් හෝ යම් භෞතික විරූපී ගතියක් පෙන්වමිනි.ඉන්පසු මෑත කාලයේ රාජ සභාව එනතෙක් එම වියලිය පැවතුනු බව මට සිතේ.ඉන්පසු  නම් හොඳ හාස්‍ය වැඩසටහන් කිහිපයක්ම එලියට පැමිණියහ. දැන් ප්‍රචාරය වන පටි රෝල් ඉහල තත්වයක තිබෙන හාස්‍ය වැඩසටහනක් වන අතර එය ගුවන් විදුලි ප්‍රයිම් ටයිම් එකට දමා තිබීමෙන්ම එය අතිශය ජනප්‍රිය බව පෙනේ.නමුත් අපිට තවම අන්තර්ගතයෙන් හාස්‍ය මතුකරන රුපවාහිනි වැඩසටහන් නම් හදාගැනීමට අපහසුව ඇති බව පෙනේ.

විශේෂයෙන්ම බොහෝ රටවල තිබෙන ටෝක් ශෝව් වැනි වැඩසටහන් නිපදවන්නට අපි උත්සාහ කරන්නේවත් නැතිවීමට හේතුව කුමක් විය හැකිදැයි නොතේරේ.

අපි ඕනෑම කෙනෙකුට මතක තිබෙන අප විෂයය වන එසේ නැත්නම් අප අසලක සිදුවුණ හාස්‍ය ජනක සිද්ධි කිහිපයක් ඇත්තේය.
මට එලෙස මතකයේ හැමදාම තිබෙන මසකට වරක් වත් මහේ සිතේ සිනහවක් නංවන ඒක සිද්ධියක් මට කියන්නට සිතුනි.

මේ සිද්ධිය සිදුවුයේ ත්‍රිකුණාමලයේ නිලධාරි නිවාසයේය.යම් ජෙෂ්ට නිලධාරියෙකුගේ කුමක් හෝ සැමරිමකට  අපට සාදයක් දුන්නේය. එකල සාද දෙවර්ගයක් තිබුණි; තවමත් එසේ විය යුතුය, එක වර්ගයක් රාත්‍රී සාදයන්ය. ඒවාට වියදම වැඩිය,පැවැත්වෙන්නේ වඩා වැදගත් කාරනයකටය. ප්‍රි ලන්ච් එසේත් නැත්නම් දිවා ආහාරයට පෙර සාද පැවැත්වුනේ අඩු වැදගත් කමක් ඇති කාරණයක් සම්බන්ධයෙනි.

සාදය දෙන නිලධාරියා පැමිණෙන නිලධාරින් පිළිගැනීමට නිලධාරි නිවාසයේ දොරටුව ලඟට වී සිටියේය. මමත් තවත් නිලධාරියෙකුත් සාදයට සහභාගී වීම සඳහා සිවිල් ඇඳුමෙන් සරසි නිවාසය  ලඟට පැමිණෙමින් සිටියෙමු. මේ නිලධාරියා සාමාන්‍යයෙන් කලිසම  ටිකක් ඉනෙන් ඉහළට අඳින නිලධාරියෙකු විය. යම් හේතුවක් නිසා, සමහරවිට ඔහු අලුත් කලිසමක් මසාගත්තා වෙන්නට පුළුවන, ඔහුගේ කලිසම වෙනදාටත් වඩා ටිකක් ඉහලට වෙන්නට  ඇඳගෙන සිටියේය. 
අප එන දෙස බලාසිටි සාදය පිරිනමන්නාට  එක්වරම මෙසේ කියවින. 

"අයියෝ .......... අපරාදෙනේ ඔයා කමිසයක් අන්දේ , කලිසමටම කොලර් එකක් දැම්මනම් ඉවරයිනේ" 
ඔහු මෙය කලින් අසා තිබූ එකක්දැයි මම නොදනිමි. නමුත් ඒ අවස්ථාවෙ මට සිනහව නවත්වාගත නොහැකි විය.


13 comments:

  1. අපේ විචාරක තුමා වාගේ කෙනෙක්

    ReplyDelete
    Replies
    1. ඒ මදිවට ටී-ෂර්ට් එකත් යට කරලා අඳින බව එදා 2014 අප්‍රියෙල් 20 දින දැක්කා!

      Delete
  2. I have read somewhere that a person can laugh three times for a joke. First, because others laugh, second, after really understanding the joke and third, after realising what a tube light am I.

    ReplyDelete
    Replies
    1. Ah okay... I didn't know that.
      Thanks.

      Delete
    2. like our Thumpane those days Scottish also considered somewhat less worldly intelligent by English I suppose

      Delete
  3. /* රිවිරැස පත්‍රයේ පිටුවක් පුරා තිබූ චන්ද්‍ර අනගිරත්නගේ නරලොව හොල්මන් නමැති හාස්‍ය මුසු උපහාසාත්මක සැටයරයන්ය. */

    මේවා ඒ දවස්වලම (early 70s) පොත් විදියට මුද්‍රණය කළා. මාත් මුලින් ම කියෙව්වේ ඒ පොතක්. මතකද අර කොස් ඇටයක් ලිප්බොක්කේ දාලා පුච්චන්න ගිහිල්ලා චෙච්ච සිදුවීම. මනමාලියෙක් බලන්න ගිය කතාවත් සුපිරි!
    අනගිරත්න මරු කවිත් ලියා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් මිනිහ බොහොම වර්ණවත් චරිතයක් , පරිවර්තන පොතුත් කළා , දන්නා විදිහට ඇමෙරිකන් එම්බසි එකෙත් වැඩ කළා

      Delete
  4. http://wardrobeadvice.com/how-to-dress-like-a-nerd/

    ReplyDelete
  5. අපිට ඔය කියන කතා මගෑරුනා අපරාදෙ.
    අ.ල වැඩ සටහන සිරසෙ ඔයා කියන ජාතියෙ නේද?
    ඒ ඇර අනිත් කිසිවක් මට නම් කියන්න හොදක් නෑ

    ReplyDelete
  6. ඇත්ත එකත් හොඳ වැඩසටහනක් , මට ලියන්න මිස් වුනා

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...