Monday, October 9, 2017

පොඩ්ඩක් ඉඳගෙන කල්පනා කරමුද ?



අධ්‍යාපනයේ නිදහස සැම පුරවැසියකුගේම පරම අයිතියක් නිසා මමද සයිටම් ප්‍රශ්නයේදී සයිටම් වසා දැමීම නොව කලයුත්තේ අඩු පාඩුවක් තිබෙනවානම් එය සම්පුර්ණ කර ගැනීම යන අදහසෙහි මෙතෙක් කල් සිටියෙමි. විශේෂයෙන්ම මේ ප්‍රශ්නයේදී අප බොහෝදෙනෙකු අධ්‍යාපනයේ නිදහස අගය කරන්නන් වශයෙන් කලයුත්තේ සයිටම් වසා දැමීම  නොව එහි අඩුපාඩු ඇත්නම් ඒවා නිවැරිදි කරගෙන තවත් බොහෝ රජයේ නොවන වෛද්‍ය විද්‍යාල ඇතිව්මට ඉඩ ප්‍රස්තා ඇතිකිරීම බව නොපෙනෙන්නේ ජාතියේ කුමන අවාසනාවකටද?

මට මේ ලඟකදී නෑ ගෙදරකදී නැගෙනහිර යුරෝපයේ රටක මෙලෙස වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නා දියණියක හමුවිය.මම මේ ක්ෂේත්‍රය පිලිබඳ උනන්දුවක් දක්වන්නකු වශයෙන් ඇගෙන් ඇය ඉගනගන්නා විශ්ව විද්‍යාලය පිලිබඳ විස්තර අසමින් සිටියෙමි.ඒ විස්තර වලට අනුව ඇය ඉගෙනගන්න විශ්ව විද්‍යාලයේ සිටිනා ශිෂ්‍ය ශිෂ්‍යාවන් බොහෝ දෙනෙකු ආසියාව සහ අප්‍රිකා මහාද්විපයෙන් පැමිණි සිසුන්ය. මේ අතරිමුත් වැඩියෙන්ම ශිෂ්‍යන් සිටින්නේ ඉන්දියාවෙන් සහ ශ්‍රිලන්කාවෙනි.

ශ්‍රී ලංකාවෙන් පමණක් එම විශ්ව විද්‍යාලයේ පමණක් සිටින සිසුන් සංඛ්‍යාව 200 ඉක්මවයි. මේ එක කුඩා නැගෙනහිර යුරෝපිය රටක ක විශ්ව විද්යාලයකය. මේ ගනනට අනුව ලංකාවේ නොයෙකුත් රටවලට  ගොස් වෛද්‍ය අධ්‍යාපනය හදාරන සිසුන් සංඛ්‍යාව පහසුවෙන්ම 10000 ඉක්මවිය යුතුය. එක සිසුවෙකුට දෙමව්පියන් වියදම් කරන මුදල මිලියන 10 ක් නම් මේ සිසුන් 10000 වියදම් වන විදේශ විනිමය ප්‍රමාණය රුපියල්  මිලියන 100000 වෙයි, ඒ කියන්නේ බිලියන 100 කි. කෝටි  1000කි. මෙවර අප ජාතියේ ආරක්ෂාව සඳහා අයවැයෙන් වෙන්කර ඇති මුදල කෝටි 650ක් පමණය. ඒ හා සංසන්දනය කර බැලුවිට මේ මුදලේ ප්‍රමාණය පිලිබඳ අවබෝධයක් පහසුවෙන් ලබා ගන්නට පුළුවන. මේ  නිකන් අපට අච්චු ගසා ගත හැකි රුපියල් නොවේ. ඩොලර් වලට මාරුකරන ලද විදේශ විනිමයයි. අපේ රටේ කාන්තාවන් මැදපෙරදිග බල මෙහෙවර කර සිය රටට එවන විදේශ විනිමයයි. 

අපේ රටේ මේ දරුවන්ට ඉගෙන ගැනීමට රජයේ නොවන වෛද්‍ය විද්‍යාල තිබුනේ නම් මේ සියලු මුදල් මෙහි ඉතිරි වෙයි. ඒ වාගේම එම විශ්ව විද්‍යාල වලට පිට රටින් සිසුන් පැමිණෙනවිට ඇත්තෙන්ම විදේශ විනිමය මෙරටට ගලා එයි. අප හරියට විශ්ව විද්‍යාල කිහිපයක් ස්ථාපිත  කළහොත් ඇත්තෙන්ම  දස දහස් ගණනක් සිසුන් ඉන්දියානු අර්දද්විපයෙන්ම අපේ විශ්ව විද්‍යාල කරා එනු ඇත.

එවැනි වෙනසකින් අප රටට කොතරම් වාසි ලබා ගත හැකිද? කෙලින්ම සහ වක්‍රාකාරයෙන් කොතරම් රැකියා අවස්ථා බිහිවනු ඇද්ද? සංචාරක ව්‍යාපාරයට  මෙයින් කොතරම් තල්ලුවක් ලැබෙනු ඇද්ද? එහෙත් මේ සියල්ල ගැන හොදින් දැනගෙන අප රටෙහි රජයේ නොවන වෛද්‍ය විද්‍යාල දැමීමට කණ්ඩායම් කිහිපයක් විරුද්ද වෙයි.

මේ කිසිවක් නොපෙනෙන ආකාරයෙන් පටු අදහස් වලින්  කටයුතු කරන පහත අයවලුන් නම් අපට හිතාගන්නට පුළුවන.

GMOA - ඔවුන් සිතන්නේ වෛද්‍යවරු වැඩි වුවහොත් ඔවුනට තරඟය වැඩිවී ව්‍යාපාර අඩුවී යන බවය. එහි යම් සතයක් තිබිය හැකි වුවත්  එවැනි හේතුවක් නිසා මෙවැනි පෙරටුගාමී ප්‍රතිපත්තියකට විරුද්ද වීම ජාති ද්‍රෝහී ක්‍රියාවක් නොවන්නේද?

වෛද්‍ය ශිෂ්‍යයන්- ඔවුන්ගේත් හේතුව ඉහත හේතුවම වෙයි. 

අන්තරය- වෛද්‍යවරුන් හා වෛද්‍ය ශිෂ්‍යන් සමග එකට පෙළපාලි යාමේ ආසාව සහ තමන් විප්ලව වාදීන් යයි පෙන්වා දීමේ ඇති ආශාව.
ඒකාබද්ද විපක්ෂය - තමන්ම පටන්ගෙන අවුරුදු ගණනාවක් පවත්වාගෙන ගිය ක්‍රමයකට බලය නැති වූ විට විරුද්ද වීම ඇත්තෙන්ම හාස්‍ය ජනකය. එහෙයින්ම මෙය අහේතුකව
කරණ විරුද්ද වීමක් බව පැහැදිලිය.

මට පුදුම මේ අහේතුකව එසේත් නැත්නම් පටු අදහසින් විරුද්ද වන්නන් නොවේ, ජනතා විමුක්ති පෙරමුණ වැනි මේ වකවානුවේ බොහෝ විට තමන්ට පාඩු වුවහත් හරි  පැත්තේ හිට ගන්නා පක්ෂයකුත් මෙලෙස රජයේ නොවන වෛද්‍ය විද්‍යාල වලට විරුද්ද වීමයි.

9 comments:

  1. jvp එක වෙන කොහේ හිටගන්නද? ඔවුන්ට විකල්ප නෑ,මෙහිදී රජය සමග එකතුවුනොත් ඔවුන්ගේ ඉතිරි සාමාජිකයොත් ඔවුන්ව හැර යනවා පෙරටුගමින් සමග, පෝස්ටර් ගහන්නවත් කවුරුත් ඉතිරි වෙන්නේ නෑ. ජවිපෙ නව වෙනස නිසා ඔවුන්ට අවස්ථාවක් දීල බලන්න හිතන අය පෝස්ටර් ගහන්නවත්, පෙළපාලි යන්නවත් එන්නේ නැනේ.

    ReplyDelete
    Replies
    1. ඔවුන්ට ඇත්ත නොතේරෙනවා වෙන්නට බැරිය, එසේ නම් ජනතාවට ඇත්ත කියා ජාතියට වාසි පැත්තේ හිටගන්නට බැරි ඇයි

      Delete
    2. ජනතාවට ඇත්ත කියා - එතකොට සමාජවාදී ප්‍රතිපත්ති?

      Delete
  2. 1970 දී බිහිවුන විජේවීරගේ නායකයාගේ ආකල්ප තවමත් නිවැරදි යයි අදහමින්...එම අදහස් සමාජවාදය ලෙසින් අර්ථ නිරූපණය කරමින්...දේශපාලණ ගමනේ යෙදෙන JVPය ඉතිහාසයේ කුණුබක්කියට වැටෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. සරත් හිතනවද ඒ ඇය එතරම් ඇඳ බාලයෝ කියල , මම හිතන්නේ නැහැ

      Delete
  3. උගත් මානව සම්පතක් ඇතිකර රට දියුණු කරන්නට පාරම් බාන ජවිපෙ සයිටම් හා විරුද්ද වීම මමනම් දකින්නේ වෙනත් දේශපාලන අරමුණක් ඉටුකිරීමක් වශයෙන්. මොකද රටේ අනාගත පරපුරට නිදහස් අද්‍යාපනය රකින්නට පිකට් කරන ජවිපේ අනාගත පරපුර වෙනුවෙන් විල්පත්තුව රැකගන්නට පිකට් කරන්නේ නැහැ. ඒ වගේම සයිටම් වෙත විරුද්ද ජවිපෙ අනෙකුත් පුද්ගලික විශ්වවිද්‍යාල හා ඒ තරම් විරෝධතාවයක් පෙන්නුම් කරන්නේ නැහැ. ජවිපේ ඔය කියනා විදිහට ප්‍රතිපත්තියක් ඇති පක්ෂයක්නම්, එයාල පුද්ගලික අද්යාපනයට විරුද්දනම්, ටියුෂන් කෙරුවාවටත් විරුද්ද විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත තෝරාගෙන විරුද්ද වීම

      Delete
    2. jvp එක විල්පත්තුව විරෝධතවෙට පන්න ගෙන නොයන හේතුව නම් පැහැදිලියි, එකේ නායකයෝ අනුරාධපුරෙන් ආව අයනේ, ඔක මොන වගේ කැලයක්ද කියා හෙන් කොටන මිනිස්සු දන්නවා. ඊටත් මාක්ස්වාදියෝ කවද්ද පරිසරය සුරකින්න ගියේ, මාක්ස්ගේ / ලෙනින් පොත් වල එහෙම එකක් ගැන කිසිම සඳහනක් නැනේ.

      Delete
  4. ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට එන්න හිටපු අද්යාපන ආයතන මලෙශියාවට ගියා 1990 දශකයේ..

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...