Wednesday, October 25, 2017

ගම තාක්ෂණයෙන් බලගැන්වීම ; නොකිරීම පුදුම සහගතය




අගමැති තුමා යන හැම රස්විමකම වාගේ තාක්ෂනය ගැන කතාකරනු දැකිය හැක. ඔහු කියන්නේ තාක්ෂනය දුප්පත් ජනතාවගේ සංවර්ධනය සහ ඔවුනට රැකියා සුලබ කිරීම සඳහා යොදාගන්නා බවය.  එතුමාට ඕනෑකම තිබෙන්නෙට පුළුවන. නමුත් තාක්ෂනය ජනතා සේවයට යොදවා ගත යුත්තේ ඇමතිවරුන්ය, දෙපාර්මේන්තු ප්‍රධානින්ය. ඔවුන් ඒ සඳහා උනන්දුවක් දක්වන්නේද යන්න නම් සැකයට කාරණයකි.

මක්නිසාද , තාක්ෂනය , විශේෂයෙන් ඩිජිටල් තාක්ෂනය ජනතාවගේ පහසුව සඳහා යොදවා ගන්නවා තියා ඒ පැත්තට යන්න හිතන බවක් වත් පෙනෙන්නට නැත.  ජනතාවගේ සුභසිද්ධිය සඳහා රජයකට අවශ්‍යතාවය තිබේනම් නොයෙක් ආකාරයෙන් ක්‍රියාකරන්නට පුළුවන. සිග්‍රගාමි මාර්ග , තට්ටු නිවාස , විශාල වාරිමාර්ග යනාදිය ගොඩනැංවීම  ජනතා සුභසිද්ධියට විශාල වශයෙන් දායකත්වයක් දැක්වුවද ඒවාට විශාල වශයෙන් ආයෝජන  අවශ්‍යය. 

අප හම්බකරනවාට වඩා වියදම් කරන රටක් නිසාත් අනාගතයේවත් ලොකුවට ඒ සමීකරණය අනික් පැත්තට හරවන්නට සැලසුමක් නැති හෙයින් මෙවැනි ව්‍යාපෘති සඳහා ආයෝජන කරන්නට එක්කෝ ආධාර ලන්බාගත යුතුය එසේත් නැත්නම් නය විය යුතුය, නය වන්නට වන්නට උගුල හිරවන බව කියන්නටත් දෙයක් නොවේ.

නමුත් අනික් පැත්තෙන් ඩිජිටල් තාක්ෂනය ජනතාවගේ ජිවිත පහසු කිරීම සඳහාත් රටේ අනෙක් බොහෝ ප්‍රශ්න වලින් ජනතාවට තිබෙන අපහසුකම් මඟහැරීම සඳහාත් රජයට ඉතාම අඩු ආයෝජනයකින් ඩිජිටල් තාක්ෂනය යොදාගත හැක ,එහෙත් ඒ පිළිබඳව කිසිම උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට නැත. සමහරවිට ලොකු ආයෝජන නැත්නම් කරන අයට වාසි නැති නිසාදැයි දන්නේ නැත.

මම මිට පෙර මේ පිළිබඳව ලියු බ්ලොග් එකක් ලින්ක් කරන්නට කැමැත්තෙමි. 
 http://lakshmanillangakoon.blogspot.com/2016/07/blog-post_3.html

මේ ඉතාම සරල තාක්ෂනය මහජනයාගේ හිතසුව පිණිස සොච්චමක් මුදලකින් පාවිච්චි කිරීමයි. මෙලෙසටම හන්දි වල cctv සවිකිරීම ඒවායින් බලා වැරදි කරන අයට දඬුවම් කිරීම සතියකින් මහා මාර්ග අනතුරු 50%කින් අඩු කරනට මුල් වනවාට කිසිම සැකයක් නැත්තේය. දඩ ගැහැව්වේ නැතත් Hawtorne effect එකෙන්ම පමණක්ම සැහෙන ප්‍රමානයකටම පාරේ විනය හරියානු ඇත, අපරාධ කරුවන් අල්ලා ගැනීමද පහසු වනු ඇත. නමුත් කරනු බවක් නොපෙනේ.

අනෙක තමන්ගේ ප්‍රදේශයේ ඇති මංකොල්ල කෑමට ලක් විය හැකි ස්ථාන ; ඉන්ධන හල්, ස්වර්ණාභරණ සාප්පු වයි ෆයි හරහා එක ජාලයකට සවිකර සොරකමක් සිදුවන්නේ නම් බොත්තමක් එබූ පමණින් එය පොලිසියට දැන්විය හැකි ක්‍රම වේදයක් ගොඩනගන්නට ලක්ෂ පහ හයකින් පුළුවන , එසේ නොකරන්නේ ඇයි ? සිතා ගැනීමටවත් නොහැකිය.
මට මේ බ්ලොග් ඒක ලියන්නට අදහස් වුයේ මෙවැනි අත්දැකීමක් නිසාවෙනි. ඒ යම් අවශ්‍යතාවයක් සඳහා පොලිස් සහතිකයක් ලබාගැනීමට සිදුවූ විටකය. 

මම මුලින්ම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි සොයාගෙන ඇගෙන් පෝරමයක් පුරවා ගත්තෙමි. මේ සඳහා මට දින දෙකක් ගතවිය. ඉන්පසු මම මෙම පෝරමය පසුදින ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයට ගෙන ගියෙමි. කිලෝ මීටර් 8ක් පමණ වන මෙම ගමන මම බසයක ගියා නම් බස් දෙකක පැය 4ක පමණ ගමනකි. මගේ පෝරමය පරික්ෂාකර නිලධාරිනියක එය අත්සන් කර දුන්නාය. ත්‍රි විලයක නම් රුපිය 700 ක් පමණ ගනු ඇත. මම එතනට දවසක් නාස්ති කරගෙන එතනට ගියේ ඇයි? ඔවුන් එහිදී මා පිළිබඳව කිසිවක් පරික්ශාකරන්නේ නැත. ග්‍රාම නිලධාරියාටම සහතිකය පොලිසිය වෙතට කෙලින්ම දී මගේ දවසක් ඉතිරි කර ගන්නටත් පාරේ වාහනයක් අඩු කරන්නටත් රජය ක්‍රම වේදයක් හදන්නේ නැත්තේ ඇයි?


ග්‍රාම නිලධාරියා කෙලින්ම පොලිසිය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත , අඩුතරමින් මුලදී  ග්‍රාමනිලධාරී කාර්යාල 3/4  බැගින් හෝ , ඩිජිටල් ලෙස සම්බන්ධ කර ප්‍රදේශයේ  පොලිස් වෙබ් සයිට් එකට ගොස් පොලිස් වාර්තාවක් ඉල්ලා සිටීමට ක්‍රම වේදයක් ඇතිකරන්නේ නැත්තේ ඇයි? අයදුම් කරු ගැන ග්‍රාම නිලධාරි සහතික වන්නේ නම් ප්‍රදේශයේ පොලිසියට කරන්නට තිබෙන්නේ පෙර වැරදි කර ඇද්දැයි පරික්ෂා කිරීම නම් ඒ සඳහා තාක්ෂණයත් තිබේ නම් පුරවැසියන්  මෙතරම් වටේ යවන්නේ ඇයි?
එලෙස කිරීමෙන් ශ්‍රමික දවස් දෙකක් හෝ තුනක්  ඉතිරිවෙයි. වාහනයක යන්නේ නම්  වාහන ධාවනය කිලෝ මීටර 40 ක් පමණ අඩුවෙයි, බස් වල යන්නේ නම්  සෙනග අඩුවෙයි, පොලිසියේ කාර්‍ය මණ්ඩලයේ කඩදහි වැඩ බොහෝ අඩුවී එම කාලය යම් ප්‍රයෝජනවත් රාජකාරියකට යොදවන්නට පුළුවන.


4 comments:

  1. කොළඹ වරායට ඇතුළුවිමේ බලපත‍්‍රය ලබාගන්නට හෝ අළුත් කරන්නට පොලිස් නිශ්කාෂණ වාර්තාවක් තමන් පදිංචිව සිටිනා ප‍්‍රදේශයේ පොලිසියෙන් රැුගෙන වරායට ලබාදිය යුතුයි. මෙය ගන්නට ග‍්‍රාමසේවකගෙන් පදිංචිය තහවුරුකර ග‍්‍රාමසේවක සහතිකයක් රැුගෙන ගොස් පොලිසියට ගියාම කොලයක් දී එකෙන් ඡුයාපිටපත් දෙකක් රැුගෙන ඉන් එකක් පුරවා භාරදෙන්න ඔනේ. මෙක ගන්න අඩුම ගනනේ දවස් තුනක් වත් අතින් නිවාඩු දාගෙන රස්තියාදු වෙන්නට සිදුවෙනවා. ඔන්න අපේ රටේ කාර්්‍යක්ෂමතාවය.

    ReplyDelete
  2. 1.නිවසේ සිට කි.මි 8 පමන දුරින් අති පොලිස් ස්තානයට ගොස් අවශ්‍ය ලියවිලි ගැන අසා පැමිනීම
    2.ආපසු එන වෙලාවට ග්‍රාම නිලධාරී ගෙදර නැති නිසා පහුවදා උදේම කි.මි 4ක් දුරින් ඇති ඔහු/ඇයගේ නිවසට යන්න.(නැතිනම් කාර්යාලයට පැමිනෙන දිනය තෙක් බලා ඉන්න)
    3.දැන් සහතිකය රැගෙන කිමි 4ක් දුර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට ගොස් පොලිමේ සිට අත්සන් කරගන්න.
    4. දැන් එහි ඡායා පිට පතක් ගෙන නැවත ගාම නිලධාරී හමුවට ගොස් එය සහතික කරගන්න.
    5.දැන් සිවිල් ආරක්ෂක සාමාජික හමුවී ඔහුගෙන් සහතිකය ලබාගත යුතුය.(කි.මි 3ක් පමන දුරින්)
    6.දැන් ආපසු පොලිසියට යන්න.
    7.දවස් තුනක් පමන බලාසිටීමෙන් අනතුරුව නැවත යන්න. ඔව වාසනා වන්ත නමි අද එය ලැබේවි.

    ReplyDelete
  3. මම මාතර පොලිසියට ගියහම පැමිණිල්ල ටයිප් කරේ 1955 හදපු ටයිප්රයිටරේ කින්. ඉතිං පැමිණිලිවල පිටපත් ගන්න පහසු වෙන්න මං කම්පියුටරයක් පරිත්‍යාග කලා මාතර පොලීසියේ සුළු පැමිණිලි අංශෙට. සුමානෙකින් ගිහිං බලනකොට තවමත් ගල්කෝච්චි ටයිප් රයිටරෙන්මයි වැඩ. රාලහාමි...කෝ මං දුන්න කොම්පියුටරේ...ඒක HQI මහත්තයා ගත්තා....වැඩේ ක්ලෝස් !.

    ReplyDelete
  4. ඔව් සරත් , දැන් පොලිසියකට ගිහාම පනස් ගණන් වල පොලිසියකත් තියෙන වෙනස යුනිෆෝම් වල විතරයි

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...