Tuesday, December 16, 2025

නාය ගිය ගම්වලට කුමක් කළ යුතුද

 දිට්වා කුණාටුව  අවසන් විය. එය හරියට  කළමනාකරණය කළාද නැද්ද යන්න  පිළිබඳව දැන් ලොකු සාකච්ඡාවක් ඇතිවී තිබේ. 


ඇත්තෙන්ම ඒ සාකච්ඡාවට වඩා වැදගත් අත්දැකීම් වලින් ඉගෙන ගැනීමයි. සිදුවූ අඩුපාඩු මොනවාදැයි ඉතා ප්‍රවේශමෙන් සොයා බලා අනාගතයේදී හැකි තරම් අඩුපාඩු අවම කර ගැනීමයි. 


කඳුකරයේ ගම්පිටින් නාය යාම, එසේත් නැත්නම් ගම් උඩට නාය ඒම ඉතාමත් ම දරුණු එසේම කුමක් කළ යුතු දැයි සිතා ගන්නටත් දුෂ්කර ප්‍රශ්නයකි. එසේ ගම්පිටින් යටවුණු එසේත් නැත්නම් ගසාගෙන ගිය ගම්මාන වලට කුමක් කරන්නේද යන්න තවමත් හරියට  පැහැදිලි තීරණයක් ගෙන නැති බව පෙනේ. 


මට නම් හිතෙන්නේ ගම්මාන එම  ස්ථානවලම නැවත ස්ථාපිත කිරීම සුදුසු නොවන බවය. විශේෂයෙන්ම ඝන කැලෑවල  කඳු පල්ලම් අස්සේ, එවැනි ගම් තිබෙන්නේ කුමන හේතුවකටදැයි සිතා ගන්නටවත් නොහැකිය. 


එම ප්‍රදේශවලින් යම් වටිනා ආර්ථික ා ක්‍රියාකාරිත්වයක් සිදු වූයේ නම් ජීවත්වන මිනිසුන් ඉහළ ආර්ථික තත්ත්වයකින් යුක්තව සිටියේ නම් එතරම් දුෂ්කර පළාත්වල ගම් හදාගෙන සිටීම සිතා ගන්නට පුළුවන. එහෙත් ඒ බොහෝ දෙනකු, දැන් පෙනෙන වීඩියෝ වලින් දකින්නට ලැබෙන්නේ, එළවළු ටිකක් වවාගෙන කිතුල් ගස් කීපයක් කපාගෙන පොල් ගස් දෙක තුනක් වවාගෙන ජීවත් වූ බවය. 


ප්‍රධාන මාර්ගයෙන් කිලෝමීටර් පහළොවක් විස්සක් දුරින් තිබෙන එවැනි ගමකට රටේ අනෙක් ජනයා පාරවල් පාසල් බෙහෙත් ශාලා ේ ක්ෂේත්‍ර නිලධාරීන් කිහිපදෙනෙකු ත් විදුලිය නඩත්තු කළ යුතුය. ඒ යන වියදම එවැනි ගමක් පවත්වාගෙන යාමට කිසිසේත්ම සාධාරණීකරණය  කරන්නට පුළුවන් යැයි සිතන්නට නොහැක. 


අනෙක තවත් පැත්තකින් මේ තරම් ඝනකැලෑවල්; ඇත්තෙන්ම ඒවා රේන් පොරස්ට්ය, එළිපෙහෙළිකර මෙලෙස එතරම් ආර්ථික නිෂ්පාදනයකුත් නොකර ජීවත්වීම  කිසිසේත් සාධාරණීකරණය කරන්නට පුළුවන් යැයි සිතන්නට නොහැක. 


මට පෙනෙන විදිහට මෙම උගුලෙන් ගැලවීමට මෙම ඛේදවාචකය තුළින් අපට අවස්ථාවක් ඇති වී තිබේ. ඒ මෙම ගම්  කැලෑවෙන් ඉවත් කර ඒවා වැසි වනාන්තර වීමට ඇරීමයි. මෙවැනි ගම්වල ජීවත්වන මට හිතෙන විදිහට දහදාහකට අඩු  ජනතාව ඒවායෙන් ඉවත් කර  ඔවුනට මීට වඩා හොඳින් ජීවත් වීමට ඉඩකඩ ලබාදීමට අපට පුළුවන. 

අප මෙතැනදී ගම්මාන ඉවත්කර වැඩි කරන වැසි වනාන්තර ප්‍රමාණයට හරි යන පරිදි විල්පත්තුව වැනි ාතික වනෝද්‍යානයක එසේත් නැත්නම් වනෝද්‍යාන කිහිපයක  කොටස් වශයෙන් ඉඩමක් අපට ජනාවාස කරන්නට පුළුවන. ඒ ඉඩම  ඉතාමත් නවීන ෘෂිකාර්මික ක්‍රම යොදාගෙන අන්තර්ජාතිකව වටිනාකමක් ඇති කෘෂිකාර්මික ම් නිෂ්පාදන  වගා කරන්නට, අපට ඉඩ සලසා දෙන්නට පුළුවන. එසේම එලෙස නවීන කෘෂිකර්මය අපගේ කෘෂිකර්ම පද්ධතියට හඳුන්වා දෙන්නටත් මෙම ව්‍යාපෘතිය යොදාගන්නට පුළුවන

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නට ලොකු මුදලක් වැය වන බව පෙනේ. එම මුදල  මෙම ව්‍යාපාරයේ ඇති පරිසර හිතකාමී බව හොඳින් පෙන්වා දුන්නොත් පහසුවෙන්ම එකතු කරගන්නටත් පුළුවන. 

ලෝකයේ එවැනි හරියට ගණන් හිලව් පෙන්නන ව්‍යාපෘති සඳහා මුදල් යෙදවීමට බලා සිටින ධනවත් පුද්ගලයන් සිටිති. ගේට් පදනම වැනි ආයතන හරියට ගණන් හිලව් ඇති නිර්මාණශීලී ව්‍යාපෘතිවලට විශාල මුදලක් යොදවන්නට කැමැත්තෙන් සිටිති. 


එවැනි  ධනපතියකුට ඉතාමත් අලංකාර  උදාහරණයක් වන්නේ Johan Eliasch නමැති එක්සත් රාජධානියේ සිටින ස්වීඩන් ව්‍යාපාරිකයාය. ඔහු බ්‍රසීලයේ ඇමසන් වැසිවනාන්තරයේ අක්කර හාර ලක්ෂයක් 2005 වසරේදී ව්‍යාපාරික ලෙස වන වගාව කරන සමාගමකින් මිලට ගත්තේය. මිලට ඇරගෙන එය කැලයක් වෙන්නට ඇරියේය. ඉන්පසු ඔහු coolearth නම් NGO එකක්ද ෙවැනි ව්‍යාපෘති සඳහා පටන් ගත්තේය.






No comments:

Post a Comment

නාය ගිය ගම්වලට කුමක් කළ යුතුද

 දිට්වා කුණාටුව  අවසන් විය. එය හරියට  කළමනාකරණය කළාද නැද්ද යන්න  පිළිබඳව දැන් ලොකු සාකච්ඡාවක් ඇතිවී තිබේ.  ඇත්තෙන්ම ඒ සාකච්ඡාවට වඩා වැදගත් අ...