Sunday, July 26, 2020

එංගලන්ත රජ පවුල සමග ආහාර වේලක් ගත පළමු සිංහලයා

1827 තරම් පුරාන කාලයේ බටහිරට ඉංග්‍රීසියෙන් බුදු දහම දේශනා කළ පළමු සිංහලයා

ශ්‍රී ලාංකීය සිවිල් සේවාවන්හි මුදලි වූ ජෝනස් වෙල්සේලියස් පෙරේරා විජේසුන්දර සෙනෙවිරත්න ගේ ජීවිතය හා ඔහුගේ කාලය

 

ජොහානස් වෙල්සේලියස් මුදලි ඉපදුනේ 1806 ශ්‍රී ලංකාවේ දීය. ඒ වන විට රජු වූයේ ශ්‍රී වික්‍රම රාජසිංහ ය. මහා අධිකාරම් වූයේ පිලීමතලාවේය . ඔහුගේ මව වූයේ දෝනා මරියා ළමාතැනී ය. ඇය ගෞරවනීය පවුලක අයත් උඩරට කාන්තාවක් විය. ජොහානස් වෙල්සේලියස් එංගලන්තයට ගොස්, දේශන මාලාවක් මඟින් බුදු දහම බටහිරට දේශනා කළ, ප්‍රථමයා පමණක් නොව, ඔහු ලන්ඩන් හි එක්සේක්ටර් ශාලාවෙහි ද ඉංග්‍රීසියෙන් බුද්ධාගම දේශනා කර ඇත (1827 තරම් පෙර දී). එමෙන්ම එංගලන්තයේ රාජකීය පවුල හා සමඟ කෑම වේලක් ගත  ප්‍රථම සිංහලයා වීමේ විශේෂ ගෞරවයද ඔහු දැරුවේය. එමෙන්ම  සිලෝන් සිවිල් සේවාවට  ආණ්ඩුකාරවරයා වූ සර් එඩ්වර්ඩ් බාර්නස් නම් කරන ලද ප්‍රථම සිංහලයා වූයේ ද ඔහුය.

 

ඔහු මෙන්ම දක්ෂ වූ ඔහුගේ පුත්‍රයා, දොන් ෆ්‍රැන්සිස් හර්බට් මහා මුදලි සර් සොලමන් ඩයස් බණ්ඩාරනායක සහ හැරී ඩයස් හා ලන්කාවේ ප්‍රථම අගමැති වූ ගරු ඩ් ඇස්  සේනානායක ඇතුළු ඔබේසේකර හා බණ්ඩාරනායක ලා ගේ පෙර පරපුරන් හට මුට්වාල් වල ශාන්ත තෝමස් ව්දුහලේ දී ඉංග්‍රීසි ඉගැන් වූ ගුරුවරයාද  විය.

 

එම ඉතා පැරණි කාලයේ බුදුදහම පිළිබඳව දැනුමත්තෙකු  පමණක් නොව,  වර්තමාන නිදහස් අධ්‍යාපනයද නොමැතිව  ඔහු ලබාගත් ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයෙන්  පාලි හා සංස්කෘත උගතෙකු බවට පත්ව බුද්ධිමත් නව මාර්ග සොයන්නෙකු වීමට  හැකි වීම පිළිබඳව ද නම්බු නාම ලබා ගත් අයෙකු විය.

ශ්‍රී  ලංකාවේ වෙරලින්  ඔහුගේ පිටත්වීම  අරඹයා මල්වත්ත හා අස්ගිරි විහාරයන් හි එවකට  ප්‍රධාන ස්වාමීන් වහන්සේ ලා පිරිත් හා ජයමංගල ගාථා කොළඹ ගොඩබාන ජැටියෙහි සජ්ජායනය කළහ. එසේ කර 1827 දී, ශුභ පැතීමේ තුඩුව  වටේ උපද්‍රව සහිත ගමනක යෙදී එංගලන්තයට බුදු දහම දේශනා කිරීමට ගියේය  

එම කාලයේ දී සූවස් ඇල ගොඩනගා නොතිබිණි. යකඩ නැව් පිළිබඳව දැන සිටියේ වත් නැත. 1827 දී ගුවන් ගමනාගමනය පිළිබඳව සිහින දැක වත් නොතිබිණි. ජොහානස් වෙල්සේලියස් කුමන ආගමක අයෙක්ද? එය අමුතු සහගතය. ඔහු කිතුනුවෙකු වූ අතර කිතුනුවෙකුගේ පුතෙකු විය. ඔහු තම ආගම කිසි දා වෙනස් නොකළ පූජකයෙකු විය. ජොහානස් වෙල්සේලියස් කිතුනුවෙකු වුවත් 1827 දී බටහිරට ඉංග්‍රීසියෙන් බුදුදහම දේශනා කලේ මන්ද යන පැනය දේශපාලනික විප්ලවයක් පවතින මෙවැනි භාරදූර කාලයක පැන නැගෙන පැනයකි. පිළිතුර ඉතා පැහැදිලිය. එම ඈත අතීතයේ දී දැන් බහුලව පවතින පරිදි ජාතික, ආගමික හෝ ජාතික  වෛරයන් ගෙන් තොර වූ නිසා කිතුනුවන් හා බෞද්ධයන් සමඟිව සිටියහ. පැරණි මිනිසුන් ධාර්මික මිනිසුන්ය. ඔවුන් අවිනීත බව හා නීතිගරුක නොමැති  බව පිළිකුල් කළහ. ජොහානස් වෙල්සේලියස් අයත් වූයේ එම කාලයට හා එම ආගමික ඉවසීම ගැන විශිෂ්ට ප්‍රමාණයකට විශ්වාස කළ, හා ඒවා දේශනා කල, මිනිස්  කණ්ඩායමටයි.


encyclopedia of ceylon නම් ග්‍රන්ථයෙන් උපුටාගන්නා ලදී   

 

 


Saturday, July 18, 2020

අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායම ඇත්තෙන්ම ජාතිකද

මෙය කලකට පෙර මා විසින්වො ලියන ලද බ්ලොග් එකකි , වෙනත්යමකට එය බලනවිට නැවත පළකරන්නට සිතුනි.

වොලිබෝල්  ශ්‍රි ලංකාවේ ජාතික ක්‍රීඩාව ලෙස නම්කර තිබේ. එහෙත් පාරක යද්දී ඉඳහිට දකින, බොහෝවිට වල් බිහි වූ වොලිබෝල් පිට්ටනි කිහිපයක් හා වාර්ෂික වොලිබෝල් තරඟාවලියක් හැරෙන්නට, වොලිබෝල් ක්‍රීඩාවේ ජාතික යැයි කියන්නට කිසිවක් නැත්තේය.
ඉහලම මට්ටමේ වොලිබෝල් තරඟයක්වත්, සජීවව රූපවාහිනී චැනලයක පෙන්නන්නේවත්, සජීවව ගුවන් විදුලියක ප්‍රචාරය කරන්නේවත් නොමැත. එසේ පෙන්නුවොත්, නරඹන්නන් හෝ අසන්නට ශ්‍රාවකයන් සිටීදැයි ලොකු සැකයක්ද ඇත්තේය. එලෙසම ශ්‍රී ලංකාවේ දක්ෂ වොලිබෝල් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේ නම් මොනවාදැයි, අහඹු නියදියකින් අසා සිටිය හොත් 1% ක් වත්, එම ක්‍රීඩකයන්ගේ නම් දැනගෙන සිටීදැයි සිතන්නට නුපුළුවන.
ඇත්තෙන්ම ශ්‍රීලංකාවේ ජනතාවගේ ජාතික ක්‍රීඩාව ක්‍රිකට්ය. තරු ක්‍රිඩකයන් පමණක් නොව, ක්‍රීඩා තරඟ දෙක තුනකට සහභාගිවන ක්‍රීඩකයන්ද, රටෙහි ජනතාව අතර ප්‍රසිද්ධ පුද්ගලයන් බවට පත්වෙති. සෑම තරඟයක්ම සජීවව විකාශණය වේ. එසේම සජීවව ගුවන් විදුලියේද ප්‍රචාරය කරනු ලැබේ. දක්ෂ ක්‍රීඩකයන් අවුරුද්දෙන් දෙකෙන් කෝටිපතියන් බවට පත්වෙති. ඔවුන්ගේ කීර්තිනාමය විකුණා වෙළෙඳ භාණ්ඩ ප්‍රචාරනය කෙරේ. මැතිවරණ කාල වලදී ප්‍රසිද්ධම ක්‍රීඩකයෝ, ඡන්ද ව්‍යාපාර වලට සම්බන්ධ වෙති. ඡන්දය ඉල්ලීමට ඉදිරිපත්වන බවට කටකථාද පැතිරේ.

ඒවාගේම, ක්‍රිකට් ක්‍රීඩාවේ කලමනාකරණයත් ව්‍යාපාරිකයින් හා දේශපාලකයින්ගේ ඉතාමත් හදබැඳ ගන්නා කටයුත්තක් බවට පත්ව තිබේ. රටේ බලවත්ම පුද්ගලයෝ ක්‍රිකට් ආයතනයේ කුමන හෝ තරාතිරමක් ලබා ගැනීමට පොර කති.

එහෙත්, ගැඹුරට පරීක්ෂා කර බැලුවහොත්, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් මනාව කලමනාකරණය වේද?, එය රටෙහි සෑම දරුවෙකුටම, සාධාරන අවස්ථාවක් ලබා දෙමින් ක්‍රීඩකයන් තෝරා ගන්නේද? එසේම රට වෙනුවෙන්,රටෙහි සිටින ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂම, එමෙන්ම ක්‍රීඩාව වෙනුවෙන් සම්පූර්ණයෙන්ම කැපවූ ක්‍රීඩකයන් තෝරා ගන්නේද? එලෙස රට වෙනුවෙන් ක්‍රීඩා කලහැකි සුදුසුම ක්‍රීඩකයන් තෝරා, ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝකයේ ඉහලම තලයේ තබාගෙන, රටෙහි ක්‍රිකට් ක්‍රීඩා ලෝලීනට සාධාරණයක් ඉටු කරන්නේද? යන ප්‍රශ්ණ පැන නඟී.

ශ්‍රී ලංකාවේ අ:පො:ස: සාමාන්‍ය පෙල සහ උසස් පෙල පන්තිවල සිසුන් පිලිවෙලින් 567000 සහ 478000 පමණ සිටිති. මෙය මුළු රජයේ විද්‍යාලවල ඉගෙන ගන්නා සිසුන් මිලියන හතර ගෙන් 25% ක් පමණ වේ.
මේ අතර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමට, තෝරා ගැනීමට භාජනය වීමට ඉඩ ලැබෙන්නේ සිසුන් කී දෙනෙකුටද? මේ ප්‍රශ්ණයට උත්තරයට ඉඟියක් ලබා ගැනීමට, ශ්‍රී ලංකාවේ විද්‍යාල කොපමණ ප්‍රමාණයක, ලෙදර් බෝල ක්‍රීඩා කරන්නේදැයි සොයා බැලිය යුතුය.  වයස අවුරුදු දහ නවයෙන් පහල ජාතික ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගිවන පාසැල් ගණන දෙස බලා, මේ පිළිබඳ අදහසක් ලබාගත හැක. සාමාන්‍යයෙන් මෙම තරඟාවලියට පාසැල් 208 ක් සහභාගි වන බව, පාසැල් ක්‍රිකට් සම්මේලනය පවසයි. ඒ පලවෙනි කොටසට පාසැල් 37 ක්ද, දෙවෙනි කොටසට 29 ක්ද, තුන්වෙනි කොටසට 142 ක්ද, අයත්වන පරිදිය.

මෙම පාසැල් අතුරින්, තුන්වන කණ්ඩායමේ පාසැල් 142 කෙන් කොපමණ ප්‍රමාණයක්, ක්‍රිකට් ක්‍රීඩාව ඕනෑකමෙන් කරගෙන යනවාදැයි සැක සහිත වුවත්, මෙම පාසැල් 208 ම පහසුකම් සහිතව ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රමානුකූලව සහ විධිමත්ව යෙදෙන්නේ යැයි උපකල්පනය කරමු. එලෙසටම දරුවාගේ ක්‍රීඩා භාණ්ඩ වලට, මුදල් යෙදවීමටවත් හැකියාවක් ඇති සහ ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීම,  අනුමත කරන දෙමව්පියන් සිටින දරුවන්, මෙම එක් පාසැලක එක් වසරක 25 ක් සිටින්නේ යැයි සිතමු. එවිට සාමාන්‍ය යෙන් පාසැලේ ක්‍රිකට් කණ්ඩායමට තේරෙන වයස්වල සිටින, සිසුන් ගණන 100 ක් පමණ වේ. ඒ කියන්නේ වසර හතරක ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සැපයීමයි.

මෙලෙසට එක් අවුරුද්දක සිසුන් 25 ගණනේ, ක්‍රිකට් ක්‍රීඩා කිරීමට එකතු වුවහොත්, ක්‍රිකට් ක්‍රීඩාකරන පාසැල් 208 න් එන මුළු සංඛ්‍යාව 5200 (208 X 25) ක් වෙයි. වසර හතරට (සාමාන්‍ය පෙල හා උසස් පෙල) මුළු ගණන 20800 (5200 X 4) ක් වෙයි. මෙම ප්‍රමාණය රජයේ පාසැල්වල අ:පො:ස: සාමාන්‍ය පෙල හා උසස් පෙල පන්තිවල සිටින, මුළු ශිෂ්‍ය ප්‍රමාණය වන මිලියනයක සිසුන්ගෙන් 2% ක් වෙයි. කෙටියෙන් කිවහොත් අප ක්‍රිකට් කණ්ඩායම තෝරා ගැනෙන ක්‍රියාදාමයේදී, තෝරා ගැනීමේ පරීක්ෂණයට භාජනය වියයුතු, විභවයක් ඇති ක්‍රීඩකයන්ගෙන් 2% ක් පමණි.
මෙය මිලියන 22 ක ජනගහනයක් සිටියදී, ලක්ෂ පහක අහඹු නියදියකින් ක්‍රිකට් කණ්ඩායමක් තෝරාගෙන, එය ජාතික ක්‍රිකට් කණ්ඩායම යැයි නම් කිරීම වැනිය. එලෙසම  එය හරියට පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් ක්‍රිකට් කණ්ඩායමක් තනා, එය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම යැයි නම් කිරීම වැනිය.
සංසන්ධනය කර බැලීමට, උචිතම රට වන්නේ ඕස්ට්‍රේලියාවයි. මක්නිසාද, ඕස්ට්‍රේලියාවේ සිටින්නේද, ලංකාවේ ජනගහනයට දළ වශයෙන් සමාන ජනගහනයක් බැවිනි. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ සංඛ්‍යා ලේඛනයන්ට අනුව, ඕස්ට්‍රේලියානු පාසැල් ළමුන් 537000 ක් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙති. තවත් 400000 ක් ක්‍රීඩා සම්ගම් සහ ප්‍රජාසමූහ වල ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙති. මේ අනුව බැලුවත්, අපට ක්‍රිකට් කණ්ඩායම තෝරා ගැනීමට ඇති ක්‍රීඩක සමූහයා මෙන්, විසි තිස් ගුණයක ක්‍රීඩකයන්, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට ඇති බව පෙනේ. ප්‍රමාණය වැඩිවත්ම, දක්ෂකම් සොයා ගැනීමට තිබෙන අවස්ථාවන් වැඩිවීම, කියන්නටත් දෙයක් නොවේ.
අපට මෙම අඩුපාඩුව මඟහරවා ගැනීමට, ගතයුතු ක්‍රියාමාර්ගය ලෙස මුලින්ම පෙනෙන්නේ, මෙම පාසැල් 208 න් ඔබ්බට, එනම් අඩුතරමින් අනෙක් රජයේ විද්‍යාල වලටවත් ක්‍රිකට් ක්‍රීඩාව ගෙනයාමයි. එහෙත් එය හිතන තරම් පහසු ක්‍රියාවක් නොවන්නේ, ක්‍රිකට් ක්‍රීඩාව පටන් ගැනීමට සහ පවත්වා ගැනීමට, ආයෝජනය කලයුතු අධික මූල ධනය නිසාය. ඒ සමඟම දෙමව්පියන්ගේ වියදම් කිරීමේ හැකියාවද, ග්‍රාමීය පාසැල් දෙසට විහිදෙන විට අඩුවේගෙන යයි. 

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි ගිනි අනුපාතය Gini Coefficient) ඉහල රටක, මෙම වියදම් කලහැකි අනුපාතය අඩුවීම, නගරයෙන් ඈතට යනවිට ශීඝ්‍රයෙන් වැඩිවේ.
මෙම සියලු අපහසුතා මඟ හරවාගෙන, දක්ෂතා හඳුනා ගැනිමට, ප්‍රාග්ධනය අඩුවෙන්ම යොදවා, අඩු වයසින්ම ක්‍රීඩක දක්ෂතා සොයා ගැනීමට ඇත්තේ එක ක්‍රමයකි. ඒ Talent scouts යනුවෙන් බටහිර හැඳින්වෙන, ක්‍රිකට් කෞශල්‍යය සහ සහජ දක්ෂතාවයන් හඳුනා ගැනීම සඳහා ගවේශකයින් යෙදවීමයි. මේ සඳහා ක්‍රිකට් ආයතනයට, දීර්ඝ කාලීන වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට සිදුවේ. මෙම කෞශල්‍ය ගවේශකයින් පලාත් මට්ටමෙන්, සේවයේ යෙදවිය හැකි අතර, ඔවුන්ට තම පළාතේ සෑම විදුහලකටම සහ ක්‍රිකට් ක්‍රීඩා කරන කුඹුරු සහ පිටි වලට, ස්ථීර හා ක්‍රමානුකූල ලෙස පැමිණීය යුතු වේ.  එම විදුහලේ සහ ගමේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන, සිසුන්ගේ දක්ෂයන් තෝරාගෙන, ඔවුන් දැල් පුහුණුව සඳහා ඒ සඳහා විශේෂයෙන් සකස් කරන ලද, ස්ථානයකට රැගෙන ගොස්, ලෙදර් බෝල ක්‍රීඩාවට හඳුන්වා දීය යුතුය.


සතියක් පමණ මෙවැනි පුහුණුවකින් පසු, ක්‍රිකට් ආයතනයෙන් පත් කරන ලද, මණ්ඩලයක් මගින් පරීක්ෂා කර, මෙම විශේෂ වැඩ සටහන සඳහා ක්‍රීඩකයන් තෝරාගත හැක. ක්‍රිකට් ආයතනයෙන් මෙලෙස තෝරා ගන්නා ලද, වසරකට සියයක් පමණ වූ ක්‍රීඩකයන් සඳහා විශේෂ පාසැලක් සංවර්ධනය කර, ඔවුනට සාමාන්‍ය අධ්‍යාපනය ලබාදෙන ගමන්ම, ක්‍රිකට් පුහුණුව සඳහාද යොමුකල හැක.
මෙවැනි ව්‍යාපෘතියකින් මධ්‍යම හා දීර්ඝ කාලීනව, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව, විශාල දියුණුවකට පත්වෙනවා පමණක් නොව, ග්‍රාමීය පාසැල්වල දරුවන්ට, මුහුණ දීමට සිදුවන බලවත් සමාජ අසාධාරණයක්ද, ඉවත් කිරීමට හැකි වන්නේය. කෞශල්‍යය ගවේශකයන්ට සත්‍ය වශයෙන්ම කෞශල්‍යය සොයා ගැනීමට දිරි දීමක් ලෙසට ඔවුන් සොයාගත් ක්‍රීඩකයෙකු, ජාතික සංචිතයට තේරෙන්නේ නම්, ගවේශකයාට මුදලින් ත්‍යාගයක් පිරිනැමීමට කටයුතු කලහොත්, මෙම ව්‍යාපෘතිය තවත් කාර්යක්ෂම වන බව නොඅනුමානය.
මෙම කෞශල්‍ය සොයා යාමේ ක්‍රමවේදය බොහොමයක් බටහිර රටවල, විශේෂයෙන්ම ඇමරිකාවේ බේස් බෝල්, බාස්කට් බෝල් සහ ඇමරිකානු ෂුට්බෝල් සඳහා ප්‍රචලිත ක්‍රමවේදයකි. බොහොමයක් පාපන්දු, බේස් බෝල්, රග්බි සහ අනෙකුත් ජනප්‍රිය ක්‍රීඩා සඳහා එලෙස කෞශල්‍යය ගවේශකයන් එම ක්‍රීඩා සමාජ මගින් සේවයේ යෙදවීම, සෑම දියුණු රටකම පාහේ සිදුවේ. 


      

Wednesday, July 15, 2020

සංස්කෘතියන් තුල පරස්පරයන් ගැටීම සොයා බැලීම වඩා වැදගත්ය

 ප්‍රංශ විප්ලවයේ සිටම සමානාත්වය සහ පුද්ගල නිදහස යන දෙකම මූලික සාරධර්ම ලෙස ලොව පුරා ජනයා ක්‍රමයෙන් පිලිගත්හ. එහෙත් එම සාරධර්ම දෙක එකිනෙකට පරස්පර වේ.  සමානාත්මතාවය, සහතික කළ හැක්කේ වඩා බලවත්  අයගේ නිදහස කප්පාදු කිරීමෙන් පමණි. සෑම පුද්ගලයකුටම තමන්ට කැමති දේ කිරීමට ඉඩ දුන හොත් එයින් සමානාත්මතාවය සිමා වෙයි. 1789 සිට ලෝකයේ සමස්ත දේශපාලන ඉතිහාසය මෙම ප්‍රතිවිරෝධය සමතයකට පත් කිරීමේ උත්සාහයන් මාලාවක් ලෙස දැකිය හැකිය.

 

චාල්ස් ඩිකන්ස්ගේ නවකතාවක් කියවා ඇති ඕනෑම අයෙක්, දහනම වන සියවසේ යුරෝපයේ ලිබරල් පාලන තන්ත්‍රය පුද්ගල නිදහසට ප්‍රමුඛතාවය ලබා දී ඇති බව දනී. එය මුලික  අරමුණ වුවත්, දුප්පත්, බංකොලොත්, පවුල් සිරගෙදරට විසි කිරීම සහ අනාථ දරුවන් පික්පොකට් කරුවන් වෙන්නට ඉඩ හැරීම ඒ සමාජයේ බොහෝ විට සිදු විය.

 

ඇලෙක්සැන්ඩර් සෙල්හේනිට්සින් ගේ නවකතාවක් කියවා ඇති ඕනෑම කෙනෙක් කොමිනිස්ට්වාදී සමානාත්මතා පරමාදර්ශය සාමාන්‍ය ජනයාගේ එදිනෙදා ජීවිතයේ සෑම අංශයක්ම පාලනය කිරීමට උත්සාහ කළ කුරිරු ඒකාධිපති රාජ්‍යයන් ඇති කළේ කෙසේදැයි දනී.

 

නූතන ඇමරිකානු දේශපාලනයද මෙම ප්‍රතිවිරෝධය වටා කැරකෙයි. ඩිමොක්‍රට්ස්  පාක්ශිකයන් ඒ සඳහා බදු වැඩි කිරීමට සිදුවුවත්  දුප්පත්, මහලු සහ දුර්වල අයට උපකාර කිරීම සඳහා අරමුදල් සොයාගත යුතු යැයි කියති.  නමුත් එම අදහස  පුද්ගලයන්ට තමන් කැමති ආකාරයට තමන් උපයාගත් මුදල් මුදල් වියදම් කිරීමේ නිදහස උල්ලංඝණය කරයි. මම මගේ දරුවන් පාසලකට ඇතුලත් කිරීම සඳහා එම මුදල් භාවිතා කිරීමට කැමති වූවත්, රජය මට එම මුදලින් සෞක්‍ය රක්ෂණයක් මිලදී ගැනීමට බලකරන්නේ ඇයි?. අනෙක් අතට රිපබ්ලිකනුවන්ට  අවශ්‍ය වන්නේ පුද්ගල නිදහස උපරිමන් ලබා දීමටය. ධනවතුන් සහ දුප්පතුන් අතර ආදායම් පරතරය පුළුල් ලෙස වර්ධනය වුණත්එය තබිය යුතුය, බොහෝ ඇමරිකානුවන්ට සෞක්‍ය සේවා ලබා ගැනීමට නොහැකි වුවත්, එම නිදහස තිබිය යුතු යැයි ඔවුන් කියති.  

 

මධ්‍යකාලීන සංස්කෘතිය සටන්කාමිත්වය ක්‍රිස්තියානි ධර්මය සමඟ සමබර කර ගැනීමට සමත් නො වූවා සේම නූතන ලෝකය සමානාත්මතාවය සහ පුද්ගල නිදහස එකිනෙකට ගලපා ගැනීමට අසමත් වේ. නමුත් මෙය පරාජයක් නොවේ. එවැනි ප්‍රතිවිරෝධතා සෑම මානව සංස්කෘතියකම ඉවත්  කළ නොහැකි කොටසකි. ඇත්ත වශයෙන්ම, ඒවා සංස්කෘතියේ එන්ජිම වන අතර, ඒවා අපගේ විශේෂ නිර්මාණශීලීත්වය හා ගතිකත්වයට බොහෝ උපකාරී වේ. ගැලපෙන්නේ නැති සංගීත කාණ්ඩ දෙකක්, එකට වදින විට අලුත් සංගීත ඛණ්ඩයක්  ඉදිරියට ගෙන යෑමට බලකරනවා වගේම, අපගේ සිතුවිලි, අදහස් සහ සාරධර්ම අතර ඇති නොගැලපීම, අපේ අදහස් නැවත ඇගයීමකට භාජනය  කිරීමට අපිට බල කරයි. අනුකූලතාව යනු මොට්ට  මනසෙහි ක්‍රීඩාපිටියයි.

 

ආතතිය, ගැඹුරු සහ විසඳිය නොහැකි උභතෝකෝටිකයන් සෑම සංස්කෘතියකටම කුළුබඩු වැනිය. ඕනෑම  සංස්කෘතියකට අයත් මිනිසෙකු, පරස්පර විරෝධී විශ්වාසයන් තබාගෙන එකිනෙකට  නොගැලපෙන සාරධර්ම වලට යටත් විය යුතුය.

 

එය ඕනෑම සංස්කෘතියකට අත්‍යාවශ්‍ය අංගයක් වන අතර, එයට නමක් පවා ඇත. සංජානන විසංවාදය.(cognitive dissonance) සංජානන විසංවාදය බොහෝවිට මිනිසුන්  අසාර්ථකත්වයක් ලෙස සැලකති. ඇත්ත වශයෙන්ම එය අත්‍යාවශ්‍ය සම්පතකි. පරස්පර විරෝධී විශ්වාසයන් හා සාරධර්ම රඳවා ගැනීමට මිනිසුන්ට නොහැකි වූයේ නම්, කිසිම මිනිස් සංස්කෘතියක් ස්ථාපිත කිරීමට හා පවත්වාගෙන යාමට නොහැකි වනු ඇත.

 

ඇත්තටම කියනවා නම්, තමන්ගේ වීදියේ පහළ පල්ලියට යන මුස්ලිම් ජාතිකයන්ව, කිතුනුවෙකුට  තේරුම් ගැනීම සඳහා  ඔහු සෑම මුස්ලිම්වරයෙකු පිළිගන්නා සහ අදහන මුලධර්ම ලෙස බැලිය යුතු නොවේ. වෙනුවට ඔහු විමසිය යුත්තේ මුස්ලිම් සංස්කෘතියේ ගැලපීමක් නැති උභතෝකෝටික තත්වයන්  ගැනය. යුද්දයේ සහ ප්‍රමිති වල නීති රීති පවතින ස්ථානය සොයා බැලිය යුත්තේය.  එතැනදී  මුස්ලිම්වරු අත්‍යාවශ්‍ය කරුණු දෙකක් අතර ගැටෙන නිසාය. ඒවා දෙස බැලීමෙන් ඔබ ඔවුන්ගේ සංස්කෘතිය වඩාත් හොඳින් තේරුම් ගනු ඇත.

යුවල් නොවා හරාරි 

පරිවර්තනය සමන්තා ඉලංගකෝන් 


කෘෂිකර්ම ඇමතිවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීම

  කෘෂිකර්ම ඇමතිතුමනි  මම විශ්‍රාම ගත්  රියර් අද්මිරාල්වරයෙක් වන අතර විනෝදාංශයක් වශයෙන්  ගොවිතැනෙහි සහ ගෙවතු වගාවෙහි යෙදෙමි.  මට පවුලෙන් ලැබු...