Wednesday, July 15, 2020

සංස්කෘතියන් තුල පරස්පරයන් ගැටීම සොයා බැලීම වඩා වැදගත්ය

 ප්‍රංශ විප්ලවයේ සිටම සමානාත්වය සහ පුද්ගල නිදහස යන දෙකම මූලික සාරධර්ම ලෙස ලොව පුරා ජනයා ක්‍රමයෙන් පිලිගත්හ. එහෙත් එම සාරධර්ම දෙක එකිනෙකට පරස්පර වේ.  සමානාත්මතාවය, සහතික කළ හැක්කේ වඩා බලවත්  අයගේ නිදහස කප්පාදු කිරීමෙන් පමණි. සෑම පුද්ගලයකුටම තමන්ට කැමති දේ කිරීමට ඉඩ දුන හොත් එයින් සමානාත්මතාවය සිමා වෙයි. 1789 සිට ලෝකයේ සමස්ත දේශපාලන ඉතිහාසය මෙම ප්‍රතිවිරෝධය සමතයකට පත් කිරීමේ උත්සාහයන් මාලාවක් ලෙස දැකිය හැකිය.

 

චාල්ස් ඩිකන්ස්ගේ නවකතාවක් කියවා ඇති ඕනෑම අයෙක්, දහනම වන සියවසේ යුරෝපයේ ලිබරල් පාලන තන්ත්‍රය පුද්ගල නිදහසට ප්‍රමුඛතාවය ලබා දී ඇති බව දනී. එය මුලික  අරමුණ වුවත්, දුප්පත්, බංකොලොත්, පවුල් සිරගෙදරට විසි කිරීම සහ අනාථ දරුවන් පික්පොකට් කරුවන් වෙන්නට ඉඩ හැරීම ඒ සමාජයේ බොහෝ විට සිදු විය.

 

ඇලෙක්සැන්ඩර් සෙල්හේනිට්සින් ගේ නවකතාවක් කියවා ඇති ඕනෑම කෙනෙක් කොමිනිස්ට්වාදී සමානාත්මතා පරමාදර්ශය සාමාන්‍ය ජනයාගේ එදිනෙදා ජීවිතයේ සෑම අංශයක්ම පාලනය කිරීමට උත්සාහ කළ කුරිරු ඒකාධිපති රාජ්‍යයන් ඇති කළේ කෙසේදැයි දනී.

 

නූතන ඇමරිකානු දේශපාලනයද මෙම ප්‍රතිවිරෝධය වටා කැරකෙයි. ඩිමොක්‍රට්ස්  පාක්ශිකයන් ඒ සඳහා බදු වැඩි කිරීමට සිදුවුවත්  දුප්පත්, මහලු සහ දුර්වල අයට උපකාර කිරීම සඳහා අරමුදල් සොයාගත යුතු යැයි කියති.  නමුත් එම අදහස  පුද්ගලයන්ට තමන් කැමති ආකාරයට තමන් උපයාගත් මුදල් මුදල් වියදම් කිරීමේ නිදහස උල්ලංඝණය කරයි. මම මගේ දරුවන් පාසලකට ඇතුලත් කිරීම සඳහා එම මුදල් භාවිතා කිරීමට කැමති වූවත්, රජය මට එම මුදලින් සෞක්‍ය රක්ෂණයක් මිලදී ගැනීමට බලකරන්නේ ඇයි?. අනෙක් අතට රිපබ්ලිකනුවන්ට  අවශ්‍ය වන්නේ පුද්ගල නිදහස උපරිමන් ලබා දීමටය. ධනවතුන් සහ දුප්පතුන් අතර ආදායම් පරතරය පුළුල් ලෙස වර්ධනය වුණත්එය තබිය යුතුය, බොහෝ ඇමරිකානුවන්ට සෞක්‍ය සේවා ලබා ගැනීමට නොහැකි වුවත්, එම නිදහස තිබිය යුතු යැයි ඔවුන් කියති.  

 

මධ්‍යකාලීන සංස්කෘතිය සටන්කාමිත්වය ක්‍රිස්තියානි ධර්මය සමඟ සමබර කර ගැනීමට සමත් නො වූවා සේම නූතන ලෝකය සමානාත්මතාවය සහ පුද්ගල නිදහස එකිනෙකට ගලපා ගැනීමට අසමත් වේ. නමුත් මෙය පරාජයක් නොවේ. එවැනි ප්‍රතිවිරෝධතා සෑම මානව සංස්කෘතියකම ඉවත්  කළ නොහැකි කොටසකි. ඇත්ත වශයෙන්ම, ඒවා සංස්කෘතියේ එන්ජිම වන අතර, ඒවා අපගේ විශේෂ නිර්මාණශීලීත්වය හා ගතිකත්වයට බොහෝ උපකාරී වේ. ගැලපෙන්නේ නැති සංගීත කාණ්ඩ දෙකක්, එකට වදින විට අලුත් සංගීත ඛණ්ඩයක්  ඉදිරියට ගෙන යෑමට බලකරනවා වගේම, අපගේ සිතුවිලි, අදහස් සහ සාරධර්ම අතර ඇති නොගැලපීම, අපේ අදහස් නැවත ඇගයීමකට භාජනය  කිරීමට අපිට බල කරයි. අනුකූලතාව යනු මොට්ට  මනසෙහි ක්‍රීඩාපිටියයි.

 

ආතතිය, ගැඹුරු සහ විසඳිය නොහැකි උභතෝකෝටිකයන් සෑම සංස්කෘතියකටම කුළුබඩු වැනිය. ඕනෑම  සංස්කෘතියකට අයත් මිනිසෙකු, පරස්පර විරෝධී විශ්වාසයන් තබාගෙන එකිනෙකට  නොගැලපෙන සාරධර්ම වලට යටත් විය යුතුය.

 

එය ඕනෑම සංස්කෘතියකට අත්‍යාවශ්‍ය අංගයක් වන අතර, එයට නමක් පවා ඇත. සංජානන විසංවාදය.(cognitive dissonance) සංජානන විසංවාදය බොහෝවිට මිනිසුන්  අසාර්ථකත්වයක් ලෙස සැලකති. ඇත්ත වශයෙන්ම එය අත්‍යාවශ්‍ය සම්පතකි. පරස්පර විරෝධී විශ්වාසයන් හා සාරධර්ම රඳවා ගැනීමට මිනිසුන්ට නොහැකි වූයේ නම්, කිසිම මිනිස් සංස්කෘතියක් ස්ථාපිත කිරීමට හා පවත්වාගෙන යාමට නොහැකි වනු ඇත.

 

ඇත්තටම කියනවා නම්, තමන්ගේ වීදියේ පහළ පල්ලියට යන මුස්ලිම් ජාතිකයන්ව, කිතුනුවෙකුට  තේරුම් ගැනීම සඳහා  ඔහු සෑම මුස්ලිම්වරයෙකු පිළිගන්නා සහ අදහන මුලධර්ම ලෙස බැලිය යුතු නොවේ. වෙනුවට ඔහු විමසිය යුත්තේ මුස්ලිම් සංස්කෘතියේ ගැලපීමක් නැති උභතෝකෝටික තත්වයන්  ගැනය. යුද්දයේ සහ ප්‍රමිති වල නීති රීති පවතින ස්ථානය සොයා බැලිය යුත්තේය.  එතැනදී  මුස්ලිම්වරු අත්‍යාවශ්‍ය කරුණු දෙකක් අතර ගැටෙන නිසාය. ඒවා දෙස බැලීමෙන් ඔබ ඔවුන්ගේ සංස්කෘතිය වඩාත් හොඳින් තේරුම් ගනු ඇත.

යුවල් නොවා හරාරි 

පරිවර්තනය සමන්තා ඉලංගකෝන් 


2 comments:

  1. /ගැලපෙන්නේ නැති සංගීත කාණ්ඩ දෙකක්, එකට වදින විට අලුත් සංගීත ඛණ්ඩයක් ඉදිරියට ගෙන යෑමට බලකරනවා/ +++

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...