අපි පසුගියදා දඹදිව වන්දනාවේ ගියෙමු. මටත් කුඩා කාලයේ ඉගෙනගත් බුදුන්ගේ නොයෙකුත් වාසස්ථාන සහ එතුමා හා සම්බන්ධ සිද්ධි සිදුවූ ස්ථාන නැරඹීමට උනන්දුවක් තිබුණ නමුදු ඒ සඳහා මේ තරම් මහන්සියක් වීමට අවශ්‍යතාවක් තිබුණේ නැත.
මුලින්ම මෙම ගමන සඳහා වස්තු බීජය වැටුණේ මගේ බිරිඳගෙ අක්කා ඇයත් සමඟ උගන්වන ගුරුවරියක සමග දඹදිව යාමට සැලසුම් කරන අතර තුර, ඒ සඳහා යම් අඩුවකට මගේ බිරිඳටද ආරාධනාවක් ලැබුන පසුවය.
ඇය යන බව ඇසූ මටත් යන්නට සිතුනි. එහෙත් එසේ කරන්නට නම් එක්ලක්ෂ හැටදාහක් ඒ කියන්නේ මුලින් සිතුවාට වඩා රුපියල් විසි දහසක් අප හැම දෙනාටම ගෙවිය යුතු යැයි එම සමාගම විසින් කියූ නිසා අපට තරහ ගොස්, එම සමාගමේ ගමනට සම්බන්ධ නොවූ වෙමු.
ඉන්පසු මා ෆේස්බුක් එකේද දමා මේ පිළිබඳව සොයා බැලු අතර දඹදිව ගොස් ආපසු පැමිණ සිටි මිතුරන් කිහිප දෙනෙකුටද කතා කළෙමි. මෙයින් මා වඩාත් සිත් ගත් ක්‍රමය වූයේ ඉන්දියාවේ වාහනයක් හයර් කර, කොළඹ සිට වරනාසි වෙත ගුවනින් ගොස් එම වාහනයෙන්ම මුළු වන්දනාවම සිදුකර ආපසු එහි සිටම කොළඹට පැමිණීමට ය.
ඒ සඳහා අන්තර්ජාලය පාවිච්චි කර හෝටල් පිළිබඳ සමීක්ෂණයක් කර, වාහන අයිතිකරුවන්ටද කතා කර සෑහෙන වැඩ කොටසක් සිදු කළෙමි.
හතර දෙනෙකු ගමන් කරන ලොකු toyota inovo වාහනයක මුළු ගමන ගොස් තරු 3 සහ 4 හෝටල්වල නැවතී මුළු සංචාරයම එක් ලක්ෂ විසිදහසක පමණ අවසන් කිරීමට හැකි බව පෙනුණි.
මේ සඳහා සැලසුම් කර අඩිතාලම දමා ගෙන යන මගේ බිරිඳගෙ අක්කාට ඇගේ මිතුරියක විසින්, කුඩා වාහනයක යද්දී ආරක්ෂාව පිළිබඳ යම් අවදානමක් තිබේ යැයි අදහසක් දුන් දී තිබූ නිසා, මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කර කණ්ඩායමකට බැඳී වන්දනාව කර ගැනීමට අවසානයේ තීරණය කරන ලද්දේය.
මේ කාලය තුළ මගේ මිතුරෙකුගේ බිරිඳගේ පියාද ඉන්දියාවේ වන්දනාවේ ගොස් තවමත් සොයාගැනීමට බැරි වූ ආරංචියක්ද මටද ලැබුණි.
මේ කාලේ මං හදිසියේ ෆේස්බුක් එකේ තිබූ දඹදිව චාරිකා දැන්වීමක් දැක එයට ප්‍රතිචාර දැක්වීමෙන්, රුපියල් එක් ලක්ෂ පනස් නම දාහකට full board චාරිකාවක් දුටුවෙන්, ඔවුන් සමග සාකච්ඡා කර අප හතර දෙනාද එම කණ්ඩායමට එක් වූයෙමු.
ඔවුන්ගේ හෝටල් සියල්ලම පරීක්ෂාකර බලන ලදුව, ඒවා එම ප්‍රදේශවල තිබෙන හොදම වාගේ හෝටල් නිසා, මෙම තීරණය අපට වඩාත් පහසු විය.
එම කණ්ඩායමට එක්වීම සඳහා ඉක්මනින්ම මුදල් ගෙවිය යුතු යැයි දැන් වූ හෙයින්, අප සියලු දෙනාගේම ගාස්තුව app ට්‍රාන්සර් එකකින් සිදු කළෙමු.
ඒ මුදල් ගෙවීමෙදී අප සිතා සිටියේ ඉන්දියානු විසා ලබා දෙන්නේද එම සමාගමෙන් කියාය. නමුත් පසුව දැනගන්නට ලැබුණේ ඔවුන් එම වීසා ලබා දුන්නද, අප ඒ සඳහා රුපියල් 8000 මුදලක් ඔවුනට ගෙවිය යුතු බවය. අනෙක් ජෝඩුවට මා මුලින් කියා සිටියේ මුළු මුදල එක්ලක්ෂ පනස් 159000 වන බව නිසා මෙයින් මම තරමක් අපහසු තාවයකට පත් වීමි.
මේ පිළිබඳව සමාගමත් සමග සාකච්ඡා කළ පසු රුපියල් 8000 වෙනුවට හයදාහක් ගැනීමට ඔවුන් කැමැති වූහ.
එම මුදලත් ගෙවුවෙමු. ඊළඟ
https://lakshmanillangakoon.blogspot.com/2019/10/2-2.html
මම 2008 වසරෙදී අම්මත් එක්ක ඔහොම නඩේකට සෙට් වෙලා ඉන්දියාවේ ගියා සති දෙකේ ට්‍රිප් එකක්. වියදම ගියේ රුපියල් 75000ක් වගේ. 10-12ක් වගේ හිටපු කුඩා කණ්ඩායමක් නිසා ගමන රසවත් වුනා. ඔබේ ගමන් සිතාරය කියවීමට බලා සිටිනවා.
ReplyDeleteදඹදිව වන්දනාවේ යන සමහර වයසක තාත්තලා සදහටම අතරමං වෙන එක නම් ලොකුම අවුලක්, මා දන්නා එක් අයකු (වසර 10කට පමණ පෙර) සහ පසුගිය වසර 5විතර කාලය තුල තවත් දෙදෙනෙකු පිළිඳව අසන්නට ලැබුනා. ඒ සියළු දෙනාට පොදු සාධක වන්නේ වයසක පිරිමි, චෙන්නායි සිට කෝච්චියේ ගමන, ලොකු කණ්ඩායම්. මම සිතන්නේ මේ සියළු දෙනා නිසි පරිදි හඳුනානොගත් නමුත් ඇල්සයිමර් රෝගීන්ය කියායි.
ReplyDelete