මගේ සිත්ගත තවත් ජපන් සමාජ සලකුණක් වුයේ එහි
ජනතාවගේ විනයයි. මෙයට හොඳ උදාහරණයක් මගේ මිතුරෙකු සමග ඔහුගේ ව්‍යාපාරික කටයුත්තකට
ජපාන ජාතිකයකුගේ වාහන සේල් එකකට ගිය විට දුටුවෙමි.
අපි එදින ටිකක් උදයෙන් එතනට ගියේ එම වැඩ
කටයුත්තෙන් පසුව අපි වෙන යම් ගමනක් යාමට සැලසුම් කරගෙන සිටි නිසාවෙනි. ඒ යනවිට එම
සේල් එක උදයේ විවෘත කරන වෙලාව විය. ඒ අවස්ථාවේම වාහනයකින් එතනට පැමිණි , ටයි
එකකින් ද සරසි සිටි එහි අයිතිකරු ඉක්මනින්
එලියට පැමිණ එහි මිදුලේ ව්‍යායාම කරන්නට පටන් ගත්තේය. එතන වැඩ කරන සේවකයන් 5
දෙනෙකු පමණ ‘; දෙදෙනෙකු කවර් ඕල් වලින් සැරසී, ඔහුත් සමග රිද්මයට ස්ට්‍රෙචින්ග් ව්‍යායාම
කරන්නට පටන් ගත්හ. මෙම ව්‍යායාම පන්තිය පැය බාගයක් පමණ පැවතින. ඉන්පසු මගේ මිතුරාට
කතාකල අයිතිකරු වෙනත් වැඩකට යාමට පිටත්විය. මට තේරුණා විදිහට ඔහු තම ව්‍යාපාරික
ස්ථානයට පැමිණ තිබුනේ සේවකයන් සමග ව්‍යායාම ප්‍රෝග්‍රෑම් එකට සහභාගී විමටමය.
වරෙක අපි ගමනක් යන අතරමඟ ජපන් ආපනශාලාවකට
දහවල් ආහාර ගැනීමට ගියෙමු. මේස 10 ක් පමණ තිබුණු මෙම අවන්හලේ එක මේසයක් ජපනුන්ට
ආවේනික පුටු රහිත එකක් විය. මගේ මිතුරා වාහනය එලවන්නට තිබෙන නිසා මම පමණක් ආහාර
පැමිණෙන තුරු බියර් බෝතලයක් ගෙන්වා ගෙන පානය කලෙමි. එහි මෙවැනි ආපන ශාලා උදයේ
විවෘත කර දහවල් 2 කට වසා දමන බව මම දුටුවෙමි. දෙකට දහයක් පමණ තිබියදී පිරිසක්
පැමිණ ආහාර ගැනීමට උත්සාහ කලද එහි සිටි කාන්තාව ඔවුනට වැසීමට පෙර ඔවුනට ආහාර දීමට
ප්‍රමාණවත් වෙලාවක් නොමැති බව කීවාය. ඔවුන් කිසිම විරෝධයක් පල කරන්නේ නැතිව
සිනාමුසු මුහුණින් පිටව ගියහ.
මාර්ගයේ සැමතැනම කඩ සාප්පු නොමැති ජපානයේ
ඒවා තිබෙන්නේ නගරය කිට්ටුව විශාල වෙළඳ සංකීරණ ලෙසිනි. එසේම සම වෙළඳසැලකම ඉතා
පිරිසිදු ;බොහෝවිට උණුසුම් කළහැකි කොමඩ් කවර සහිත වැසිකිලි අනිවාර්යයෙන්ම තිබේ.
අපි ගිය පාවිච්චි කරන ලද භාණ්ඩ විකුණන ස්ථානයක පවා පාරිභෝගිකයන් සඳහා වැසිකිලි
පහසුකම් තිබෙනවා මම දැක්කෙමි. බොහෝවිට මේවාට යම් රජයේ හෝ පලාත්පාලන ආයතන වල නීති
රෙගුලාසි පනවා තිබෙනවා වන්නට පුළුවන. අපේ මෙන් පලාත්පාලන ආයතන වල නියෝජිත වරුන් තමන් ගේ ඥාති මිත්‍රාදිනට ඉඩතිබෙන තැන්වල කුඩා
කඩ කැබලි තනාගන්නට ඉඩ ලබා දෙන සිරිතක් එහි නැතිවා විය යුතුය.
තවත් ජපන් සමාජයේ මා දුටු විශේෂ දෙයක් නම්
ඔවුන්ගේ වෙළඳසල් වල පාරිභෝගිකයනට දක්වන සැලකිල්ලයි. පාරිභෝගිකයන් රජවරුන් යයි
කියමනක් තිබේ. එය හරියටම ක්‍රියාත්මක වන්නේ ජපානයේ යයි මට සිතුනු වාර ගණන අනන්තය.
සමහරවිට ඔවුන් බොරුවට අපව අන්දවනවා වත්දැයි සැකයක් සිතට නැගෙන තරමට එම සැලකීම
ඔවුන් කලාවක් කරගෙන ඇත. වරෙක අපි මගේ මිතුරාගේ යම් වැඩකට ජපනෙකුට අයත් වාහන සේල්
එකකට ගියෙමු. එතන වැඩකරන තිදෙනාම තවත් ජපනෙකුට වාහනයක් විකුණමින් සිටි නිසා අපට
ටික වෙලාවක් එතන රැඳෙන්නට සිදුවිය. එම ගනුදෙනුකරු අවසානයේ වාහනය මිලදී ගත්තේය. එය
සාමාන්‍ය කුඩා වාහනයකි. අවසානයේ ඔහු වාහනය පදවාගෙන රැගෙන ගියේය. එම වාහනය විකිනීමට
සහභාගී වූ වෙළද සේවකයන් තිදෙනාම ඔහුගේ වාහනය නොපෙනී යනතුරුම ඒ දෙසට නැමී ආචාර
කරමින් සිටියහ. ඇත්තෙන්ම පාරිභෝගික සැලකිල්ල බොහෝ අඩු අප වැනි සමාජයක ජීවත්වූ
කෙනෙකුට සිතාගනිමටවත් නොහැකි තරම් පාරිභෝගික සැලකිල්ලකි.
මම දැන් ගොවිතැනට බැස ඇති නිසා මම එහිදී
ගොවිතැන් පිලිබදව විශේෂ උනන්දුවක් දක්විමි. මම එහිදී දුටු ගොවිතැන පිළිබඳව වඩාත්ම
සිත්ගත් කරුණ නම් ඔවුන්ගේ ගොවි ගෙදරක තිබෙන කෘෂිකර්ම උපකරණ සමුහයයි. සැම ගොවි
ගෙදරකම වාගේ ට්‍රැක්ටර්, බැකෝ යන්ත්‍ර, අස්වැන්න නෙලාගන්නා යන්ත්‍ර, යනාදී වශයෙන් යෙදීසිටින ගොවිතැනය
අවශ්‍ය විය හැකි සැම යන්ත්‍රයක්ම නිවාස
අසල තිබුණි. බොහෝ නිවාස වල ඇලුමිනියම් ඉනිමඟ ; නොයෙකුත් දිගින් සහ යෙදීම් වලින්
යුත් , 10 ක් පමණ තිබෙනවා මම දුටිමි. එහෙත් මෙහි මෙන්ම තරුණයන් ගොවිතැනෙන් ඈත් වී
ඇති බවක්ද පැහැදිලිව පෙනුනි. සම තැනම ගොවිතැනෙහි දී සිටින්නේ බොහෝ වයස්ගත පිරිස්ය.
ජපානය ගැන විස්තර කියවීමත් ආසා හිතෙන වැඩක්.
ReplyDeleteපාරිභෝගිකයන්ට සැළකීම කෙතරම් හොඳ වුවත් දෙකට වහන කඩේට 01.50 ට පැමිණි විට ආපසු හරවා යවනවා නේද?
ReplyDelete