මම මාස කිහිපයකට පෙර ජපානයේ සංචාරයක් සඳහා
ගියෙමි. එම ගමන පිළිබඳව බ්ලොග් කිහිපයක්ද ලිව්වෙමි. මම සාමාන්‍යයෙන් එක බ්ලොග්
එකක් වචන 500 කට සිමා කරන්නට උත්සාහ කරමි. මෙම ගමන පිළිබඳව ලියු බ්ලොග් 12 ඒ අනුව
වචන 6000 ක් පමණ වන්නට ඇත. එහෙත් මට මෙම සංචාරය පිලිබඳ බ්ලොග් සටහන් අවසන් කරන්නට
නොහැකි විය. ඒ මේ දිනවල කුඹුරු වැඩ සඳහා කාලය සහ ශ්‍රමය වය කරන්නට සිදුවූ නිසාය.
එයට අමතරව රජයේ සහනාධාරද ලබාගෙන මැල්සිරිපුර ඉඩමක කුරුඳු වගාවක් ද පටන්ගත්තෙමි.
ජපානයේ සිටින මා සමග එකල නාවික හමුදාවේ සේවය
කල මහින්ද නම් මිතුරෙකු සමග ජපානය පිළිබඳව මැසෙන්ජර් එකෙන් කතාකරමින් සිටියෙමි. ඔහු
නාවික හමුදාවෙන් ගිය පසු ජපානයට ගොස් එහි වෘතිමය රැකියාවක් කර දැන් කුඩා, වාහන
නොවන ව්‍යාපාරයක් කරයි. මා වාහන නොවන බව කිව්වේ එය එහි සිටින ශ්‍රී ලාංකිකයන් බොහෝ
දෙනෙකු කරන්නේ වාහන සම්බන්ධ ව්‍යාපාර බැවිනි. නමුත් මට පෙනුණු විදිහට එහි ඇත්තෙන්ම
දැන් වාහන ව්‍යාපාරය අප පිරිස් සඳහා පහලට යමින් පවතී. එහෙත් වෙනත් ක්ෂේස්ත්‍ර වල ව්‍යාපාර
සහ රැකියා අවස්ථා බොහෝ විවෘත වී තිබේ. මේ ලඟකදී ජපානයේ පාර්ලිමේන්තුවේ සම්මත වූ
කෘෂිකාර්මික රැකියා සඳහා අප වැනි රටවලින් පිරිස් ගෙන්වා ගැනීමේ ක්‍රමවේදය ද ප්‍රධාන
වෙයි.
මහින්දත් සමග කතා කරමින් සිටියදී මා ඔහුට
කිව්වේ ඔහුට ජිවිතයේ පසු කලෙක හෝ ජපානයේ
ජීවත්වීමට ලැබීම; පෙර පින් පිළිබඳව ඔහු විශ්වාශ කරන්නේ නම්, පෙර පිනක් නිසාම
සිදුවිය යුතු බවයි. ඒ හරම්ම ජපානය මිනිසුන්ට ජීවත්වීමට සුදුසු ලෙසට ඔවුන් ගොඩ
නඟාගෙන තිබේ. මෙතරම් කාර්මික අතින් පොහොසත් රටක් නැත්නම් කෙසේ වන ආවරණය 80% ක්
පවහ්වා ගන්නේද?
මම දුටු එසේත් නැත්නම් අත්විඳි අනෙක් ජපානයේ
ජීවත්වීමේදී ලැබෙන ප්‍රධානතම සතුට එහි ඇති නිශ්ශබ්ද තාවයයි. එහිදී මම උදය කාලයේ
පාරවල ඇවිදින්නට ගියෙමි. කිසිම ශබ්දයක් නැත. බල්ලෙක් බුරන ශබ්දයක් වත් අසන්නට
ලැබෙන්නේ නැත. කොහොම මේ තත්වය පවත්වාගෙන යනවා දැයි සිතන්නටත් අමාරුය. බොහෝ දෙනෙකු
පාවිච්චි කරන පොදු ගමනාගමන සේවය වන දුම්රිය තුල කොතරම් මිතුරන් හෝ පවුලේ උදවිය එකට
වාඩිවී සිටියද කිසිවෙකු උස් හඬින් කතාකරනු නොඇසේ. සියලු දෙන ජංගම දුරකථන දෙස
බලාගෙන යමක් කියවමින් සිටිති. දුරකථන නාද වනු නොඇසේ. ඔවුන් ඒවා නිශ්ශබ්ද මොඩ් එකට
දමාගෙන සිටිති. හදිසියේ වත් ඇමතුමක් පැමිණියහොත් නැගිට පෙට්ටි දෙකක් අතර ඉඩ ඇති
ස්ථානයකට ගොස් කෙටියෙන් එම ඇමතීම ඉක්මනින්
අවසන් කර නැවත අසුන වෙත පැමිණ ඉඳ ගනිති.
ජපානය කියවන්නන් ගෙන් පිරුණු රටක් යයි කියනු
ලැබේ. එහි මංගා මැගසින් ( නොයෙක් විෂයයන්
ගැන ලියවුනු චිත්‍ර කතා) සහ පොත් වසරකට බිලියන දෙකක් විකුණන බව කියනු ලැබේ. අප
කුඩාකාලයේ ජපාන දුම්රිය ගමනක් චිත්‍රපටයක දුටුවොත් එහි මගීන් සැමදෙන චිත්‍ර කතා
පොතක් හෝ පුවත් පතක් කියවමින් සිටිනු දක්නට ලැබේ.
නමුත් දැන්නම් එලෙස පොත්
කියවන්නන් දුම්රිය වල දක්නට ඇත්තෙම නැත. සමහරවිට ඔවුන් නිවෙස් වලට වී එම පොත්
කියවනවා වන්නට පුළුවන. ඔවුන් පුවත්පත් සහ
පොත්පත් දුරකථනයන් ගෙන් කියවනවා විය යුතුය.
මම ඊළඟට ජපානයේ සිත් ගත්තේ එහි යම් ව්‍යාපාරික
ස්ථානයකට ගිය විට ඒවායේ සේවය කරන්නන් සහ අයිතිකරුවන් ගනුදෙනුකරුවනට සලකන ආකාරයයි.
යම් කිසිවක් ඇසුවහොත් හරි දේ අපට වැටහෙන තුරු ව්‍යාපාරික ස්ථානය තුල කිලෝ මීටරයක්
හෝ ඇවිද අපට උදව් කරන ආකාරය පුදුම සහගතය.
එහි ගිය දෙවන දවසේ මට රෝමින් සාදාගැනීම සඳහා
අපි වරක් ඊ මොබයිල් ආයටහනයේ කාර්යාලයක් වෙත ගියෙමු. එතැනදී මා දුටු එක ගනුදෙනු
කරුවනට සලකන ආකාරය මම හිතන්නේ ලොව කොතැනක හෝ ගනුදෙනු කරුවනට සලකන ආකාරයේ අග
රැජිණිය විය යුතුය. එනම් ඒ ගනුදෙනුකරුට ඔහුගේ වැඩය කරදුන් නිලධාරියා වැඩය අවසන් වූ
පසු ගනුදෙනු කරු පිටවන දොරටුව වෙත් රැගෙන ගොස් ඔහු එලියට ගිය පසු ඔහු යන දෙසට
කොන්ද නමාගෙන සිටීමයි.
500 පැන ඇත. ඉතිරිය ඊළඟ කොටසෙන් ......
ජපානයේ ගනුදෙනුකරුවන්ට උපරිමයෙන් සේවය කිරීම දිගු ඉතිහාසයක් ඇති සිරිතක් බව චිත්‍රපටි වලින් පෙනෙනවා, නිශ්ශබ්දතාවය සුරැකීමත් එසේමද? මහා හයියෙන් කෑගහන මිනිස්සු ඉතිහාස චිත්‍රපට වල බහුලයි.
ReplyDeleteඅපි දෙගොල්ලොම එකම ආගම අදහන නිසා අපේ ජාතින් දෙක අතර වෙනසට හේතුවෙන කරන අතුරින් ආගම ඉවත්කළ හැකියි නේද?
++++++++++++++++++++++++++++
ReplyDeleteI always enjoy your writing style, contents and high cultural value. Hope we will get all those letters as a book after sometimes! Thanks Lakshman!
ReplyDelete