Tuesday, April 18, 2017

තාක්ෂණයෙන් අනාගතය දැකීම; 2030 වනවිට ලෝකය





අපේ ජාතිය පටන් ගැන්මේ සිටම පාහේ අනාගත ව්‍යක්ත මතම රැදුණු ඉතිහාසයක් ඇත්තේය. විශේෂයෙන්ම ඊලග රජු තෝරා ගැනීමේදී බොහෝ විට අනාගත ව්‍යක්ත කියන්නන්ට බොහෝ බලයක් තිබුනු බව පෙනේ.

සමහර අනාවැකි නිසා අනාගතය වෙනස් වූ සැයකුත් පෙනේ. ගෝඨාභය ඇතුලු රාජ නිලධාරීන් තිදනා මහියංගනයේ සිට පයින් යන විට අන්ධ අනාවැකි කියන්නා ඔවුන් තිදෙන යම් දිනෙක රජ වේයැයි කිවූ නිසාම ඔවුන් රජ වූයේදැයි අප නොදනිමු. කපටි ගෝඨාභය මිතුරන්ට හොරෙන් ආපසු ඇවිත් අනාවැකි කියන්නා ගෙන් කාගේ පරම්පරාව පවතින්නේදැයි ඇසූ විට ලැබුනු පිළිතුර වෙනස් වූයේ නම් අපට සිරිසඝබෝ කතාවත් නැති වන්නට ඉඩ තිබුණි.

එතරම් පැරණි කාලයේ නොව වර්තමානයේ අනාවැකි කියන්නන් නිසා රාජ්‍ය බලය අහිමි කර ගත්තෝ නැත්තේ නොවේ.

බටහිර සංස්කෘතියේද මෙවැනි පුරුදු සහ විශ්වාස ඉතා ඈත අතීතයේ තිබුනද (මැක්බත්) අපට පෙර ඒවා ඉවත් කර ගන්නට ඔවුනට පුලුවන් විය. එහෙත් මෑතක සිට වෙනත් භූමියෙහි ජීවත්වන අනාගතය කියන්නන් වර්ගයක් එහි ඇති වී තිබේ. නමුත් ඔවුන් පෙර අනාවැකි කරුවන්ට වඩා විද්‍යාත්මකය. අනෙක ඔවුන් අනාගත ව්‍යාක්ත කියන්නේ ක්‍රමවත්ව දැන් තිබෙන තාක්ෂණය කුමන ආකාරයට අප ජීවිත සහ අප ජීවත්වන ආකාරය වෙනස් කරන්නට පුලුන් කෙසේදැයි පරීක්ෂා කර බලාය. ඒවා පුද්ගලික අනාවැකි නොව මනුෂ්‍ය සංහතියට ඉදිරියට ඇති විය හැකි වෙනස්කම් පරීක්ෂා කර බැලීමයි.  

මෙම අනාගතය කියන්නන් අතර ප්‍රධාන තැනක් ගන්නේ ඇමරිකාවේ ගූගල් ආයතනයේ ඉංජිනේරු අධ්‍යක්ෂකවරයා සහ අනාගතය කියන්නා වන රේමන් කර්ස්වීල්ය. ඔහු කතුවරයෙක්, පරිඝනක ඉංජිනේරුවෙක්, නව නිපයුම් කරුවෙක් සහ අනාගතය කියන්නෙකු වෙයි. බොහෝ නව නිපයුම් ත්‍යාග දිනා ඇති අතර, ඔහු ලියා ඇති පොත් හතෙන් පහක්ම නිව්යෝක් ටයිම්ස් වැඩියෙන් විකුනුනු පොත් අතරට ගොස් ඇත. ඔහුගේ එක් පොතක් වන The age of spiritual machines දැනටමත් භාෂා නවයකට පරිවර්තනය වී ඇත.

ඔහුගේ මා කැමතිම කියමන,

“දෙවියන් ඉන්නේද? යනුවෙන් කෙනෙකු මගෙන් ඇසුවොත් මගේ පිළිතුර 'තවමත් නැත' යන්නයි.“

පසුගිය කාලයේ මෙවැනි වෘතිය  අනාගතය කියන්නන් නොසිටි අතර එම කටයුත්ත තරමක් දුරට හෝ  කෙරුනේ විද්‍යා ප්‍රබන්ද කතුවරුන් විසිනි. මෙයිනුත් බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රී ලංකාවේ ජීවත්වූ ආතර් සි ක්ලාක් මහතා කැපී පෙනුනී. එහෙත් එම පරම්පරාවේ අනාගතය කියන්නන් ගේ අනාවැකි බොහොමයක් එතරම් නිවැරදි නොවුනේ බොහෝ විට ඔවුනට අන්තර් ජාලය පිලිබදව සිතාගන්නට නොහැකි වීම නිසා යයි මට සිතේ. අන්තර් ජාලය පිලිබදව නොදැන එතනින් එහාට යථාර්තික අනාවැකි කියන්නට නුපුළුවන් වනුයේ අන්තර් ජාලය අපේ තාක්ෂණයේ එතරම්ම වැදගත් සංධිස්ථානයක් වී ඇති නිසාය.


කර්ස්වීල් ගේ අනාවැකි ඇත්තෙන්ම වර්තමානයේ තිබෙන තාක්ෂණය කොයි දෙසට දියුණු  විය හැකි දැයි අනුමාන කර විද්‍යාව පදනම් කරගෙන කරන අනාවැකිය. නැතිනම ඔහුව ගූගල් සමාගමේ අනාගත අනාවැකි කියන්න ලෙසට වැටුපක් දී තබා නොගනු  ඇත. ඔහු විසින් අප ජීවත්වන  ලෝකය තාක්ෂණය නිසා වෙනස්වන ආකාරය පිලිබදව කර ඇති අනාවැකි මනස්කාන්තය, එමෙන්ම සිදුවිය හැකිය.

1. 2030 දී නැනොබෝට්ස් තාක්ෂනය අපේ මොලය කෙලින්ම දැනුම් වලාකුළු වලට සම්බන්ද කරනු ඇත. එවිට අපට ඒ අභෞතික අතත්‍ය  ලොවෙහි matrix ආකාරයට ජිවත් වන්නට පුළුවන් වෙයි. නැනොබෝට්ස් යනු meter , 1/1000000000 ට අඩු විශාලත්වයෙන්  නිපදවන යන්ත්‍රයි. 

2. එම නනොබොට්ස්ම අපගේ ස්වභාවික ප්‍රතිශක්ති අසිමිත ලෙස වැඩි කර අපට ඕනෑම ලෙඩක් , පිලික පවා , මනුෂ්‍ය සංහතියෙන් තුරන් කරන්නට හැකියාව ලබා දෙයි. ආයුෂ නොසිතු ලෙස වැඩි වෙයි.

3. එම නනොබොට්ස් අපගේ තර්ක  ඥාන ශක්තිය වැඩි කරනවා පමණක් නොව භාවාත්මක  ඥාණ ශක්තියද වැඩි කරයි. මෙය සිදුවනු ඇත්තේ අපට ඕනෑම දෙයක් සැනෙකින් මොහොතකින් දැනුම වලාකුලෙන් ලබා ගත හැකි නිසාය.

4.අපට ඕනෑම දෙයක 3D කොපියක්;  සද ගැනීමට පුළුවන් වනු ඇත. දැනටමත්  නිවාස  සහ ඉලඇට  කුඩු වැනි දෑ හි  3D කොපි සැදීම ප්‍රායෝගිකය. 

5.2030 දී අපට මිය ගිය කෙනෙකුගේ  අභෞතික අතත්‍ය ප්‍රතිරූපයක් සාදා  ගැනීමට පුළුවන් වනු ඇත. නනොබොට්ස් යන්ත්‍රයක් ඔහුගේ ජිවත්වන පවුල් සාමාජිකයන්  හා මිතුරන්ගේ  ගේ මොළ තුලට යවා ඔහු පිළිබද මතකයන් උකහා ගනු ඇත. එම මතකයන් සහ මිය ගිය අයගේ DNA සාම්පල එකතුකර ඉතාමත් පැහැදිලි අතත්‍ය ප්‍රතිරූපයක් ගොඩනගා ගත හැකි වනු ඇත.

6. 2045 දී සත්ව  පරිනාමයේ වේගය කෘතීම බුද්ධිය මගින් පරදවනු ඇත. එම අවුරුද්දේ කෘතීම බුද්ධිය මිනිස් බුද්දිය මෙන් බිලියන ගුණයකින් වැඩි වනු ඇත. අප ජිවිතයේ තේරුම,ව්‍යාපාර කරන ආකාරය ,ජිවිත කාලය ,මරණය යනාදිය පිලිබදව අපගේ දැක්ම සම්පුර්ණයෙන්ම වෙනස් වනු ඇත .

7. එකල වනවිට අපට අපගේ විඥ්ඥානය/ සිහිය අපට පරිගණකයකට අප්ලෝඩ් කිරීමට පුළුවන් වනු ඇත. මෙතැනදී අපට මරණයෙන් පසුවද ජිවත් වීමට පුළුවන් වනු ඇත.

8.අපට අතත්‍ය (virtual ) ශරීර කොටස් සවි කර ගැනීමට හැකිවනු ඇත. එය අයිති කරුට භෞතික ලෙස දැනෙන අතර අවැසි ලෙස සැලසුම් කර ගත හැකි වනු ඇත 

කර්ස්වීල් කියන්නේ ඔහුගේ මේ සියල්ල ඔහු කියන්නේ දැන් තිබෙන තාක්ෂනය පරික්ශාකර තාක්ෂනය දියුණු වන පැත්ත හා වේගය දෙස බල බවය. මෙය වරදිනවානම් වරදින්නට පුළුවන් තවත් මෙහි වේගය වැඩි වන ආකාරයටය. මක්නිසාද තාක්ෂනයට  නොසිතු ලෙස අලුත් දෑ එකතු විය හැකි නිසාය.





3 comments:

  1. දැනට අවු 20කට විතර කලින් පටන් ගත්තා ලෝකයේ විශ්ව විද්‍යාල අතර රොබෝටික්ස් තරඟයක් Robocup කියල.
    ඒකෙ ටාගට් එක 2050දි රොබෝලගෙ ෆුට්බෝල් ටීම් එකකින් FIFA වර්ල්ඩ් කප් චැම්පියන්ස්ලට චැලේන්ජ් කිරීම.
    ඒ වෙනුවෙන් සෑම අවුරුද්දකම රොබොකප් සම්මන්ත්‍රන, එක්ෂිබිෂන් තියනවා.
    දැන් යන විදියට සමහර විට ටාගට් එකට කලින්ම යන්න පුලුවන් තත්වයක් තියෙන්නෙ.
    මෙහේ ජපානෙත් යුනිවර්සිටි කීපයක්ම ඒ වෙනුවෙන් වැඩ කරනවා මුල ඉඳලම.
    මමත් මුල් කාලෙ අවුරුදු දෙක තුනක් ඒකත් එක්ක වැඩ කලා දැන්නම් කිසිම සම්බන්ධයක් නෑ. ඒ ගැන වැඩි විස්තර පහත ලින්ක් එකෙන් බලන්න පුලුවන්.
    http://www.robocup.org

    ReplyDelete
  2. thanks, මටත් එහෙම හිතෙනව, රොබෝ කෙනෙක් 90 වෙනකොට ලෝක සූරය පරදනව කියල predict කරල තියෙන්නෙත් මෙයාමයි

    ReplyDelete
  3. ශාක පත්‍රයක පුටිකාවක් ඔස්සේ යම්කිසි සූක්ෂම මෙවලමක් යවා, පත්‍ර ව්‍යුහය සහ එක එක පටක වල සුවිශේෂී ක්‍රියාවලියන් පිලිබඳ අධ්‍යයනයක් කර තිබෙන්නේත් මේ තාක්ෂණයෙන්මද?

    ReplyDelete

එළඹෙන පලාත්පාලන මැතිවරණය; ප්‍රධාන සාධකය කුමක් විය හැකිද ?

මේ දිනවල රටේ වැඩියෙන්ම කතා බහා වෙන්නේ එක්කෝ පලාත්පාලන චන්දය ගැනය, එසේත් නැත්නම් අර්ජුන ඇලෝෂියස්ගේ දුරකථන ඇමතුම් පිළිබදවය. චන්ද කොහ...