Sunday, August 13, 2017

the times we grew up - 2



Going back to our A level days we had about ten friends commuting daily to schools in the school bus. Majority to Dharmaraja and couple of guys to kingswood and Sylvester.  After A Levels one member in this gang , whose father was a close supporter of the member of the parliament of our electorate , got a job as a school teacher. 
Those of who grew up those days would know that an appointment of a school teacher those days was only given to qualified members of   close and vocal  supporters of ruling party and I think the qualification asked for was O Level. Unlike nowadays there were only few private sector jobs and they were far between, so the teaching jobs in state schools were probably the only decent job if you couldn’t make it to the universities. And there were rumours of MPs taking bribes ; 5000 to 10000 Rupees to grant teaching jobs and even taking prospective candidates to rest houses , if they happen to be good looking females, for there  were not many hotels  in rural areas those days.
Our friend who became a teacher got his first appointment to a deep rural area. Some school in Minipe , a newly developed agriculture scheme  irrigated by the Minipe canal. There were many farmers who were given tracts of land to grow rice in this project and our friend found a boarding place in one of the farmers house in the area. This farmer  we were told is a distant relative of the teacher and one of the settlers who had done well in this new irrigation scheme. Our friend used to come home for every weekend to Kandy in a CTB bus. 
 I remember once he told me he would always carry two bottles of gal arrack on his return trip to Minipe and at the end of the trip he would hand over the bottles to the conductor and conductor would return his bus fare back along with cost of the two bottles. This was because in Mahiyangana area there were no liquor shops and conductor and driver would make enough profits from that bottles to cover his bus fare  and make a little profit for themselves too.
Since there was a limit of two bottles a passenger can carry, conductor would do this with as many regular passengers and sell them to a underworld guy who would sell the stuff in black market  with another hike for his margins too. So three or four layers getting benefited in the process. Now in management jargons this process would be called a supply chain I suppose.

Now that we have one of our gang working in a rural area far from Kandy and we were free from all our obligations since the A Level examination is over, we decided the obvious. We should make a trip to Minipe. Hasty preparations were made. We asked him to not to come home in a one weekend and about 10 of us, in a one fine morning, went in a CTB bus, to Minipe. Although it looks now that there was no need for preparations for  such a simple trip , the times were different, there were no telephones to speak of , all the massages had to be conveyed in snail mail, all the information had to be extracted from sources because there was no internet or google. 

The times we grew up -1




Those days
Not like these days all most all the advanced level students in our area , who went to the top colleges in the city: there were five or six colleges like that , went to their respective schools in the same school  bus. There were only CTB buses on the road, the buses belonging to public transport system run by the state. They were all painted  blood red ,with CTB logo on the either side of the body in blue. The colors of the parties of the ruling coalition, Blue for SLFP and red for leftist and communist parties.
The red was the prominent color; almost 95% of the bus bodies were red, probably because the government that owned and operated the buses had either communist parties or parties with  left leaning ideologies as their core partners. And those were the cold war days. Soviet Russia and America were leading two blocks against each other; the western block and Soviet block. Many people thought the days of the western block, the people who colonized us are numbered. The Soviet system is going to triumph over the decaying west  they were told.
Russians also beamed lots of propaganda on us, the former colonies that were intoxicated with euphoria of freedom. Masters of our own  we thought , marching forward to destinies that we deserve. I don’t know how, probably after just a registration, we used to receive a glossy periodical every fortnight ,free of charge , soviet deshaya ( soviet land) . Their cover page invariably  had a  robustly beautiful Russian girls beaming with happy smiles probably because of the contented life in the collective farms.  
Many, I have no doubts, became enchanted with those propaganda and became ardent  Russian devotees. For them Soviet Russia and communism were synonyms, and it was a matter of time before Russia beat western block and establishes the world that has no poor and neither rich , a proletarian state where everybody is  equal. There was no television then, there was state radio that told the citizenry that it was the case, that the  western imperialist are retreating and future will be ours under the patronage of great soviet power.
The state radio , Srilanka broadcasting cooperation , had two channels; the commercial channel and classical channel. Classical channel was mostly serious discussions , patriotic and religious songs, and songs that were considered sort of eastern and higher class. On the other hand the commercial channel had the songs that people like to listen to, serialized dramas and also commercials. Two most popular programs on commercial channel were muwanpalassa on Wednesdays late in the evening and the pibidena gaayaka parapura sponsored by Dasa industries of Kelaniya, on Sunday around lunch time.
 Delta toffee , Bata , I think used the radio for advertising mostly during sixties and seventies. SLBC known as Colombo radio I have heard has had a regular program called Binaca GeethMala especially beamed to  Indian audience. This programe was sponsored by an Indian company and had been very popular among  Indians those days, in fifties ,sixties and seventies, I suppose. I faintly remember In 1980 when I was in Kerala , a shop keeper during casual conversation  told me that Binaca geethmala is very popular there and Ceylon radio has better radio coverage there and  moreover the collection of Hindi songs in Ceylon radio is much richer than Indian radio. When it is about something good about your country , even if it is trivial thing like that it would be impeded in your memory , I suppose.  

I checked recently and found that this radio count down show of top Hindi songs was  run by Ceylon Radio from  1952 and was a very popular, perhaps most popular radio musical programe in the sub continent with estimated 100 million listenership of 100 million. In 1988 the show has been shifted to All India radio and since then has  changed the name several times. 

Friday, August 11, 2017

අනතුරු ඇඟවීම ; හැකි තරම් රජයෙන් ඇත්වී සිටිම ඔබගේ සෞඛ්‍යට හොඳය.



මේ ළඟකදී  මාස කිහිපයක් විදුලි බිල් පත් නොගෙවා තිබීම නිසා මගේ නිවසක විදුලිය විසන්ධි කෙරින. කලකට පසු ඒ නිවස කුලියට දීමට කෙනෙකු ලැබුන නිසා එහි ජල සහ විදුලි සැපයුම නැවත සන්ධි කර ගැනීමට වුවමනා විය. පරීක්ෂා කිරීමේදී ජලය විසන්ධි කර නොතිබූ හෙයින් විදුලිය පමණක් නැවත සන්ධි කිරීමට විදුලිබල  මණ්ඩල කාර්යාලය  වෙත යාමට සිදු විය.

මහනුවර ප්‍රදේශයේ දුරින්ම ස්ථාන ගත කර හැකි ස්ථානයක් මේ සදහා විදුලි බල මණ්ඩලය සොයා ගෙන ඇත්තේය. ඒ දිගන නගරයේ අනෙක් පැත්තේ කෙලවරේ කිලෝ මීටර් 6/7 ක් ඇතුලෙන්ය. මෙය කොතෙක් දුරට හංගා ඇත්දැයි කිවහොත් මට පාරේ වාහනය නවතා හතර වතාවක් දිශාවන් අහන්නට සිදු විය. අවසානයේ අපගේ නැවිගේෂන් හැකියාවන්  පරීක්ෂා කිරීමට මෙන් සගවා තිබු කාර්යාලය මට සොයා ගැනීමට හැකි වුවිට දැනුණු සතුට විදුලිය නැවත සන්ධි කරගත්තා හා සමාන විය. දිගන නගරය ලංකාවේ තිබෙන මාර්ග සොයාගැනීමට අවුල්ම නගරයකි. මෙය හරහා ගොස් කාර්යාලය සොයා ගැනීම පමණක්ම විදුලි පාරිභෝගිකයනට මහත් සතුටක් ගෙන දෙයි. එක්කෝ කාර්යාලය මෙලෙස සගවා ඇත්තේ අපට ඒ සතුට ලගාකර දීමටය. එසේත් නැත්නම් දිගනේ ත්‍රී වීල් කරුවන්ගේ සංගමය සතුටු කිරීමට විය යුතුය. මක්නිසාද දිගනට බසයකින් පැමිණි පසු මෙම කාර්යාලයට යෑමට අඩු තරමින් රුපියල් 150ක් වත් අයකරන බව නොඅනුමානය.

කාර්යාලය වායු සමනය කර සාදා තිබුනද දැන් ඒවා වැඩ කරන්නේ නැති බව විදුරු දොරවල් විවුර්ත කර තිබීමෙන් මම දැනගතිමි. කාර්යාලයට නමක්ද යොදා ඇත්තේය. එය e city නම් විය. සොයා ගැනීමට කොතරම් අපහසු වුවද මෙහි වැඩ ඉතාමත් කාර්යක්ෂම විය යුතු බව  එහි නාමය  නිසා තවත්  සතුටට පැමිණියෙමි.

මම ඇතුලට ගොස් එහි සිටි නිලධාරිනියකට මගේ පරණ විදුලි බිලක් දී මම පැමිණි කාරණය පැහැදිලි කලෙමි. ඇය මගෙන් විදුලිය විසන්ධි කරන වෙලාවේ ඒ සඳහා පැමිණියවුන් දුන් ලිපිය ඉල්ලා සිටියාය. මම එම නිවසේ ජිවත් නොවන නිසා මට එම ලිපිය නොලැබුණු බව මම කීවෙමි. එය තිබිය යුතුයැයි කි ඇය පසුව කොම්පියුටරයේද පරික්ෂාකර මා පැමිණ ඇත්තේ වැරදි තැනට බවත් විදුලි විසන්ධි කිරීම් නැවත සන්ධි කර ගැනීම සඳහා මා යායුත්තේ දිගන විලේජ් එක තුල පිහිටි වී බ ම කාර්‍යාලයට බවත් කියා සිටියාය.

කිලෝ මීටර කිහිපයක් නැවත නුවර දෙසට පැමිණ දිගන විලේජේ වෙත පැමිණි මම එහි ඇති වී බ ම කාර්යාලය සොයාගෙන ඒ වෙත ගියෙමි. පලදායීතාවය තෑගි සඳහා තරඟ කරන ඕනෑම  රජයේ කාර්යාලයක මෙන්ම සැම තැනම කාඩ්බෝඩ් දැන්වීම් වලින් මඟ පෙන්වා තිබුණු මෙම කාර්යාලයේ කාර්යාලිය සේවකයන්ට පමණක් නොවන ටොයිලට් එකක් ද දැක තරමක් පුදුමයට පත්වුනෙමි.

බෝඩ් වල නොමැති නිසා ආරක්ෂක නිලධාරියාගෙන් අසාගෙන ඉහල තට්ටුවේ ඇති නිලධාරිනියක හමුවී මගේ අවශ්‍යතාවය පැහැදිලි කලෙමි. ඇය පරික්ෂාකර මට ගෙවන්නට ඇති මුදල ගණනය කර දුන්නාය. යාන්තන් ඇති කියා සිතා මම ගෙවන්නට ලැහැස්ති වුනෙමි. 

අදොමය! මට එම මුදල එතනට ගෙවන්නට නොහැකි බවත් මම එය මහජන බැංකුවට ගෙවා එම රිසිට් පත මෙතනට ගෙවිය යුතු බව ඇය දන්වා සිටියාය. මම නිවස අසල බැංකුවට එය ගෙවන්නට සිතා මට මුදල් ගෙවා පසුදින පැමිණ රිසිට් එක දිය හැකි දැයි ඇගෙන් විමසුවෙමි. ඇය හැකිබව කිවූ නිසා එසේ කිරීමට හිත හදාගෙන වාහනයට යන අතරේ කුමක්දෝ වාසනාවකට දවසකට වරක් පමණක් පැමිණෙන ඒ වටිනා සිතිවිල්ල මගේ සිතට ආවේය. මම ආපසු ගොස් ඇයගෙන් මේ මුදල ඕනෑම මහජන බැංකුවකට ගෙවා රිසිට් එක රැගෙන පැමිණිය හැකි දැයි විමසුවෙමි. 

"නැහැ දිගනේ මහජන බැංකුවට පමණයි" ඇය පැවසුවාය. දැන් කරන්නට දෙයක් නැති නිසා ආපසු දිගන නගරයට ගොස් මහජන බැංකුව සෙව්වෙමි. මේ සඳහාද කිහිප දෙනෙකුගෙන් අසන්නට සිදුවූ අතර වරක් මා ග්‍රාමීය සමුපකාර මහජන බැංකුවක් වෙතද  යොමුකරන ලද්දේය.

අවසානයේ කුඩා බැංකු කාර්යාලයට ගිය විට එහි පාරිභෝගික කවුළු  තිබුනේ එකක් පමණක් වූ අතර 10 දෙනෙකු පමණ පෝලිමේ සිටියහ. මා මුදල් ගෙවන්නට පෝලිමේ සිටිද්දී කාන්තාවන් දෙදෙනෙකු පෝලිම මැදින් පෝලිමට අතුලුවන ආකාරයද බලා එපා වී හෙට වත් එන්නෙමි යි හිත හදා ගෙන බැංකුවෙන් පිටවුනිමි. දැන් නැවත වරක් කිලෝ මීටර 15 ක් ගොස් බැංකුවට මුදල් ගෙවා ආපසු දිගන විලේජ් එකේ කාර්යාලයට ගොස් එය පෙන්වා විදුලිය සන්ධි කර ගත යුතුය. 

මෙලෙස පුරවැසියන් වන අප කරදරයේ හෙලීම වැලක්වීමට කොතරම් දෑ මෙවැනි රජයේ ආයතන වලට කල හැකිද?

  • ඔන් ලයින් ක්‍රමයට මෙවැනි දෑ සදහා ගෙවීමට ක්‍රම වේද සකස් කිරීම. ඩිජිටල් යටිතල පහසුකම් සදහා අමාත්‍යාංශයක් ද  තිබෙන රටේ මෙවැනි දෑ  මුලින්ම කරගතයුතු දේවල්ය.
  • පාරිභෝගික ජන කේන්ද්‍ර ගත වී ඇති ආකාරය පරික්ෂා කර පාරිභෝගික සේවා පහසුකම් ඇතිකිරීම. මේ ප්‍රශ්නයේ අඩු තරමින් කාර්යාලය කුණ්ඩසාලේ වත් පිහිටුවිය යුතුය.
  • කාර්යාලය බැංකු පිහිටා ඇති ආසන්නයක පිහිටුවීම. එසේත් නැත්නම් කාර්යාලයේ හෝ මුදල් ඇය කරගත හැකි කාඩ්/ මුදල්  වලින් ගෙවීම වැනි ක්‍රම වේද ඇතිකිරීම.
රජයේ ආයතන පළමුවෙන් සිතිය යුත්තේ පාරිභෝගිකයන් ගැනය. එහෙත් මෙහි අප එනවා නම් එන්නේ , අන්තිම අග්ගිස්සටය.

ටොයිලට් එක ගැනත් යමක් කිව යුතුය. මෙවැනි තැනක පුරවැසියන්ට ඒවා පාවිච්චි කරන්නට ඉඩ තිබෙන්නේ කලාතුරකිනි. බොහෝ ඒවායේ ඒවා කාර්ය මණ්ඩල වලට පමණක් බව ලකුණු කර තිබේ. මේ නිසා කලාතුරකින් ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට මම ටොයිලට් එකට ගියෙමි. කාන්තා හා පුරුෂ දෙපක්ෂයටම එක් කුටියක් තිබුණු අතර අගුල කැඩී ඇතුලෙන් වසාගැනීමට බැරි බව දැක්කේ ඇතුලට ගිය පසුය. 

මම දොර අතින් අල්ලා ගෙන ඉක්මනින් වැඩය කරගෙන එලියට පැන ගතිමි.

රාජ්‍ය සම්පත් විකුනන්න එපා කියමින් පාරේ දඟලන අපේ සම්පත් මේවාද? කියා කෙනෙකුගේ හිතට ලෙහෙසියෙන්ම ප්‍රශ්නයක් නැගුනොත් එහි වරදක් නැත්තේය 







Thursday, August 10, 2017

මනරම් අනුරාධපුරය




අපට අනුරාධපුරය කී පමණින්ම සිහියට එන්නේ නටඹුන්ය. පැරණි පන්සල්ය, පිළිවෙලක් නැති පාරවල් සහ වාහන ගමනාගමනයය. නමුත් අප අනුරාධපුරය එකල , ශහශ්‍ර දෙකකට පමණ පෙර මෙරට ජනයාගේ අගනුවර වී තිබෙද්දී කේසේ තිබෙන්නට ඇත්දැයි අපට විනාඩි කිහිපයක් රැගෙන සිතා බලන්නට හැකියාවක් තිබේ, ඒ ජාතින් කිහිපයකට පමණක් තිබෙන සුඛවිහරනයක් අපට තිබෙන නිසාය.

එනම් ජාතියේ මුල සිට මෑතක් දක්වා ඉතිහාසය ලේඛනගත කර තිබීමයි. අපට එය එතරම් අගයක් නැතිවුවාට බටහිර භාෂා පිලිබඳ විශේෂඥයන් බොහෝ දෙනෙකු මේ පිළිබඳ උනන්දුවක් දක්වා පසුගිය සියවසේ මුල්භාගයේදී පාලි භාෂාවෙන් ලිය තිබු එම ග්‍රන්ථය සොයාගෙන ජර්මන් සහ ඉංග්‍රීසි භාෂාවනට පරිවර්තනය කළහ. ජර්මානු ජාතිකවිලියම්  ගයිගර් මහතා, ඉංග්‍රීසි ජාතික ජෝජ් ටර්නොර් සහ මේබල් හාන්ස් බෝඩ් මහත්මිය ප්‍රමුඛ තැනක් ගනියි.

එම වැදගත් කෘතිය වන මහාවංශය හා චුලවංසය අපගේ ජාතියේ ඉතිහාසය මුල සිට අග දක්වාම ලේඛනගත කර ඇත. 1923 දී මෙම ග්‍රන්ථය රයිස් ඩේවිස් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉංග්‍රීසි ආණ්ඩුවෙන් පත් කරන ලද කොමිටියක් මගින් රජයේ වියදමෙන්ම සංස්කරණය කරන ලදී.

මෙයින්  මහාවංසය අඩු වැඩි වශයෙන් අවුරුදු 844ක් පුරා දිවෙන අතර එම කාලය තුල රජවරුන් 58 දෙනෙකු  රාජ්‍ය  විචාරති. වැඩිම කාලයක් රාජ්‍ය  කරන්නේ පණ්ඩුකාභය රජ තුමාය ( 394-307 ක්‍රිස්තු  පුර්ව ).ඔහුගේ රාජ්ය  කාලය අවුරුදු 70 ක් වෙයි.   මේ කාලය තුල රජ කෙනෙකුගේ සාමාන්‍ය   කාලය අවුරුදු 14 කුත් මාස හයක් පමණ වෙයි. රැජිනියන් දෙදෙනෙකි. ඒ අනුලා දේවිය ( 12-16 ක්‍රිස්තු  වර්ෂ)  සහ සීවලී (ක්‍රිස්තු  වර්ෂ 93) වෙති.
මේ කාලය තුල අප අසල්වැසි ඉන්දියාවේ නොයෙකුත් රාජ්‍ය   වලින් පැමිණෙන ආක්‍රමණ  ගණන තුනකි. ඒවා පහත ආකාරය.

සේන සහ ගුත්තිල                                ක්‍රිස්තු  පුර්ව 177-155 
එළාර                                                  ක්‍රිස්තු  පුර්ව 145-101
පිලයමාර ඇතුළු සෙනෙවියන්               ක්‍රිස්තු  පුර්ව 43-29 

මේ සියල්ලක්ම සිදුවන්නේ අනුරාධපුර නගරයේය. මෙම නගරය මුලින්ම ජනාවාස කරන්නේ අනුරාධ නම් පඬුවස්දෙව් රජුගේ මෙහෙසියගේ ඉන්දියාවේ සිට පැමිණි කුමාරයෙකු විසිනි. ඔහුගේ සහෝදරියවූ භද්දකච්චානා දේවියගේ මුනුබුරකු වූ පණ්ඩුකාභය කුමරු කැරලි ගසා රාජ්‍ය අල්ලා ගෙන ඒ  වනතෙක් ජාතියේ අගනුවර වූ උපතිස්සගම අතහැර  නිර්මාණය සහ වාස්තු විද්‍යාව  පිළිබඳ දැනුම ඇති විශේෂඥයන් ගෙන් විමසා, අනුරාධ ගමට නුදුරින් අගනුවරක් කරවීය. එම නගරය  අනුරාධපුරය වීමට හේතු කිහිපයක් මුල් වූ බව මහාවංශය කියයි. සමහර විට මේ නගරය අපට කොතරම් වැදගත් වුවාද  කිවහොත් එක් හේතුවක් පමණක් හොඳ මදි යයි මහානාම තෙරුන් හට සිතෙන්නට ඇත. හේතු තුන මෙසේය;

 "අනුරාධ  නමැත්තන් දෙදෙනෙකුගේ වාස භූමිය වූ හෙයින්ද, අනුර නමැති නැකතෙන් ගොඩ නැගුනු හෙයින්ද,  අනුරාධපුරය යැයි ප්‍රසිද්ධ  විය". 

තම මාමා වරුන් පස් දෙනෙකු මරා දීර්ග යුද්ධයකින්  රාජ්‍ය අල්ලා ගන්නා පණ්ඩුකාභය කුමරු (382-307 BC) තම විජිතයෙහි සියලු ගම නියම නිර්නයකර නගරයෙහි සංවර්ධනය පහත අයුරෙන් කරවයි.

ඔහුගේ අභිෂේකය සදහා ජලය ගත් පොකුණ විශාල සහ ගැඹුරු කර ජලයෙන් පුරවන ලද්දේය. ඔහුගේ අභිෂේකය සදහා ජලය ලබා ගත් හෙයින් මේ වැව ජයවාපි (ජය වැව) නමින් ප්‍රසිද්ධ විය. 
අනුරාධපුරයට නැගෙනහිරින් කාලවේල යකුන් පදිංචි කරවා, අභය වැවේ පහල කෙලවරේ චිත්‍රරාජ  යකුන්  පදිංචි කරවිය. අතීතයේදී තමන්ට බොහෝ උපකාර කල යක්ෂණිය නගරයෙහි දකුණු ද්වාරය අසල පදිංචි කරවා, තමන්ගේ වෙළඹ තම මාලිගය පරිශ්‍රයේම  ලැගුම් දුන්නේය. සෑම වසරකම ඔහු යක්ෂයන්ට පූජා පැවැත්වූ අතර, උත්සව දිනයන්හි චිත්‍රරාජ  සමග සම අසුන් ගෙන, නැටුම් නරඹා සතුටු විය. 
ඔහු නගරය ආශ්‍රිතව  තවත් නගර සතරක් කරවා, (මෙගා පොලිස්?) අභය වැව, පොදු සුසාන භූමිය, මරණ දඩුවම් දෙන ස්ථානය, බටහිරින් රැජිනියන්ගේ පුදසුනද, වෙස්සවන යකුගේ දේවාලයද, වැදි දෙවියන්ගේ දේවාලයද පිහිටවීය. තවද බටහිර දොරටුව අසල  යෝන සහ මහා බලි කර්ම සදහා දෙවොලක්ද පිහිටවිය.  
ඔහු 500, 200, සහ 150 ක්, චන්ඩාල කුලයේ මිනිසුන්, පිලිවෙලින් නගරයේ වීදි පිරිසිදු කිරීමට, වීදිවල කානු පිරිසිදු කිරීමට, මුර්ත ශරීර සොහොනට ගෙන යාමට සහ සොහොන නඩත්තු කිරීමට යෙදෙව්වේය. මොවුන් සඳහා  ප්‍රධාන  සුසාන භූමියට වයඹ ප්‍රදේශයෙන්  ගමක් ඇති කලේය. එම ග්‍රාමයට  වයඹින් චන්ඩාල කුලයේ මිනිසුන් සදහාද, සොහොනක් ඇති කලේය. එම සොහොන සහ පසන කන්ද අතර, දඩයම් කරන්නන් සදහා නිවෙස් පෙලක් ඉදී  කලේය. 
එයින් උතුරට ගාමණී වැව දක්වා නොයෙකුත් තවුසන් සදහා අසපු ඉදී  කලේය. සොහොනින් නැගෙනහිර වන්නට ජෝතිය නිඝන්ඨයන් සදහා අසපුවක් කරවීය. එම ප්‍රදේශයේ  ගිරි නිඝන්ඨයා සහ තවත් බොහෝ තවුසන් වාසය කලහ. එහි පණ්ඩුකාභය රජු කුම්භාණ්ඩ නිඝන්ඨයා සදහා ඒ නම්න්ම දෙවොලක් කරවීය. 
එයට බටහිරින්; දඩයම්කරුවන්ගේ වීදියට නැගෙනහිරින් මිත්‍යා දෘෂ්ටික  දුෂ්ඨික පවුල් 500 ක් ජීවත් වූහ. ජෝතියගේ නිවස සහ ගාමණී වැව අතර සංචාරක තවුසන්, ආජීවකයන් සහ බ්‍රහමනයන්  සදහා නවාතැන් කරවා ඒ අසලින් ආරෝග්‍යශාලාවක් ද  කරවීය. ( ලංකාවේ ප්‍රථම ආරෝග්‍යශාලාව?)
රාජාභිෂේක ලබා අවුරුදු 10 කට පසු, මුලු දිවයින පුරාම ග්‍රාම  සීමාවන් පිහිට විය. ඔහුගේ මිතුරන් වූ කාලවේල සහ චිත්‍රරාජ  නම් වූ යක්ෂ ගෝත්‍රිකයන්  සමග ඔහුගේ රාජ්‍ය  සම්පත් පරිහරනය කලේය. 

පණ්ඩුකාභය රජ ඇවෑමෙන් ඔහුගේ පුත් මුටසීව කුමරු රජවිය. ඔහු නොයෙක් පළතුරු සහ මල් ගසෙන් හෙබි අලංකාර උයනක් නගරයෙහි කරවීය. රජු ජනතාවගේ මුදලින් සැදු නිසා මේ උයනට තමන්ගේ නාම දාගන්නේ නැත.    උයන සදහා භූමිය තෝරාගත් දිනයේ එකල වර්ෂා කාලයක් නොවූවද මහා වලාකුඵ එකතු වී තද වැසි ඇති වූ  හෙයින්, එම උයන මහා මේඝ වන උයන යනුවෙන් නම් ලැබීය. 
මුටසිව රජුගෙන් පසු ඔහුගේ දෙවෙනි පුත් තිස්ස රජ වෙයි. මිහිදු හිමියන් ඔහුගේ කාලයේ ලංකාවට පැමිණි හෙයින් ඔහුට නවාතැන් දීමට මහා විහාරය ඇතිකරනුයේ මෙම මහා මේඝ උයනේය. 
දැන් ගොඩනැගීම අතර ප්‍රමුඛස්ථානයක් ගන්නේ ආගමික ගොඩ නැගීම්ය  මේ අතර  එතෙක් මෙතෙක් ගොඩනැගී ඇත්තේ යයි සිතිය නොහැකි ගොඩනැගිලි තුනක් වෙයි. ඒවා ගොඩ නැගෙන්නේ මිහිදු හිමිගේ නැගණිය වූ සංගමිත්තා මෙහෙණිය විසිනි.

උපාසිකා විහාරය නමින් ප්‍රසිද්ධ වූ විහාරයේ  සංඝමිත්තා මෙහෙණිය තම අනුගාමිකයන් සමග ජීවත්වුවාය. ඇය එහි ගොඩනැගිලි 12 ක් ගොඩ නැංවූ අතර එයින් 3 ක් අනික් ඒවාට වඩා වෙනස් විය. ඉන් එකක මහා බෝධිය රැගෙන පැමිණි නැවෙහි කුඹ ගසද, තවත් එකක නෞකාව හරවන රෝදයද, අනිකෙහි නැවෙහි රඩරයද  තැබුවාය. ඉන්පසු එම ගොඩනැගිලි ඒ නම් වලින්ම ප්‍රසිද්ධ  විය. ( කුපායත්තිත පිටඝාර, පියත පිටඝාර, අරිට්ඨත පිටඝාර). 

ඉන්පසු දුටුගැමුණු රජු (101-77) එන තෙක් කුඩා විහාර සහ වැව් නගරයට එකතු වෙයි. ඔහු රජවීමට පෙර නගරය පාලනය කරන එළාර ඉතාමත් දැහැමි ලෙස රට පාලනය කල බව මහාවංශය කියයි, බොහෝ උදාහරණද දෙයි. 
නගරය එළාර කල කෙසේ තිබුණේදැයි මහාවංසයේ පහත සුරනිමල බඳවාගැනීම පිලිබඳ උදෘතයෙන් පෙනේ.

"ඔහු පැවසූ ගමන් විස්තරයේ වේගය විශ්වාස කල නොහැකි නිසා දිගාභය කුමරු( දුටුගැමුණු කුමරුගේ වැඩිමහල් සහෝදරයකු) ඔහු පරීක්ෂා කිරීමට සිතා, “මිහින්තලය අසල ද්වාරමංඩල නම් ගමෙහි මා මිත්‍ර  කුණ්ඩලී බමුණා වාසය කරයි, ඔහු සතුව බොහෝ ආනයනය කරන ලද වෙළද බඩු  ඇත. ඔහු වෙත ගොස් ඔහු මා සදහා ඔහු දෙන දෑ රැගෙන එන්න,“ යැයි පවසා ඔහුට ආහාර සලසා ලිපියක් දී පිටත්කර හැරියේය. ඒ උදයේම ඔහු සැතපුම් 70 ක් පමණ ගමන් කර අනුරාධපුරයට ගොස් බමුණා මුණ ගැසුනේය. බමුණා ඔහුට වැවෙන් නාගෙන පැමිණෙන ලෙසට කීවේය. ඔහු තිසා වැවට ගොස් නාගෙන මහා බෝධිය සහ ථූපාරාමය වන්දනා කරගෙන නගරය පුරා ඇවිද, වීදියෙන් සුවඳ විලවුන් මිලට ගෙන උතුරු ද්වාරයෙන් එළියට ගොස් නෙළුම් මල්ද නෙලාගෙන බමුණා මුණ ගැසුනේය. බමුණා ඔහු නගරයට පැමිණි වේගය සහ නගරය අවට ගමන් කල වේගය අසා පුදුමයට පත් වී, 
“මොහු වැදගත් පරපුරකින් පැවත එන දක්ෂයෙකි. එළාර රජු මොහු ගැන දැනගත හොත් ඔහුගේ සේවයට බඳවා ගනු ඇත, මොහු කුමාරයාගේ පියා වෙත යැවිය යුතුය,“ යැයි සිතා නිමිලට පුන්නවද්ධන ඇඳුම් සහ තවත් බොහෝ තෑගි දී ආපසු තම මිතුරා වෙත පිටත් කලේය. හවස් වන විට ඔහු දීඝාභය කුමරු වෙත පැමිණියේය". 
දුටුගැමුණු නගරයට විශිෂ්ට ගොඩනැගිලි 2ක් එකතු කරයි. ඒ රුවන්වැලි දාගැබ සග ලෝ මහා පායයි . මෙයිනුත් ලෝවාමහා පය  අවුරුදු දහසක් පමණ වනතෙක් රටේ  තිබෙන උසම ගොඩනැගිල්ල වෙයි. මේ ඒ පාය පිලිබඳ කෙටි විස්තරයකි.
එම ප්‍රසාදය  එක් පැත්තක් අඩි 150 ක් පමණ වන සතර පැත්තකින් යුක්ත විය. උසත් එපමණම විය. මෙහි බිම් මහල හැර ,තට්ටු නවයක් වූ අතර සෑම තට්ටුවකම ජනෙල් සහිත කාමර 100 ක් විය. සෑම කාමරයකම ජනෙල් යනාදිය රිදියෙන් සහ පඛලු වලින් අලංකාර කර තිබිණ. 
මුළු ගොඩනැගිල්ලේ කාමර 1000 ක් තිබූ අතර, ඒවායේ ජනේල නොයෙකුත් මැණික් වලින් සරසන ලද්දේ විය. එහි මධ්‍යයේ  දිව්‍ය  රථයක් සේ සරසන ලද මැණික් මණ්ඩපයක්  සාදන ලද්දේය. එහි කනු මැණික් ගලින් නිමවා මුතු දම්වැල් එය වටා ඇද තිබිණ. 
එම මණ්ඩපයේ ඇතුලත මැණික් ගල් හතක් ඔබ්බවන ලද ඇත් දළ වලින් සෑදූ සිංහාසනයක් තිබුණි. එය වටා නොයෙකුත් මුතු මැණික් රිදී සහ රත්තරන් වලින් කැටයම් කරන ලද ජාතක කථා විදහා දක්වන කැටයම් සාදා තිබුණි.  

එම සිංහාසනය මත ඇත් දළ වලින් සාදන ලද වටා පොතක්ද, වටිනා මුතු මැණික් වලින් කරන ලද මිල කල නොහැකි ආභරණ සහ වෙනත් උපකරණ තිබුනු බව සඳහන් වේ. මුළු ගොඩනැගිල්ලම තඹ තහඩු වලින් වසා තිබුනු හෙයින්, එම ගොඩනැගිල්ල ලෝහ මහා ප්‍රසාද  යනුවෙන් හැදින්වින. ගොඩනැගිල්ලේ නොයෙකුත් සේදීම් සඳහා තිබු භාජන පවා රනින් නිමවා තිබු බව පැවසේ. මෙය විවෘත කල පසු ධර්මය අවබෝධ කරගත් පිළිවෙලට පහල මාලයේ සිට ඉහල මහල වල කුටි සංඝයා සදහා වෙන් කෙරිණ.  



to be continued.





තිඹිරි ගේ යාඥාව





මම ඊයේ ANGELAS ASHES නමැති 1997 පුලිට්සර් තෑග්ග දිනු පොත කියවන්නට පටන් ගතිමි. එහි පහත කොටස  දුකින් පිරුණු  අවස්තාවක් වුවද  ඉතාමත්  ඉහල හාස්‍යකින් යුක්තව  ඉදිරිපත් කල හැකි අන්දම  අපට පෙන්වයි. මට එය පරිවර්තනය කර බෙදාගන්නට සිතුනේ එහි ඇති හාස්‍ය රසය නිසාමය.  
මෙම පොතට පසුබිම් වී ඇත්තේ හතලිස් ගණන් වල අයර්ලන්තයයි. මෙහි කතුවරයා විස්තර කරනුයී අයර්ලන්තයෙදී තම මව ඉපදීමය. 

“මගේ අම්මාගේ කරදර පටන් ගත්තේ ඈ ඉපදුන දිනයේදීමය. මගේ ආච්චි අම්මා තදින් හුස්ම ගනිමින්, හුස්ම ගන්නට උත්සාහ කරමින් තිබිරිගෙයි වේදනාවෙන්, දරුවන්ට උපත දීමට අධිපති ශාන්ත ජෙරාඩ්ට යාඥා  කරමින් සිටියාය. වින්නඹු හෙදිය ඔ හැලොරන් මහත්මිය ඇගේ හොඳම ඇදුමෙන් එතන සිටගෙන සිටියාය. 

ඒ දෙසැම්බර් 31 මධ්‍යම රාත්‍රියයි. වින්නඹුවට  ඉක්මනින් මේ දරුවා ලෝකයට බිහිකර අලුත් අවුරුදු සාද  සහ උත්සව වලට යෑමට තදබල උවමනාවක් තිබුණි. “තල්ලු කරන්න ,තල්ලු කරන්න , ජේසුස්,මේරි සහ ශුද්දවූ ශාන්ත ජෝසප් . ඔබ ඉක්මනින් තල්ලු නොකළහොත් මගේ මේ අලුත් ඇඳුමින් ඇති වැඩය  කුමක්ද? මට එක පාටියකටවත් යන්න වෙන්නේ නැහැ”.
"ශුද්දවූ ශාන්ත ජෙරාඩ් මජෙල්ලා අමතක කර දමන්න, මේවගේ වෙලාවක පිරිමියෙකුට; ඔහු ශාන්තුවරයකු වුවත්,  කරන්න පුළුවන් උදව්ව මොකක්ද ?"
මගේ ආච්චි අම්මා දැන්ඇයගේ යාඥා ශාන්ත ඇන් වෙතට යොමුකරයි ; ඇය අපහසු ළමා උපත් සඳහා අධිපති ශාන්තුවරියයි. නමුත් දරුවා එලියට එන්නේම නැත.වින්නඹුව ඇයට  මාරාන්තික ඉපදීම් වලට අධිපති ශාන්තුවරයා වන  , ශාන්ත ජූඩ්ට යාඥා කිරීමට උපදෙස් දෙයි.

“ශාන්ත ජූඩ් , මාරාන්තික තිඹිරි ගෙයර අධ්පති ,මට උදව් කරන්න , මට හොඳටම අමාරුයි”, ආච්චි  කෙඳිරි ගායි, තල්ලු කරයි, කුඩා දරුවෙකුගේ ඔලුවක් පෙනෙයි . හරියටම 12 කණිසම වදිද්දී ඔලුව පමණක් එලියට එයි. 

අලුත් අවුරුද්දට ලිමෙරික් නගරය විසිල්,නලා,තඹ සංගීත උපකරණ, මිනිසුන්ගේ ගී නදින් පිරි ඉතිරි යයි.ශුභ අලුත් අවුරුද්දක් වේවා. පරණ දේවල් අමතක කරමු. වින්නඹු හෙදිය අඩන්නට පටන් ගනියි. “මම මේ අලංකාර ඇදුමෙන් සිටිමි, දරුවා තවමත් බාගෙට ඇතුලට වී සිටියි. දරුවා ඉක්මනට එලියට එන්න , ඔබ එන්නෙම නැද්ද ?”
ආච්චි අම්මා එක්වරම තද තල්ලුවක් දමයි,දරුවා මෙලොවට පැමිණෙයි. කළු බොකුටු කොණ්ඩයක් සහ දුක්බර ඇස්දෙකක් ඇති ලස්සන ගැහැණු ළමයෙක්.
“උඩ  ඉන්න දෙවියනේ, මේ ළමයා නම් නියම කාලය කන්නෙක්, ඉපදුනෙත් ඔලුව අලුත් අවුරුද්දටයි පස්ස පරණ අවුරුද්දටයි තියාගෙන, එහෙම නැත්නම් ඔලුව පරණ අවුරුද්දටයි පස්ස අලුත් අවුරුද්දටයි තියාගෙනද? කොහොමටත් මේ ළමයාගේ උපන් අවුරුද්ද ගණන් හදාගන්නට නම් පාප් වහන්සේට ලියන්න වෙයි. මගේ අලුත් ඇඳුම නම් කොහොමටත් පාවිච්චි කරන්න වෙන්නේ එන අවුරුද්ද ලබන කොට.”  වින්නඹු ඕ හැලොරන් මහත්මිය කීවාය. 

Sunday, August 6, 2017

ඉංජිනේරු දුටුගැමුණු









මේ රුවන්වැලි මහා සැයට මුල්ගල් තැබීමේ උත්සවයයේ විස්තරයයි. 

මහල් දහයකින් යුත් ලෝවාමහා ප්‍රාසාදය සාදා අවසන් වූ පසු මේ ගොඩනැගීමට අතගසන දුටුගැමුණු රජු මේ  සා විශාල ( අඩි 338 ක් උස අඩි 951 භුමියෙහි විෂ්කම්බය ඇති ) ඉදිකිරීමකට එය දරා සිටිය හැකි පදනමක් තනන ආකාරය මෙහි විශේෂයෙන් කැපී පෙනේ. ඔහු යුද්දයට මෙන්ම ඉංජිනේරු විද්‍යාවට මහත් දක්ෂතාවයක් දක්වා ඇති වුවත් ඒ පිළිබඳව එතරම් අගය කිරීමක් පසුකලෙක සිදුවී නැති බව පෙනේ.


අවශ්‍ය  සියලු දෑ සපයා ගත් පසු, වෙසක් පොහොය දින සැයේ  වැඩ කටයුතු ආරම්භ කෙරිණි. ගැමුණු රජු දාගැබ ගොඩනැගීමට නියමිත භූමිය අඩි දහය හමාරක් ගැඹුරට හාරන්නට නියම කලේය. ඉන්පසු හේවායන් ලවා රවුම් ගල් ගෙන්නවා මිටි වලින් කඩා එම වලට දමා සමින් කරවූ සපත්තු ඇන්දවූ අලියන් ලවා පාගවා තද කලේය. ඉන්පසු ප්‍රාතිහාර්යකින්  ලැබුණු අහස් ගඟ වැටෙන තැන ඇති සියුම් මැටි එම ගල් මත හෙලා තද කලේය. එම මැටි මත ගඩොල් එලා ඉන්පසු පහත ආකාරයට ඒ ගඩොල් මත ස්ථර ගොඩනැගුවේ රිදී තහඩුව ඉහලටම වන පරිදිය.  


අඟල් 7 ක් ඝනකමෙන් යුක්ත වූ රිදී තහඩුවක් 
සූදුරු තෙල් සහ ආසනික් මිශ්‍රණයක් 
අඟල් 8 ක ඝනකමින් යුක්ත වූ තඹ තහඩුවක් 
කපිත්ත ගසේ (දිවුල්)   කිරි සහ රසදිය , පැණි වතුරේ දියකර   
කඳු මුදුනෙන් ලබා ගත් පලිඟු ගල් ස්ථරයක් 
සුවඳවත් මරුම්බා  (තෙත ගතිය ඉවත්කරන සුවඳවත් ද්‍රවයක්  ? )
ගැට ගසන ලද යකඩ කූරු ජාලයක් 
හිමාලයෙන් ගෙන එන ලද කුරුවින්ද පාෂාණ ( cinnabar ,මැණික් ගල් වර්ගයක්?)
රළු සිමෙන්ති ස්තරයක් 
ගඩොල් ස්තරය
සියුම් මැටි   
කැබලි වලට කඩා අලියන් විසින් පාගනලද කළුගල් ස්ථරය .  


මෙම අත්තිවාරම නිමවා ගැමුණු රජු සංඝයාට ආරාධනා කර, ඉතාමත් අලංකාර උත්සවයක් පැවැත්වූයේය. මෙම උත්සවය සදහා ඇඳුම් කරත්ත 1008 ක්ද, බොහෝ මුදල්ද, වෙඬරු, සීනි, වැනි තෑගි ජනතාවට බෙදා දීමට පිළියෙල කල බව පැවසේ. මෙම උත්සවයට නොයෙකුත් රට රාජ්‍ය    වලින් පැමිණි භික්ෂූන් ප්‍රමාණය  කොතරම් දැයි කිවහොත්, රහත් භික්ෂූන් පමණක් අනූහය කෝටියක් සිටිය බව පැවසේ. අත්තිවාරම දමා ඇති ස්ථානයට පැමිණි රජතුමා රිදී සහ රනින් කරන ලද නූලක් රැගෙන ඒ සදහා විශේෂයෙන් ලෑස්ති වී සිටිය අමාත්‍යවරයෙකුට  එම සේවකයන් සමග වෙහෙර සදහා සීමාව ලකුණු කරන ලෙස උපදෙස් දුන්නේය.  

මෙම අවස්ථාවේ බොහෝ දැනුම ඇති සිද්ධාර්ථ නැමැති හිමි නමක්, 
“අපගේ රජතුමා මේ තරම් විශාල ස්ථූපයක් හදන්නට පටන් ගත හොත් ඔහු එය අවසන් කර ගැනීමට පෙර මිය යාමට පුලුවන, එසේම ඒසා විශාල ස්ථූපයක් අනාගතයේ නඩත්තු කිරීමද ඉතාමත් අපහසු වනු ඇත”, යැයි සිතා ඒ සා විශාල වෙහෙරක්  සෑදීම නොකර එයට වඩා ප්‍රමාණයෙන්  අඩු චෛතියක් සෑදීමට උපදෙස් දුන්නේය. 
ඉන්පසු ගැමුණු රජු සෑය අත්තිවාරමේ මැද රිදී කළගෙඩි අට කුත්, රන් කළගෙඩි අට කුත්, එය වටා කළගෙඩි 1008 ක් වෘතාකාරයෙන් තැබුවේය. මෙම සෑම කළගෙඩියක් වටාම ඇඳුම් 108 ක් තැන්පත් කලේය. ඉන්පසු රන් ගඩොල් අටක් ගෙන අට දිශාවට තැන්පත් කලේය. පසුව අත්තිවාරමේ නැගෙනහිර දිශාවේ සුවඳ කවන ලද මැටි වලින් මුල් ගල තැබුවේය. ඉන්පසු තවත් ඇමතියන් හත් දෙනෙකු එලෙස මුල් ගල් තැබූහ. ඉන්පසු තවත් උත්සව මාලාවකින් රුවන්වැලි මහා සෑයට මුල් ගල් තැබීම අවසන් විය.

Saturday, August 5, 2017

ඉන්දියානු ට්‍රෝලර් ප්‍රශ්නය ; පිළිකන්න බේරාගැනීම




 ජාතික ආරක්ෂාවේ ඉහලම තලයේ තර්ජනයක් නොවුනද ඉන්දියානු ට්‍රෝලර් ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයට පැමිණීම බොහෝ විට ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්වීමට අවකාශ ඇත්තකයි සිතෙන ප්‍රශ්නයකි. මෙම ප්‍රශ්නයේ පැතිකඩවල් කිහිපයක් තිබේ. ඒ  රටවල් දෙකෙහිම  මෙම ප්‍රශ්නය හා සම්බන්ධ පරදු දරන්නන් කොට්ඨාශ කිහිපයක් ඇති නිසාය. එම කොට්ටාශ සහ එක් එක් කොට්ටාශ සඳහා පරදු පහත ආකාරයට ලැයිස්තුගත කල හැක්කේය.
ශ්‍රී ලංකාවේ උතුරු කරයේ ධීවරයන් - ඔවුන්ට අල්ලා ගැනීමට තිබෙන මත්ෂ්‍ය සම්පත ඉන්දියානු ට්‍රෝලර් ගැනීම සහ ඔවුන් මාළු ඇල්ලීමට යොදවන්නා වූ ස්ථාන ගත කරන දැල් වලට හානි සිදු කිරීම. 
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ට්‍රෝලර් අයිතිකරුවන් සහ ධීවරයන් - දැනට කරගෙන යන ඉතාමත් ලාබ අධික ටයිගර් ඉස්සන් කර්මාන්තය තව දුරටත් පවත්වා ගැනීම. 
තමිල්නාඩුවේ දේශපාලඥයින් -කර්මාන්තය බිද වැටුනොත් චන්ද අඩු වීම.  
ශ්‍රී ලංකාවේ දේශපාලඥයින් - උතුරේ දේශපාලකයන්ට  උතුරේ ධිවර ජනතාවගෙන් එන පීඩනය. ජාතික දේශපාලනයේදී රටේ දේශ සීමා උල්ලංඝනය කිරීම නොයෙකුත් පැත්ත පෙරලා ප්‍රයෝජනයට ගැනීමට ඉඩ ලැබීම. 
තමිල්නාඩුවේ ශ්‍රී ලංකාවට විරුද්ධව ජාතිවාදය අවුස්සන්නන් - මේ මගින් ජාති වාදය අවුස්සා දේශපාලන ප්‍රයෝජන ගැනීම.  
ශ්‍රී ලංකාවේ ජාතිවාදය අවුස්සා ප්‍රයෝජන ලබන්නන්. 
ශ්‍රී  ලංකාවේ උතුර හැර අනෙක් ප්‍රදේශවල ධීවරයන් - ශ්‍රී ලාංකික  මුහුදු සීමාව උල්ලංගනය කර අත් අඩංගුවට ගන්නා ට්‍රෝලර් නිදහස් කර ගැනීමට ඉන්දියානු මුහුදු සිමාව හරහා අන්තර් ජාතික මුහුදට යන ශ්‍රී  ලාංකික බහු දින ධීවර යාත්‍රා අත්අඩංගුවට ගැනිම නිසා ඔවුනට සිදුවන කරදර.  
මෙතරම් විශාල පරදු දරන්නන් සංක්‍යාවක් සිටින ප්‍රශ්නයක් විසඳීම කොතරම් සංකීර්ණදැයි අමුතුවෙන් කිවයුතු නොවේ. එයට අමතරව මෙහි ඇති එතිහාසික ධීවර කලාප සහ 2013 කච්චතිවු ආපසු ඉන්දියාවේ පාලනයට ලබාගත යුතු යැයි තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ ඉදිරිපත් කෙරුණු යෝජනාව දක්වා දිවෙන 1974 ඉන්දියා ශ්‍රී ලංකා ගිවිසුමෙන් ඉන්දියාවට අසාධාරණයක් වූවායැයි සිතන ඉන්දියානුවන් ගේ විරෝධතා මෙම සමීකරණය තව දුරටත් සංකීර්ණ කරයි. 
එහෙත් ඉන්දියානු ට්‍රෝලර් ලංකාවේ මුහුදු තීරයට ඇතුලු වීමෙන්  පහත ආකාරයේ ප්‍රශ්න කොතරම ඇති වුවද; 
ඉන්දියානු ධීවරයන්ගේ ජීවිත නැතිවීම්.
ඉන්දියානු ට්‍රෝලර් වලට භෞතික හානි සිදුවීම්.
යුද වකවානුවේදී ඉන්දියානු ට්‍රෝලර් LTTE ත්‍රස්තවාදීන්ට මුහුදේ නොයෙකුත් යුධ අමු ද්‍රව්‍ය ප්‍රවාහනය කරදීම්. 
ඉන්දියානු ට්‍රෝලර් ධීවරයන් සහ ලාංකික ධීවරයන් අතර ගැටුම්. 
නාවික හමුදා නාවිකයන් ට්‍රෝලර් විසින් මරා දමන ලදැයි සැකයන් මතුවූ අවස්ථා.
 මෙම ඉන්දියානු ට්‍රෝලර් ශ්‍රී ලංකා මුහුදට ඇතුලුවීම නිසා සිදුවිය හැකි රාජ්‍ය තාන්තික හෝ සමාජීය ප්‍රශ්න ප්‍රශාරණය වීමට ඉඩ නොදී තබා ගැනීම ඉන්දියානු ශ්‍රී ලාංකික රටවල් දෙක අතර පවතින මිත්‍රත්වයට අපහසු  පරීක්ෂණයක් වූ බව පැහැදිලිය. එම අභියෝග වලට සාර්ථකව රටවල් දෙක මුහුණදී ඇති ආකාරයෙන් දෙරටෙහිම රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ දක්ෂතාවය සහ දෙරටටම මෙවැනි ප්‍රශ්න සංකීර්ණ නොවී තබාගැනීමට ඇති ඕනෑකම  පෙන්නුම් කරයි. 
මෙතරම් කටුක එමෙන්ම දීර්ඝ යුද්ධ කාලයක් තුල ඉන්දියානු ට්‍රෝලර් ප්‍රශ්නය මෙතරම් පහල පැති කඩක තබා ගන්නට හැකි වීමෙන්ම පමණක් මෙම ප්‍රශ්නය අපගේ ජාතික ආරක්ෂාවට අනාගතයේදී ප්‍රශ්නයක් ඇති කල හැකි යැයි සිතීමට ඇති ඉඩ කඩ ඉතාමත් අල්ප බව පෙනේ. එහෙත් මේ ප්‍රශ්නය ඉතාමත් සංවේදීව එසේම සිහි කල්පනාවෙන් විසදාගත යුත්තේය. මෙතෙක් කල් මෙම ප්‍රශ්නය යම් සිවිලිමකින් උඩට උත්සන්න වීමට ඉඩ නොදුන් පහත සාධක මෙම ප්‍රශ්නය විසදීම සදහා තව දුරටත් උදව් කර ගැනීම යෙහෙකි. 
දෙපැත්තෙහිම ධීවරයන් එකම භාෂාවක් කථා කරන ද්‍රවිඩ සම්භවයක් ඇති ජන කොට්ඨාශයන් වීම. 
මෙම ජන කොට්ඨාශයන් දෙක මතම ක්‍රිස්තියානි පල්ලියේ ඇති බලපෑම. 
ඉන්දියානු ට්‍රෝලර් සහ ශ්‍රී ලාංකික ධීවරයන් තරඟ කරන්නේ ඉතාමත් සීමා සහිත සම්පතක් සදහා වීම. 
ජන කොට්ඨාශ දෙකෙහි සංස්කෘතික සබඳතා.
දැනට ලෝකයේ මුහුදේ ඇති මත්ෂ්‍ය සම්පත සහ එහි ජෛව විවිධත්වය ආරක්ෂාකර ගැනීමට නොයෙකුත් අන්තර් ජාතික ආයතන සහ රජයයන් විසින් ගනු ලබන උත්සාහයන් සහ ක්‍රියාකාරකම් - මෙම ක්‍රියාකාරකම් යටතේ මාළු අල්ලා ගැනීමට යොදවා ගන්නා වූ නොයෙකුත් ක්‍රමද සාකච්ඡාවට භාජනය වන අතර ඉන්දියානු ට්‍රෝලර් භාවිත කරන භූමිය දිගේ දැල් ඇදගෙන ගොස් මසුන් ඇල්ලීම පරිසරයට ඉතාමත් විනාශකාරී මසුන් අල්ලන ක්‍රමයක් බව දැන් සියලු දෙනාගේ පිලිගැනීම වේ. ඉදිරි අනාගතයේදී මෙවැනි ක්‍රම වලට නැගෙන විරෝධතාවය ජාත්‍යන්තර වශයෙන් තවත් වැඩිවන අතර මෙම විරෝධතාවයද ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රාව අපගේ මුහුදු කලාපයට පැමිණීම අඩුකර ගැනීමට අපට මහෝපකාරි වනු ඇත.  
මෙම ඉන්දියානු ට්‍රෝලර් ශ්‍රී ලංකා මුහුදට පැමිණීම වැලැක්වීමට හොඳම ක්‍රමය වනුයේ ඉහත සදහන් සියලු කරුණු ප්‍රයෝජනයට ගෙන ක්‍රමයෙන් ට්‍රෝලර් ඇතුලට පැමිණීම අඩුකර ගැනීමට විසදුමක් සොයා ගැනීමයි.  

සියලු කරුණු සලකා බැලුවිට ,මේ සඳහා මට පෙනෙන හොඳම ක්‍රමය ශ්‍රී ලංකික ධීවර සමිති විසින් මෙම බිම දිගේ ට්‍රොලින්ග් කිරීම පිළිබඳව ජාත්‍යන්තර තලයේ  මේ පිළිබඳව උනන්දුවක් දක්වන ආයතන වලට දන්වා දිගින් දිගටම ඔවුන් හා වැඩ කිරීමයි. එය රජයෙන් මෙය නවත්වන්නට උත්සාහ කරනවාට වඩා මහත් පලදායි වනු ඇත. රජයට උතුරේ ධිවර සමිති වලට ප්‍රච්ඡන්න ලෙස උදව් කරන්නට පුළුවන. මෙවැනි සාගර සම්පත් හා ජෛව විවිධත්වය විනාශ කිරීමට විරුද්ධව ක්‍රියාත්මක වන ජාත්‍යන්තර හා රාජ්‍ය නොවන ආයතන තිබේ. ඒවාට බැන බැන ඉන්නේ නැතිව ,ඒවායෙන් නිර්මානශිලිව ප්‍රයෝජන ලබාගෙන ප්‍රශ්න විසදාගැනීම අපේ අරමුණ වියයුතුය.

ගංජා වෙළඳාම

 කොණ්ඩයකපන්න ගිය විට සැලුන් හොඳ කතා කාරයෙක් නම් කොණ්ඩය කපන්ට වෙලාව යනවා දැනෙන්නේ නැත. මගේ රෙගියුලර්  මෑන් ඒ ජාතියේ කෙනෙකි.  ඔහුගේ ජීවිතයත් හ...