Monday, July 14, 2025

SLIIT අම්මා

 SLIIT විශ්ව විද්‍යාලය  ලංකාවේ බොහෝ තරුණ තරුණියන්ට

 විශාල සේවාවක් කරන ආයතනයකි. ඉහළම ලකුණු ලබාගෙන රජයේ විශ්ව විද්‍යාල වලට ච නොමිලේ අධ්‍යාපනය සඳහා ඇතුලත් වීමට නොහැකි බොහෝ දරුවන් මෙම ආයතනයට එකතු වී හොඳ අධ්‍යාපනයක් ලබා දුන් ලෝකය පිළිගන්නා සුදුසුකම් ලබාගෙන රැකියාවල් වල නිරත වෙති. 

මා දන්නා පවුල් කිහිපයකද  එවැනි දරුවන් මෙයින් ඉගෙන ගෙන වෙනත් රටවල පවා ඉහළ තාක්ෂණික  රැකියාවල් කරති. 


එම විශ්ව විද්‍යාලය මගින් මහනුවර ප්‍රදේශයේ පටන්ගත්  අලුත් මණ්ඩපයද ඉතාමත් සාර්ථකව  පවත්වාගෙන යනු පෙනේ. එහි බොහෝ විදේශික ශිෂ්‍යයන් ද ඉගෙන ගන්නා බව මට දැනගන්නට ලැබුණී.


මෙම ආයතනය යම් වංචාකාරී ලෙසකට පුද්ගලික කණ්ඩායමක් මගින් ලබාගෙන අයුතු අයිතිවාසිකම් සහ ලාභ ලබාගන්නා බවට ්‍රවෘත්තියක් දැක්කෙමි 

 ඒ නිසා මේ රජයට පවරා ගත යුතු යැයි ද  කෙනෙකු කියනවා පෙනේ. 


මේ රජයට පවරා ගතහොත් එයත් ජපුරම්මා වැනි අම්මා කෙනකු බවට පත්වනු ඇත. 

ඔවුනට අධ්‍යාපනය මාසික ගාස්තු වක් නවාතැන් පහසුකම් වැනි කටයුතු සඳහා රටේ ජනතාවගේ බදු මුදල් වැය වනු ඇත. 


එවැනි තවත් බරක් ජනතාව මත පටවන්නේ නැතිව  යම් වැරැද්දක් වී ඇත්න  ඒ වැරැද්ද කළ පිරිස් හට නිසි දඬුවම් දී  ඒ ලබාගත් අයුතු ලාභද ඔවුන්ගේ දේපලින් අයකර යුතුය. 


එහෙත් මෙය  රජයට පවරා ගන්නේ නැතිව  එය යම් ක්‍රමවේදයකින් ; විවෘත ටෙන්ඩරයක් හෝ කොටස් වෙළඳපොළට ඇතුළු කිරීමෙන්, රජයේ නොවන කළමනාකරණයට ලබාදී රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාගත හැක 

ලෝකයේ තිබෙන ඉහළ පෙළේ ප්‍රමුඛ විශ්ව විද්‍යාල බොහොමයක්ම රජයේ නොවන ඒවා බවත් අප මෙහිදී සිහි තබාගත යුතුය.

රජයේ පාලනයට ගතහොත් ඔවුන්ට ද  අපේ බදු මුදල්වලින් රැකියා සැපයිය යුතු වන බවද මතක තබාගත යුතුය.

 


SLIIT අම්මා

 SLIIT විශ්ව විද්‍යාලය  ලංකාවේ බොහෝ තරුණ තරුණියන්ට  විශාල සේවාවක් කරන ආයතනයකි. ඉහළම ලකුණු ලබාගෙන රජයේ විශ්ව විද්‍යාල වලට ච නොමිලේ අධ්‍යාපනය ...