Sunday, November 14, 2021

ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණෙයි ද?

 ප්‍රංශයේ සහ ජර්මනියේ ්‍යාපාරික කටයුත්තක් සඳහා තවත් නිලධාරීන් දෙදෙනෙකු සමග ගිය මම ෙරදා රාත්‍රියේ ලංකාවට සැපත් වූයේමි. 


අප පැමිණි ගුවන් යානය ඩුබායි හරහා මාල දිවයිනට පැමිණ ඉන්පසු කොළඹට අප රැගෙන ආවේය. 


එම ගුවන් යානයේ සිටි සියලුම සංචාරකයින් පාහේ මාලදිවයිනේ බැස ගත්හ. ලංකාවට පැමිණියේ ඉතාමත් සුළු පිරිසකි. ඩොලර් නොමැති නිසා ඉතාමත් අපහසු තත්ත්වයකට වැටී සිටින අප ආර්ථිකය ට ඉක්මනින් ඩොලර් ටිකක් පහසුවෙන්ම සොයා ගැනීමට තිබෙන්නේ ංචාරක ව්‍යාපාරයෙන් බව කියන්නටත් අවශ්‍ය නැත. එසේ තිබියදී මෙලෙස සංචාරකයන් අප රට අතහැර මාලදිවයිනට යාම ඉතාමත් කනගාටුදායක තත්ත්වයකි. 


අනෙක් පැත්තෙන් මාලදිවයිනේ තිබෙන වෙරළ සඳහා පැමිණෙන සංචාරකයින්ට වෙරළත් සමඟ තවත් බොහෝ සිත්ගන්නාසුලු සංචාරක ්ථානයන් ඇති ශ්‍රී ලංකාව අතහැර මාලදිවයිනට යන්නේ කුමන හේතුවක් දැයි මම කල්පනා කළෙමි. 


මේ සඳහා ්‍රධාන හේතුව ලෙස මගේ සිතට ආවේ අප මේ ්‍යාපාරය කරන්නේ කිසිම ඕනෑකමක් නොමැතිව බවය. 

මෙයට හොඳම උදාහරණයක් අපේ ගමනේ අප අද්දැකීම් අතරට එකතු වූයේ ජර්මනියේ හැම්බර්ග් ගුවන්තොටුපළේ දී ය. 


අප තිදෙනා එහි පැමිණ check-in කිරීමට කවුන්ටරයට ගියවිට අප තිදෙනාගේ අනෙකුත් සියළුම ලියකියවිලි සම්පූර්ණ වී තිබුණත් අප ඔන්ලයින් ගොස් health declaration පෝරමය පුරවා නොමැති බව කවුන්ටරයේ සිටි තරුණ කාන්තාව අපට කීවාය. ඇත්තෙන්ම මෙවැන්නක් තිබෙන බව අප දැන සිටියේ නැත.

පෝලිමේ අපට පිටිපස්සෙන් සිටි මගීන්ට ඉදිරියට යන්නට හැර අප තිදෙනා ගුවන් තොටුපලේ වයිෆයි පාවිච්චි කර ඔන්ලයින් ගොස් කොළඹ ගුවන්තොටුපලේ health declaration පෝරමය පුරවන්න ට උත්සාහ කළෙමු.


අහෝ ඛේදයකි එම කොටස temporary out of order යනුවෙන් සඳහන් වී තිබිණ. 


අපි දැන් තරමක් කලබලයට පත් වුණෙමු. මම කොළඹ ගුවන්තොටුපළට කතා කළෙමි . මට පිළිතුරු දුන් නිලධාරිනියට අපට සිදුවී ඇති අකරතැබ්බය පැහැදිලි කළෙමි. ඒ අසා සිටි ඇය මම තවත් නිලධාරිනියක වෙතට සම්බන්ධ කළාය. ඇයටත් මම මේ ප්‍රශ්නය පැහැදිලි කළෙමි. 

ඔවුනට එයට කළ හැකි කිසිවක් නොමැති බවත් කොළඹට පැමිණ එම declaration පෝරම පුරවා භාර දීමට හැකි බවත් ඇය කීවාය. එහෙත් ඒ පිළිබඳව එමිරේට් කවුන්ටරයේ කාන්තාවට පැහැදිලි කළත් ඇය කිව්වේ ඔවුන්ට කොළඹින් ලැබී ඇති උපදෙස් වලට පිටින් කටයුතු කිරීමට නොහැකි බවයි. 


මම ඇයට මට ඇයගේ කළමනාකාර වරයා මුණ ගැසීමට අවශ්‍ය බව පැහැදිලි කළෙමි. ඇය මා ඔහු වෙත රැගෙන ගියාය. ඔහුට මේ පිළිබඳව තීරණයක් ගැනීමට අපහසු බව කියා ඔහු මම ඔහුගේ ජේෂ්ඨ නිලධාරිනියක වෙත යොමු කළේය.


ඇයට මම මේ ප්‍රශ්නය පැහැදිලි කළ පසු ඇය කියා සිටියේ අප ශ්‍රී ලාංකිකයින් නම් පමණක් ඇයට අපට ගුවන් යානයට ගොඩ වීමට ඉඩදිය හැකි බවයි. ඇය එසේ කියා සිටියේ ද මම විනාඩි පහළොවක් පමණ ඇයට මේ පිළිබඳව ආයාචනා කරමින් පැහැදිලි කළ නිසාය.


මේ සිදුවීම ම විදේශිකයෙකුට සංචාරකයෙකුට සිදුවූයේ නම් ඔවුනට එම ගුවන් යානයට නැගීමට නොහැකි වනු ඇත. 


සංචාරකයින් රටට ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් මීට වඩා සංවිධානාත්මක ලෙස එය කළ යුතු බව මේ සිද්ධියෙන් මා හොඳින් පෙනේ. 


2 comments:

  1. ඔබගේ පෝස්ටුවට අපගේ සින්ඩියේ "බ්ලොග් සඟරා" යටතේ ඉඩක් වෙන් කොට ඇති බව සතුටින් දැනුම් දෙන්නෙමු! අපගේ සින්ඩියට ඉහල ප්‍රථිචාරයක් හා ප්‍රචාරයක් ලබා දීමට මැළි නොවන්න!

    ReplyDelete
  2. ඔය හා සමාන එකක් මටත් උනා ගිය මාසේ ලංකාවට එනකොට. ගුවන්තොටුපල ඇතුලත ටිකට් ලබාදෙන කවුන්ටරයේදී. ලන්කාව තුල සිදුවන සියලුම නිරෝදාන වියදම් ගෙවීමට එකග බව සදහන් ලියවිල්ලක අත්සන් කරන්න කිව්වා. ඒ වෙනකොටත් ඔය කියන ක්‍රමය වෙනස් කරලා දවස් 3-4 වෙනවා. මම කොච්චර කිව්වත් පිළිගත්තේ නෑ. අන්තිමේ මම අත්සන් කරලා දුන්නම තමා ටිකට් එක ප්‍රින්ට් කලෙත්. මම බයක් නැතුව අත්සන් කලාට විදේශිකයෙක්/සංචාරකයෙක් එහෙම කරයිද?

    මට තේරුණ විදියට නම් දවසට එමිරේට්ස් ගුවන්යානා 3ක් හෝ 4ක් මාලේ ටච් කරලා ලංකාවට එනවා. එවගේ වැඩිහරියක් ඉන්නේ මාලෙන් බහින සංචාරකයන් තමා. ඩුබායි ඉදන් කෙලින්ම ලංකාවට එන්නේ එක ගුවන්යනවයි. එකේ ගොඩක් ඉන්නේ ලංකාවේ අය. ලංකාව දැන් ගුවන්යානා නතරකරලා තියෙන නැවතුම්පොළක් වෙලා. හරියට නිකන් ගමේ බස් එක රෑට කඩපොළේ ඉස්සරහ නතර කරලා තියෙනවා වගේ

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...