Tuesday, June 13, 2017

ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ගිල්ගිට් බල්ටිස්තානය.



ඊයේ චැම්පියන් කුසලාන තරඟාවලියේ අවාසනාවන්ත පකිස්තාන ශ්‍රී ලංකා ක්‍රීඩා තරඟය බලද්දී, ශ්‍රී ලංකාව, පකිස්තානය සහ ක්‍රීකට් යන යතුරු වචන තුනම තිබෙන මිහිරි මතකයක් සිහියට නැගිණ. ඒ මා 2009/2010 වර්ෂ වල පකිස්තානයේ ඉස්ලාමාබාද් හි පිහිටි ආරක්ෂක විශ්ව විද්‍යාලයේ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ පශ්චාත් උපාධියක් හදාරමින් සිටියදීය. පකිස්තානයේ බොහෝ වැසියෝ ශ්‍රී ලාංකිකයන් ප්‍රිය කරති. යමක් මිලදී ගැනීමට වෙළඳ සැලකට ගියත්, වෙන වැඩක් කර ගැනීමට බැංකුවකට හෝ ආයතනයකට ගියත් ශ්‍රී ලාංකිකයෙකු යැයි දැනගත් විට යමක් විශේෂ සැලකිල්ලක් දක්වන අතර, සෑහෙන දුරකට මිලදී ගන්නා දෙයට මිළ අඩුකර ගැනීමටද ව්‍යාපාරිකයාගේ සැලකිල්ල අනුව කර ගැනීමටද ඉඩ ඇත්තේය. ඉහල සමාජයේ මිනිසුන්ගේ සිට පහලම ස්ථරය දක්වා පකිස්තානුවන් අප සමග කතාවට වැටුනු විට ශ්‍රී ලාංකික ක්‍රීකට් ක්‍රීඩකයන් ගැන බොහෝ උනන්දුවෙන් අපෙන් විමසති.

ක්‍රිකට් වලට අමතරව 1971 ඉන්දියා පකිස්තාන යුද්ධයේදී පකිස්තාන ගුවන් හමුදා යානයන්ට කොළඹ ගුවන් තොටුපලේ ඉන්ධන ලබාදීම සහ කුඩා රටක්ව තිබියදීත් ඉන්දියාවත් සමග කටයුතු කිරිමේදී ගෞරවය ආරක්ෂා කරගෙන ස්වාධීනව සිටීම මෙවැනි කැමැත්තකට හේතු සාධක වූවා වන්නට පුලුවන. 

මෙම උනන්දුව කොතරම්ද යත් අප සිටි විශ්ව විද්‍යාලයේ අපට මාසික දීමනා ගෙවූ මැදිවියේ ලුතිනන් කමාන්ඩර් වරයෙකුට චමින්ද වාස් ගේ සම්පූර්ණ නමම මතකයෙන් කියන්නට හැකියාව තිබුණි.  ඉතා දීර්ඝ වූ එම නම මා මුලින්ම දැන ගත්තේත් ඔහු එය කියන විටය.

මෙම විශ්ව විද්‍යාලයෙන් මසකට දෙකකට වරක් පකිස්තානයේ යම් ප්‍රදේශයකට 50 ක් පමණ වූ අපගේ පාඨමාලාවේ සිසුන් සදහා සංචාරයක් පිලියෙල කලහ. මෙම සංචාර වලට ඉරාන දේශ සීමාවේ ඇති ගවුදාර් වරාය ප්‍රදේශය, මොහෙන්දෝ ජාරෝ නටබුන්, තක්ෂිලා නටබුන්, පන්ජාබ් ගොවිපලවල්, සියාචන් හි පිහිටි ලෝකයේ උසම තැනක පිහිටුවා තිබෙනවා යැයි කියන හමුදා කඳවුර, ලාහෝර් නගරය වැනි ස්ථාන ඇතුලත් විය.



                                                       taxila

මෙසේ සංචාරවල යෙදෙද්දී වරෙක අපි පකිස්තානයේ උතුරු කෙලවරේ පිහිටි ගිල්ගිට් බල්ටිස්තාන් ප්‍රදේශයේ සංචාරය කරද්දී එහි ප්‍රධාන නගරයක් වන ස්කාර්දු නගරයේ පිහිටි ෂැන්ග්‍රිලා හෝටලයේ නවාතැන් ගත්තෙමු. මනරම් වැවක් වටා විලා ක්‍රමයට සාදා තිබූ මෙම හෝටලයේ දහවල් ආහාර ගෙන හවස් වරුවේ මා සමග පාඨමාලාවේ සිටි ලාංකික ජෙනරල්වරයාද, ඔහුගේ බිරිඳද මම සහ මගේ දියණියද මුහුද මට්ටමෙන් අඩි 10,000 ක් පමණ උස් වූ ඒ ප්‍රදේශය නැරඹීමට ඇවිදින්නට ගියෙමු.

අපිට නොදැනුවත්වම ටික වේලාවකට පසු අප බොහෝ දුර ගොස් ඇති බව අපිට වැටහෙන විට තරමක් අඳුරු වෙන්නටද පටන් ගෙන තිබුණි. වැඩි ජනගහනයකුත් නොමැති මෙම කඳු සහ කැලෑ ප්‍රදේශයේ පකිස්තානයේ එකල තිබූ ආරක්ෂක තත්වයද නිසා මෙලෙස ඇවිදීම එතරම් සුදුසු නොමැති බව වැටහුනේ එවිටය.

ටික වේලාවකින් අප දැක තරමක ජීප් රථයක් අප අසල නතර කෙරිණ. එහි මිනිසුන් කිහිප දෙනෙකු සිටි අතර එම රථයේ අයිතිකරු යැයි අපට හැගුණු පුද්ගලයා අපෙන් එහි කුමක් කරන්නේදැයි ඇසුවේය. දන්නා උර්දු සහ ඉංග්‍රීිසි භාෂා වලින් සන්නිවේදනය කර ඔහුට අප වැටී ඇති තත්වය පැහැදිලි කලෙමු. ඔහු එම ප්‍රදේශයේ මන්ත්‍රී වරයෙකු බවද විවාහ මංගල උත්සවයක් සදහා යමින් සිටින බවද පවසා අප කැමති නම් අපට ඔහුත් සමග එම විවාහ මංගල්‍යයට පැමිනෙන්නේ නම් ඔහුගේ වාහනයෙන්ම අපව හෝටලයට රැගෙන ගිය හැකි බව ඔහු පැවසුවේය.

අප තරමක දෙගිඩියාවකින් යුක්තව නමුත් වාහනයට නැංගේ වෙන කරන්නට දෙයක් නොතිබූ නිසාය. තවත් කිලෝ මීටර් 10 ක් පමණ දුෂ්කර අතුරු මාර්ගයක ගොස් අපි විවාහ මංගල්‍යය තිබෙන නිවසට ගියෙමු. අප ශ්‍රී ලාංකිකයන් යැයි මන්ත්‍රීවරයා හදුන්වා දුන් පසු උත්සවයේ සිටි සියල්ලන්ම පාහේ කතා කරන්නට පටන් ගත්තේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම පිළිබඳවය. රූපවාහිනී සේවාවන් වත් නොමැති ; ගුවන් විදුලි සේවාවන් වත් තිබුනේදැයි මට විශ්වාස නැත, මෙවැනි අති දුෂ්කර ප්‍රදේශයක ජනතාවක් අපේ ක්‍රිකට් කණ්ඩායම ගැන මෙතරම් උනන්දුවකින් කතා කරනු දැක අප පුදුමයට පත්වුනෙමු.

අපට ඔවුන් කොතරම් ගෞරව කලේද යත් එම කුඩා නිවසේ මනමාලිය සදහා සාදා තිබූ කාමරයේ අපට ඉඳ ගන්නට සලස්වා නොයෙකුත් රස කැවිලි සහ බීමෙන් සංගුහ කර අපට රාත්‍රී ආහාර ගැනීමටද පෙරැත්ත කලහ. අපි බොහෝ අපහසුවෙන් කෑම ප්‍රතික්ෂේප කර පිටත්වන විට හෝටලයට ගෙන යෑමට රස කැවිලි පාර්සල්ද අප වෙත ලබා දුන්හ.
පකිස්තානයේ අපේ ක්‍රිකට් වලට ඇති තැන එලෙසය.

8 comments:

  1. අම්මේ එච්චරට සලකනවද

    ReplyDelete
  2. මිස දුටු විදේශිකයෙක් පුජනීය ස්ථානයක් උඩ නැගලා නේද :)

    1. සතුරාගේ සතුරා අපගේ මිතුරාය
    2. cricket


    ReplyDelete
  3. සන්තෝසයි... කොල්ලෙක් හදල උට ක්‍රිකට් ගස්සන්න ඕනෙ.හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
  4. ලංකාවේ කි‍්‍රඩකයන්ගෙන් චමින්ද වාස්ට තමයි පාකිස්ථානුවෝ ගොඩාක් කැමති.
    ඔබතුමා කරච්චියේ කොපරේටිව් මර්කට් එකේ ඔනෙක්ස් (Onyx) කඩවල් පැත්තේ ගියේ නැද්ද? එහේ ආපු අපේ අයගෙන් සිංහල ඉගෙන ගත්තු onyx කඩයක් දාගෙන ඉන්න තාරික් කියලා පකිස්ථානුවෙක් හිටියා.

    ReplyDelete
  5. ටඋඩු. පට්ටයිනේ හිහි
    දැං නං ප්ලේස් එක බැහැල ඇති ලෙල්ලට
    හැක්

    ReplyDelete
  6. Even in england pakistanis are freindlier with us srilankans ,than indians

    ReplyDelete

The truth

 He lived in a palace, in a big city where ,  market places were frequented by large caravans. Palaces were  full of laughter , merry making...