Saturday, March 16, 2019

කොලිටිය වැඩි පාසල් වැඩිවීමට විරුද්ධ වීම





පසුගිය දිනක හිටපු අධ්‍යාපන ඇමතිවරයෙකුද වන බන්ධුල ගුණවර්ධන ඇමතිවරයා රජයෙන් ආධාර ලබන පාසැල් වලට ශාඛා ආරම්භ කිරීමට ඉඩ නොදිය යුතු බවට ප්‍රකාශයක් කර ඇති බව මම fb එකෙන් දුටුවෙමි ( දැන් බොහොව්ට රටේ නිව්ස් දැනගන්නේ fb එකෙනි). ඔහු ඒ සඳහා හේතුව ලෙස කියා තිබුනේ එවැනි තත්වයක් ඇති වුවහොත් ධනපතීන්ට පමණක් එම අධාපනය ලබා ගනු ඇතිවන  බවයි.
මම ඔහුගේ මෙම ප්‍රකාශය ගැන කල්පනා කර බැලුවෙමි.
ඔහුගේ එම ප්‍රකාශයේ ඉතාමත් අවුල් සහගත කාරණා කිහිපයක් ගැබ්ව තිබේ.
එසේ ඔහු කියන පරිදි ධනපතියන්ට පමණක් (ඇත්තෙන්ම රජයේ ජනප්‍රිය පාසැල් තිබෙන නගරයක් ධනපතියන් කෙසේ හෝ තම මුදල් හෝ ධනය පාවිච්චි කර තම ළමුන් දමා ගන්නේ නගරයේ තිබෙන ජනප්‍රිය පාසැලටය, මෙතනදීත් බන්දුල ගුණවර්ධන මහත්මයාට වැරදී ඇත.) මේ පාසැල් වලට ළමයින් ඇතුලත් කර ගැනීමට උනන්දු වුවහොත් අනෙකුත් රජයේ පාසැල් වල එම ළමයින් ඇතුලත් නොකිරීමෙන් අලුතින් ඇතිවන පුරප්පාඩු වලට තව ළමයි 100 ක් 200 යකට ඇතුළු විය හැක. රටේ ප්‍රධාන නගර බොහොමයක  පාහේ මෙලෙස පුරප්පාඩු ඇතිවන විට මුළු රටේම එම අළුත් ශාඛා පාසැල් ඇති නොවුනා නම් ජනප්‍රිය පාසැල් වලට ඇතුල් විය නොහැකි වුන දරුවන් 2000 කට වැඩි පිරිසකට ජනප්‍රිය පාසැල් වලට ඇතුළු වීමට හැකිවනු ඇත.
මෙතරම් හොඳ ප්‍රතිපලයකට මන්ත්‍රීවරයා කැමති නැද්ද?

 එවන් රජයේ ආධාර ලබන පාසැල් වල මුදල් ඇති සිසුන් පමණක් අධ්‍යාපනය ලබන්නට ඉඩ ඇත්තේ යැයි හිටපු අධ්‍යාපන ඇමතිවරයෙකු මෙලෙස කණගාටුවකට පත්ව සිටින්නේ කුමන හේතුවක් නිසා විය හැකිද? එක් හේතුවක් විය හැක්කේ මුදල් වැඩියෙන් තිබෙන දෙමව්පියන්ගේ ළමයින් හොඳ අධ්‍යාපනයක් ලබා ගන්නවාට අකමැති වීම විය හැකිය. ඇත්තෙන්ම අධ්‍යාපනය ලබාගැනීමට ඇති හැකියාව දෙමව්පියන්ගේ අත ඇති මුදල් වලින් තීරණය වීම සාධාරණ නොවේ. නමුත් මෙතන ඇති ප්‍රශ්නය එසේ ආධාර ලැබෙන පුද්ගලික පාසැල් වල වඩාත් හොඳ අධ්‍යාපනයක් ලැබී දෙන්නේ යැයි හිටපු අධ්‍යාපන ඇමතිවරයෙකුම පිළිගැනීමෙන් අපගේ නිදහස් අධ්‍යාපනයේ තත්වය පිළිබඳව අපට සිතාගත හැකි වීමයි.
බන්දුල ගුණවර්ධන මහතා එලෙස ශාඛා පාසැල් දැමීමට විරුද්ධ වීමෙන්ම පෙන්වා දෙන්නේ නිදහස් අධ්‍යාපනය පවත්වා ගෙන යන ජනප්‍රිය  හෝ ජනප්‍රිය නොවන පාසැල් වල අධ්‍යාපනයේ තත්වය රජයේ ආධාර ලබන පාසැල් වල තත්වයට වඩා පහත් බව පිළිගැනීමයි.
එසේ තමන් වෙත ඇති යම් සේවයක හෝ භාණ්ඩයක තත්වය පහල නම් අප කල යුත්තේ අපගේ අපගේ නිෂ්පාදන වල තත්වය ඉහල දැමීම මිස අපට වඩා තත්වයෙන් වැඩි සේවයක් ලබා දෙන යම් නිෂ්පාදකයෙකු අපගේ වෙළඳපොළට පැමිණීම වැලැක්වීමද යන්න හටපු අධ්‍යාපන ඇමතිවරයා කල්පනා කල යුතු නේද?
මොහුගේ මෙම ප්‍රකාශයත්  හරියටම ඉංග්‍රීසි බැරි කෙනෙකු හෝ පිරිසක් ඉංග්‍රීසි භාෂාව සමඟ තරහ වී වෙනත් අයටත් ඉංගිසි ඉගනගැනීමට අපහසු කිරීම  හා සමාන නොවන්නේද?    

1 comment:

  1. ඔය යකාගේ වදන් වලට ඇවිස්සෙන්න එපා බන්..
    ඇපකරෙයි උකස්කරෙයි නොදන්නා එකා ගෙන් මොන අධ්‍යාපන ද බන්...

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...