අප අපට ප්‍රශ්න තිබෙනවා යයි සිතා සිටිමු. පොඩි ප්‍රශ්න,ලොකු ප්‍රශ්න සහ උභතෝකෝටික ප්‍රශ්න ප්‍රශ්න වර්ගීකරණය කරගන්නටත් පුළුවන . ප්‍රශ්න විසදාගන්නා ගැනීමට හොඳම ක්‍රමය ප්‍රශ්නය පළමුවෙන් ලියා ගැනීමයි.ඉන්පසු එය කිහිපවරක් කියවා බලා ලියවී ඇති ආකාරය නිවැරිදි නම් එය විසඳීම සඳහා ගැනීමට පුළුවන් පියවර එකින් එක ලියා අඩුම පාඩුවකින් සහ වැඩිම ලාභයකින් ප්‍රශ්නය විසඳා ගතහැකි විකල්පය ක්‍රියාත්මක කල හැක්කේය.
එහෙත් වට්ට ගාමිණි අභය ( 103 BC and c. 89–77 BC) තිබු ප්‍රශ්න දෙස කිට්ටුකර බැලුවොත් ඔහුට ඒවා ලියන්නටම: ඔහු ගේ කාලයේ නින්දගම් ලියා දෙන්නේද වැටකෙයියා කොළ වලය, වැටකෙයිය කොළ ටොන් ගණනක් අවශ්‍ය බව හැඟෙයි.
එහෙත් වට්ට ගාමිණි අභය ( 103 BC and c. 89–77 BC) තිබු ප්‍රශ්න දෙස කිට්ටුකර බැලුවොත් ඔහුට ඒවා ලියන්නටම: ඔහු ගේ කාලයේ නින්දගම් ලියා දෙන්නේද වැටකෙයියා කොළ වලය, වැටකෙයිය කොළ ටොන් ගණනක් අවශ්‍ය බව හැඟෙයි.
අප කතානායක 50-43 BC කාලයේ රාජ්‍ය කල කල්ලට නාග රජුගේ බාල සොහොයුරාය. කල්ලට නාග රජුගේ කම්මහරත්තක නම්සෙන්පතියා රජු අගනුවරදීම මරා රාජ්‍ය පැහැර ගනියි. වල්ලට නාග වහාම ඉදිරිපත් වී සෙනෙවියා මරා රාජ්‍ය ප්‍රතිස්ටාපනය කරයි. මේ වනවිට ඔහුටද මහානාග නම් දරුවෙකු හා සෝමා නමින් බිසවක සිටියි.
ප්‍රශ්නය 1-මිට පෙර රජ කල ඔහුගේ සොහොයුරු රජුටද මියයන විට අනුලා නමින් බිසවක හා මහා කුල නමින් පුතෙකු සිටියහ. දැන් ඔටුන්න හිමි කුමරා මහාකුලය. ඒ නිසා පුරවැසියන් රජුට කියන්නේ "පිතිරාජ" එසේත් නැත්නම් අනාගත රජුගේ පියා කියාය. රජ තුමා කියන්නේ නැත. කුමරා මේ සමිකරණයේ නැත්නම් අප කතානායකට සම්පුර්න රජකු විය හැක.
ප්‍රශ්නය 2: ඔහු රජවූ පසු තම සහෝදරයාගේ බිරිඳ වූ අනුලා දේවිය ප්‍රධාන බිසව බවට පත් කලේය. දැන් ඔහුට ප්‍රධාන බිසවුන් දෙදෙනෙකි.දෙදෙනාටම පුත් කුමරුන් සිටිත්. සෝමා දේවිය ඔහුගේ පැරණි බිරිදයි. අනුලා දේවිය ඊටපෙර මහා රාජිනියයි. වාසල රාජ පරිවාර ප්‍රශ්න කෙසේ තිබෙන්නට ඇතැයි අපට සිතාගත හැක.

ප්‍රශ්නය 3: ඔහු රජ වූ වහාම රෝහණයේ තිස්ස නමැති බමුණෙකුට අනාවැකියක් අසන්නට ලැබේ, ඒ යම් දිනක ඔහු රජවන බවය. ඔහු හමුදාවක්ර රැස්කර රජුගෙන් රජකම ඉල්ලා හසුනක් යවයි.
ප්‍රශ්නය 4: ඉන්දියාවෙනු හමුදාවක් මන්නාරමෙන් ගොඩ බැස රට ආක්‍රමණය කරන්නට සැරසෙයි.
මේවායින් 3 වන ප්‍රශ්නය ඔහු ලෙහෙසියෙන්ම විසඳා ගනී. "රට නුඹගේ ය, මන්නාරමට ගොස් දෙමළුන් මරා රාජ්‍ය ගනුව " ඔහු තිස්සට පිළිතුරක් යවයි. බොහෝ අනාවැකි මෙන් මේ අනාවැකියද පොඩ්ඩක් වැරදි ඇති සේය. තිස්ස සටනට ගොස් පැරදී මරුමුවට පත්වෙයි.

එහෙත් රජුගේ 3 සහ 4 ප්‍රශ්න දෙකම එයින් විසදෙන්නේ නැත. පිලයමාර ඇතුළු ඉන්දියානු සෙනෙවියන් අනුරාධ්පුරයටම පැමිණ රජු පරාජයට පත් කරයි.
ඔහු තම පවුලත් සමග පැන යන්නේ අශ්ව කරත්තයකය. කොතරම් හදිස්සියෙන්ද කිවහොත් ඔහු පුද පුජා කිරීමට ලගින්ම තබාගන්නා බුදුන්ගේ පාත්‍රයද වෙසගිරි කැලයේ සඟවා තබමිනි.
ඔහු තම පවුලත් සමග පැන යන්නේ අශ්ව කරත්තයකය. කොතරම් හදිස්සියෙන්ද කිවහොත් ඔහු පුද පුජා කිරීමට ලගින්ම තබාගන්නා බුදුන්ගේ පාත්‍රයද වෙසගිරි කැලයේ සඟවා තබමිනි.
ඔහු ගමන් කල අස්රියේ ඔහුට අමතරව,
v එකල ගැබිනියක්
වූ අනුලා දේවිය.
v මහාකුල කුමාරයා.
v ඔහුගේම පුත්
කුමරු වූ මහානාග.
v ඔහුගේ දෙවන බිසව
වූ සෝමා දේවිය.
ගමන් කරති. දැන් දෙමල සෙනෙවියන් ඔහු පසුපස හඹා එයි. වහා රථයේ වේගය වැඩි කරගත යුතුය.ඒ සඳහා එකම ක්‍රමය රථයේ බර අඩුකර ගැනීමය. කවුරුන් හෝ බැසිය යුතුය. බහින පුද්ගලයා හඹා එන දෙමළුන්ට අසුවන බවත් නොඅනුමානය. බස්සන්නේ කවුරුන්ද? කුඩා දරුවෙකු බැස්සිමෙන් රථයේ බරට එතරම් බලපෑමක් සිදුනොවන නිසා වැඩිහිටියන් තිදෙනාගෙන් කෙනෙකු බැසිය යුතුය. කොතරම් දුෂ්කර තීරනයක්ද ?
රජු ඉතාමත් පියකරු තම ප්‍රථම බිරිඳ බස්සවා යාමට තීරණය කරයි. ඇය කොතරම් ලස්සනද කිවහොත් ඇය අල්ලාගන්නා දෙමල සෙනෙවියා ඇය පිලිබඳ ලෝභ බැඳ ඇයත් රැගෙන ආපසු ඉන්දියාව බලා යයි. යන විට කොල්ලකාගත් වස්තුවේ තමාගේ කොටස ඉල්ලා ගෙන යන්නට ඇත. මෙලෙසම තවත් සෙනෙවියකු බුදුන්ගේ පාත්‍රය රැගෙන ආපසු ඉන්දියාවට යයි.මේවාට අමතරව කොල්ලකන ලද බොහෝ ධනයේ ඔවුන්ගේ කොටසද රැගෙන යන්නට ඇත.
රජු තම පවුලත් සමග වනයට පලා යයි. එහිදී ඔහු හඳුනන හිමි නමක් ඔහු සහ පවුල ඒ අසල ජිවත්වන තනසිව නම් ප්‍රධානියෙකුට බාරදෙයි. රජ පවුල අවුරුදු 14ක් තනසිව ගේ පිහිටෙන් ජිවත් වෙයි. දැන් රජ පවුල තනසිවහට කරදරයක් වී ඇති සතිය. ඔහුගේ බිරිඳ අග මෙහෙසිය රජ පවුලේ සලාකය රැගෙන යෑමට පැමිණි විට ඒ කූඩයට පයින් ගසයි. ඇය හඬමින් රජු වෙත යයි. රජු පවුලත් සමග පැනයාමට තත් කරද්දී රජු සහ තනසිව අතර දුනු සටනක් ඇතිවී තනසිව මිය යයි.
ඇත්තට, වංශ කතාවල කොයිතරම් ලස්සනට වටකුරු කරලා ලියලා තිබුණත්, ඔය චරිත කිසිවක් සුදු චරිත නෙවෙයි. කොයිතරම් නම් කළමනාකරණයක් අවශ්‍ය වෙන්නට ඇද්ද වළගම්බා රජුට...
ReplyDeleteඇත්ත ඔතරම් ආලයක් සතුරාගෙන් වසන් වී ඉන්න එකම
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමහා පරාක්‍රමබාහු ගැනත් ලියන්න
ReplyDeleteමහාවංශයෙ දුටුගැමුණු ගැන හුගක් ලියල තිබුනට ඉන්ටරෙස්ටින් ගතියෙන් සහ ඩ්‍රැමටික් අගයෙන් 1 පරාක්‍රමබාහුගෙ කතාව ඊට ඉහලයි
ඇත්ත ඔහු වඩා දක්ෂ රාජ්‍ය පාලකයෙක් බව පෙනෙනවා
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමෙම රජු ඉක්මන් කේන්ති කාරයෙකි.
ReplyDeleteසෝමා දේවිය බිමට දැම්මා විය හැකිය.
ස්වේච්චාවෙන් බැස්සා කියල තමයි තියෙන්නේ
ReplyDelete