මේ දිනවල බොහෝ දෙනෙකු කුල බේදය ගැන කත කරනු
දක්නට ලැබේ. ඇත්තෙන්ම එය ඉතා හොඳ දෙයකි. මෙවැනි සාමාන්‍යයෙන් කතා නොකරන එහෙත් අප
සමාජයේ තැනින් තැන විටින් විට නොයෙකුත් අවස්ථාවන්හි මතුවන මෙවැනි කරුණු විවෘතව සාකච්චා
වීමම ඒවා සඳහා අත් පිළිගැනිම අඩුකරයි, ඒවායේ ඇති දුෂ්ට බාවය හෙලි කරයි.
අපේ ජාතිය පටන් ගත්තා යැයි කියන විජය
කුමරුගේ මෙහි පැමිණීමේදී එම හත්සියයක් පිරිස පිලිබඳ විස්තරයේ කිසිම කුල බෙදීමක්
ගැන දක්වා නොමැත. අප ජාතියට කුල හැඳින්වෙන්නේ විජයට දකුණු ඉන්දියාවෙන් රාජ්‍ය
වංශයෙන් කුමරියක රැගෙන එන විටය. විජය රජුගේ ඇමැතියන්ගේ රජ කුමරියක සඳහා වූ ඉල්ලීම
පිළිගන්නා මදුර පුරා රජු තම දියණිය සහ බොහෝ කුමරියන්ද බොහෝ වස්තුවද 18 කුලයකට අයත්
පවුල් සිය ගණනක්ද මෙරටට එවිය.
එහෙත් ඈත අතීතයේ මෙම කුල අනුව බෙදීම ලංකාවේ එතරම්
තදින් සමාජගතව තිබූ බවක් මහාවංශයේ නම් පෙනෙන්නට නැත්තේය.
මට හිතෙන විදිහට මෙම කුල
ක්‍රමය සහ ඒ සමග යන ධුරානුක්‍රමය
ලංකාවේ පැලපදියම් වන්නට ඇත්තේ මහනුවර යුගයේ බවය. මුහුදුබඩ ප්‍රදේශ පෘතුගීසි යටතට
පත්වීමත් සමග යුරෝපීයයන් ඉහලම කුලය බවට පත්වන්නට ඇති බවට කිසිම සැකයක් නැත්තේය. ක්‍රිස්තියානි
ආගම වැළඳ ගත් ස්වදේශිකයන් ඊළඟ කුලය බවට නිසැකවම පත්වන්නට ඇත. මක්නිසාද පෘතුගීසි
ඔවුනට සමාජයේ විශේෂ ස්ථානයක් විවෘත කර දෙන්නට ඇත. ඒ ඔවුන් මෙහි පැමිණි ප්‍රධාන
කාරණයක් ලෙස ඔවුන් කියා සිටියේ මෙම මිත්‍යා දෘෂ්ටිකයන්ට හරි මාර්ගය පෙන්වාදීමට
බවය.
මෙයට හොඳම උදාහරණයක් වනුයේ රන්දෙනිගල සටනට පැමිණෙන ඩි සා ගේ හමුදාවේ ප්‍රධාන කපිතාන්වරු හතර දෙනෙකුම කතෝලික එහෙත් සිංහල මිනිසුන් වීමය; දොන්
ඇලෙක්සිස්, දොන් බල්තසාර්, දොන් කැස්මුස් සහ දොන් තියෝදොසියස්. කපිතාන් රිබෙරියෝ
ගේ විස්තරයෙහි කියන්නේ ඔවුන් හතර දෙනා කොළඹ ක්‍රිස්තියානි පවුල් වලට උපන් දුපතේ ඉහලම
එසේම ධනවත්ම පවුල් හතරෙන් පැවත එන බවය.
සංසන්දනාත්මකව කන්ද උඩ පස්රට මේ අතර අවුරුදු
ශත වර්ෂ තුනක් පමණ ස්වාධීනව පැවතියේය. මෙම ප්‍රදේශවල පහතරට ප්‍රදේශ වල මෙන්
යුරෝපිය බලපෑමක් හෝ පාලනයක් නොතිබුණු බැවින් රටේ ඔවුන් ඒමට පෙර පැවතී කුල ධුරානුක්‍රමය
එසේම පවතින්නට ඇත. එසේ පැවතී ධුරානුක්‍රමය පිළිබඳව හොඳම අදහසක් ගත හැකිවනුයේ ඔවුන්
අතර ජිවත් වූ එසේම ස්වාධීන නිරීක්ෂකයෙකු විසින් ලියා තබන ලද ලියවිල්ලකින් බව ඇත්තෙන්ම
කිවයුතු නොවේ. රොබට් නොක්ස්ගේ නිරීක්ෂණ මෙයට හොඳම උදාහරණය වෙයි.
ඔහුට අනුව කන්ද උඩරට තිබුණු කුල පද්ධතිය පහත
පරිදිය.
1
.
ගොවිගම - රජු තම නිලතල
සඳහා නිලධාරින් තෝරා ගන්න ප්‍රජාව. මෙම ප්‍රජාව තුල කොටස් දෙකකට බෙදී තිබුනද ඒ
විවාහයන් සඳහා පමණි. අනෙක් සියලු දෑ සඳහා ඔවුන් සමාන වුහ. නම්වලින් ඇඳුමෙන් ඔවුන්
අනෙක් කුල වලින් වෙනස්විය. දනිහෙන් පහලට සහ ඉනෙන් උඩට ඇඳුම් අඳින්නට ඉඩ ලැබුනේ මෙම ප්‍රජාවට පමණි.
2.
ශිල්පියයන් - රන්කරු, කම්හල්
කරුවන්, වඩුවන් සහ චිත්‍ර ශිල්පියන්
3.
කරනවෑමියන් -
4.
කුම්ලුන් - මැටි වැඩ
5.
රදා - රෙදි සොදන්නන්
6.
හකුරු තනන්නන් -
7.
පදු - සොල්දාදුවන් සහ විශේෂ
ශිල්පයක් නොදන්නා කම්කරුවන්
8.
වියන්නන්, බෙර ගසන්නන්
සහ හඳහන් ලියන්නන්
9.
පුටු වියන්නන්
10. කින්නර - බුමුතුරුණු වියන්නන්
මෙම කුල ක්‍රමය බොහෝවිට යොදාගෙන තිබුනේ යම්
ශිල්පයක් සඳහා කුඩාකල සිටම පුහුණුකර ඉහල හැකියාවකින් ඇති වෘතිකයන් බිහිකිරීමට බව
පෙනී යයි. මෙවැනි බෙදීම් එකල අවශ්‍ය වුයේ එම අවශ්‍යතාවය උදෙසාය. විශේෂ හැකියාවන්
ජානවලින් පමණක් පරම්පරාගත වෙන්නේ යයි ඔවුන් එකල සිතන්නට ඇත. නමුත් මිත්‍යා විශ්වාස
බොහෝ විශ්වාස කරන්නන් ලෙසට අප මෙය බොහෝ කාලයක් නිකරුනේ පවත්වා ගෙන ගොස් ඇතිබව
පෙනේ.
බටහිර රටවලත් මෙම ක්‍රමය
වෙනත් ආකාර වලින් තිබුණි. බොහෝවිට ඒවා හැඳින්වුණේ ගිල්ඩ් නමිනි. නමුත් අවශ්‍යතාවය
අවසන් වූ විට එම ක්‍රමවේද ස්වභාවිකව මිය යන්නට ඇරුණි. අපි අනික් හැම දෙයක්ම මෙන්
ඉතිහාසයේ එල්ලී සිටිමු.