Sunday, November 5, 2017

පොලිසියට තාක්ෂනය පෙනෙන්නේම නැද්ද ?






මෑත කාලයකදී  TV නිව්ස් වල  ආභරණ කඩයක් හෝ පෙට්‍රල් ෂෙඩ් එකක් ආයුධ සන්නද්ධ හොර කණ්ඩායම් විසින් මංකොල්ල කන අවස්තාවක් නොපෙන්නු දවසක් ඇත්තෙම නැති තරම්ය. ඊයේ පෙන්වන ලද ආභරණ කඩයේ මැදිවියේ  අයිතිකරු සහ  ඔහුගේ පහළොස් හැවිරිදි පුතා විසින් සොරුන් පලවා හැරීමට කරන ලද සටන ඇත්තෙන්ම චිත්‍ර පටයක වත් නොදකින අන්දමේ  වීර කමකි. එහෙත් අනික් පැත්තෙන් ජිවිත පරදුවට තබමින්  එවැනි වීරකම් කරන්නට අහින්සක  වයස්ගත ව්‍යාපාරිකයන් තල්ලු කරන්නේ කවුදැයි සොයා බැලීම  අපගේ යුතු කමකි.

එසේම එවැනි කනගාටුදායක සිදු වීම් වලක්වාගත හැකි ආකාර සාකච්චා කිරීමද අප යුතුකමකි.

සාමාන්‍යයෙන් පොලිස් ස්ථානයක බල ප්‍රදේශය තුල නගර  දෙකක් පමණ ඇත්තේය. උදාහරණයක් වශයෙන් මා දන්නා වත්තේගම පොලිස් ප්‍රදේශය තුල නගර වශයෙන් තිබෙන්නේ මැණික්හින්න, මඩවල  සහ වත්තේගමයි. සාමාන්‍යයෙන් අවිගත් සොරකම් වලට ලක්වන පෙට්‍රල් ෂෙඩ් සහ ආභරණ සාප්පු මෙම පොලිස් ප්‍රදේශයේ මෙම කුඩා නගර වලින් පිට ඇත්තේම නැති තරම්ය.

එසේ නම් පොලිස් ස්ථානය කල යුත්තේ කුමක්ද ? වෙන කිසිවක් නොව  එවැනි අපරාධයක් සිදුවන විට ප්‍රතික්‍රියා කිරීම සඳහා යම් වැඩපිළිවෙලක් ස්ථානගත කිරීමයි.
මේ සඳහා මුලික අවශ්‍යතාවයන් පහත පරිධිය;


  1. අපරාධය පටන් ගත්  විගස පොලිසිය දැනගැනීම
  2. එය වැලැක්වීම සඳහා එම අපරාධ කරුවන් දමනය කල හැකි තරමට සන්නද්ධ වූ පොලිස් කණ්ඩායමක් අපරාධය අවසන්වී සොරුන් පලා යාමට පෙර  එතනට යැවීමට ඇති හැකියාව.
1- වයි ෆයි නිසා දැන් ඕනෑම ස්ථාන දෙකක් හෝ සමුහයක් සන්නිවේදනය කිරීම සඳහා මුලිකව රුපියල් 3000ක් හා  මසකට රුපියල් 1000ක  පමණ වියදමකට  සම්බන්ධ කර ගත හැක. සොරෙකු පැමිණි බව දන ගත වහාම කකුලෙන් යමක් තදකිරීමෙන් එසේත් නැත්නම් වැරදි ලාච්චුවක් අරින්නට සැලැස්වීමෙන් මෙවැනි සම්බන්ධයක් හරහා පසුවෙන්ම පොලිසියට ක්ෂණිකව මේ පිළිබඳව දැන්විය හැක.
2- සන්නද්ධ පොලිස් නිලධාරින් දෙදෙනෙකු හෝ වැඩිදෙනෙකු මෝටර් බයිසිකලයක හෝ වාහනයක තබා තියන්නට පුළුවන.( මේ නිලධාරින් මේ වැඩයට  පමණක් නොව වෙනත් එම නගරය අවට අවශ්යතාවන්ටද යෙදවිය හැකි නිසා මෙහි තවත් ප්‍රයෝජන බොහෝය)

මේ සඳහා පොලිසියට අවශ්‍ය තරම් මෝටර් බයිසිකල් නැත්තේ නම් රජයට මුදලුත් නැත්නම් ඒවා මාසික කල් බදු ක්‍රමයට මිලදී ගෙන ආරක්ෂාව සැපයෙන , නගර වල සාප්පු වලින් කුඩා මාසික ගාස්තුවක් අයකර මිලදී ගෙන මාසික ගාස්තු ගෙවීම අවසන් වූ පසු අයකිරීම්  නවතා දැමිය හැක. බයිසිකල් දෙකකට ලක්ෂ 5ක් වියදම් වන්නේ නම් ව්‍යාපාර 50 ක් තිබෙන්නේ නම් එක ව්යාපාරිකයෙකුට වියදම් වන්නේ රුපිය 10000 කි. මෙයත් අවුරුද්දකින් ගෙවීමට පිළියෙළ කළහොත් එය මසකට රුපිය 1000 පමණ වනු ඇත.

පොලිසියේ නිලධාරින් ප්‍රමාණය 77000 කි , මෙයට අමතරව මේ දිනවල tv නිව්ස් බලන විට  STF එකත් දැන් වැඩ සොයමින් සිටින බවක් පෙනේ. ඒ නිසා මිනිස් බලයේ කිසිම අඩුපාඩුවක් තිබිය නොහැක, 

නොකරන්නේ ඇයි ?





11 comments:

  1. Very good idea for Mr. IGP to think and implement!

    ReplyDelete
  2. ඉතාම හොඳ අදහසක්.
    මැණික්හින්න, හුරීකඩුව පැත්ත මමත් දන්නවා

    ReplyDelete
  3. ඔය සියල්ලම තිබුනත් පොලිසියට අවශ්‍යම දෙය නැත. ඔබ දන්නවාද කුමක්ච කියා?

    ReplyDelete
  4. මම නත්තරන්පොත

    ReplyDelete
  5. පොලිසියට තාක්ෂණය හොඳට පේනවා. ඒ විතරක් නෙවේ එයාලා දැන් ස්මාර්ට් වෙලා ඉන්නේ එයාලා අපරාධයක් උන ගමන් ගිහිල්ලා ඉස්සෙල්ලම අහන්නේ මේ ස්ථානයට කිට්ටුව CCTV camera තියෙන්නේ කොහෙද කියලා. ඊට පස්සේ තමා වැඩේට බහින්නේ
    විචාරක දියණිය

    ReplyDelete
  6. මෑතකදී සී සී ටී වී බලන්ඩ ඒ පැත්තේ හොර නායකයෙක්ව එක්කන් ගිහින් තිබුනා පොලීසියේ කරයිම්ස් ඕ අයි සී. ද

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...