http://lakshmanillangakoon.blogspot.com/2017/09/3-3.html
සිට
අප ආනයනය කරන
භාණ්ඩ අතර ප්‍රධාන වශයෙන් රෙදි, ඛනිජ නිෂ්පාදන, ඛනිජ තෙල්, ආහාර ද්‍රව්‍ය, යන්ත්‍ර
උපකරණ සහ වාහන ඇතුලත් වෙයි. මෙම ලැයිස්තුවේ තිබෙන රටවල් සහ ඒවායෙන් හෝ ඒවාට අපි
ආනයනය හෝ අපනයනය කරන්නා වූ වටිනාකම් දෙස බැලු විට අප විශේෂ සහයෝගයකින් වැඩ කල
යුත්තේ කුමන රටවල් සමග දැයි අපිට ඉතා පැහැදිලි ලෙස පෙනෙයි. ඒ අපේ විශාලතම මිලදී
ගන්නන් වන එක්සත් ජනපදය සහ එක්සත් රාජධානියයි.
ගනු දෙනු කාරයා රජුන්ය, යන කියමන ගමේ හන්දියේ සිල්ලර කඩයට පමණක් නොව අන්තර් ජාතික
වෙලදාමේදී රාජ්‍යයන් අතරද තිබෙන බව අප පසක් කර ගත යුත්තේය.
ලංකාවේ ඇති
ස්වාභාවික සම්පත් අතර ප්‍රධාන තැනක් ගන්නේ හුණු ගල්, මිනිරන්, ඛනිජ වැලි, මැණික්,
පොස්පේට්, මැටි සහ ජල විදුලිය නිපදවිය හැකි ජල විභව බලය වැනි සම්පත්ය. මේ
ස්වාභාවික සම්පත් අතරට සංචාරකයන් මෙරටට ආකර්ශණය කර දී අපට බොහෝ විදේශ විනිමය උපයා
දෙන අප දර්ශණීය මුහුදු වෙරළ තීරයද ඇතුලත් කල යුතු සම්පතක් ලෙස සැලකිය හැක. මෙයට
අමතරව ස්වාභාවික සම්පතක් ලෙස ත්‍රීකුණාමල වරායද සැලකිය හැක. මේසා විශාල හා ගැඹුරු
ස්වාභාවික වරායක් රටකට; විශේෂයෙන් අප වැනි සංසන්ධනාත්මකව කුඩා රටකට ලැබිය හැකි ඉහලම අගයක් ඇති
ස්වාභාවික සම්පතකි.
වානීජ වරායක්
වශයෙන් පමණක් නොව සංචාරක ව්‍යාපාරය, මාළු ඇති කිරීම, වැනි බොහෝ කර්මාන්තයන්ට මෙම
වරාය යමෙකු සැලසුම් කර නිර්මාණය කල ලද්දක් වැනිය. එහි ඇති විභවයන් හරි හැටි යොදා
ගනිමින් එම වරාය ප්‍රදේශය වානීජමය ව්‍යාපාරයනට යෙදවිය හොත් මෙය ලංකාවේ වටිනාම
ස්වාභාවික සම්පත කරගත හැකි බවට කිසිම සැකයක් නැත්තේය. ඒ අතරම මෙවැනි සුවිශේෂී
වරායක් අවට අලුතින් කර්මාන්ත හෝ වෙනත් නිෂ්පාදන ක්‍රියාවලියට යෙදවිය හැකි හිස් ඉඩම් අක්කර ලක්ෂ ගණනක් තිබීමද තවත් මෙම
වරායේ අගය වැඩි කරයි.
d.එම රට
වටා ඇති දේශපාලනික පරිසරය කෙසේ වේද.
ඕනෑම රටක ජාතික
ආරක්ෂාව සැලසුම් කිරීමේදී එම රට තිබෙන්නේ කුමන පරිසරයක් තුලද යන්න ඉතා වැදගත්
වෙයි. මීට පෙර සාකච්ඡා කල පරිදි කියුබාව සහ දකුණු කොරියාව මේ සම්බන්ධයෙන් හොඳ
උදාහරණ දෙකකි. අප රට වුවද ඉන්දියානු මහා ද්වීපයට මෙතරම් කිට්ටුවෙන් තිබීමෙන් බොහෝ
ප්‍රශ්න වලට මුහුණ පෑවේය. ක්‍රිස්තු පුර්ව 144 වසරේ සේන සහ ගුත්තික ආක්‍රමණයේ සිට 1214 දී මාග ආක්‍රමණය
දක්වා ; ඇත්තෙන්ම බටහිර
ජාතීන් ඉන්දියානු මහාද්වීපයට පැමිණෙන
තෙක්ම, නොයෙක් විට අපට ඉන්දියාවේ ආක්‍රමණ වලට මුහුණදීමට සිදුවිය. පසුගිය කාලයේ අප
මුහුණ දුන් 30 වසරක ත්‍රස්තවාදී යුද්ධයක වුවද අප මෙතරම් ඉන්දියාවට කිට්ටුවෙන්
සිටියේ නැත්නම් සිදු නොවන්නට බොහෝ දුරට ඉඩ තිබුණි.
ඉංග්‍රීසීන් පැමිණ එක්සත් කරන තෙක් ඉන්දියාව
ඒකීය රාජ්‍යයක් නොවී කුඩා රාජ්‍යයන් බොහෝ ගණනක් තිබීම නිසා අප බොහෝ විට ඉන්දියාවේ කොටසක් වීම වැලකුණු බව පෙනේ. එලෙසින්ම
අතීතයේ වුවද ඉන්දියාවේ බිහි වූ මුලු අර්ධද්වීපයේම පැතිර ගිය අධිරාජ්‍යයන්
ඉන්දියාවේ උතුරු ප්‍රදේශයට සීමා වීම අප එලෙස ඉන්දියාවේ කොටසක් නොවීමට බලපෑ තවත්
සාධකයක් වන්නට ඇත.
ධර්මාශෝක රජු
ගොඩ නැගූ මෞර්ය අධිරාජ්‍ය වුවද දකුණු ඉන්දියාවට ඇතුලු වන අවදියේදී අධිරාජ්‍යය
දිග්විජයෙන් ඉවත්වීම නිසා ලංකාව නාමික වශයෙන් ඔවුන්ගේ අනුග්‍රහය යටතේ රාජාභිෂේක ලැබුනේ
වුවද භෞතිකව ඉන්දියාවේ කොටසක් වීම වැලකුණු බව පෙනේ.[1]
මෙලෙසම කලාපිය
දේශපාලනය දෙස බලනවිට ,ඉන්දියා පකිස්තානු අසමගිය අපගේ පරිසරයෙන් අපට ඇතිවිය හැකි
තවත් ප්‍රශ්නයකි.
උදාහරණයක් වශයෙන් ඉන්දියාව බොහෝ විට පරමාණු බලාගාර පිහිට වන්නේ
ඉන්දියාවේ දකුණු දෙසට වන්නටය. එයට ප්‍රධාන හේතුවක් ලෙස සැලකිය හැක්කේ යුධ
අවස්ථාවකදී පකිස්තානය පැත්තෙන් ගුවන් ආක්‍රමණයක් පැමිණිය හොත් බලාගාර හැකි තරම් මුලශ්‍රයෙන්
ඈත්කර තැබීමටය. එහෙත් එවැනි බලාගාර මේ නිසා අප කිට්ටුව ස්ථාපිත වෙයි. මෙලෙස න්‍යෂ්ඨික
බලාගාර අප රටට බොහෝ කිට්ටුවෙන් තිබීම අපට බොහෝ අනතුරුදායක තත්වයක් ඇති කරන්නට ඉඩ
තිබේ. මෙයට පහත හේතු ප්‍රධාන වශයෙන් බලපායි.
·
- යුද්ධයකදී සතුරන් විසින් ගුවන් ප්‍රහාර සදහා බලාගාර ඉලක්ක කිරීම.
- · චර්නොබිල් වැනි අත්වැරදීමකින් වන සිද්ධියකින් පිපිරීමක් සිදුවීම.
- · යම් ISIS වැනි ත්‍රස්තවාදී කණ්ඩායමකින් විනාශකාරී ප්‍රහාරයක් එල්ල කර බලාගාරයක් විනාශ කලහොත් ඉන් අපට ඇතිවන ප්‍රතිවිපාක.
අප හා ඉන්දියාව
ලෙස රටවල් දෙකක් මෙතරම් කිට්ටුවෙන් තිබීම; භූමි දේශ සීමාවක් නොතිබුනද බොහෝ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්න
ඇති කරයි. විශේෂයෙන්ම මුහුදු සීමාවන් නිර්ණය කිරීමේදී නාවික සැතපුම් 12, නාවික සැතපුම්
24, නාවික සැතපුම් 200 සහ මහාද්වීපික ස්ථරය වැනි සාගර අයිතීන් බෙදා ගැනීමට යාමේදී
මෙලෙස රටවල් දෙකක් ඉතා කිට්ටුවෙන් තිබීම බොහෝ ගැටලුකාරී තත්වයන් ඇති කරයි.
[1] දේවානම්පියතිස්ස රජු
ධර්මාශෝක අධිරාජයා ගේ අනුග්‍රහය යටතේ නැවත රාජාභිෂේක ලැබීම. මහවම්සය , ගයිගර් .11 වන පරිචේදය
No comments:
Post a Comment