අපි උසස් පෙළ විභාගය කරද්දී අපේ මිතුරන් කිහිප දෙනෙකුට ලොකු අකරතැබ්බයකට මුහුණ පාන්නට සිදුවිය. ඒ කොපි කිරීමක් නිසාය. මට මේ සිද්දිය මතක් කර දුන්නේ මේ ලඟදි උසස්පෙළ රසායනික විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිළිබඳව ලංකාවේ පමණක්ම සිදුවිය හැකි හාස්‍ය ජනක කොපි කිරීමේ සිද්දිය නිසාය.
අපේ සිද්ධිය , මෙවර එක තරම් විදග්ධද (sophisticated) නොවුවද ඒ තරමටම හෝ ඊටත් වැඩියෙන් හාස්‍යජනකය. එවර උසස් පෙළ ප්‍රශ්න පත්‍ර තුනක් විය ; බහුවරණ, කෙටි පිළිතුරු සහ රචනා ආකාර. මා කියන්ට යන දේ සිදුවුයේ මේ අතරින් කෙටි පිළිතුරු පත්‍රයේය. එහි එක ප්‍රශ්නයකට පිළිතුර වුයේ මහාමාරිය නමැති රෝගයයි. හොඳින් විභාගයට පිළියෙළ වූ සිසුවෙකු පිටුපසින් ඒක දිගටම ඔහුගෙන් උදව් බලාගෙන අප පන්තියේම සිසුන් තිදෙනෙකු සිටියහ.
වැඩ හොඳ සිසුවාට (A) කෙලින්ම පිටුපසින් සිටි සිසුවා මුලින්ම උදව් ඉල්ලුවේ මහාමාරිය ප්‍රශ්නයටය. A ඉතාම ප්‍රවේශමෙන් කාටවත් නොපෙනෙන්නට පිළිතුර ඔහුට ලබාදුන්නේය. එහෙත් පරිසරයේ තිබූ භයානක තාවය නිසා හෝ කන් ඇසීම අඩු නිසා B ට උත්තරය ඇසුනේ මහාමාර්ගය ලෙසිනි. ඔහු මහාමාර්ගය යනුවෙන් පිළිතුර ලිව්වේය. ඔහු පසුපසින් සිටින තම මිතුරන් දෙදෙනාටත් පිළිතුර ලබා දුන්නේය. තවත් බොහෝ පිළිතුරු මෙලෙස ඒක දිශාවිකව ගලායන්නට පටන් ගත්තේය.
මොවුන්ගේ කරුමයකට මේ සියලු ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීමට ලැබුනේ එක් මොලේ ඇති ගුරුවරයෙකුටය. ඔහුට සමහරවිට පළමුවර මහාමාර්ගය වැනි කිසිම ගැලපුමක් නොමැති පිළිතුරක් දුටු විය හිනායන්නට ඇත. නැවත දෙවෙනියට තවත් පිළිතුරු පත්‍රයක දකිනවිට එම සිදුවීම සන්නිපතිතයක් ( coincidence) යයි සිතෙන්නට ඇතත් යම් සැකයක් රෝපණය වන්නට ඇත.
ඇන්නෑවේ ! මහාමාර්ගය තුන්වන පිළිතුරු පත්‍රයේ දකිනවිට මෙතැන අමුතු යමක් සිදුවී ඇති බැව් ඔහුට පසක් විය. පසුව මහාමාර්ගය නමැති පිළිතුර ඇති පත්‍ර වල අනෙක් පිළිතුරුද හොඳින් පරීක්ෂා කලවිට නිවැරිදි පිළිතුරුද එකිනෙකට බොහෝ සමාන බව පෙනී ගිය අතර මට මතක හැටියට සිසුන් තිදෙනෙකුගේ විභාග ප්‍රතිපල තහනම් කර අවුරුදු තුනකට විභාගයන්ට පෙනී සිටීමද තහනම් කෙරින.
මෙලෙස විභාග වංචා කිරීම් බොහෝ සිදුවන්නට ඇත. අසුවන්නට ඇත්තේ කිහිපයක් වන්නට ඇත. මෙය tip of the ice berg ප්‍රශ්නයකි. හතෙන් අටක්ම තිබෙන්නේ වතුර යටය.අසුවී නොමැත්තෝ ඕනෑතරම් ඒ කඩ ඉමෙන් ගොඩ දාගෙන ඉහල තැන්වල සාර්ථක ජිවිත ගතකරන බව නොඅනුමානය. ප්‍රශ්න පත්‍රයක්ම නොව සමහරවිට ඒක ප්‍රශ්නයක් , එක හොඩුවාවකින් කෙනෙකු ගොඩ යන්නට පුළුවන් වනුයේ මේ විභාග එතරම්ම තරඟකාරී නිසාය. ඒක ලකුණකින් මුලු ජිවිතයම වෙනස් කරන්නට පුළුවන්ය.
ඒ වෙනස සමහරවිට මුදලින් ගණන් හැදුවොත් ලක්ෂ 100 ක් පමණ විය හැක. මක්නිසාද ජනතාවගේ මුදලින් අධ්‍යාපනය ලබා ගැනීමට නොහැකි වුවහොත් එම දරුවාට මුදල් ගෙවා උපාධියක් ලබා දෙන්නට නම් එම දෙමව්පියන්ට රුපියල් ලක්ෂ 100 පමණ ; පිටරට විශ්ව විද්යාලයකදී නම් වැයවේ.
මෙතරම් ලොකු මුදලක් පරදුවක් ලෙස තිබෙන්නේ බොහෝ විට තුන්වන ලෝකයේ රටවලය. මක්නිසාද , දියුණු රටවල විශ්ව විද්‍යාල වලට තෝරා ගන්නේ මෙවැනි මාරාන්තික තරඟ විභාග වලින් නොවන හෙයිනි. ඒ හේතුවෙන්ම වෙනත් ක්‍රම වලින් , අසාධාරණ ලෙස තරඟය ජයගැනීමට බොහෝ ක්‍රම හැකි අයවලුන් උපයෝගී නොකර සිටීවි යයි කෙසේවත් හිතන්නට නුපුළුවන.
අනික් පැත්තෙන් ඉදිරි අනාගතයේදී සන්නිවේදන තාක්ෂනය දියුණු වීම ඉතාම වේගයෙන් සිදුවීම අනාවැකි කියන්නට අවශ්‍ය දෙයක් නොවේ. 1965 දී ගෝඩන් මුවර් ධාරිතාවය වසර දෙකකට වරක් දෙගුණ වීම පිළිබඳව අනාවැකියක් ඉදිරිපත් කල අතර එය යම් අඩු වැඩි වෙනස් ඇතිව වුවද සත්‍යක් වී තිබේ. පසුගිය වසර කිහිපයේ මේ වේගය තරමක් අඩු වී ඇත්තේ වුවද මේ හේතුව නිසා ඩිජිටල් උපකරණ මාස 18 කට පමණ වරක් ප්‍රමාණය බාගයකින් පමණ අඩුවන ප්‍රවන තාවයක් දක්නට ලැබේ.
මේ සන්නිවේදන ක්ෂේත්‍රයේ මෙලෙස දියුණු වන එකම අංශය නොවේ. දත්ත හුවමාරු කිරීම ද මේ වේගයෙන්ම දියුණු වන අතර කරාඹුවකට, දත් අතර සැඟවූ කුඩා උපකරණයකට බොත්තමක, කමිස කොලරයක හෝ උපැස් යුවලක සැඟවූ කැමරාවකින් ලබාගන්නා පින්තුර සැතපුම් දහස් ගණනක් දුර උත්තර පිළියෙළ කෙනෙකුට යවා පිළිතුර ගෙන්වා ගැනීමේ තාක්ෂනය දැනට මත් ඇත්තේය. තවත් ඉදිරියට ගිය විට යම් ශරීරයේ ඇතුලත සවිකළ සන්නිවෙදකයකින් එසේත් නැත්නම් ඇඳුමේ කොටසකින්ම කෙලින්ම දැනුම වලාකුලකට සම්බන්ද වී ඕනෑම ප්‍රශ්නයකට හොඳම පිළිතුර බාහිර කිසිවකුගේ උදව්වක් නොමැතිව ලබා ගන්නට හැකි වනු ඇත.
අපි දන්නා විභාග ක්‍රම සම්පුර්ණයෙන්ම කල් ඉකුත් වීමට තව අවුරුදු දහයක් වත් නැත. එහෙත් අපි වල අලි ප්‍රශ්නය මෙන් මේ ප්‍රශ්නයත් නොදැක්කා මෙන් තනි වරද කරුවන් අල්ල ගෙන ඔවුන්ට දඬුවම් කරන්නට උත්සාහ කරමින් සිටින්නෙමු. සත්‍ය තිත්තය , එහෙත් එයට මුහුණ දිය යුතුය. විවුර්ත පොත් සහ ඉන්ටර්නෙට් සහිතව පවත්වන විභාගයකදී ප්‍රශ්න වලට ඉතාමත් නිර්මාණ ශීලි පිළිතුරු සෙවීම මෙම අලුත් විභාග ක්‍රමය වීමට බොහෝ ඉඩ ඇති බව මගේ හැඟීමයි.
ජාතික සැලසුම් කරුවන් ; එහෙම කොටසක් මෙරට සිටින්නේ නම් , මේ දෙස බලන්නට කල් පැමිණ තිබේ.
######
ReplyDeleteකාලීන වැදගත්කමක් ඇති හොඳ ලිපියක්.
ReplyDeleteවිභාග වලදී යොමු කරන ප්‍රශ්නවලට නිර්මාණශීලි පිළිතුරු සැපයීම පිලිබඳ ඔබගේ අදහස ඉතාමත් කාලින යෝජනාවකි. ඒ සමගම එවැනි පිළිතුරු නිරවද්‍යව ඇගයීම පිළිබඳවද ක්‍රමවේද සකස් කර ගැනීමද සමාන්තරව සකස් විය යුතු නොවේද?
ReplyDeleteයොමු වෙයි අවධානෙ ?
ReplyDelete