මේ දිනවල බොහෝ කතිකාවට ලක්වන බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමේ පනත පිළිබඳව මටත් සොයා බලන්නට සිතුනි. මේ පනත කුමක්ද ,එය කුමක් අරමුණුකර අන්තාර්ජාතික වශයෙන් සම්මුතියකට නංවා ඇත්තේද , මෙම පනත මෙරට නීති පද්දතියට ඇතුල් කිරීමෙන් අපට කුමන පල විපාක ලැබේද යනාදී වශයෙන් අප මේ පනත දෙස පරීක්ෂාවෙන් බැලිය යුතුය.
අවුරුදු සිය ගණනක සිට මේ කරුණ පිළිබඳව උනන්දුවක් තිබුනද මෙම පනත පිලිබඳව එක්සත් ජාතීන්ගේ මන්දකය මුලින්ම ක්‍රියාත්මක වී ඇත්තේ 1971 වසරේය. අවුරුදු 25 ක් නොයෙකුත් අවධි වල දියුණු කිරීමෙන් පසු 2006 මෙම පනත එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ පිළිගැනීමෙන් පසුව 2007 පැරිස් නුවර සාමාජිකයන් 53 දෙනෙකු විසින් අත්සන් කරන ලද අතර මේ වනවිට රටවල් 59ක් මෙම පනත තමන්ගේ රටවල නීතියක් ලෙසට පිළිගෙන තිබේ. නීතියක් ලෙසට පිළිගතහොත් එම රට ප්‍රධාන වශයෙන් පහත සඳහන් දෑ කිරීමට බැඳී සිටි.
1. බලහත්කාරයෙන් අතුරුදහන් වුවන් පිළිබඳව සොයා බලා වගකිවයුත්තන් නිතිය ඉදිරියට ගෙන ඒම
2. බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම රටෙහි අපරාධ නීතියෙහි කොටසක් බවට පත්කිරීම.
3. එවැනි වරදකට සැක කරන විදේශිකයකු වුවද තම රටෙහි සිටියදී ඔහුට විරුද්දව නීතියෙන් කටයුතු කරීමට හැකිවන පරිදි අධිකරණ බලය ඇතිකිරීම.
4. චෝදනා ලැබුවන් නිතිය ඉදිරියට ගෙන ඒම, අතුරුදහන් වුවන් ට සහන සැලසීම සහ ඔවුන්ගේ ශරීර කොටස් සොයා ආපසු බාරදීම සඳහා අනෙක් සාමාජිකැ රටවල් සමග එකතු වී වැඩ කිරීම.
5. පුරවැසි නිදහස නැතිකිරීමට විරුද්දව සහ අත්අඩංගු උසාවි ඉදිරියේ අභියෝග කිරීමට හැකි වන පරිදි නීති සකස් කිරීම.
6. දැනට සිරබාරයේ සිටින සියලුම දෙනා සඳහා ලැයිස්තුවක් සකස් කර ඔවුන්ගේ ඥාතීන් සහ නීතිඥයන්ට ඔවුන් පරීක්ෂාකිරීමට ඉඩ ලබා දීම.
7. අතුරුදහන් වුවන් හෝ එයින් කෙලින්ම බැට කැ තැනැත්තන්ට වන්දි ලබාගැනීමට හැකිවන පරිදි නීති සකස් කිරීම.
8. මෙම වන්දි, තිබූ තත්වයට පත්කිරීම, පුනරුත්තාපනය, තෘප්තියට පත්කිරීම ( නැවත සිදු නොවීමට වග වීම, ආත්ම ගෞරවය නැවත පිහිටුවීම, හානිපුරණය වැනි ක්‍රියා මඟින්)
රටකට පනතක් සඳහා අත්සන් කිරීමට පුළුවන, එහෙත් එක එක රටවල තිබෙන ජාතික නීති වලට අනුව එම පනතේ අඩංගු කරුණු රටෙහි නීතියක් බවට පත්වීමට නම් කලයුතු තවත් වැඩ කොටසක් තිබේ. ශ්‍රී ලංකාවේ නම් එම පනත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම කර ගත යුතුය. දැන් අප සිටින්නේ මේ අවධියෙහිය.
ශ්‍රී ලංකාවට මේ පනත පිළිබඳව විශේෂ උනන්දුවක් තිබේ. ඒ එක්සත් ජාතික මණ්ඩලයට අනුව ලංකාව ලෝකයේ රටවල් අතර ප්‍රමාණාත්මකව දෙවෙනියට බලහත්කාර අතුරුදහන් වීම සිදුවී ඇතැයි චෝදනා වී ඇති රට නිසාය. අප එම දත්ත අනුව ප්‍රමාණයන්ගෙන් දෙවෙනි වන්නේ ඉරාකයට පමණි. මෙවැනි පසුබිමක අප මෙවැනි සම්මුතියකට එකඟ වී නීති සම්පාදනය කිරීම වයර් එකක ඇවිදින්නාක් වැනි ගමනකි, නමුත් හරියට කර ගතහොත් අපේ මේ බොහෝ විට සාවද්‍ය කළු පල්ලම් සෝදා දැමීමට මෙය හොඳ අවස්තාවක් කරගත හැකිය.
ලංකාවේ සම්මත කිරීමට යන පනතේ අතීතයට බල පැවැත්වීම පිළිබඳව සාකච්චා කරනු ලැබෙයි. එය අතීතයට බල පාන්නේ නැති ආකාරයට නීති පැනවුවද , පුද්ගල බලහත්කාරකමෙන් නැතිවීම් සංවිධානාත්මක ලෙස , ක්‍රමවත්ව සිදු කර ඇත්තේ යයි ඔප්පු කළහොත් , එවැනි අපරාධ සමුල ඝාතන (genocide) වලට ගැනෙන බව 2002 රෝම අන්තර්ජාතික අධිකරණ සඳහා වූ නීති වල සඳහන් වෙයි.. එසේ වුවහොත් එවැනි අපරාධ වලට වෙනත් සාමාන්‍ය අපරාධ වලට මෙන් කාලයේ සීමාවක් බල පාන්නේ නැත. අවුරුදු 50ක් ගියත් විමර්ශන කල හැක. නමුත් ඒ සඳහා එම අතුරුදහන් කිරීම් ක්‍රමවත්ව සාමුහික ආකාරයකට විශාල වශයෙන් සිදු කර ඇති බව මුලින් ඔප්පු කර සිටිය යුතුය. එය පහසු කටයුත්තක් නොවේ.
පනත සම්මත කරගත් පසු අවුරුදු දෙකක් තුල රට තුල පනත ක්‍රියාත්මක කිරීමට ගත තීරණ සාමාජිකයන්ගෙන්ම සැදුම් ලත් පාලක මණ්ඩලයට වාර්තා කල යුතුය.
මෙම පනතේ සමහර කොටස් වෙනත් අන්තර්ජාතික නීති සමග ගැලපීමේදී ඇතිවන ප්‍රශ්න නිසා එය විවේචනයට ලක්ව ඇත. එයින් එකක් ලෙස අන ව්‍යුහයේ වග වීම සඳහන් කල හැක. එයින් සිදු වනුයේ යම් නිලධාරියෙකු විසින් කරන ලද වරදකට ඔහුගේ ප්‍රධානියා එම වරද සිදුවීම වැලක්වීමට නිසි ක්‍රියාමාර්ග ගෙන නැත්නම් ප්‍රධානියාටද විරුද්දවද කටයුතු කිරීමට හැකිවීමය. එම අතුරුදහන් වීමේ පනත සහ අන්තර්ජාතික නීති වල එන ව්‍යුහයේ වගකීම සංකලනය වූ විට , එසේත් නැත්නම් එකට ගත්විට බලෙන් අතුරුදහන් කර ඇති සිදුවීම් වල කෙලින්ම සම්බන්ද පුද්ගලයා හැරෙන්නට ඔහුට ඉහලින් සිටි ඔහුට සාමාන්‍යයෙන් එන දෙන නිලධාරියාටද චෝදනා එල්ල කිරීමට හැකියාව ලැබෙනු ඇත.
++++++++++++
ReplyDelete