ශ්‍රී ලංකාවේ
ජාතික ආරක්ෂාව: සැලසුම්
කිරිමේදී බලපාන සාධක සහ එයට නව ප්‍රවේශයක්.
1.
ජාතික ආරක්ෂාව යනු කවරේද :-
ජාතික ආරක්ෂාව යනු හරියටම පැහැදිලි කර නොමැති කලින් කල වෙනස් වන සංකල්පයකි. එය නොයෙක් ආකාරයෙන් නිර්වචනය කර
ඇත්තේ නමුදු සාමාන්‍යයෙන් අවබෝධ වන්නේ රජය විසින් රාජ්‍යය සහ එහි පුරවැසියන්, රජය සතුව ඇති දේශපාලන , රාජ්‍ය
තාන්ත්‍රික , ආර්ථික , හමුදාමය සහ මුර්දු බලය[1] වැනි බලයන් පාවිච්චි කර ආරක්ෂා
කිරීමයි.
ජාතික ආරක්ෂාව
යන සංකල්පය කාලයත් සමග නොයෙක් ලෙස පරිනාමය වී ඇත්තේය. මුල් කාලයේ ජාතියේ රහස් සහ
එහි පුරවැසියන් ආරක්ෂා කිරීම යනුවෙන් නිර්වචනය වූ ජාතික ආරක්ෂාව 1990 දී හාවඩ්
විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරයෙකු වූ චාල්ස් මේයර් විසින් මෙසේ අර්ථ දක්වා ඇත.
“ජාතික ආරක්ෂාව
හොඳින්ම අර්ථ දැක්විය හැක්කේ රටකට, තම ජනතාවට ඔවුන්ගේ විශ්වාසයන්ට හා බලාපොරොත්තු අනුව, ස්වාධීනව සහ කරදරයකින් තොරව ජීවත්වීමට අවැසි දේශීය සහ විදේශීය තත්වයන් පාලනය කිරීමට ඇති හැකියාව වෙයි.“
ජාතික ආරක්ෂාව නවතම
විග්‍රහයේ හමුදා ආරක්ෂාව , දේශපාලන ආරක්ෂාව, සයිබර් ආරක්ෂාව,ආර්ථික ආරක්ෂාව,
බලශක්ති ආරක්ෂාව, ජල ආරක්ෂාව සහ පරිසර ආරක්ෂාව යනාදී වශයෙන් සැලකිල්ලට ගැනේ.
ඉහත අර්ථ දැක්වීම් වලින් අපට ජාතික ආරක්ෂාව
පිළිබඳ යම් අදහසක් ලබා ගැනීමට පුලුවන.
ජාතික ආරක්ෂාව
පවත්වා ගැනීම සදහා පහත සදහන් ක්‍රමවේද අඩු
වැඩි වශයෙන් රජයන් විසින් යොදා ගනු ලැබේ.
·
මිතුරු රාජ්‍යයන්ගේ උදව් ලබා ගැනීම වැනි රාජ්‍ය තාන්ත්‍රික මෙවලම් - ඇමරිකාව ඇෆ්ගනිස්තානයට 2001 දී
පහරදීමට යන්නට පෙර ඔවුන්ගේ නොයෙකුත් මිතුරු රට වලින් හමුදා කණ්ඩායම් ලබාගෙන එය
ඇමරිකානු යුද්ධයකට වඩා අන්තර් ජාතික හමුදාවක් ලෙස පෙන්වීමට කටයුතු කිරීම.
·
ආර්ථික හැකියාවන් යොදා ගැනීම - ඉරානයෙහි පරමාණු අවි නිපද වුවහොත් එයින් බලවත්ම තර්ජනය
ඇතිවන්නේ ඇමරිකාවට සහ මැද පෙරදිග ඔවුන්ගේ ප්‍රධාන සගයා වන ඊශ්‍රායලයට නිසා
ඇමරිකාවේ සුවිශේෂී ආර්ථික බලය පාවිච්චි කර සම්බාධක පැනවීම.
·
හමුදා බලය - ඉන්දියාව අප රට ඔවුන්ගේ බල පරාසයේ තබා ගැනීම සදහා ඉන්දියානු සාම
හමුදාවන් ශ්‍රී ලංකාවට එවීම. අපට ඔවුනට වඩා හෝ එසේත් නැත්නම් කිට්ටුවෙන්වත් යන
හමුදා බලයක් තිබුනේ නම් ඔවුන් එසේ කරන්නේ නැත.
·
සිවිල් ආරක්ෂාව සහ ආපදා කලමනාකරණය සදහා පිලියෙල වීම - සුනාමි වැනි ව්‍යසන වලට මුහුණදීම
සදහා ක්‍රමවේදයන් ක්‍රියාත්මක කර සුනාමි නැඹුරු ප්‍රදේශවල ජනතාව පෙරහුරු යනාදිය
පවත්වා සූදානම් කර තැබීම.
·
අවැසි තරම් යටිතල පහසුකම් ගොඩනැගීම සහ ඒවායේ දරා ගැනීමේ හැකියාව උපරිම ලෙස
පවත්වා ගැනීම - ඩෙංගු සහ ගංවතුර වැනි ආපදා අවස්ථා වලට මුහුණදීම සදහා යටිතල පහසුකම්
අවශ්‍ය තරමට ගොඩ නැගීම.
·
කාර්යක්ෂම ලෙස රහස් තොරතුරු සහ සාමාන්‍ය දත්ත උපයෝගී කර ගැනීම - රහස් තොරතුරු (බුද්ධි) සහ අනාගතයේදී සිවිල් පරිපාලනයට ප්‍රයෝජනවත් විය හැකි තොරතුරු ; ගංවතුර නැඹුරු ප්‍රදේශවල වින්දිතයනට ප්‍රවේශමෙන් සිටිය හැකි ස්ථාන යනාදියත් එම ස්ථාන වලට ලඟාවිය හැකි මාර්ග යනාදිය පිළිබඳව දත්ත ගබඩාකර තබා ගැනීම වැනි , එකතුකිරිම ,විශ්ලේෂණය සහ බෙදා හැරීම නිසියාකාර සිදුකිරීම.
1. ජාතික
ආරක්ෂාව සැලසුම් කිරීමේදී බලපාන සාධක :-
යම් රටක ජාතික
ආරක්ෂාව පිළිබඳව සාකච්ඡා කරද්දී ඒ රටෙහි,
a.
විශාලත්වය හා ජනගහනය
b. කුමන
ස්ථානයක පිහිටියේද
c. රටේ
ආර්ථිකය
d. එම රට
වටා ඇති පරිසරය කෙසේ වේද
e.එම
ජාතිය සතුව ඇති මෘදු බලය
f. එහි
කුමන සම්පත් තිබේද
g. කවර
ආකාරයේ මිනිසුන් එහි ජීවත් වන්නේද
h. ඔවුන්ගේ
සංස්කෘතිය කෙලෙස වන්නේද
j. ඒ
ජාතියේ ඉතිහාසය කෙසේ සිදුවීද
k. රටෙහි
වර්තමානයේ ඇති සමාජ ප්‍රශ්න
I. පවතින
හෝ ඇතිවිය හැකි සතුරු තර්ජන
ඇතුළු බොහෝ දෑ
පරික්ෂා කල යුත්තේය.
ඉහත ලැයිස්තුව
සම්පූර්ණ එකක් නොවූවද, ඒවා ගැඹුරෙන් පරීක්ෂා කිරීම රටෙහි ජාතික ආරක්ෂාව කෙසේ විය
යුතු දැයි දල අදහසක් ගන්නට ප්‍රමාණවත්ය. මෙම වට්ටෝරුව වැදගත්කමේ අනු පිලිවෙලට ලියා
නැත්තේ නොයෙකුත් රට වලට ඉහත කරුණු වල වැදගත්කම බලපාන්නේ නොයෙක් ආකාරයට නිසාය.
උදාහරණයකට දකුණු කොරියාවේ ජාතික ආරක්ෂාවට මෙම කරුණු වලින් වඩාත්ම වැදගත් වන්නේ
ඔවුනට ආසන්නයේ ඇති රටවල් කවරේද යන්න කාරණාවයි. අපටද අප ජීවත් වන ප්‍රදේශය සහ අපගේ
අසල් වැසියන් කවුරුන්ද යන වග අතීතයේදී
බොහෝ සේ බලපෑවේය. එහෙත් මෑතක සිට එම බලපෑමේ ප්‍රමාණය ක්‍රමවත් අඩුවීමක් දක්නට
ලැබෙයි.
++++++
ReplyDelete