Sunday, June 25, 2023

ග්ලූකෝමා රෝගය

 මම මේ ලඟකදී වැල්ලවාය ප්‍රදේශයේ කෘෂිකාර්මික ව්‍යාපෘතියක් කළමනාකරණය සඳහා ගොස් සිටියෙමි. මෙහිදී බොහෝ කලින් පාරවල් වල වාහන එලවද්දි පාරේ ඈත කෙළවර එතරම් පැහැදිලිව පෙනෙන්නේ නැති බවක් මට සිතුනි. 

මම නැවත මහනුවරට පැමිණි පසු අක්ෂි වෛද්‍යවරයෙකු හමුවිය ඔහුගෙන් උපදෙස් ලබාගෙන ඇස් පරීක්ෂණ කිහිපයක් සිදු කළෙමි. 


එහිදී මට ග්ලූකෝමා රෝගය ඇතිවන්නට ඉඩ තිබෙන බවක් අක්ෂි වෛද්‍යවරයා පවසා සිටියේය. ඔහු එය සඳහා පාවිච්චි කිරීමට eye drop එකක්ද ලියා දුන්නේය. 


එය සෑම දිනකම හවස්වරුවේ රාත්‍රී හතට පමණ ඇසට දමා ගත යුතුය.


මම ගෙදර පැමිණ මේ අසනීපය ඇතිවීමට හේතු සහ එය තවදුරටත් වැඩි වීමට ඉඩ නොදී සිටීමට කුමක් කළ යුතුදැයි ගූගල් හරහා පරීක්ෂා කළෙමි.


එහිදී මම දැනගත්ත මිතුරන් ගේ අවධානයට යොමු කිරීමට පහතින් ලියා දක්වමි

ග්ලූකෝමා රෝගය ඇති වන්නේ ඇහේ ඉදිරිපස මතුපිට ද්‍රව එකතු වී ඒවායින් ඇසට ඇතිවන පීඩනය නිසා ඇසේ සිට මොළයට පණිවිඩ ගෙන යන ස්නායු නරක් වීම බව මම දැනගත්තෙමි. 


මම මේ පිළිබඳව මගේ යාලුවෙකුට පැවසූ විට ඔහු කියා සිටියේ ඔහුගේ මාමා කෙනෙකු කලකට පෙර මෙම රෝගය වැළඳී අවුරුදු විස්සක් පමණ අන්ධව තම ජීවිතයේ අවසාන කාලය ගත කළ බවයි. මෙයින් වික්ෂිප්ත වූ මම මෙය වළක්වා ගැනීමට කුමන ආකාරයේ වෙනස්කම් සිදුකර ගත යුතුදැයි ගූගල් හරහා තවදුරටත් පරීක්ෂා කරන්නට පටන් ගත්තෙමි..


එහිදී මම පහත සඳහන් ප්‍රවේශම් වීම් වලින් සෑහෙන දුරට ග්ලූකෝමා රෝගය වැළඳීමේ අවධානය අවදානම අඩු කර ගත හැකි බව දුටුවෙමි. බොහෝ දෙනෙකුට මෙම කාරණා වැදගත් විය යුතුයැයි මම සිතූ නිසා මෙලෙස බ්ලොග් එකක දමන්නට තීරණය කළෙමි.


 1. කෝපි බීම බොහෝ අඩු කළ යුතුය- මම දැන් අවුරුදු විසි පහක පමණ සිට උදේට නැවුම් කිරි ටිකක් දමා කිරි කෝපි එකක් බොන්නට පුරුදුව සිටින්නෙමි. ඒ අය තරම් විශාල කැපෙන් ප්‍රමාණයක් නොවන නිසා එහි වෙනසක් කරන්නට නොමැති බව මම තීරණය කළෙමි.

 2. තේ බොන එක හොඳ බව පෙනේ- මම දවසකට තේ කෝප්ප තුනක් හෝ හතරක් සීනි නොමැතිව බොන අතර එය දිගටම කරගෙන යන්නට සිතුවෙමි. 

 3. පහත සඳහන් විටමින් ලබා ගැනීම රෝගය පැමිණීම වැළැක්වීමට ප්‍රයෝජනවත් වන බව කියා තිබේ. එම විටමින සහිත ආහාර වර්ග සොයා මගේ ආහාර වට්ටෝරුවට එකතු කරගත යුතු බව මම සිතා ගත්තෙමි. A B9 C and E . මම දිනපතා ම පාහේ ඇඹුල් පලතුරු ගෙවත්තෙන් ලබා ගෙන ආහාරයට ගන්නා නිසා සී විටමින් ඒවා හැරෙන්නට අනික් ඒවා පමණක් සහිත විටමින් compound දෙකක් මිලදී ගන්නට තීරණය කළෙමි.

 4. වතුර පානය කරන විට ලීටර් කාලකට වඩා එක් වර පානය නොකළ යුතු බව කියා තිබේ. වතුර පානය කිරීම සෞඛ්‍යයට ඉතාමත් හොඳ යැයි අසා තිබෙන නිසා මම බෝතල් බාගයක් විතර එකවර පානය කරන්නට පුරුදුව සිටින්නෙමි. මෙය නවතා වතුර බොන විට වතුර බෝතල් කාලක් පමණ බීමට පටන් ගැනීමට තීරණය කළෙමි.

 5. රතු මස් වර්ග කෑම අඩු කළ යුතුය. මෙය තරමක් අමාරු කාර්යයක් වුවත් එය කළ යුතු බව පෙනේ. නමුත් අප රතු මස් කන්නේ බටහිර කනවට වඩා බොහෝ අඩුවෙන් නිසා මේ කාරණය අපට එතරම් වැදගත් නොවන්නට පුළුවන.

 6. Ginkgo Biloba ශාකයෙන් සෑදූ බෙහෙත් පෙති වර්ග ද මේ සඳහා හොඳ යයි අසන්නට ලැබුණු අතර මේ පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කිරීමට මම සිතා ගත්තෙමි.

 7. පහත සඳහන් පලතුරු ආහාරයට ගැනීම ද මෙම රෝගය වළක්වා ගැනීමට උදව් වන බව දැනගන්නට ලැබුණි.

 දොඩම්

පීචස්

කෙසෙල්

අලිපේර

වට්ටක්කා ඇට

කළු බොන්චි ඇට

ලූණු

ඉඟුරු

සුදු ලූනු

පොල් හෝ කුරුම්බා වතුර

සියඹලා


පුදුමයකට වගේ මම පසුගිය දවස් වල වැල්ලවාය සිටියදී අපගේ ගොවිපළේ සියඹලා ගසක බොහෝ ගෙඩි තිබෙනවා දැක ඒවා බ්ලෙන්ඩරයකට දමා ජූස් හදාගෙන බිව්වෙ මි. මම එම ජූස් වලට මහා ඇල්මක් දැක්වීම්. දැන් මට සතියකට දෙපාරක්

 පමණ එය continue කරන්නට පුළුවන.

8. තද සූර්යාලෝකය දෙස නොබැලීම, තද සූර්යාලෝකයට යනවව නම් අව් කණ්ණාඩි පාවිච්චි කිරීම

9. නිදාගන්නා විට සිවිලිම දිහා බලාගෙන නිදාගනීම

Thursday, June 22, 2023

titanic සබ්මැරීනය සහ ආතර් සී ක්ලාක්

 



මේ සබ්මැරීනයේ සිද්ධිය මට 1961 එක වසරේ ආතර් සී ක්ලාක් විසින් ලියන ලද මනරම් විද්‍යා ප්‍රබන්ධයක් සිහියට නැගුනි. 


අවුරුදු තිහ හතළිහකට පෙර මා විසින් කියවන ලද මේ පොතේ ද මෙවැනි සිද්ධියක්, හඳෙහි සියුම් වැලි කාන්තාරයක විශේෂ යානයකින් සංචාරයක් සඳහා යන කණ්ඩායමකට සිදුවෙයි.


පොතේ තිබෙන්නේ නේ එම යානය බේරා ගන්නා ආකාරයයි. එම සංචාරක කණ්ඩායමේ එක් සංචාරකයෙකු ්‍රී ලාංකික විද්‍යාඥයකු ද වූ බව ද මට මතකය. ඔහුගේ නම මට මතක හැටියට නිහාල් ජයවර්ධන විය. එම යානය බේරා ගැනීමේ කටයුතු වල දී ඔහුගෙන් යම් විශේෂ සේවයක් සිදු වූ බව ද මට මතකය.


මේ පොතෙන් තවත් එක් සිද්ධියක් මට මතකයි ඒ පොතේ මුල් හරියේ විය යුතුයි. මෙම පොතෙහි පසුබිමේ වන හඳේ මිනිසුන්ගේ ජනාවාස වල පළමු අපරාධය කාන්තාවක විසින් සිදු කළ බව විස්තර කර තිබීමය. එයින් කියැවුණේ සඳ මත ඕනෑ තරම් රත්තරන් හෝ වෙනත් වටිනා ලෝහයක් සුලභව තිබෙන නිසා සඳේ බොහෝ වැඩ වලට ලෝහයක් ලෙස යොදාගෙන තිබුණේ එම වටිනා ලෝහ ය බවය. තමන්ගේ හෝටලයේ කාමරයේ යම් ආරක්ෂාවට දමා තිබුණු උපකරණයක් රන්මුවා බව දැක කාන්තාවක් එය ගලවාගෙන තමන්ගේ පර්ස් එකේ දමාගෙන එය සොරකම් කරන්නට තැත් කිරීමෙන් ලොකු විනාශයක් සිදු වූ බවය.


එම කාන්තාව නම් ශ්‍රී ලාංකික කාන්තාවක් දැයි මට හරියට මතක නැත 🤣


එයට අමතරව මේ සබ්මැරීන ගමන යන්නට ඩොලර් දෙලක්ෂ පනස් දාහක් එක් මගියකු විසින් ගෙවූ බව මම දුටුවෙමි. මෙවැනි ඇඩ්වෙන්චර්ස් වල ඒක ලොකු මුදලක් නොවේ. හිමාලය කන්ද මුදුනට කෙනෙකුට නැගීමටත් ඩොලර් 50,000ක පමණ වැය වෙන බව මම දුටුවෙමි.

Wednesday, June 21, 2023

2 අන්තර්ජාතික නෞකා ගමන් මාර්ගය අපෙන් දකුණට ගෙන යාම 2;

 

https://lakshmanillangakoon.blogspot.com/2023/06/blog-post_20.html?m=1



අප අසලින් යන නෞකාවන් වෙතින් යම් ලාභයක් ලබා ගැනීමට නම් අප එම නෞකාවලට යම් සේවයක් ලබා දිය යුතුය. 


එසේ සේවයක් ලබාදීමට නම් ඒවා අපගේ වරායන් වලට ගෙන්වා ගත යුතුය එසේ නොමැති නම් එම නෞකාවන් අප අසලින් යද්දී එවැනි සේවාවක් ලබාදීමට අප අපගේ හැකියාවන් දියුණු කර ගත යුතුය.


දැනටමත් මෙලෙස අප විසින් ලබාදෙන්නා වූ සේවයක් වන්නේ අන්තර්ජාතික විශාල නෞකාවන් වලට යාමට අපහසු සේම යාමට තරම් බඩු ප්‍රමාණයක් නොමැති විට එම භාණ්ඩ කොළඹ වරායේදී බාගෙන කුඩා නෞකා මගින් කලාපයේ වෙනත් වරායන් වලට රැගෙන යාමට පහසුකම් සැලැස්වීමයි. 


මේ කොටස ලියද්දී මට බොහෝ කලකට පෙර ඉන්දියානු නැවක කපිතාන්වරයෙකු ගෙන් අසන්නට ලැබුණු මේ සම්බන්ධ කතාවක් මතක් විය. ඉන්දියානු සාම හමුදා ලංකාවට පැමිණි කාලයේ මම කන්කසන්තුරේ වරාය ්‍රධානියා වශයෙන් කටයුතු කළෙමි.  එකල මම ලුතිනන් වරයෙකු වුව ද ඉන්දියානු හමුදා ඒමට පෙර ාවික හමුදා අනුඛණ්ඩය ප්‍රධානියා ලෙස කටයුතු කළෙමි. එම අනුඛණ්ඩය ්‍රියාත්මක වූයේ වරාය ඇතුලේ දියකඩනය අසල නැංගුරම් දමා තිබුණු පැරණි වෙළඳ නෞකාවක සිටය. 


එසේ වෙළඳ නෞකාවක සිට ක්‍රියාත්මක වන්නට සිදුවූයේ ඒ වන විට කංකසන්තුරේ ගොඩබිම කොටි පාලනයට යටත්ව තිබුන නිසාය.

ඉන්දියානු සාම හමුදා පැමිණි පසු එක්වරම මම නාවික හමුදා අනුඛණ්ඩයේ අණභාර නිලධාරී වරයා වීමට අමතරව ඉන්දියානු සාම හමුදා සම්බන්ධීකරණ නිලධාරියා වශයෙන්ද කටයුතු කරන්නට පත්වීම් ලදුයෙමි.


ඒ සා විශාල හමුදාවකට සැපයුම් ලබාදීමට ඉන්දියානු වෙළෙඳ නෞකා කිහිපයක් ඔවුන් පාවිච්චි කළ අතර එම වෙළඳ නෞකා පිළිබඳ කටයුතු සංවිධානය කළේ ද මා විසිනි. ඒවායේ කපිතාන්වරු ුළු ත්‍යාගයක් ද රැගෙන මා හමුවීමට පැමිණ බොහෝ වේලාවක් සතුටු සාමීචියේ යෙදීම පුරුද්දක් කර ගත්හ. 


එවැනි එක් නෞකාවක සිටි ප්‍රධාන ඉංජිනේරුවරයෙකු කේරළයේ පුද්ගලයකු වූ අතර ඔහු ඔහුගේ නිවස කිට්ටුව ගෙම්බන් ඇතිකරන ගොවිපලක් පවත්වාගෙන යන බව මට කීවේය. එසේ කීවා පමණක් නොව ඊළඟ වාරයේ කන්කසන්තුරය ට එන විට ඔහු එම ගෙම්බන්ගේ කලවා කොටස් තෙම්පරාදු කර සාදන ලද බයිට් එකක් ද මට ගෙනැවිත් දුන්නේ ය. 


කතාවෙන් බොහෝ පිට පැන්න බව පෙනේ. මම මුලින් කියන්නට ලෑස්ති උනේ දකුණු ඉන්දියාවේ කුඩා වරාය වල නැව් ගොඩබෑම් කටයුතු කොතරම් අකාර්යක්ෂම ද යන බවය. එක් කපිතාන්වරයෙකු මට කිව් කතාව එයට හොඳ උදාහරණයකි. 


එම වරායට නැවක් පැමිණි පසු වරායේ කම්කරුවන් ගේ වෘත්තීය සමිතියෙ සභාපති වරයා කිහිප දෙනෙකු සමග නැව නැවේ බඩු ගොඩ ගෑමට පටන් ගැනීමට පෙර නැව වෙතට පැමිණෙයි. ඉන්පසු ආගිය කතා අවසන් කර ෞකාවේ බාන්නට තිබෙන බඩු ප්‍රමාණය යනාදිය සාකච්ඡා කර එම භාණ්ඩ යම් දින ගණනක් ඇතුළත බා දීමට යම් මුදලක් සාකච්ඡා කරයි. එකලද එම මුදල ලක්ෂ ගණනක් බව කපිතාන්වරයා මට කීවේය. එම මුදල සහ දින ගණන පිළිබඳව දෙපාර්ශවයම එකඟතාවයකට පැමිණෙන තුරු එම නෞකාවේ භාණ්ඩ බෑම පටන් ගන්නේ නැත. 


මෙවැනි තත්වයක් යටතේ නෞකා භාණ්ඩ රැගෙන එකල ඉන්දියාවේ වරායවලට යාමට දැඩි අකමැත්තක් දැක්වීම පුදුමයට කාරණයක් නොවේ. මේ කාලය වන විට අපේ වාසනාවට ලලිත් ඇතුලත් මුදලි ඇමැතිවරයා කොළඹ වරාය බොහෝ නවීකරණයකට පත්කර තාක්ෂණයෙන් සහ කාර්යක්ෂමතාවයෙන් කලාපයේ ඉහළම වරායක් බවට පත් කළේය. මේ නිසා කොළඹ වරාය කලාපයේ කාර්යක්ෂමතාවය සහ පහසුව සොයා යන අන්තර්ජාතික ලොකු නැව් වලට ඉතාමත් ආකර්ෂණීය වරායක් බවට පත් විය. .........

තව කොටස් කිහිපයක් දවසක් ඇර දවසක් වාගේ ලියන්නට සිදු වන බව පෙනේ


Tuesday, June 20, 2023

අන්තර්ජාතික මුහුදු මාර්ගය ලංකාවෙන් ඈත් කිරීම

 



ලංකාවට දකුණෙන් ඇති මුහුදේ නිල් තල්මසුන් ,වෙනත් මුහුදු ජීවීන්ට සහ වෙරළට කිට්ටුව ීවර යාත්‍රාවලට අනතුරු වන නිසා ලංකාව කිට්ටුවෙන් වැටී තිබෙන අන්තර්ජාතික මුහුදු ගමන් මාර්ගය මුහුදු සැතපුම් 15කින් පමණ දැන් පවතින මුහුදු මාර්ගයෙන් දකුණට ගෙන යාමට යෝජනාවක් අන්තර්ජාතික maritime සංවිධානය අධ්‍යයනය කරමින් සිටී.


මෙම යෝජනාව දැන් සෑහෙන කලක සිට නොයෙකුත් සංවිධාන වලින් ඉදිරිපත් කරන ලද්දක් වන අතර එවැනි තීරණ ගැනීමේදී ඉක්මනට ඉරන වලට නොපැමිණ සියලු කෝණයන් සලකා බලා තීරණ ගැනීම අන්තර්ජාතික සංවිධානයන්ගේ සිරිතයි. මෙම යෝජනාව ද මේ අවුරුද්දේ තීරණයක් ගැනීමට බොහෝදුරට ඉඩකඩ තිබෙන බව පෙනේ.


මෙලෙස මුහුදු මාර්ගය රටෙන් ටිකක් දුරස් වීමෙන් අපට බොහෝ පාඩු සිදුවිය හැකි යැයි පැවසෙන ්‍රවෘත්ති විශ්ලේෂණයක් මම මේ ලඟකදී රූපවාහිනී නාලිකාවක ්‍රවෘත්තියක් තුළින් දුටුවෙමි. 


ඇත්තෙන්ම එය තරමක් දුරට දකුණට ගෙන යාමෙන් අපිට පාඩුවක් සිදුවිය හැකිද?. මම මේ පිළිබඳව තරමක් සොයා බලන්නට සිතුවෙමි


1914 වසරේ ඇමරිකාවේ දී වානිජ ගුවන් ගමන් පටන් ගන්නා තෙක් ලෝකය සෑම තැනකම මිනිසුන් රටින් රටට ගමන් කළේ ඒ රටවල් යාබදව පිහිටියේ නැත්නම් මුහුදු මාර්ග වලිනි.. තවත් බොහෝ කලක් යනතෙක් ලෝක සංචාරයන් සිදුකෙරුණේ මගී නෞකා වලිනි. 1922 වසරේ අයින්ස්ටයින් විද්‍යාඥයා ලංකාවට පැමිණියේත් ජපානයට යන අතරමඟ කොළඹ වරායට ඔහුගෙන් නැව පැමිණි අවස්ථාවේ ය.


එංගලන්තෙ සිට ඕස්ට්‍රේලියාවට එසේත් නැත්නම් අනික් පැත්තට යන ක්‍රිකට් කණ්ඩායම් පවා එකල යායුතු වූයේ ලංකාව හරහා ය. මෙම නෞකා ඉන්ධන සඳහා යොදා ගත්තේ ගල් අඟුරු වූ අතර මුළු ගමනටම ගල්අඟුරු පුරවාගෙන ගියොත් නැවේ වෙන දෙයක් ගෙන යාමට නොහැකි වන නිසා එසේ ගල් අඟුරු අතරමඟ පහසු වරාය කදී ලබා ගැනීම ම නෞකා වල සාමාන්‍ය චර්යාව විය.


කොළඹ සහ ගාල්ල ම ගල් අඟුරු ලබා ගැනීම සඳහා ප්‍රධාන මධ්‍යස්ථාන දෙකක් වූ අතර ඇමරිකාවේ සිට ජපානයට ගිය පළමුවෙනි යුද නෞකාව ගමන අතරමගදී ගල් අඟුරු ලබා ගත්තේ ද ගාල්ලේ නි. 


ගුවන් ගමන් වාණිජ වශයෙන් ස්ථාපිත වූ පසු මෙම ෞකා වලින් ගමන් කිරීමේ අවශ්‍යතාවය නොමැති වූ අතර දැන් නෞකා වල අතිශය බහුතරයක් මගීන් ගමන් කරන්නේ විනෝදය සඳහා පමණි. 


දැන් ගල්අඟුරු ලබාගන්නට නෞකා කොළඹට හෝ ගාල්ලට එන්නේ නැත, ඒමට අවශ්‍යතාවයක්ද නැත. 


වර්තමානයේ ලංකාව අසළින් මේ අප කතා කරන්න මුහුදු මාර්ගයේ මැව් කොපමණ ගමන් කරනවාද, එම ැව් ප්‍රමාණය විශාල තෙල් ගෙනියන නැව් 4500 කුත් ඇතුළුව වසරකට 40000 පමණ වන බව ගණන් බලා ඇත. ඒ කියන්නේ දවසකට සීයකට තරමක් වැඩියෙනි.


මේ නැව් 40 දාහෙන් ලංකාවට එන්නේ නැව් කීයක් පමණ ද. එම ප්‍රමාණය 2021 වසරේ තුන්දාස් 3675 ක් විය. එම නෞකා කොහොමටත් කොළඹ වරායට පැමිණෙන බැවින් ඇත්තෙන්ම අප බැලිය යුත්තේ ඉතිරි නැව් තිස්හයදාහට සඳහා යම් සේවාවක් ලබා දී අපට යම් විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගත හැකි දැයි බැලීම ය.


එලෙසම දැන් මේ යෝජනා වෙමින් පවතින මුහුදු මාර්ගයේ අපෙන් තරමක් ඈත් කිරීම අපට එසේ අනෙක් නැව්වලින් ආදායමක් ලබා ගැනීමට කොතරම් දුරට බාධාවක් වේදැයි බැලීම ය. ඉතිරි කොටස හෙට හෝ අනිද්දා

Saturday, June 17, 2023

රජයේ නොවන වෛද්‍ය විද්‍යාල වාසි සහ අවාසි වගුව







රජයේ නොවන වෛද්‍ය විද්‍යාල ඇතිකල හොත් ලැබෙන ලාභ අලාභ, වාසි අවාසි, සහ යස අයස, ඒවා ලැබෙන්නේ කාටද යන්න මා ටික කලකට පෙර වගු ගත කලේ හරියටම මෙම ප්‍රශ්නය කොටස් වලට බෙදා විශ්ලේෂණය කිරීම සඳහාය.
එම විශ්ලේෂණය දැන් නැවත බැලීමට මට සිතුනේ මේ අතරට අලුත් පරදු දරන්නන් කණ්ඩායමක් එකතු වී සිටින නිසාය.

ඒ ඔවුන්ද තමන්ගේ පෙර තිබූ ඉල්ලීම් වෙනස් කර අනෙක් ආත්මාර්ථකාමී කණ්ඩායම් සමඟ එකතුවී ඇති නිසාය  

වාසි  ලබන අය
හේතු
අවාසි වන අය  
හේතු
1
වෛද්‍ය විද්‍යාල අයිතිකරුවන් සහ සමාගම්
ලාභ ලැබීම


2
ඉගෙන ගන්නා සිසුන්
පිටරට යනවාට වඩා අඩු මුදලකින් මෙරටදීම තමන් බලාපොරොත්තු වන රැකියාවට පුහුණුව ලබා ගැනීම


3
දස දහස් ගණනක් කෙලින්ම හා වක්‍රව රැකියා ලබන්නන්
මෙතෙක් නොතිබූ වර්ගයක රැකියා බිහිවේ.


4
පොදු ජනතාව
විදේශ විනිමය ඉතිරිය සහ විදෙස් සිසුන්ගෙන් විදේශ විනිමය ගලාඒම


5
පොදු ජනතාව
දැනට සංසන්දනාත්මකව ඉතාමත් අඩු ඒක පුද්ගල වෛද්‍යවරු ප්‍රමාණය වැඩිකර ගැනීමට පුලුවන් වේ. (ශ්‍රී ලංකාව 0.68/1000, කියුබාව එමෙන් දහ ගුනයක්)


6
පොදු ජනතාව
මෙහි දක්වා ඇති සෑම හේතුවකින්ම ලැබෙන වක්‍රාකාර   ප්‍රයෝජන


7
වෛද්‍ය සිසුන්ගේ දෙමව්පියන්
1.තමන්ගේ දූ දරුවන්ට රට තුලම අධ්‍යාපන නිදහස ඇතිවීම
2.පිටරට යවනවාට වඩා අඩු වියදම
3.දරුවන් තමන්ගේ රටේ ඉන්න නිසා සැනසිල්ල


8
ලංකාවේ සෞඛ්‍ය සේවය
වෛද්‍ය හිඟය නැතිකර ගැනීමට හැකිවීම


9
ලංකාවේ සංචාරක කර්මාන්තය
පිරටින් එන සිසුන් වැඩිවීමෙන් ලංකාව ගැන සංචාරක උනන්දුවක් ඇතිවීම


10
ලංකාවේ ප්‍රතිරූපය
කම්කරු ප්‍රතිරූපයේ සිට දැනුම කේන්ද්‍රයක් ලෙස


1


දැනට වෛද්‍ය ව්‍යාපාරයේ යෙදී ඉන්නා වෛද්‍යවරුන්
ඉල්ලුම සහ සැපයුම න්‍යාය
2


වයෝවෘධ, සෝවියට් චින්තනය ඇති මාක්ස්වාදීන්
අසාර්ථක හා අසමර්ථවූ සෝවියට් කොමියුනිස්ට් වාදය ගැන බලවත් ශෝකයෙන් පසුවන මෙවැන්නන්ට එම දර්ශනයේ අවසාන බලකොටුවත් බේරා ගැනීමට සටන් කල හැකිවීම
3


පිටරටට සිසුන් යවන ඒජන්සි කම්පැනි
ලාභ අඩුවීම
4


ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දියාව, පකිස්තානය,බංගලාදේශය, ජෝර්ජියාව,චීනය වැනි අපගේ සිසුන් වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට යන රටවල්
අපේ සිසුන් එම රටවලට ඒම නැතිවීමන් එම රටවල පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට ආදායම අඩුවීම
5


ඉන්දියාව
ශ්‍රී ලංකාවට සැමවිටම අඩු තක්සේරුවක් කරන ඉන්දියාවට තම රටෙන් සිසුන් මෙහාට ඒමට පටන් ගත් විට ඇතිවන ලැජ්ජා

Friday, June 9, 2023

කොටි පොල්ලේ කතා




ඊයෙ මම netfix එකේ arnold නැමැති සීරීස් එකේ පලවෙනි එපිසෝඩ් එක බැලුවෙමි. එහි අවසන් හරිය නරඹද්දී මට බොහෝ කලකට පෙර ඔහු සම්බන්ධයෙන් සිදු වූ අපූරු සිද්ධියක් මතක් විය. 
 අසූ ගණන්වල මම අණභාර නිලධාරී වශයෙන් A 524 නැමැති නාවික හමුදාවට ඒ දවස්වල මිලදීගත් විශාල පැරණි වෙළඳ නෞකාවක සේවය කළෙමි. 
ඒ නෞකා වර්ගයෙන් නැව් තුනක් නාවික හමුදාව මිලදී ගෙන තිබුණු අතර ඒවායින් එකක වෙළඳ නෞකාව කාලයේ නම කොටා රුකුන් යනුවෙන් තිබී ඇති බවත් මට මතකය. 

මෙම නෞකාවන් මිලදී ගත්තේ කොටි පොල්ල නැමැති ්‍රස්තවාදීන්ගේ බෝට්ටු ඉන්දියාවේ සිට ලංකාවට පැමිණීම වළක්වන්නට සැලසුම් කළ ්‍රියාදාමයක් සඳහා ය. එම ක්‍රියාදාමයේ මෙහෙයුම් මධ්‍යස්ථාන ලෙස, සේවයේ යෙදවීමට ය. එම නෞකා වල සිට ඉන්දියානු වෙරළේ ිට ලංකාව බලා ත්‍රස්තවාදීන් සහ උපකරණ රැගෙන එන බෝට්ටු පැමිණීම වැළැක්වීම සඳහා යොදවා තිබූ කුඩා බෝට්ටු මෙහෙයවන ලද්දේ ය.

මෙම නෞකා බොහෝ කාලයක් මහ මුහුදේ නැංගුරම් දා තිබුණු අතර, අපිට ගොඩ යන්නට ලැබුණේ කලකට වරක් නිවාඩු යන අවස්ථාවේ පමණි.

මෙම නෞකාවේ නොයෙකුත් වර්ගයේ නාවික පුද්ගලයන් සිටි අතර ාවික හමුදාවෙන් බොහෝ කලකට පෙර විශ්‍රාම ගොස් සිටි නාවික පුද්ගලයන්  යුද්ධය නිසා නාවිකයන් අඩුකමට සේවාවට කැඳවා සිටි නිලධාරීන් සහ නාවිකයන් ද විය. මේ අතර රාජකීය නාවික හමුදාවේ කලකට පෙර සේවය කර විශ්‍රාම ගත් නාවික පුද්ගලයන් ද වූහ. ඔවුන් සමග සතුටු සාමීචියේ සිටිද්දි පැරණි නාවික හමුදාව ගැන බොහෝ සිත්ගන්නාසුලු කතා අහන්නට ලැබීමත් මනරම් අත්දැකීමක් විය. 

මේවායේ සිට නිවාඩු යද්දී එම ගමන ද සුවිශේෂී අත්දැකීමක් ගෙන දුන්නේය. නිවාඩු යන අපව නැවේ සිට ගෙනයන්නට පැමිණෙන්නේ එකල kareinagar නාවික කඳවුරෙන් එන LPB වර්ගයේ බෝට්ටුවකි. මුහුද රළු දිනවල එම බෝට්ටුවට නැවේ යාබදව පැමිනෙන්නට නොහැකි වන විට මේ ගමන තවත් දුෂ්කර වෙයි. ගමන්මල්ල ලණුවකින් එම බෝට්ටුව වෙත යවා නැවෙන් මුහුදට පැන බෝට්ටුව වෙත පිහිනා ගොස් නගින්නට සිදු වූ අවස්ථාවක් ද මට මතකය. එලෙස මුරසංචාර බෝට්ටුවට ගොඩ වන අපි කරේ නගර වලට ගොස් එතැනින් කන්කසන්තුරේ වෙත අප රැගෙන යන බෝට්ටුවේ කන්කසන්තුරේ වෙත ගියෙමු. එතැන් සිට යුද්ධ හමුදාවේ APC වල පලාලි වෙත ගොස් එහි සිට  ගුවනින් රත්මලානට ගියෙමු. 

මම කියන්නට සිත් වූ කතාව සිදුවූයේ මේ නැවේ සේවය කරද්දී ය. නැවේ සේවය කළ ්‍රධාන සුළු නිලධාරිවරයෙකු සමඟ කතා කරමින් සිටියෙමි. ඔහු බොහෝ උනන්දුවෙන් ායවර්ධන ක්‍රීඩාවේ යෙදෙන කෙනෙකු විය. සාමාන්‍යයෙන් කාය වර්ධනය කරන පුද්ගලයෙකු සමග කතාවට වැටුනොත් කතාව ඉවරවෙන්නේ කායවර්ධනය සම්බන්ධ මාතෘකාවකින් බව අප සියල්ලෝම දන්නෙමු.

එලෙස මම ඔහු සමග කතා කරමින් සිටිය දී ඔහු නාවික හමුදාවේ සිටින ඔහුට වඩා පිරිපුන් සිරුරක් ඇති කායවර්ධන ක්‍රීඩකයෙකු ගැන කියන්නට පටන් ගත්තේය. 
ඔහු මෙසේ කතාව අවසන් කල පසු කල ඉතා ජනප්‍රියව සිටි ආනෝල්ඩ් ශ්වසනෙගර් පිළිබඳව මතක් වී, 

" චීෆ් කොහොමද,  arnold schwarzenegger ගේ ඇඟ" මම ඇසුවෙමි
එක්වරම ඔහුගේ ඇස් දිලිසෙන්නට විය. සමහරවිට කඳුළක් දෙකක් ඇස් වලට ආවාදැයි මට සැක සිතුනි.

" ඒක සර් ඇඟක් නෙවෙයි......" ඔහු වචනයක් සොයමින් කල්පනා කළේය. "......... ඒක රන් කඳක්" 

Monday, June 5, 2023

ඕඩියන් සිනමා ශාලාවේ ැලරි ප්‍රවේශය

 මම අද උදේ තුන්වැනි වතාවට how to Train your dragon 2 බැලුවෙමි. ඒකත් තරමක addiction එකක් යැයි සිතේ. 

අද එය බලන්නට පටන් ගද්දි 20th century fox සංගීතය යන විට එක්වරම යම් පුරුදු මතකයක් මගේ සිතිවිලි තුළට ගලාගෙන ආවේය. 

ඒ අපි ඉස්කෝලේ යන කාලයේ පාසැල් ඇරී ිත්‍රපට බලන්නට ගිය අත්දැකීම් මාලාවයි.


දැන් වාගේ නොව, එකල අපට නරඹන්නට ලැබුණු ත්‍රපට බොහොමයක් twentieth century fox Warner brothers වැනි සමාගම් නිපදවන ලද චිත්‍රපටය. අප එම චිත්‍රපට සියල්ලම වාගේ බැලුවේ මහනුවර Odeon සිනමාහලේ හෝ කටුකැලේ රීගල් සිනමා හලේ දී ය.


එකල අපට චිත්‍රපටයක් බලන්නට යාමට කරුණු කිහිපයක් සම්පූර්ණ වීමට අවශ්‍යව තිබුණි. එකක් ගෙදරට කියන්නට excuse එකක් තිබිය යුතු වීමය. බොහෝ විට එය ක්‍රීඩා පුහුණුවක් හෝ අමතර පන්තියක් විය. 

ඊළඟට චිත්‍රපටය බලන්නට මිතුරන් කිහිප දෙනාට ම මුදල් තිබේ යුතු විය. ඒ කාලේ චිත්‍රපටයකට අඩුම මිල පන්තියේ ටිකට් එකත් සඳහා ශත 60ක් ගෙවන්නට සිදු විය. එයට අමතරව දවල්ට යමක් කෑමට සත තිහක් අවශ්‍ය විය. ඒ නගරයේ තිබූ තෝසෙ කඩ තුනෙන් එකක තෝස දෙකක් කෑම සඳහාය. තෝසේ දෙකට සත තිහක් වු අතර වැඩිපුර සත කිහිපයක් තිබුනොත් වඩේ 1බැගින් කෑමට ද අප පුරුදු වී සිටියෙමු.


Odeon එකේ ; දැන් grand  kandyan හෝටලය, චිත්‍රපටය බලන්නේ නම් ත්‍රිත්ව විද්‍යාලය  ගාවට පයින් ගොස් එතැනින් හැරී උඩට කන්දේ තවත් කිලෝමීටර් භාගයක් පමණ යන්නට සිදු විය. 

චිත්‍රපටයකටත් වඩා ්‍රාසජනක ප්‍රවේශයක් එම සිනමාහලේ ගැලරිය සඳහා ටිකට් ගැනීමට තිබුණි. අඩි සියයක් පමණ දිග අඩි 50ක් පමණ පළල සිමෙන්ති කොටුවක ඇතුලෙ යකඩ දැල් වලින් පෝලිමක් දමා තිබුණු එම ප්‍රවේශය මට මතක හැටියට දැල් වලින් වටවුණු පේලි පහක් හයක් පමණ තිබුණි. ඇතුල් වූ තැන සිට පේළියයි කෙළවරට ගොස් අංශක 180ක් හැරී ඊළඟ පේලියට ාම මෙහි පෝලිම් ක්‍රමය විය.


ප්‍රසිද්ධ චිත්‍රපටයක් පෙන්වන විට මෙම ඩන්ජන් එකක් වැනි වූ ්‍රවේශය අතුරු සිදුරු නැතිව පිරී ගියේය. ඇතුලෙ ලයිට් දමා තිබුණා දැයි මට මතකයක් නැත. කෙසේ වුවත් මෙය බොහෝ අඳුරු ස්ථානයක් බව නම් මතකය. ඇතුලට ගිය පසු එළියට ඒමට ඉතාමත් අපහසු වූ ෙම ප්‍රවේශය තුළ නොයෙකුත් ගණන් කාරයන්ද සිටියහ. 

අවසාන මොහොතේ පැමිණෙන සමහර ගණන්කාරයන් සාමාන්‍ය චිත්‍රපට නරඹන්නන් බොහෝවිට අප වැනි පාසල් සිසුන් ගේ ඔළුවට උඩින් වඳුරන් මෙන් පෝලිම් පැනීමට පුරුදුව සිටියහ. ඔවුනට විරුද්ධ වුවහොත් ලොකු කලබල වලට මැදිවන්නට සිදුවිය. 

මෙවැනි තැනක ාතාශ්‍රය ද විවෘතව නොතිබුණු නිසා තරමට ගඳක්ද සැමදාම වාගේ තිබුණි. එසේ සරමක් ඇඳගෙන වඳුරෙකු මෙන් යන ගණන් කාරයකුගේ වෘෂණ කෝෂයක් මිරිකන්නට අප සැමදා ම කතා කළ නමුත් එවැන්නක් කරන්නට තරම් එඩිතර කෙනෙකු ඉදිරිපත් නොවුණ බවත් මට මතකය.


මෙතරම් කරදර වී චිත්‍රපටයක් නැරඹීම ඇත්තෙන්ම දැන් කල්පනා කරන විට පුදුම සහගතය. netflix එක දමාගෙන ගෙදර ආලින්දයේ ිත්‍රපට දහස් ගණනක් අතරින් එකක් තෝරාගෙන subtitle දමාගෙන සමහරවිට පොඩි ෂෝට් එකකුත් පාවිච්චි කරමින් ේ චිත්‍රපට බැලීම odiyen එකේ ගැලරි ප්‍රවේශය හා සසඳන විට තවුතිසා දිව්‍ය ලෝකය මෙන් සිතෙන්නට පුළුවන.


චිත්‍රපටයට පැයකට පමණ කලින් පැමිණෙන ආකාරයට ගැලරියේ ටිකට් ිලදී ගන්නට ක්‍රමවේදයක් එකල ඕඩියන් කළමනාකාරිත්වය නොකළේ මන්දැයි තවමත් මට පුදුම හිතෙන ප්‍රශ්නයකි.

Saturday, June 3, 2023

අපට ගොවිතැනෙන් ම ගොඩ එන්නට බැරිද?

 වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන දේශපාලන තත්ත්වය එසේත් නැත්නම් දේශපාලන වටපිටාව කුමන හෝ රටක කවදාවත් තිබුණේ නැති එකක් වෙන්නට පුළුවන. 

අපේ ජනාධිපති ට පාර්ලිමේන්තුවේ ඇත්තේ එක් මන්ත්‍රී ආසනයක් පමණි. 


ඔහුට ජනාධිපති වන්නට පාර්ලිමේන්තුවේ ඡන්දය ලබා දුන්නේ ඔහුගේ මුළු දේශපාලන ජීවිත කාලය තුළම, ඔහුට විරුද්ධ ව සිටී ේශපාලන ප්‍රවාහයයි.


එම දේශපාලන ප්‍රවාහය, වර්තමාන ජනාධිපතිවරයා හා විරුද්ධ වූයේ මතුපිට දේශපාලනයෙන් පමණක් නොවේ. ජනාධිපතිවරයා සහ ඔහු සිටි පක්ෂය රටේ දියුණුව සඳහා ුද්ගලික අංශය ප්‍රධාන එන්ජිම ලෙස පාවිච්චි කළ යුතු බවට පෙනී සිටි අතර දැන් ඔහුට බලයේ සිටීමට උදව් කරන ේශපාලන ප්‍රවාහය සැමවිටම පෙනී සිටියේ විශාල රජයක් එසේම රටේ සියලු වැඩකටයුතු රජය විසින් කළ යුතුයි යන මතය සඳහාය.


මෙතරම් ප්‍රතිවිරුද්ධ අහසට පොළොව මෙන් ප්‍රතිපත්ති ඇති දේශපාලන බලවේගයන් එක්ව කටයුතු කරන්නේ කෙසේද? 


ඒ සඳහා මෙම කණ්ඩායම් දෙකටම, ඇත්තෙන්ම කණ්ඩායම් එකක් සහ තනි පුද්ගලයෙකු, එකිනෙකාට සහයෝගයෙන් කටයුතු කිරීමට වශ්‍යතාවයක් ඇත්තේය.


ඔවුන් ඔහුට සහයෝගය දෙන්නේ යම් බලාපොරොත්තුවක් ඇතිවය. ඒ තව අවුරුද්දක් දෙකක් ඡන්දයක් නොපවත්වා තබා ගැනීමේ චේතනාවෙනි. ඔහු ඔවුන්ගෙන් සහයෝගය ලබා ගන්නේ ඔහුට බලයේ සිටීමට ෙනත් ක්‍රමයක් නැති නිසා ය. 


එහෙත් මෙලෙස බලයේ සිටීමට හැකියාව තිබෙන්නේ රටේ ආර්ථිකය යම් තරමකට හෝ අඩු තරමෙන් දැන් පවතින තත්වයේ හෝ තබාගැනීමට ඔහුට පුළුවන්කම ලැබෙනවා නම් පමණි. 


මෙවැනි තත්වයක ආර්ථිකය පවත්වා ගැනීමට හැකි වන්නේ මට පෙනෙන විදිහට නම්, ආර්ථිකයේ රුපියල් ණය සහ ඩොලර් ණය ගෙවන්න පටන් ගන්නා තුරු පමණි. 


මේ අවුරුද්දේ අප ඩොලර් ණය ගෙවන්නේ නැතිව සිටින විට අපට ලැබෙන ඩොලර් ආදායම සහ අනෙකුත් ආයතන වලින් සහ රටවල් වලින් ලැබෙන ඩොලර් ණය, අපට වියදම් කර ගන්නට පුළුවන් අතර, එවිට අපට ඒ තරම් දුෂ්කර ර්ථික ප්‍රශ්න ඇති නොවේ.

නමුත් මෙය සැමදාම කළ හැකි කිරීමට ප්‍රායෝගික වන කටයුත්තක් නොවේ.  අපි යම් ව්‍යාපාරයක් කිරීම සඳහාලොකු ණයක් අරගෙන එය ගෙවන්නට අපහසු වන විට, අවුරුද්දක් ණය නො ගෙවා ඉන්නට ඉඩ ලැබුනොතින් ඒ මුදලින් හොඳින් ජීවත් වීමයි ්‍රශ්නය සඳහා විසඳුම නොවේ.


අප දැන් සෙවිය යුත්තේ ඉක්මනින් එහෙත් තිරසාර ලෙස නාස්තිය අඩු කර ගන්නා ආදායම වැඩි කරගන්නා ක්‍රමවේදයන්ය.


මම පසුගිය මාස තුන හතරේ ැල්ලවාය ප්‍රදේශයෙහි ගොවිතැන් කටයුත්තකට සම්බන්ධ වී සිටියෙමි. එම ප්‍රදේශයේ තිබෙන ඉඩම් බොහොමයක් පාහේ රජයේ ඉඩම් නොයෙකුත් පුද්ගලයන් විසින් අල්ලාගෙන සිටින ඉඩම්ය.  

මේවට පැහැදිලි අයිතියක් නොමැති හෙයින් එම අයිතිකරුවන් ඉඩමට ස්ථිරසාර ආයෝජනයක් කරන්නේ නැත. දීර්ඝකාලීනව ාභ ලබාගත හැකි ව්‍යාපාර අරඹන්නේ නැත.

මෙවැනි ඉඩම් ආපසු රජයට අරගෙන ඒවා විනිවිදභාවයකින් වෙන්දේසියක විකුණා ලැබෙන මුදලින් සියයට 25ක් පමණ දැනට ඉඩම අල්ලා ගෙන එන්න පුද්ගලයාට ලැබෙන්ට සැලැස්වීමෙන් ම පමණක් අපේ රටේ දැනට තිබෙන රුපියල් ය ප්‍රශ්නය විසඳාගැනීමට හැකියාවක් ලැබිය හැකි බව මට සිතේ.


එවැනි ඉඩම් වෙන්දේසියේ විකිණීමේ දී පිටරට සිටින අපේ ඩයස්පෝරාව ඒවා මිලදී ගැනීමට බලවත් උනන්දුවක් දක්වන බව මට විශ්වාසය. පිටරට ජීවත් වන මගේ මිතුරන්; සමහරකු මුහුණුපොතේ පමණක් මිතුරන් වෙති, මෙලෙස ඉඩම් මිලදී ගැනීමට හැකියාවක් තිබෙන්නේ දැයි පසුගිය දෙන වල මගෙන් විමසා සිටියහ. ඔවුන් එසේ මගෙන් ඇසුවේය මම යම් ගොවිතැනක යෙදෙන බව මුහුණු පොත මගින් දැනගත් නිසාය.


මේ එක් ක්‍රමයකි. තවත් දහස් ගණන් ක්‍රම ංකාවේ මේ මුදල් ප්‍රශ්නය විසඳාගැනීමට තිබෙන බව මට විශ්වාසය. 

එහෙත් ඒවා නොකර ණය ගැනම කතා කරමින් සිටීමෙන් අප තවත් පහලට යනවා මිස ේ ප්‍රශ්නයෙන් ගැලවීමට නොහැකි බව ඕනෑම කෙනෙකුට දැන්වත් තේරුම් ගන්නට හැකියාවක් තිබිය යුතුය.


සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...