Tuesday, June 19, 2018

චිත්‍රපට සංස්ථාව ගල් යුගයට යාම


ඊයේ ප්‍රවෘත්ති තුල ශ්‍රී ලංකා චිත්‍රපටි සංස්ථාවේ සභාපතිවරයා සහ ප්‍රසිද්ධ සිනමා නළු රවින්ද්‍ර රන්දෙනිය ඇතුළු පිරිසක් ප්‍රවෘත්ති සාකච්චාවක් පැවැත්වුහ. මේ සාකච්චාවේදී ඔවුන් ගත් අපුරු තීරණයක් ගැන කියවින. ඒක හරියටම 1985 ප්‍රදර්ශනය කල හොලිවුඩ් චිත්‍රපටියක නම මතක්වන ආකාරයේ තීරණයකි. ඒ රොබට් සෙමෙකිස්ගේ back to the future චිත්‍රපටයයි.
මෙහිදී ප්‍රකාශ කල අන්දමට චිත්‍රපට සංස්ථාව නැවත ගල් යුගයට යාමට තීරණය කර ඇත. එනම් 1971; බොහෝ විට ලංකාවේ මෑත ඉතිහාසයේ මාධ්‍ය නිදහසට රජයකින් වැඩියෙන්ම බාධා ඇති වූ කාලයේ, ඇති කරන ලද නීතියක් අනුව චිත්‍රපට බෙදා හැරීම නැවතත් රජය මගින් චිත්‍රපටි සංස්ථාව හරහා බෙදා හැරීමට පටන් ගැනීමයි.
චිත්‍රපට, අනෙක් සෑම කලාවක් මෙන්ම රජයෙන් ස්වාධින විය යුතුය. රජය යම් කළා මාධ්‍යයකට ඇඟිලි ගහන්නට පටන් ගත්තොත් ඒ කලා මාධ්‍යයේ ස්වාධිනත්වය කෙලෙසේ, දියුණුව ඇන හිටී, නිර්මාණශිලිත්වය පලා යයි.
ඒකාධිපති රටවල, විශේෂයෙන්ම කොමියුනිස්ට් රටවල කලා කරුවන්ට ඇති මේ නිදහස බොහෝ අඩුය. ස්වාධින එමෙන්ම  රජයේ ප්‍රතිපත්ති වලට විරුද්ධ අදහස් ප්‍රකාශ කරන කලා කරුවන් හිරේට දමන්නේ, මරා දමන්නේ මේ නිසාය. ඒ නිසා රජය යම් විදිහකින් යම් කලා ක්ෂේත්‍රයක රාජ්‍ය බලය යොදා ගෙන තම අණසක පතුරවන්නට උත්සාහ කරන්නේ නම් එම ක්ෂේත්‍රයේ සිටින කලා කරුවන් සැක පහල කල යුතුය, සැකයෙන් බැලිය යුතුය, විරිද්ධ විය යුතුය.
මෙයට හොඳ උදාහරණයක් අන්තර්ජාතික සිනමාවේ මුදුන් මල්කඩ වන ඇමරිකාවේ හොලිවුඩ් වෙතින් අපට බලා ගත හැක. ඒ හොලිවුඩ් චිත්‍රපටවල එම චිත්‍රපටය නැරඹීමට සුදුසු වන්නේ කුමන කාණ්ඩවල නරඹන්නන්ට දැයි තීරණය කර ප්‍රසිද්ධ කිරීමයි. මෙම වර්ගීකරණය සිදු කරනු ලබන්නේ motion picture association of America නමැති ස්වාධින ආයතනයක් විසිනි. එහි සාමාජිකයන් වන්නේ ඩිස්නි, පැරමවුන්ට්, සෝනි පික්චර්ස්, 20th century fox, යුනිවර්සල් සහ වෝර්නර් සහෝදරයන් විසිනි. රජයේ කිසිම සම්බන්ධයක් නැත. ඔවුන් විසින් ස්වාධින දෙමව්පියන් කණ්ඩායමක් යොදාගෙන සෑම චිත්‍රපටයක්ම,
  • සාමාන්‍ය නරඹන්නන්ට
  • දෙමව්පියන්ට මඟ පෙන්වීම අවශ්‍ය
  • දෙමව්පියන්ට දැඩි ලෙස අනතුරු හැඟවීම
  • සීමා ඇති කිරීම
  • වයස 17 ට අඩු අය ඇතුල් නොකිරීම

යන වර්ගීකරණයන්ට ඇතුල් කරනු ලැබේ. මෙම වර්ගීකරණය සිදු කිරීමට කිසිම ලෙසකින් රජය සහභාගි නොවේ.
මෙසේ මෙවැනි වර්ගීකරණයන් පවා රජයේ කිසිම සම්බන්ධයක් නොමැතිව ස්වාධින සංවිධානයන් මගින් සිදු කරන්නේ කලාව ස්වාධින ලෙස තබා ගැනීම සඳහාය.
එහෙත් වසර 2018 නැවත වරක් 1971 සාදා ඇති පරිපාලනමය ක්‍රමවේදයක් නැවත පනගන්වා එය ක්‍රියාත්මක කරන්නට යාම නම් හරියටම නැවත ගල් යුගයට යාම වැනි ක්‍රියාවකි.
එහෙත් ලංකාවේ කලාකාරයෝ නම් මේ සම්බන්ධයෙන් කිසිම කලබලයක් වී නැත්තා සේය. ජාතික නාට්‍ය උත්සවයට රජයේ සහභාගිත්වය ප්‍රමාණවත් නොවන්නේ යැයි විරුද්ධත්වය ප්‍රකාශ කල කලා කරුවන්ගේ මෙයට වඩා බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද?  
තව ටක කලකින් රජයේ ච්ත්‍රපට අංශය මගින් කෙලින්ම චිත්‍රපට නිපදවා අපට බලන්නට සලස්වුවහොත් එයිනිදු අප කනගාටු විය යුතු නොවේ.
තම චිත්‍රපටය පාසල් ළමයින්ට නරඹන්නට සුදුසු යයි  අධ්‍යාපන සහ බෞද්ධ කටයුතු අමාත්යංශය නිර්දේශ  කර ඇතැයි වෙළඳ දැන්වීම් දමන චිත්‍රපට නිපදවන්නන් සිටින රටක මේවා මොනවාද?     

වියට්නාම් නීරික්ෂණ 2 , සංචාරය පිලිබඳ අවසාන කොටස

http://lakshmanillangakoon.blogspot.com/2018/06/10.html
මෙයට පෙර කොටස


                                                               

                                                                  ධනපතියා ගේ නිවස


6. වියට්නාමයේ කාන්තාවන් විශාල ලෙස පිරිමින්ව පාගාගෙන සිටින සැටියක් පෙනේ. ප්‍රංශය සහ ඇමරිකාව සමග කරන ලද යුද්ධ වලදී එම යුද්ධයන් මෙහෙයවූ හෝ චි මින් පිරිමියෙකු වමද  පුදුම සහගත වන තරමට එය කැපී පෙනේ. යන  යන තැන නායකත්වය ගෙන වැඩ කරනවා පෙනෙන්නේ කාන්තාවන්ය. අපි ගමන් කල නැවේ එක් අවස්ථාවක කාන්තා සේවිකාවක සහ පිරිමි සේවකයෙකු අතර ඇති වූ යම් විරසකයකදී අමුත්තන්ට නොපෙනන පරිදි ඇය ඔහුට තර්ජනය කර පලවා හැරි ආකාරය මගේ උකුසු ඇසට නිරීක්ෂණය විය. ඒ සම්පුර්ණ සිද්ධිය දෙස බලා සිටි මට එය සාමාන්‍ය දෛනික ජිවිතයේ කොටසක් බවත් එය එතරම් ගණන් ගත යුතු දෙයක් නොවන බවත් තරුණයා එතනින් හෙමින් මාරු වූ ආකාරයෙන් මට සිතුනි.

7. කොමියුනිස්ට් රටක් වුවද මෙහි ආර්ථිකයෙහි ප්‍රාග්ධන ආර්ථික ක්‍රමය බොහෝ සේ පැලපදියම් වී ඇති සැටි පෙනේ. එසේම මුදල් ඇති මිනිසුන් ඒවා ප්‍රදර්ශනය කරන්නටද කිසිම මැලි කමක් හෝ බියක් නැති සැටිය. මම මිට පෙර කොටසක ඡායා රූපයක් සහිතව ලියු සිමෙන්ති කර්මාන්තශාලා අයිතිකරුගේ නිවාසය මෙයට හොඳ උදාහරණයකි. මෙලසම අපගේ මාර්ගෝපදේශකයා වරෙක අපට නගරයට කිට්ටුවෙන් තිබූ නිවාස සංකීර්ණයක් පෙන්වා එහි එක නිවාසයක් ඇමරිකානු ඩොලර් මිලියනයක් පමණ වන බවත් ඒවාට ඇති ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති බවත් කියා සිටියේ තරමක් ක්‍රෝධය මුසු ආඩම්බරයකින් දැයි මට සිතුනි.

8. වියට්නාමයේ ඇති බොහෝ වාහන කොරියාවේ සාදන ලද ඒවා බව පෙනුනි. එලෙසින්ම කොරියානු සැම්සුන් කර්මාන්තශාලා බොහොමයක් පිහිටා තිබෙන්නේත් වියට්නාමයේය. සමහර විට මේ ආර්ථික සහයෝගිතාවයන් දෙරටේ රජයන් විසින් මේසයට යටින් කරගත්තා වූ අවබෝධතාවයන් විය හැක.

9. හැට හැත්තෑ ගණන්වල මෙතරම් විනාශකාරී යුද්ධයක් කලද  (වරෙක ඇමරිකානු හමුදා කැලයේ ගරිල්ලා සටන් කරුවන්ට සැගවී සිටීමට නොහැකිවීමට කැලෑ විනාශ කිරීමට එජෙන්ට් ඔරේන්ජ් සහ නාපාම් යොදා ගෙන මහා විනාශයක් කළහ.)  දැන් වියට්නාම් වැසියන්ගේ ඇමරිකාව හෝ බටහිර රටවල් පිලිබඳ ක්‍රෝධයක් හෝ වෛරයක් කිසිසේත්ම තිබෙන බවක් පෙනෙන්නට නැත්තේය. අප එහි සිටියදී අපගේ මාර්ගෝපදේශකයා ලෙස කටයුතු කල තරුණයා සමග මා මේ පිළිබඳව බොහෝ කතා කලද කිසිම අවස්ථාවක එවැනි වෛරයක් තිබෙන බවක් නොදැක්කෙමි. ඇත්තෙන්ම ඔහු වරක් කියා සිටියේ ඇමරිකානු හමුදාව කිසිම අවස්ථාවක සිවිල් ගම වලට බෝම්බ නොදැමූ බවත්, ඒවා ගරිල්ලා කඳවුරු වලට සහ ක්‍රියාකාරකම් වලට සිමා වූ බවත්ය. මෙම මාර්ගෝපදේශකයාගේ පියාද වියට්කෝම් හමුදාවේ කපිතාන් වරයෙකුව සිට තුවාල වී විශ්‍රාම ලබා රජයේ විශ්‍රාම වැටුපක් ලබාගෙන ජිවත්වන බවද ඔහු මට කිවේය. ඇත්තෙන්ම දැන් ඔවුන් ආකල්ප සහ හැගීම් වලින් අපට වඩා බටහිර රටවලට සමීප වී ඇත්තා සේයා. ඔවුන්ගේ එහි ඉංග්‍රීසි වචන උච්චාරණය සහ යෙදීම් වුවද බොහෝ විට ඇමරිකානු ආකාරයට සිදු කරන බව පෙනේ.

10. එහි යාමට පෙර අපි ගූගල් කර බැලූ විට වියට්නාමයේ බුද්ධාගම් කාරයෝ සිටින්නේ 12 % ක් පමණ වන බව දැන ගන්නට ලැබුණි. මෙය දැනගෙන නොසිටි අපේ කණ්ඩායමේ කෙනෙකු අපේ මාර්ගෝපදේශකයාගෙන් වියට්නාමයේ මිනිසුන්ගෙන් කොතරම් ප්‍රමාණයක් බුද්ධාගම් කාරයන් දැයි ඇසිය. එය 60% ක් 70% ක් පමණ බව ඔහු කීවේය. නමුත් අන්තර්ජාලයේ දක්වා ඇත්තේ එය 12% ක් බව මම ඔහුට කීවෙමි. ඔහු ඒ සඳහා කල පැහැදිලි කිරීම අපුර්වජනකය. වියට්නාමයේ යම් පුද්ගලයෙකු ආගමක් තිබෙන බව අයදුම් පත්‍රයේ සටහන් කළහොත් ඔහුට රැකියාවක් ලබා ගැනීමට තිබෙන හැකියාව බොහෝ දුරට අඩු වෙයි. ඒ නිසා ආගම් අදහන අයද අයදුම් පත්වල ආගමක් නොමැති බව දක්වා සිටිති. ආගම් අදහන අය මෙතරම් අඩු ප්‍රමාණයක් සිටින බව ගණනය වන්නේ මේ නිසාය.

11. එතරම් වැදගත් නිරීක්ෂණයක් නොවුවද වියට්නාමයේ කිසිම හිගන්නෙකු සිටින බවක් අප දුටුවේ නැත. ඒ අතරම අප ගිය කිසිම තැනක යම් සේවාවක් සඳහා හැරෙන්නට කිසිම විටෙක විදෙස් සංචාරකයන්ගෙන් මුදල් ලබා ගැනීමක් හෝ මුදල් ඉල්ලා කරදර කිරීමක් දුටුවේ නැත.

වියට්නාමයේ සංචාරය පිළිබඳව මා විසින් ලියන ලද 11 ස් වන බ්ලොග් වාර්තාව මෙයයි. එසේම මෙය ඒ පිළිබඳව අවසාන වාර්තාවද වෙයි.                 
    

Saturday, June 16, 2018

නිරීක්ෂණ සහ උගත හැකි දෑ - වියට්නාම් සංචාරය 10








මම ලඟකදී කල වියට්නාම් සංචාරය පිළිබඳව බ්ලොග් 9 ක් ලිව්වෙමි. සංචාරය පිළිබඳ වාර්තාව අවසන් විය. එම ගමනේදී දුටු සමහර දේවල් පිළිබඳව මගේ නිරීක්ෂණයන් සහ නිගමනයන් මම එතැන්හිම සටහන් කරන්නට උත්සාහ කලද ලියා අවසන් වූ පසු මට සමහර නිරීක්ෂණයන් අතපසු වී ඇති බව මට හැඟුනි. ආර්ථික සා සමාජීය වශයෙන් අප කිට්ටුවෙන්ම සිට, දැන් අප වටා සිටින අනෙක් රටවල් මෙන්ම දැන් සීග්‍ර සංවර්ධනයක් දෙසට ගුවන් ගත වීමට ලැහැස්ති වන, මෙවැනි රටකින් අපට ඉගෙන ගැනීමට ලැබෙන පාඩම්, අපෙන් දැනටමත් ආර්ථික සහ මානුෂික වශයෙන් බොහෝ ඇත්වී තිබෙන රටවලින් ඉගෙන ගත හැකි පාඩම් වලට වඩා අපේ හදවතට කිට්ටුය, ඉගෙන ගැනීමටත් පහසුය.
1.   
 1. ඔවුන් අප හා  සසඳන බත් කන්නේ ඉතා අඩුවෙනි. පස් හය දෙනෙකු කන්නේ එක කුඩා බත් පිඟානක් පමණි. මේ හේතුව නිසාම එහි උදරය ඉදිරියට නෙරා ඇති මිනිසුන්; කාන්තාවන්ද ඇතුළුව, ඇත්තෙන්ම නැති තරම්ය. ඔවුන් වැඩියෙන්ම කන්නේ ඌරු සහ කුකුල්  මස්, එළවලු පලතුරු යනාදියය.
2.     වියට්නාමය ලෝකයේ දෙවෙනියට විශාල සහල් අපනයනය කරන රට වෙයි. ඔවුන්ගේ ජාතික මධ්‍යසාරය  සහල් වයින් ( rice wine) ය. අපිත් හොඳට කන බොන; කන කෙසේ වෙතත් බොන ජාතියකි. එහෙත් අපි බොන මධ්‍යසාර සහල් වලින් පෙරන සංස්කෘතියක් හදාගෙන නැතිවීම පුදුමයට කාරණයකි.
3.     වියට්නාමය දැන් කලකට පෙර ප්‍රධාන අපනයනය භාණ්ඩයන් වුයේ සහල්, ධීවර නිෂ්පාදන, කෝපි, වැනි කෘෂිකාර්මික සහ ධීවර නිෂ්පාදනයන්ය. නමුත් වර්තමානයේ ඔවුන්ගේ අපනයනයන් ඉලෙක්ට්‍රොනික් නිෂ්පාදන පැත්තට හැරෙමින් පවතී. සැම්සුන් සමාගම ප්‍රධාන වශයෙන් එහි කර්මාන්තශාලා පවත්වාගෙන යන්නේ වියට්නාමයේය. අපේ සංචාරයේදී බොහෝ විදේශීය කර්මාන්තශාලා කුඹුරු ගොඩකරමින් කර්මාන්තශාලා ගොඩ නැගෙන අයුරු දැකීම සුලබ දසුනක් විය. මෙයට ප්‍රධාන හේතුවක් වනවා ඇත්තේ එරටේ ව්‍යාපාර කිරීමේ පහසුව නිසා විය හැක. කොමියුනිස්ට් ඒකාධිපති පාලනයක් තිබියදීත් ලෝක බැංකුවේ ව්‍යාපාර කිරීමේ පහසුව ලැයිස්තුවේ වියට්නාමය සිටින්නේ 68 වන ස්ථානයේය. මෙතරම් විවෘත  ආර්ථිකයක් යැයි කෑ මොර දෙන අපි මෙම ලැයිස්තුවේ පත් වී ඇත්තේ 111 වන ස්ථානයේය. FDI එන්නේ නැතැයි කෑ මොර දෙන වුර්තිය සමිති සහ දේශපාලඥයෝම අනෙක් පැත්තෙන් ව්‍යාපාර කිරීමට ඇති පහසුවේ ලැයිස්තුවේ ඉහලට යන්නට නොදී බාධා කිරීම මෙයට හේතුවයි.
4.     වියට්නාමයේ පාරවල් අපේ පාරවල්  හා සංසන්දනය කරන විට පළලින් ඉතා වැඩිය. අනාගතය ගැන කල්පනා කරන බව පෙනේ. වාහනත් බොහෝ වෙති; හැනෝයි නගරයේ පමණක් මෝටර් බයිසිකල් මිලියන පහක් තිබේ.එහෙත් වාහන ප්‍රවාහය ඉතා සුමට ලෙස ගලාගෙන යයි. පොලිස් නිලධාරින් පෙනෙන්නම නැතුවා වාගේය. අපි හැනෝයි සිට පැය තුනට වැඩි ගමන් දෙකක් ගියෙමු. ඒ කිසිම තැනක් අපි පොලිස්කරුවන් දුටුවේ නැත. නගරවලත් වෙනසක් නැත. බොහෝ විට කැමරා පද්ධතියක් මේ සේවාව වඩා හොඳින් කරනවා විය හැක. අපේ සතියක් පමණ වූ මුලු ගමනටම වාගේ අපි පොලිස් නිලධාරින් 5 දෙනෙකුට වඩා දුටුවේ  නැත. ඇත්තෙන්ම ඔවුන්ගේ නිල ඇඳුම කොයි වාගේ දැයි මට මතවත් නැත.අපේ ජාතික ප්‍රවාහන සැලසුම් කරුවන් ; එහෙම ජාතියක් ඉන්නවානම්, පුහුණු කරන්නට , සැලසුම් කිරීම ඉගෙන ගන්නට යැවිය යුත්තේ ජර්මනිය ඇමෙරිකාව වැනි දියුණු රට වලට නොවේ, වියට්නාමයටය.
5.     වියට්නාමය අපේ රට මෙන් 5 ගුණයක් පමණ විශාල රටකි. එහි උතුරෙන් සිටින මහා බලවතා වන චීනය සමග ඔවුන්ගේ දේශසීමාවේ දිග පමණක් කිලෝ මීටර 1306 ක් වෙයි ; ලංකාවේ වෙරළ දිගේ දේශසීමාවේ දිගට ඉතාම කිට්ටුවෙන් සමානය.මෙම දේශසීමා හොඳින් වෙන්කරන ලද ඒවා නොවෙති. චීන්නුන් මසට මි හරක් මිලදිගන්නටත් පැමිණෙන්නේ වියට්නාමයේ මි හරක් වෙන්දේසි වලටය.ඇමෙරිකාව සහ ප්‍රංශය සමග යුද්ධ වලදී චීනයේ උදව් ලබා ගත්තද චීනය ඔවුන්ට පහර දුන්විට වියට්නාමයට  එම ප්‍රහාර මර්ධනය කර එලවා ගැනීමට හැකිවිය.නමුත් දැන් චීනය පිළිබඳව වියට්නාම් වැසියන් මහත් බියකින් පසුවන බව පෙනේ. චීනයේ පිරිමින් කම්කරුවන් ලෙස වියට්නාමයට පැමිණ ටික කලකින් එහි කාන්තාවක් සරණ පාවාගෙන බින්න බැසීමේ ප්‍රවනතාවයක් හටගෙන තිබෙන බවද අනාගතයේ මෙලෙස චීනය වියට්නාමයේ කොටසක් බවට පත්වනු ඇතැයි එහි වැසියන් බියෙන් පසුවන බව ඔවුන් සමග කතා කරද්දී දැනුනි.
6.     වියට්නාමය  කොමියුනිස්ට් රාජ්‍යයක් වුවද ලෝක ආර්ථිකයේ යතාර්ථය අවබෝධ කරගෙන තිබේ. ඔවුහු රාජ්‍ය මගින් පාලනය වන ව්‍යාපාර පුද්ගලික කරණය කරමින් සිටිති. ලඟකදී රජයට අයත්ව තිබූ අති විශාල  බියර් සමාගමක්  වන සයිගොන් බියර සමාගම තායිලන්ත සමාගමකට ඩොලර් බිලියන 4.8 කට විකිණීම සිදුවිය. මේ ඉදිරියේ බොහෝ  පුද්ගලික කරණයනට පාර කැපීමක් බව පෙනේ. ව්‍යාපාර පුද්ගලික සමාගම් වලට ලබාදී එයින් ලැබෙන විකිණීමේ මුදල සහ ඉන්පසු බදු  මුදල් ලබාගෙන රටේ සංවර්ධනයට සහ සුබසාදනයට යෙදවීම රාජ්‍ය පාලනයේ හරි  ක්‍රමය බව ඔවුන් තේරුම් ගෙන ඇත. අපේ රටේ මෙන් රාජ්‍ය සම්පත් විකුනනවෝ කියමින් කවුරුත් පෙළපාලි යන්නේ නැත.
තව කොටසක් ඉදිරියේ ........http://lakshmanillangakoon.blogspot.com/2018/06/2.html

Friday, June 15, 2018

give us our cannon back please



       
                              the royal cannon of kandy 


 In 1740 Dutch officially replaced Portuguese in coastal areas of Ceylon with the help of the king of Kandy, king Rajasingha ll. Although there was an agreement between king of Kandy and the Dutch to handover the coastal areas to Kandyan kingdom after Portuguese leave Dutch refused to do so claiming a enormous  fee that’s impossible for the king of Kandy to pay for their contribution in wrestling back  the Portuguese  possessions in the island. Though the Dutch were less cruel and more professional traders than Portuguese the resentment among the Kandyans, for cheating them of the coastal area remained a serious and contentious issue between the two. The origin of the conflict was having two different clauses in copies of the agreement signed between Dutch and king Rajasingha ll in 1738.king’s copy said after expelling Portuguese Dutch would occupy forts if king would ask them. But copy of the VOC of the same agreement, strangely, said Dutch would occupy the forts after Portuguese are expelled.



                                        palace of king of kandy then  
Four kings in Kandy were trading with Dutch but the resentment of not honoring the agreement remained a thorny point in their relations.  However none of them could bring this sporadic frictions into a conclusion because Kandyans lacked sea power to fight European powers at sea or blockade them bringing in reinforcements from their nearby Indian colonies when their possessions here are attacked.

In 1760, King Kirthi Sri, the second Nayakkar king was reigning in Kandy, who after visiting Polonnaruwa had decided he will follow the footsteps of ancient king Parakramabahu the great, sent an army to help rebellion in  low lands and captured many cities from Dutch including Mathara and Hanwalla. Mathara fort on the peninsula between sea and Nilwala River was destroyed by the Kandyans.
The governor Jan Schreuder was recalled and Lubbert Jan baron Van Eck replaced him as the 31st governor of coastal areas of Ceylon. He wrestled back the disavanis captured by king of Kandy with reinforcements from India and mounted a retaliatory invasion to Kandy. In Mathara he built a star fort and named it after himself, Van Eck redoubt. His experience in India as governor of Coromandal, made it easier for him to exercise his control in Ceylon because of many similarities between the two countries.
New governor’s first invasion to Kandy in 1764 ended in dismal failure. They had to fall back to Colombo with heavy losses after Kandyan armies defeated the Dutch van guard attempting to enter the city from Sath korale. They succeeded in reaching Kandy in the second attempt next year and occupied the city briefly. Before entering the city King sent many massages to the general who had camped at king’s garden at Katugasthota to save the city but general imposed so many conditions king refused them and fled.


Whilst occupying Kandy Dutch, it seems, very busy not only making preparations for the defenses of their temporary occupation but they were busy too in looting kings treasure and shipping them into Colombo for onward dispatch to their home country. Not only palace of kandy but palaces at Kundasale and Hanguranketha were also ransacked. Among the war booty there were many jewelry, weapons and other artifacts. One of them, a decorated bronze canon inlaid with silver and rubies had been the royal canon of the Kandyan kings belonging to royal household of king Kirthi Sri Rajasingha.
 Then Dutch governor of Ceylon lubbert Van Eck , who led the invasion   had recorded that the cannon should be sent to Duke of Brunswick , the administrative guardian of William V, Prince of Orange, the last Stadtholder of the Dutch Republic.
 After few months Kandyan armies attacked occupiers and Dutch had to fall back to Colombo again with many losses. Governor sent many reconciliatory massages to king for armistice, and it was king’s turn to turn tables, massages were sent back unread.  Kandyans could not pursue the fleeing army because people in Kandyan areas were starving as they could not plant rice due to war and the king’s food stores have been set on fire by the invading armies.  Then an armistice was signed in 1766 between the two warring parties in which two main clauses were that Dutch would keep the control of the coast as per earlier status quo and when Dutch ambassadors come  to see king in Kandy they will present themselves in front of the king without kneeling down at the audience in Magul  Maduwa. Interestingly the second condition had to be abandoned later because king refused to grant audience unless ambassadors agree to kneel down.  Governor died in Colombo shortly afterwards.
The cannon meantime, probably with large amount of treasure looted from Kandyan invasion had arrived in roads of Texel, Nederland in June 1766 in a ship called Overns. After arrival It has been in the curiosity cabinet of the Prince William V having being described at various stages as a gift from many head of states including Emperor of Tunis to the states general or from the Dey of Algiers and eventually catalogued as  ‘a gift from certain Indian king.’






                               
Painting by Renier Vinkeles showing how the cannon was brought into the building of the State General  

After the French troops seized power in Nederland in 1795 this cannon along with four other historical objects were brought into a new museum and presented to new parliament where they were given place of honour in the building of states General at Binnenhof of Hague. The cannon from there found its way into east wing of the ground floor of  Rijkmusuem in Amsterdam where it is in permanent displayed now.



                                                             Rijksmuseum


This is the background story of the decorated cannon at display at Rajikmusuem in Amsterdam. The cannon as depicted by the image is priceless and probably one of its kind in anywhere in the world. It’s antiquity; dating back to at least 1750 no doubt, ads further value to its already priceless stature. This artifact would be a pride to any nation to whom it belongs, and in this case the Sinhalese nation.
It belongs to Sinhalese nation because of many reasons;
1.     That it was looted by a force of invading Dutch during an unjust war, from Sinhalese people.
2.     It was an illegal acquisition; Dutch had attempted to conceal the fact that it came from Srilanka for many decades and claimed it was a gift from several other head of states.
3.     All relevant documentation of its acquisition, storage, transportation and display are available on record.
We must be grateful to the Nederland for keeping it in the government possession because, if it became a private property as many of the other war booties, we wouldn’t even know that it still exist. However it’s time to claim back this nationally significant monument.  Srilankan people can display it, at its rightful place which is next to the palace of king of Kandy, from where it was forcibly removed 253 years back.
Our government, even at this late stage, must request the people of Nederland to return this decorated field piece and I cannot see any reason for them to not to honor such a reasonable and just request.




Monday, June 11, 2018

නාම් සංචාරය 9


මිට පෙර කොටස 



නිම්බින් යනු වියට්නාමයේ උතුරේ රතු ගංගාවේ ඩෙල්ටාවේ පිහිටි ප්‍රදේශයකි. සංචාරකයන් අතර ප්‍රසිද්ධ මෙම ප්‍රදේශය විශේෂයෙන් දුර්ලභ ලන්ගුර් වඳුරන් සහ පැන්ගොලීන් (කබල්ලෑව ?)  සඳහාද ප්‍රසිද්ධය.

මෙහි අප වැනි සංචාරකයන් ප්‍රධාන වශයෙන් යන්නේ ජලයෙන් යට වී ඇති ස්වාභාවික ගල් උමග සහිත ප්‍රදේශයක බෝට්ටු සංචාර සඳහායි. කුඩා නගරයක් වැනි ස්ථානයක සිට පදින්නා හැරෙන්නට සංචාරකයන් දෙදෙනෙකු රැගෙන ජල මාර්ගයේ  කිලෝ මීටර් පහක් පමණ කඳු සහ කැලෑ මැදින් ගමන් කරන මෙම බෝට්ටු පදින අයගෙන්ද; වියට්නාමයේ අනෙක් හැම වාදක  මෙන්ම  80% ක් පමණ කාන්තාවන්ය. පටන්ගෙන ටික දුරක් ගිය පසු ඔවුන් අතින් පදින හබල් කකුලෙන් පදින්නට පටන් ගනිති. ඔවුන් එය කොතරම් දක්ෂ ලෙස කරනවාද කිවහොත් එයම මනස්කාන්ත දර්ශනයක් යැයි කියන්නට පුළුවන.









අතරමගදී වී වගාවන් ජලයෙන්ම මතු වී තිබෙන ආකාරය චමත්කාර ජනකය. ඉදහිට නිවෙස් දෙක තුනක්ද පසුකර ගෙන ගිය අපි අවසාන උමගයෙන් එළියට පැමිණි විට භයානක ඇම්බුෂ් එකකට අසුවුනෙමු.

 ඒ අපගේ වැනිම බෝට්ටු කිහිපයක නැග ගත් කාන්තාවන් කිහිප දෙනෙකු අපට පලතුරු, රස කැවිලි සහ බිම වර්ග (බියර්ද ඇතුළුව) විකිණීමට තැත් කිරීමයි. අපි ලක්ෂ හයක පමණ පලතුරු මිලදී ගත්තෙමු. එහෙත් ප්‍රශ්නය එතනින් අවසන් වුයේ නැත. අහිංසක පදවන්නන්ටද යම් බීමක් අවශ්‍ය වන්නේ යයි කියා වෙළෙන්දිය  ඔවුනටද යමක් දුන් අතර ඒවාටද අපට ලක්ෂ තුනක් ගෙවන්නට සිදු විය. එවෙලේම එතනට පැමිණි අපගේ තවත් බෝට්ටුවක දෙදෙනා ඔවුනට කිසි දෙයක් මිලදී ගත්තේ නැති වුවද පදවන්නාට ලක්ෂ තුනක් දී රසකැවිලි මිලදී ගෙන දීමට සිදුවිය.
සියලු දෙනා ලාභ බෙදා ගන්නා පොඩි මිත්‍රශීලි රැකට් එකක් මෙතන ක්‍රියාත්මක වන්නේ දැයි අපට කුතුහලයක් ඇතිවිය. එසේ වුවත් ඒ ඉතා සුළු ගණනකටය.අප තදින් සිටියේ නම් අපට කිසිවක් මිලදී නොගෙන ඉන්නටත් ඕනෑ තරම් ඉඩ තිබුණි.
ආපසු ගොඩට පැමිණි අප ඒ අසල තිබූ ආපන ශාලාවකින් දහවල් ආහාර ගත්තෙමු. 

ඉන්පසු ටික දුරක් වාහනයේ පැමිණ ඒ අසල තිබූ පෞරාණික රජ මාලිගා සංකීර්ණයකට ගියෙමු. 

දහවන සියවසේ වියට්නාමයේ අගනුවර වී තිබී ඇත්තේ මෙම ප්‍රදේශයේය. එම මාලිගා පරිශ්‍රයේ කුඩා මාලිගාවක්, බෞද්ධ පන්සලක් සහ වෙනත් ගොඩනැගිලි කිහිපයක් විශාල ප්‍රදේශයක විසිරි තිබෙන අතර අප  මුලින්ම ගියේ බෞද්ධ විහාරයටයි. විහාරයේ ඉදිරිපිට මිදුලේ දෙතුන් දෙනෙකු කුඩා යන්ත්‍රයකින් දේශීය බෙහෙත් වර්ගයක් සාදමින් සිටියේය. ඒ අවටින් සැර වැලමි සුවඳක් දැනුනු අතර බොහෝවිට අපගේ මෙන් වැලමි යනාදිය යොදාගෙන සාදන ලද ආයුර්වේද වැනි බෙහෙත් වර්ග විය යුතුය.
කුඩා විහාරයේ කිසිවෙකු නොසිටි අතර බුදු ගෙයට ඇතුළුවන ස්ථානයේ දෙපැත්තේ සැර පරුෂ පෙනුමක් ඇති දෙවි වරු දෙදෙනෙකු සඳහා පුජාසන පනවා තිබුණි. ඔවුනට පුජාකර තිබූ නොයෙකුත් භාණ්ඩ අතර බියර් කෑන්  කිහිපයක්ද තිබෙනවා දැක අපි පුදුමයට පත් වුනෙමු. එහෙත් අපි ඊළඟ පුදසුන දෙස පරීක්ෂාවෙන් බැලූ විට අපි විශ්මයට පත්වුනෙමු. ඒ ඒ පුදසුනේ බියර් වලට අමතරව වොඩ්කා බෝතලද  තිබීම නිසාය.


ඒ තරමටම වියට්නාමයේ ජන ජිවිතයේ මධ්‍යසාර අරක්ගෙන ඇති සැටි සේය.
වියට්නාමය, චීනය, පවා අල්ලාගෙන ජපානයටද පහර දුන් මොන්ගෝලියානු අධිරාජ්‍යයා වූ ගෙන්ගීස් කාන්, (මෙම අධිරාජ්‍යය වර්ග කිලෝ මීටර් මිලියන 24 කින් සමන්විතව ලෝකයේ මෙතෙක් බිහි වූ දෙවෙනියට විශාල අධිරාජ්‍යය බවට සලකණු ලැබේ.) ඉන්පසු චීනය, විසිවන සියවසේ ප්‍රංශය සහ හැත්තෑ ගණන්වල ඇමරිකාව, ආක්‍රමණයන් පරාජය කිරීමට එක් හේතුවක් මෙය වන්නටද පුළුවන. යුද්ධ වලදී ‘ඩච් කරේජ්’ යැයි කියන්නේ මධ්‍යසාර පානය කිරීමෙන් ලැබෙන එඩිතරකමටය.
මෙයින් පසු අපි ආපසු හෝටලයට පැමිණියෙමු. එහිදී කහට තේ එකක් බිමට තිබූ ආශාව නිසා හෝටලයේ බාර් එකෙන් තේ දෙකක් ඇණවුම් කළෙමු. තේ එකේ අමුතු රසක් එන නිසා කෝප්පය ඇතුලේ බලන විට තරමක රම්පෙ කොළ කෑල්ල බැගින් තිබෙන බව දුටුවෙමු. ලංකාවටම ගොස් තේ කෝප්පයක් රස විදින්නෙමු යැයි සිතා ගත් අපි හෝටලයේ නිදා ගත්තෙමු. පසු දින උදේ වරුවේ නැවත සිංගප්පූරුව හරහා ලංකාවට පැමිණියෙමු. 
                

Friday, June 8, 2018

නාම් සංචාරය 8

http://lakshmanillangakoon.blogspot.com/2018/06/7.html
මෙයට පෙර කොටස 






රාත්‍රී ආහාරයෙන් පසු නැවේ කාර්ය මණ්ඩලය සහ මගීන් සුහද හමුවක් පැවැත්වුණු අතර නැවේ කාර්ය මණ්ඩලය විශේෂයෙන්ම අලංකාර ගැයිම් සහ නර්තන වලින් මගීන් කුල්මත් කළහ.
මේ සියලුම කටයුතු වලට එනම් ඉවුම් පිහුම්, නොයෙකුත් ස්ථාන වලට රැගෙන යාම්, කෑම ශාලාවේ වැඩ කටයුතු හත් අට දෙනෙකුගෙන් යුත් එකම කණ්ඩායමක් වීම ඔවුන්ගේ කාර්යක්ෂමතාවයට අපට පුදුමය ගෙන දුන්නේය.
පසු දින උදයේ අපව මුතු බෙල්ලන් ඇති කරන ගොවිපලකට අපව රැගෙන ගියහ. නැව ඒ අසබඩ නැංගුරම් වූ පසු හබල් ගසන කුඩා යාත්‍රා වලින් අප මේ ගොවිපල වෙත රැගෙන ගියේ තවත් සිත් ගන්නා අපූරු ස්වාභාවික ස්ථාන කිහිපයක් හරහාය. ලී වලින් සෑදු විශාල ජෙටියක් වැනි මෙහි කෘතිමව වෙනස් කරන ලද අවදි කිහිපයක මුතු බෙල්ලන් ජලයෙන් ගොඩට ගෙන පෙන්නා විස්තර කරන ලද අතර ඉන්පසු නැවත එවැනිම යාත්‍රා වලින් නව වෙත රැගෙන යන ලදහ. මෙම ලී වේදිකාව මතද මුතු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන විකිනීමට තිබු ඉතා අනර්ඝ ප්‍රදර්ශන ශාලාවක්ද තිබුණි.




අපි නැවට ආපසු පැමිණ දහය හමාරට පමණ බ්‍රන්ච් brekfast/lunch එකක් ගත්තෙමු. මේ උදේ ලබා දුන් පොහොසත් උදේ ආහාර වේලට අමතරවය. අපි ආහාර ගනිද්දීම නැව ගොඩ ජෙටියට කිට්ටු වී ඇන්කර් එක දමා ගත්තේ අපි බස්සවා අලුත් මගීන් පිරිසක් ගොඩ නංවා ගැනීමටය. අපි ගොඩට පැමිණෙන විටම අපගේ වාහන පැමිණ තිබුණි. මේ සියලු මාරු වීම් සහ අනෙකුත් සම්බන්ධිකරණයන් ඔර්ලෝසුවක් ලෙස ක්‍රියාත්මක වුනි. මෙතනදී හැමොක් විකුණන කාන්තාවකගෙන් ලංකාවේ මුදලින් රුපියල් තුන්සිය පනහකට හුරු බුහුටි හැමොක් එකක් මිලදී ගත්තෙමි. දැන් සතියක් පමණ ගත් වී ඇතත් මේ සංවර්ධන වරුෂාව නිසා හැමොක් එක එල්ලා ගැනීමට නම් නොහැකි විය.
හවස් වනවිට අපි හැනෝයිහි  පෙර විසු හෝටලයටම ගියෙමු. යන අතර මගදී සංචාරකයන් නොව දේශීය පිරිස් ගමන් වෙහෙස නිවා ගන්නා විශාල අවන්හල් සංකීර්ණයක් වෙත ගියෙමු. අප නැවතී සිටි හෝටලයේ black tea කාමරයේ නොතිබුණු හෙයින් අප එම සංකීර්ණයේ තිබු විශාල සුපර්මාර්කට් එකකින් මිලදී ගන්නට උත්සාහ කලද එහිත් නොතිබින. black tea වියට්නාමයේ පාවිච්චි කරන්නේම නැති තරම්ය. මේ වෙළඳපොලේ රෙඩ් ලේබල් විස්කි බෝතලයක් දැක ඒවායේ මිල සංසන්දනය කර බැලු විට කොළඹ ඩියුටි ෆ්‍රී මිල හා කිට්ටුවෙන් යන බව පෙනුනි.
හෝටලයට ගොස් පිරිසිදු වී රාත්‍රී ආහාරය සඳහා වීදි දෙකක් පහල තිබු ඉන්දියානු ආපන ශාලාවකට ගොස් ආපසු පැමිණෙන විටත් වීදි දිගේ කාන්තාවන් විසින් දුවන ලබන කුඩා කෑම බීම කඩවල් එක දිගටම දක්නට ලැබුණි. එරට රාත්‍රියේ බොහෝ වෙලාවක් යනතෙක් මිනිසුන් නිදහසේ කාලය ගත කරමින් සිටිනවා දුටුවෙමු.
පසුදා අපි නින්බින් බෝට්ටු සංචාරය සඳහා   පුරුදු බසයට නැග ගත්තෙමු. ඒ යන අතර මගදී මාර්ගෝපදේශකයා සමඟ කතා බහකදී වියට්නාම් භාෂාව ගැන අපූරු කරුණු කිහිපයක් අපට දැන ගන්නට ලැබුණි. එයින් අපුර්වතම කාරණය නම් එම භාෂාවේ එක් වචනයක සියුම් උච්චාරණ වෙනස්කම් වලින් වචනයෙහි තේරුම වෙනස්වන ආකාරයයි. උදාහරණයක් වශයෙන් ‘මා’ යන වචනයෙහි නොයෙකුත් සියුම් උච්චාරණ වෙනස්කම් අනුව තේරුමෙහි සිදුවන වෙනසයි. ඉහත මා යන වචනයෙහි තේරුම උච්චාරණයන් අනුව
මව
ආශ්වයා
සොහොන් කොත
හොල්මන
සහල්
නමුත්

යන තේරුම් ගම්‍ය වේ. ඒ අනුව ඉතාම සුළු උච්චාරණ වෙනසකින් අම්මාට හොල්මන යැයි කතා කරන්නට ඉඩ තිබෙන නිසා එම භාෂාව කතා කරන්නන් ඉතාමත් ප්‍රවේශම් විය යුතු යැයි කිම අතිශෝක්තියක් නොවේ.
අපි මෙසේ හයිවේ එකේ ගමන් කරද්දී ඇති විශාල කඳු කපා එම හුණුගල් අමු ද්‍රව්‍ය ලෙස යොදා ගෙන සිමෙන්ති නිපදවන කර්මාන්තශාලා සහිත ප්‍රදේශයක් හරහා ගියෙමු. මෙහිදී පාර අයිනේම වාගේ අලංකාර උද්‍යානයක් සහිත ඇති විශාල රජ මාලිගාවක් වැනි නිවසක් දැක එය කුමක්දැයි අසු විට එය සිමෙන්ති කර්මාන්තශාලාවල අයිතිකරුගේ නිවෙස බවයි. වියට්නාමය වැනි කොමියුනිස්ට් රාජ්‍යයක බියක් සැකක් නොමැතිව මෙවැනි නිවසක් සාදා තමන්ගේ ධනය ප්‍රදර්ශනය කරන මොහු කොතරම් බලගතු පුද්ගලයෙකු විය හැකි දැයි අපට සිතුනි.



ඊළඟට නිම්බිම් සංචාරය    

රුපියල බාල්දු වීම ; හේතු සහ නවතාගැනීම




ආතර් සි ක්ලාක් ගේ පොතක ඔහු ලංකාවට පැමිණ මෙහි ජීවත්වීමට තීරණය කර පදිංචියට පිළියෙළ වද්දී;1956 පමණ, තම මවට ලිපියක් ලියයි. එම ලිපිය ඔහුගේ පොතක ඇතුලත් කර තිබුණු අතර මම එය කියෙව්වෙ බොහෝ කලකට පෙර නිසා පොතේ නම මතක නැතිවුවද එම ලිපියේ තිබූ එක කොටසක් මතකයේ තිබේ. ඒ ඔහු ගෙදරට මෙහෙකරුවකු සොයාගත් පුවතයි.

“මම නිවාස සඳහා හොඳ මෙහෙකරුවෙකු සොයාගත්තෙමි. ඔහුගේ මාසික වැටුප රුපියල් 5 කි. ( ඇමෙරිකානු ඩොලර් 10 ක් වෙයි). මේ 5 සහ 10 තිබුනේ අනික් පැත්තටදැයි මට හරියට මතක නැති නිසා පොත හොයාගැනීමට බැලුවත් සොයාගත නොහැකි විය.

දැන් එම වටිනාකම එක ඇමෙරිකානු ඩොලරයකට රුපියල් 160 කි. මගේ මතකය හරි නම් අපේ අවපාත වීම 320 ගුණයකි. ඒ කියන්නේ 32000% කි. (ගණනය වැරදුනා වද්ද?) මෙය ඉතා විශාල අගයකි. අපි මෙතරම් අවපාතයක් කරගත්තෙ කෙසේද?

ලෝකයේ තිබෙන අන්තර්ජාතිකව වැඩියෙන්ම පිළිගන්නා ලෝකයේ ඕනෑම රටක මාරු කරගත හැකි මුදල් ඒකකය ඇමෙරිකානු ඩොලරය බවට විවාදයක් නැත්තේය. එසේ ඩොලරය එතරම් පිළිගැනීමකට ලක්ව ඇත්තේ එම මුදල් එකක නිකුත් කරන ලද රට පිලිබඳ ඇති විශ්වාශයයි. එම මුදල් ඒකක වලට එම රජය වගකියන බවත් ඒවායේ අගය ලෙහෙසියකින් වෙනස් නොවන බවත් සතුරන් පවා දන්නා නිසාය.

ඩොලරයට කොතරම් වටිනාකමක් ඇත්තේ දැයි කිවහොත් ශීතල යුද්ධය කාලයේ එයට සෝවියට් රුසියාව තුල තිබූ ඉල්ලුම මේ සරල කතාවෙන් පැහැදිලි වෙයි.
“මට එහිදී එක නැවියෙකු කියූ කතාවක් තාමත් මතකය. ඔවුන් සේවය කලේ ග්‍රීක නෞකාවකය. එකල අන්තර්ජාතික වෙළඳ නැව් බොහොමයක් අයත්ව තිබුනේ ග්‍රීක නැව් සමාගම් වලටය. මොවුන් රුසියාවේ ඔඩෙස්සා වරායට ගියවිට රුසියාව ඇතුලට ඇමෙරිකානු ඩොලර් නෝට්ටුවක් අරගෙන යාමට හැකි වුවහොත්  මුදලේ වටිනාකම මෙන් සිය ගුණයක පමණ වටිනාකමට රුසියානු රුබල් කළු වෙළඳ පොලෙන් ලබාගත හැකි වෙයි. ( සෝවියට් රුසියාව බිඳ වැටෙන්නේ 1991 දිය. මේ 1982යි).

එහෙත් ප්‍රශ්නය වරායේ පිටවීම් දොරටුව අසලදී නැවියන් ඩොලර් රජයේ පාලන මිලට රුබල් වලට මාරු කරගත යුතු වීමයි. ඩොලර් කාසි හෝ නෝට්ටු රට ඇතුලට ගෙන යාමට සෝවියට් රුසියානු රජය  ඉඩ දී නොමැත.

මෙයින් ගැලවීමට සිගරට් පැකට්ටුවේ යට පේලියේ  සිගරට් කිහිපයක දුම්කොළ එලියට ගෙන ඒ ඇතුලට රෝල් කරන ලද ඩොලර් නෝට්ටුවක් හංගා ගෙනයාමට නැවියන් පුරුදු විය. එහෙත් ටික කලකින් මේ රහස  දැනගත් පරිෂකයන් සිගරට් පැකට් ද ලිහා පරික්ෂා කරන්නට පටන් ගත්හ. අවසානයේ අපට මුණගැසුණු ඒ එක්  නැවියෙක් සිගරට්ටුවක දුම්කොළ එලියට ගෙන ඩොලර් සියේ නෝට්ටුවක් රෝල්  කර ඇතුලට දමා එළියේ කෙලවර අඟලක් පමණ නැවත දුම්කොළ වලින් තදට පුරවා පරීක්ෂක අසලටම පැමිණෙන්නට මොහොතකට පෙර සිගරට්ටුව දල්වා ගත්තේය. පරීක්ෂක වරයා කිසිසේත් දැල්වෙන සිගරට්ටුව ඇතුලේ ඩොලර් නෝට්ටුවක් තිබේ යැයි සැක කලේ නැත. අප නැවියා වරායෙන් පිටවූ වහාම සිගරට්ටුව නිමා ඩොලර් නෝට්ටුව බේරා ගත්තේය.”

මුහුදේදී සතුරා මුලාකිරිම සහ තවත් නාවික කතා - රියර් අද්මිරාල් ලක්ෂ්මන් ඉලංගකෝන්

මාතෘකාවෙන් පිට යාම නවතා දැන් රුපියලේ අවපාත වීමට හේතු පොඩ්ඩක් සොයා බලමු. මේ ප්‍රශ්නය තිබෙන්නේ රුපියල් සහ ඩොලර නිසා අපි අනික් මුදල් ඒකක අමතක කර මේ දෙක දෙස පමණක් බලමු.
වෙනත් ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් මෙන්; ඇත්තෙන්ම මේ ලෝකයේ ඕනෑම දෙයක් මෙන්, මුදල් ඒකකත් හැසිරෙන්නේ ඉල්ලුම සහ සැපයුම මතය.

යමක ඉල්ලුම වැඩිවුනොත් එහි වටිනාකම වැඩිවෙයි. සැපයුම වැඩිවුනොත් වටිනාකම අඩුවෙයි. එසේම ප්‍රතිලොමක් වශයෙන් වටිනාකම වැඩි වනවිට ඉල්ලුම අඩුවෙයි, වටිනාකම අඩුවනවිට ඉල්ලුම වැඩිවෙයි.
මෙම න්‍යායට අනුව රුපියල් ඕනෑවට වඩා වෙළඳපොලේ ඇත්නම් රුපියලට ඇති ඉල්ලුම අඩුවෙයි. ඒ නිසා රුපියලේ වටිනාකම වෙළඳ පොලේ පහල බසී. අනික් අතින් වෙළඳපොලේ රුපියල් අඩුනම් හෝ හිඟයක් ඇත්නම් රුපියලේ වටිනාකම ඉහල යයි.

ඩොලරයටත් මෙය පොදු සත්‍යයකි. රුපියල් සහ ඩොලර් පමණක් තිබෙන මාකට් එකේ ඩොලර් අඩු වුවහොත් ඩොලරයේ වටිනාකම වැඩිවෙයි. ඩොලර් වැඩි වුවහොත් අපට අඩු රුපියල් ගණනක් දී ඩොලර මිලදී ගන්නට පුළුවන.

ඉතිරිය හවසට

Wednesday, June 6, 2018

නාම් සංචාරය 7

පෙර කොටසට ලින්ක් එක
http://lakshmanillangakoon.blogspot.com/2018/06/6.html






     ස්වභාව ධර්මය දෙස ප්‍රවේශමෙන් බැලුවොත් ඇමිබාගේ  සිට මිනිසා දක්වා, එසේ නැත්නම් මහා ගසක් දක්වා, සියල්ල පුදුමාකාරය. අවුරුදු බිලියන ගණනක් සුදුසුම සත්වයා ඉතිරිවීම පදනම් කර ගනිමින්, පරිනාම වාදයට අනුව සතුන් සහ ශාඛ වර්තමාන කාලයට පැමිණි ඇති ආකාරය ලොව ඇති ලොකුම පුදුමය වන්නේය. ඒ අතරම පෘතුවියේ විවිධ ස්ථාන වල ස්වභාවයෙන්ම ලැබී ඇති නා නා ප්‍රකාර ගති ලක්ෂණ සමහරක්ද සාමාන්‍ය ස්වභාවයෙන්  වෙනස්වීම නිසා දකින්නන් පුදුමයට හා විශ්මයට පත්කරයි. දැන් අපේ ඇස ගැටෙන වියට්නාමයේ හා ලොන්ග් මුහුදු බොක්කද එසේම ස්වභාවයෙන් විශිෂ්ට භූ දර්ශනයක් වෙයි.

මේ නිසාම, හා ලොන්ග් බොක්ක 2012 වසරේ පැවැත්වුණු අන්තර්ජාතික ඡන්දයකින් ලෝකයේ නව පුදුම හතෙන් දෙවැනි තැනට පත්වුණි. එම තරඟයේ  පළමුවෙනි තැන ගත්තේ ඇමසන් වනාන්තරය සහ ගංගාවයි. එය මුලින්ම කන්ද උඩ සිට දකිනවිට ඕනෑම කෙනෙකුට විශ්මයක් ඇතිවන්නේ නැත්නම් ඔහුට යම් ප්‍රශ්නයක් තිබිය යුතුය, එය ඒ තරම්ම විශ්මය ජනකය.

හා ලොන්ග් බොක්ක  වර්ග කිලෝ මීටර 1533 ක පැතිරුණු මුහුදු බොක්කකි. එහි හුණු ගල් වලින් සැදුනු දුපත් 1960- 2000  ක් පමණ තිබෙන අතර ඒවා හැඩයෙන් සහ උසින් එකිනෙකට බොහෝ වෙනස්ය. ඇත්තෙන්ම මෙහි දුපත් 1969 ක් තිබෙන බවත් එම ප්‍රමාණය හරියටම වියට්නාමයේ පියා ලෙස සැලකෙන් හෝ චි මින් මියගිය වසරට ඉලක්කම් වලින්  සමාන බව අපට මෙහිදී යමක් පැහැදිලි කල මාර්ගෝපදේශිකාවක කීවාය.
                                                         හෝ චි මින් 
අප එහි කාර්යාලයකට ගෙනගිය අපේ මාර්ගෝපදේශක වරයා අප එතන සිටි තරුණියකට බාරදී ආපසු නගරයට ගියේය. අප පිළිගත් තරුණිය ජෙටියට අප රැගෙන ගොස් එහි තිබූ තරමක යාත්‍රාවකට බාරදුන්නාය. ඒ බෝට්ටුවෙන්, මහල් තුනකින් යුත් මගී නෞකාවකට ගිය අපි එයට ගොඩවූ පසු පැය බාගයක පමණ උපදෙස් ලබාදීමකින් පසු කාමර වලට යවන ලදහ. කාමර නැවක හැටියට සැහෙන්න විශාල වූ අතර එයටම අනුබද්ධ බැල්කනි එකක්ද තිබුණි.



නැවේ කාමර 24 ක් තිබුණු අතර එදින මගින් 58 දෙනෙකු සංචාරයට නැවෙහි සිටියහ.
මගීන් ස්ථාපිත වූ වහාම නැව ගමන් කරන්නට පටන් ගත්තාය. මෙම x හි මුහුද කොතරම් නිශ්චලද යත්; නාවිකයන් flat calm / mirror calm යැයි හදුන්වන තරමට, නෞකාව ගමන් ආරම්භ කර ටික වෙලාවක් යන තුරු අපට එය දැනුනෙත් නැත. අපි ලකලෑස්ති වී දහවල් බුෆේ කෑම සඳහා පහලට ගියෙමු; කාමර තිබුනේ දෙවන සහ තුන්වන මහල්වලය.

 නැව තරමක් දුර ගමන් කර විශේෂ දුපතක් වෙත පැමිණ නැංගුරම් ලෑවාය. පසුව කුඩා බෝට්ටු වලින් එම දුපතට ගොස් තරුණියක විසින් කරන ලද පැහැදිලි කිරීමකට පසුව; වියට්නාමයේ මෙවැනි බොහෝ වැදගත්, සංචාරකයන් හා කටයුතු කරද්දී 80% කටත් වඩා ඒවායේ නිරතවන්නේ  තරුණියන්ය, සමහර විට මෙයට හේතුව තරුණියන් වැඩි ප්‍රමාණයක් ඉංග්‍රීසි ඉගෙන ගැනීම විය හැක. ඔවුන් බොහෝ තන්හි පිරිමින් තදින් පාලනය කරමින් කටයුතු කරන බවක් මට නිකමට සිතුණි.
 එම දුපතේ තරමක් ඉහලට නැඟ කන්දේ මධ්‍යයේ තිබූ විශාල උමගක් වෙතට ඇතුළු වුනෙමු. එය විස්තර කරන්නට මහන්සි වෙනවටා වඩා පහල ඡායා රූප වලින් එය කිරීම වඩා සුදුසු බව මට හැගේ. 



අවසන කුඩා යාත්‍රාවෙන් නැවට පැමිණි අප නැවත නෞකාවේ ගමන් ඇරඹිමු. ඉන්පසු හවස් කාලයේ කයාක් බෝට්ටුවල නැඟ ඒවා පැදීමට සුහඳ තරගයක් සංවිධානය කර තිබුණි. අඳුරු වැටීගෙන එන විට වියට්නාම් සුපශාස්ත්‍ර ප්‍රායෝගික පන්තියක් ඉහලම තට්ටුවේ සංවිධානය කර තිබූ අතර විශේෂයෙන්ම මගියන්ටද එයට සම්බන්ධ වී සුපශාස්ත්‍ර ප්‍රායෝගිකව කිරීමට ඉඩ ලබා දීමෙන් සියලුදෙනා බොහෝ සතුටට පත් වුහ. එතනම තිබූ බිම හලේ මොජිටා පානය කරමින් සිටි අපට එම පංතියේ ප්‍රතිපල බයිට් එකට ගැනීමට හැකි වීමෙන් අපගේ සතුටද දෙගුණ තෙගුණ විය.



මෙය අවසන සෙට් මෙනියු රාත්‍රී ආහාරයක් පිළියෙළ කර තිබුණි. එයට ඉඳගත් පසු එය කොතරම් විධිගත ලෙස කෙරුනේද යත් මට එක්වරම නාවික හමුදාවේ මෙස් ඩිනර් එකක මෙන් මෙස් අන්ඩ්රෙස් නිල ඇඳුමක් ඇඳගෙන ආවේ නැති එක ගැන පොඩි මදි පුංචිකමක් හිතුනි.  
                                                  මෙස් ඩ්‍රෙස් 

චිත්‍රපට සංස්ථාව ගල් යුගයට යාම

ඊයේ ප්‍රවෘත්ති තුල ශ්‍රී ලංකා චිත්‍රපටි සංස්ථාවේ සභාපතිවරයා සහ ප්‍රසිද්ධ සිනමා නළු රවින්ද්‍ර රන්දෙනිය ඇතුළු පිරිසක් ප්‍රවෘත්ති සාකච්චාවක්...