Monday, August 26, 2024

පරණ තැපැල් ඡන්ද මතකයක්

 අසූ ගණන් වල මුල  මම ලුතිනන්වරයෙක් වශයෙන් යාපනයේ කරේනගර්හි 'එළාර' කඳවුරේ සේවය කළෙමි. එකල එහි අනදෙන නිලධාරිවරයා වූයේ, පසු කලෙක නාවික හමුදාපතිවරයා බවට පත්වී ත්‍රස්තවාදීන් අතින් මියගිය  අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දුය.

මම ඔහුගේ ලේකම්වරයා වූ අතර, ඒ නිසා තැපැල් ඡන්ද සහතික කිරීමට කටයුතු කළේ සහතික කරන නිලධාරියා වූ ඔහුගේ කාර්යාලයේ අප දෙදෙනාය. 

ආධුනික නැවියකු තැපැල් ඡන්දය දීමට පැමිණියේය. ඒ සඳහා කාර්යාලය ඇතුළට පැමිණීමට ක්‍රියා පටිපාටි කිහිපයක් තිබුණු අතර, ඇතුලට පැමිණ ඡන්දය දීමට ගතවන්නේ ඉතා සුළු කාලයකි. 

ඡන්දය දී අවසානයේ මේ තරුණයා අප දෙස බලා

 "සර් එහෙනම් මං යන්නද?"

යනුවෙන් ඇසුවේ ඔහුට කාර්යාලය ඇතුලේ සිදුවූ දෙය බලාපොරොත්තු කඩවීමක් ලෙසට සුළු වැඩ කටයුත්තක් යයි හැඟුන නිසා විය යුතුය.


එකල කමාන්ඞර්වරයෙකු ක්ලැන්සි ප්‍රනාන්දු, අපූරු පිළිතුරක් දුන්නේය. 


ඔහු ආධුනික නැවියා දෙස, බලා සිනාසී, "නැහැ පොඩ්ඩක් ඉන්නවා, තේ එකක් එහෙම බීලා යන්න" යනුවෙන් පැවසීය.




Voluntary patrol - a short story

  2. Voluntary Patrol During the 1960s, a wave of crime was reported all across Sri Lanka. Housebreakings, murders, bank robberies, and shop...