Thursday, April 20, 2017

මිතොටමුල්ල කුනූ කන්දට විසදුමක් ඇත්තේම නැද්ද





මිතොටමුල්ල ඛේදවාචකය ලංකාවට අමුතු දෙයක් නොවේ. අපි ඛේදවාචකයෙන් ඛේදවාචකයට ජීවිතය ගෙවන ජාතියක් වෙමු. දැන් මාස කිහිපයකට පෙර කලුතර බෝට්ටු ඛේදවාචකය මුලු ජාතියම ශෝකයෙන් නැහැවීය. එහෙත් එම ඛේදවාචකය කාගේ වරදකින් සිදුවීද, ඔවුන්ට කුමන දඩුවම් දුන්නේද, එවැනි ඛේදවාචක අනාගතයේදී වලක්වා ගැනිමට කුමන පියවර ගත්තේද, අපි නොදනිමු.බොහෝ විට කිසිදු පියවරක් ගන්නට නැත. මේ ඛේදවාචකය කලමනාකරණය කරන්නට සුවිශේෂී වු අමාත්‍යංශයක් තිබෙන එකම රටේය.
ඇත්තෙන්ම දැන් පේන විදිහට ආපදා කලමනාකරණ අමාත්‍යංශය දැන් කැබිනට් ප්‍රොටෝකෝල් එකේ ඉතා ඉහලට පැමිණ ඇති බවට කිසිම සැකයක් නැත්තේය. සමහර විට එය මුදල් අමාත්‍යංශයට පමණක් දෙවැනි වී දෙවන ස්ථානයේ සිටින්නට පුලුවන.
ඛේදවාචක කලමනාකරණය මදකට පසෙකින් තබා මේ කුනු ප්‍රශ්නයට කුමන විසදුමක්   තිබේදයි බලමු.
කුනු කලමනාකරනය කිරීමට ඇත්තේ ක්‍රම 5 කි.
1.කුනු කොහාට හෝ ගෙනවිත් ගොඩ කිරීම - බොහෝ දියුනුවන  රටවල කෙරෙන්නේ මෙයයි.

2.ලෑන්ඩ් ෆිල් එකක් සාදා එයට කුනු දැමීම- ඇමෙරිකාව වැනි රටවල කෙරෙන්නේ මෙයයි- මේවා භූමියෙ ජලය අපිරිසිදු නොවන හා එමෙන්ම අසල්වැසියන්ට අපහසුවක් නොවන අන්දමින් සදා ඇති අතර කුනු මේවා ඇතුලට දමීමට ටොන් එකකට රුපියල් 6000 පමන මුදලක් අය කරනු ලැබේ.

3.කුනු විශාල දාහකයක් තුල පුලුස්සා දැම්ම.

4.කුනු පුලුස්සා එමගින් තාපය, විදුලිය, ලබා ගැනීම, - මෙම ක්‍රමය සුවිඩනය ඇතුලු යුරෝපා රටවල බොහෝ ප්‍රචලිත වුවද ඇමරිකාවෙ මෙමගින් සිදුවන පරිසර හානිය නිසා විවාදයක් පවතී. සුවිඩනයේ දැන් කුනු ඉවර වී එංගලන්තයෙන් කුනු අපනයනය කිරීමට කටයුතු සම්පාදනය කෙරේ.

5.කුනු ප්‍රතිචක්‍රිකරනය කිරීම- මෙම ක්‍රමය ලංකාවෙ බොහෝතැන්වල උත්සාහ කලද සෑම ව්‍යපෘතියක්ම පාහේ අසාර්තක වී ඇති බව පෙනේ.


මේවායින් නවතම හා වඩාත්ම තාක්ශනික ක්‍රමය වනුයේ කුනු පුලුස්සාවිදුලිය නිපදවීමය. එහෙත් ප්‍රශ්නය මූලික මුදල් යෙදවීමය. සාමන්‍යයෙන් එවැනි ජනකාගාරයකට රුපියල් මිලියන 6000 ක් පමන අවශ්‍යය. බොහෝ නගර මේවා පිහිටුවීමට ශාක්‍යකතා පරීක්ෂන කර අත්හැර දමා ඇත.ඇමෙරිකාවෙ ගුවන් හමුදාව මිලියන 7 ක් වියදම් කර ප්ලාස්මා ජනක ගාරයක් සාදා අසාර්තක වූ නිසා ටෙන්ඩර් කැඳවා ඩොලර් 25 කට විකුනා දමන ලද්දේය. කැනඩාවෙ එඩ්මොන්ටන් හි 2010 අවසන් කිරීමට තිබූ මෙවැනි ජනකාගාරයක් තවමත් මෙහෙයුම් තත්වයට ගෙන ඒමට බැරිව ලතවෙයි.
මෙවන් තාක්ෂනයෙන් සහා කලමනාකරන හැකියාවන්ගෙන් ඉතා ඉහල රටවලට තවමත් මේ තරම් ලොකුවට වරදින්නේ නම් නොරොච්චෝලේ මාස තුනක් එක දිගට දුවා ගන්නට බැරි අප ගැන කියනුම කවරේද?

ඒ නිස අප අපගේ හැකියාවනට හා තාක්ශනයට ගැලපෙන පරිදි මෙයට විසඳුමක් සොයාගතයුතුය. මේ විසඳුමට නොරච්චෝලෙ හා මීතොටමුල්ල එකතුකල යුතුය.

මීතොටමුල්ලලේ ජනන දාරිතාව MW 300 කි. MW 300 ක් දවසක් හදන්නට MWH 300 X24 ක් අවශ්‍යය. ඒ සඳහා ගල් අඟුරු  ටොන් 100ක් පමන අවශ්‍යය. මේ ශක්තිය ප්‍රමානයම හදන්නට කුනු ටොන් 700ක් පමන අවශ්‍යය. හරියටම කොලඹ නිපැදවන කුනු ප්‍රමානයටම සමාන ප්‍රමානයකි.

ගල් අඟුරු බලාගාරයක විදුලිය නිපදවන්නෙ ජලය රත්කර එම හුමාලයෙන් ටර්බයින් කරකැවීමෙනි. මෙම හුමාලය සෑදීම කුනු පිලිස්සීමෙනුත සිදුකල හැක. ස්වීඩනය වැනි රටවල විදුලිය නිපදවන්නේ මෙලෙසය.
එසේනම් අප නොරච්චෝලෙ හුමාලය නිපදවීමට කොලඹ කුනු ටොන් 700 පාවිච්චි නොකරන්නෙ ඇයි? අපට වෙනස් කරගතයුත්තෙ හුමාලය උනුකරන කොටස පමනී.
ඒ සඳහා අප විශ්ව විද්‍යාල වල සහය අපට ලභාගත හැක.

ගල්අඟුරු ආනයනය කරන්නට ඩොලර් යන්නේත් නැත . කුනු ප්‍රශ්නයත් අවසානය.
අකමැති වුවහොත් ඒ ගල්අඟුරු බ්‍රෝකර් ලා සහ ගල්අඟුරු ආනයනයෙන් ප්‍රයෝජන ලබන්නන් ය .


Tuesday, April 18, 2017

තාක්ෂණයෙන් අනාගතය දැකීම; 2030 වනවිට ලෝකය





අපේ ජාතිය පටන් ගැන්මේ සිටම පාහේ අනාගත ව්‍යක්ත මතම රැදුණු ඉතිහාසයක් ඇත්තේය. විශේෂයෙන්ම ඊලග රජු තෝරා ගැනීමේදී බොහෝ විට අනාගත ව්‍යක්ත කියන්නන්ට බොහෝ බලයක් තිබුනු බව පෙනේ.

සමහර අනාවැකි නිසා අනාගතය වෙනස් වූ සැයකුත් පෙනේ. ගෝඨාභය ඇතුලු රාජ නිලධාරීන් තිදනා මහියංගනයේ සිට පයින් යන විට අන්ධ අනාවැකි කියන්නා ඔවුන් තිදෙන යම් දිනෙක රජ වේයැයි කිවූ නිසාම ඔවුන් රජ වූයේදැයි අප නොදනිමු. කපටි ගෝඨාභය මිතුරන්ට හොරෙන් ආපසු ඇවිත් අනාවැකි කියන්නා ගෙන් කාගේ පරම්පරාව පවතින්නේදැයි ඇසූ විට ලැබුනු පිළිතුර වෙනස් වූයේ නම් අපට සිරිසඝබෝ කතාවත් නැති වන්නට ඉඩ තිබුණි.

එතරම් පැරණි කාලයේ නොව වර්තමානයේ අනාවැකි කියන්නන් නිසා රාජ්‍ය බලය අහිමි කර ගත්තෝ නැත්තේ නොවේ.

බටහිර සංස්කෘතියේද මෙවැනි පුරුදු සහ විශ්වාස ඉතා ඈත අතීතයේ තිබුනද (මැක්බත්) අපට පෙර ඒවා ඉවත් කර ගන්නට ඔවුනට පුලුවන් විය. එහෙත් මෑතක සිට වෙනත් භූමියෙහි ජීවත්වන අනාගතය කියන්නන් වර්ගයක් එහි ඇති වී තිබේ. නමුත් ඔවුන් පෙර අනාවැකි කරුවන්ට වඩා විද්‍යාත්මකය. අනෙක ඔවුන් අනාගත ව්‍යාක්ත කියන්නේ ක්‍රමවත්ව දැන් තිබෙන තාක්ෂණය කුමන ආකාරයට අප ජීවිත සහ අප ජීවත්වන ආකාරය වෙනස් කරන්නට පුලුන් කෙසේදැයි පරීක්ෂා කර බලාය. ඒවා පුද්ගලික අනාවැකි නොව මනුෂ්‍ය සංහතියට ඉදිරියට ඇති විය හැකි වෙනස්කම් පරීක්ෂා කර බැලීමයි.  

මෙම අනාගතය කියන්නන් අතර ප්‍රධාන තැනක් ගන්නේ ඇමරිකාවේ ගූගල් ආයතනයේ ඉංජිනේරු අධ්‍යක්ෂකවරයා සහ අනාගතය කියන්නා වන රේමන් කර්ස්වීල්ය. ඔහු කතුවරයෙක්, පරිඝනක ඉංජිනේරුවෙක්, නව නිපයුම් කරුවෙක් සහ අනාගතය කියන්නෙකු වෙයි. බොහෝ නව නිපයුම් ත්‍යාග දිනා ඇති අතර, ඔහු ලියා ඇති පොත් හතෙන් පහක්ම නිව්යෝක් ටයිම්ස් වැඩියෙන් විකුනුනු පොත් අතරට ගොස් ඇත. ඔහුගේ එක් පොතක් වන The age of spiritual machines දැනටමත් භාෂා නවයකට පරිවර්තනය වී ඇත.

ඔහුගේ මා කැමතිම කියමන,

“දෙවියන් ඉන්නේද? යනුවෙන් කෙනෙකු මගෙන් ඇසුවොත් මගේ පිළිතුර 'තවමත් නැත' යන්නයි.“

පසුගිය කාලයේ මෙවැනි වෘතිය  අනාගතය කියන්නන් නොසිටි අතර එම කටයුත්ත තරමක් දුරට හෝ  කෙරුනේ විද්‍යා ප්‍රබන්ද කතුවරුන් විසිනි. මෙයිනුත් බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රී ලංකාවේ ජීවත්වූ ආතර් සි ක්ලාක් මහතා කැපී පෙනුනී. එහෙත් එම පරම්පරාවේ අනාගතය කියන්නන් ගේ අනාවැකි බොහොමයක් එතරම් නිවැරදි නොවුනේ බොහෝ විට ඔවුනට අන්තර් ජාලය පිලිබදව සිතාගන්නට නොහැකි වීම නිසා යයි මට සිතේ. අන්තර් ජාලය පිලිබදව නොදැන එතනින් එහාට යථාර්තික අනාවැකි කියන්නට නුපුළුවන් වනුයේ අන්තර් ජාලය අපේ තාක්ෂණයේ එතරම්ම වැදගත් සංධිස්ථානයක් වී ඇති නිසාය.


කර්ස්වීල් ගේ අනාවැකි ඇත්තෙන්ම වර්තමානයේ තිබෙන තාක්ෂණය කොයි දෙසට දියුණු  විය හැකි දැයි අනුමාන කර විද්‍යාව පදනම් කරගෙන කරන අනාවැකිය. නැතිනම ඔහුව ගූගල් සමාගමේ අනාගත අනාවැකි කියන්න ලෙසට වැටුපක් දී තබා නොගනු  ඇත. ඔහු විසින් අප ජීවත්වන  ලෝකය තාක්ෂණය නිසා වෙනස්වන ආකාරය පිලිබදව කර ඇති අනාවැකි මනස්කාන්තය, එමෙන්ම සිදුවිය හැකිය.

1. 2030 දී නැනොබෝට්ස් තාක්ෂනය අපේ මොලය කෙලින්ම දැනුම් වලාකුළු වලට සම්බන්ද කරනු ඇත. එවිට අපට ඒ අභෞතික අතත්‍ය  ලොවෙහි matrix ආකාරයට ජිවත් වන්නට පුළුවන් වෙයි. නැනොබෝට්ස් යනු meter , 1/1000000000 ට අඩු විශාලත්වයෙන්  නිපදවන යන්ත්‍රයි. 

2. එම නනොබොට්ස්ම අපගේ ස්වභාවික ප්‍රතිශක්ති අසිමිත ලෙස වැඩි කර අපට ඕනෑම ලෙඩක් , පිලික පවා , මනුෂ්‍ය සංහතියෙන් තුරන් කරන්නට හැකියාව ලබා දෙයි. ආයුෂ නොසිතු ලෙස වැඩි වෙයි.

3. එම නනොබොට්ස් අපගේ තර්ක  ඥාන ශක්තිය වැඩි කරනවා පමණක් නොව භාවාත්මක  ඥාණ ශක්තියද වැඩි කරයි. මෙය සිදුවනු ඇත්තේ අපට ඕනෑම දෙයක් සැනෙකින් මොහොතකින් දැනුම වලාකුලෙන් ලබා ගත හැකි නිසාය.

4.අපට ඕනෑම දෙයක 3D කොපියක්;  සද ගැනීමට පුළුවන් වනු ඇත. දැනටමත්  නිවාස  සහ ඉලඇට  කුඩු වැනි දෑ හි  3D කොපි සැදීම ප්‍රායෝගිකය. 

5.2030 දී අපට මිය ගිය කෙනෙකුගේ  අභෞතික අතත්‍ය ප්‍රතිරූපයක් සාදා  ගැනීමට පුළුවන් වනු ඇත. නනොබොට්ස් යන්ත්‍රයක් ඔහුගේ ජිවත්වන පවුල් සාමාජිකයන්  හා මිතුරන්ගේ  ගේ මොළ තුලට යවා ඔහු පිළිබද මතකයන් උකහා ගනු ඇත. එම මතකයන් සහ මිය ගිය අයගේ DNA සාම්පල එකතුකර ඉතාමත් පැහැදිලි අතත්‍ය ප්‍රතිරූපයක් ගොඩනගා ගත හැකි වනු ඇත.

6. 2045 දී සත්ව  පරිනාමයේ වේගය කෘතීම බුද්ධිය මගින් පරදවනු ඇත. එම අවුරුද්දේ කෘතීම බුද්ධිය මිනිස් බුද්දිය මෙන් බිලියන ගුණයකින් වැඩි වනු ඇත. අප ජිවිතයේ තේරුම,ව්‍යාපාර කරන ආකාරය ,ජිවිත කාලය ,මරණය යනාදිය පිලිබදව අපගේ දැක්ම සම්පුර්ණයෙන්ම වෙනස් වනු ඇත .

7. එකල වනවිට අපට අපගේ විඥ්ඥානය/ සිහිය අපට පරිගණකයකට අප්ලෝඩ් කිරීමට පුළුවන් වනු ඇත. මෙතැනදී අපට මරණයෙන් පසුවද ජිවත් වීමට පුළුවන් වනු ඇත.

8.අපට අතත්‍ය (virtual ) ශරීර කොටස් සවි කර ගැනීමට හැකිවනු ඇත. එය අයිති කරුට භෞතික ලෙස දැනෙන අතර අවැසි ලෙස සැලසුම් කර ගත හැකි වනු ඇත 

කර්ස්වීල් කියන්නේ ඔහුගේ මේ සියල්ල ඔහු කියන්නේ දැන් තිබෙන තාක්ෂනය පරික්ශාකර තාක්ෂනය දියුණු වන පැත්ත හා වේගය දෙස බල බවය. මෙය වරදිනවානම් වරදින්නට පුළුවන් තවත් මෙහි වේගය වැඩි වන ආකාරයටය. මක්නිසාද තාක්ෂනයට  නොසිතු ලෙස අලුත් දෑ එකතු විය හැකි නිසාය.





Monday, April 17, 2017

final episode -අද්මිරාල් ස්පිල්බර්ගන් මහනුවරට පැමිණීම- final episode

                                 
                               මහනුවරට තානාපති පැමිණීම.  
මෙම කතාවේ මීට පෙර කොටසට link එක http://lakshmanillangakoon.blogspot.com/2017/04/2-part-2.html

මැද මහනුවර රාත්‍රිය ගතකර නැවත ගමන් ආරම්භ කර පසු දින කුණ්ඩසාලේ ගඟ අසලට පැමිණි අද්මිරාල් ස්පිල්බර්ගන් සහ කණ්ඩායම රජුගේ මහාධිකාරම වූ මැනුවෙල් ඩයස් විසින් එහිදී පිළිගන්නා ලදි.

මෙම ඩයස් මහා අධිකාරම පෘත්‍රගීසී සම්භවයක් ඇති රජුට ඉතාමත් විශ්වාසවන්ත නිලධාරියෙකු විය. 

මෙහිදී මහාධිකාරම සමග දහසක පමණ හමුදා භට පැමිණ සිටියහ. ඔවුන් අතර තුර්කි, මැලේ, සිංහල, අප්‍රිකානු සහ පෘතුගීසී භටයන්ද වූහ. මෙම පෙරහැර සංගීත කරුවන් හා නොයෙකුත් නැටුම් වලින් සමන්විත විය. මෙහි ස්කොට්ලන්තයට ආවේනික වූ බැග් පයිප් භාණ්ඩය වාදනය කරන්නන්ද සිටි බව සදහන් වේ.

අද්මිරාල් ස්පිල්බර්ගන් මහනුවරට පැමිණෙන විට කන්ද උඩරට ශ්‍රී ලංකාවේ එකම සිංහල රාජධානිය බවට පත්ව වසර 10 ක් වත් ගත වී නැත. එකල මහනුවර රජ කල විමලධර්මසූරිය රජතුමා හා එතුමාගේ බිසව වූ දෝන කතරිනා දේවිය පෘතුගීසීන් යටතේ එම සංස්කෘතියට අනුව හැදුණු වැඩුණු තැනැත්තන්ය. එහෙයින් ඔවුන්ට හොදින් පෘතුගීසී භාෂාව කථා කිරීමට හැකි වූ අතරම, යුරෝපීය ගති පැවතුම් පිළිබඳව මනා අවබෝධයක්ද තිබුණි. එකල මහනුවර ඉතා දුප්පත් නගරයක් ලෙස පවතින්නටද ඇත. මාලිගාවද ඉතා කුඩා වූ අතර මහනුවර වැවද තොතිබිණි. මහනුවර වැව කරන ලද්දේ ශ්‍රී වික්‍රම රජු විසින් 1805 දී පමණය. ඔහු විසින්ම සිය මාලිගාවටද අලංකාර කොටස් එකතු කිරීම කරන ලද්දේ ඉංග්‍රීසීන්ට යටත් වීමට වසර කිහිපයකට පෙරය.

ඉතා උත්සවාකාරයෙන් මහනුවරට පැමිණි අද්මිරාල් ස්පිල්බර්ගන් හා කණ්ඩායමට නවාතැන් ගැනීමට සියලුම පහසුකම් වලින් සමන්විත විශේෂ ලැගුම් හලක් සූදානම් කර තිබිණි. එදිනම සවස් වරුවේ ඉතා අලංකාර ලෙස සරසන ලද අශ්වයන් තිදෙනෙකු අද්මිරාල් ස්පිල්බර්ගන්ගේ නවාතැනට රජු විසින් එවන ලදි. මහනුවර රජු බැහැ දැකීමට අද්මිරාල් ස්පිල්බර්ගන් එම අශ්වයන් මත නැගී මාලිගාවට ගියේය.



                                ස්පිල්බර්ගන් විමලධර්මසූරිය රජු බැහැ දැකීම. 

රජු බැහැ දැකීමෙන් පසු රජු වෙත ඔහු විසින් ගෙනෙන ලද ත්‍යාග පලසක් මත තබා රජුට හා රාජකීය පවුලට දැක ගැනීමට සැලැස්විය. රජු අද්මිරාල් ස්පිල්බර්ගන් සමග ස්වල්ප වේලාවක් කථා කිරීමෙන් පසු ඔහු මහන්සි වී ඇති හෙයින්, ආපසු තම නවාතැනට යාමට අවසර දී විවෙික ගෙන නැවත පසුදින උදයේ බැහැ දකින ලෙසට උපදෙස් දුනි.

පිටත්වීමට පෙර අද්මිරාල්වරයා ඔහු සමග සිටි ඕලන්ද සංගීතකරුවන් ලවා සංගීත භාණ්ඩයන් වාදනය කර රජතුමාට අසන්නට සැලැස්වීය. රජතුමා එම සංගීතය අසා මහත් ප්‍රීතියට පත්විය.

පසුදින උදයේ අද්මිරාල් ස්පිල්බර්ගන් නැවත රජතුමා බැහැදුටු අවස්ථාවේදී ඔවුන් දෙදෙනා වෙළඳාම, ජාත්‍යන්තර දේශපාලනය, යුධ උපක්‍රම, ගෘහ නිර්මාණ ශිල්පය, ආගම් හා යුරෝපයේ රාජ්‍යය සම්බන්ධව දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වූහ. අද්මිරාල් ස්පිල්බර්ගන් මහනුවර සිටි දින පහෙන් වැඩිම කාලයක් ගතකර ඇත්තේ රජතුමා සමග මෙවැනි සාකච්ඡාවන් පැවැත්වීම සඳහාය.

එකල ලංකාවෙන් යුරෝපයට අපනයනය කල වෙළඳ ද්‍රව්‍ය අතර කුරුඳු සහ ගම්මිරිස් ප්‍රධාන තැනක් ගත්තේය. අද්මිරාල්වරයා එම වෙළඳාම පිළිබඳවද සාකච්ඡා කල අතර රජතුමා ඒවාට ඉතා ඉහල මිලක් ඉල්ලූ බැවින් ඒ පිළිබඳව සාකච්ඡා මදකට නැවතුනි. මෙම සාකච්ඡා වලින් පසුව රජතුමා අද්මිරාල් ස්පිල්බර්ගන් පිළිබඳව කොතරම් පැහැදුනිද යත් ශ්‍රී ලංකාවේ රජවරුන් සාමාන්‍යයෙන් විදේශිකයනට නොකරන ගෞරවයක් අද්මිරාල් ස්පිල්බර්ගන් වෙත පුද කලේය. එනම් අද්මිරාල් ස්පිල්බර්ගන්ව තම බිසවගේ හා දරුවන්ගේ පුද්ගලික මාලිගාවනට ගෙන ගොස් ඔවුන්ව හදුන්වා දීමය. එහිදී රජුගේ දරුවන් හා බිසව යුරෝපීය ආකාරයට ඇඳුම් ඇඳ සිටි බවද සදහන් වේ.

තවද රජු විසින් මහනුවර අවට තනවා තිබූ විහාරස්ථාන හා දේවාල වලට අද්මිරාල් ස්පිල්බර්ගන්ව රැගෙන ගිය අතර, එම වෙහෙර විහාර හා දේවාල යුරෝපයේ විශාල දේවස්ථාන වලටද වඩා ඉතා ඉහල තත්වයකින් තිබූ බව අද්මිරාල් ස්පිල්බර්ගන්ගේ වාර්තාවල දක්වා ඇත.

විමලධර්මසූරිය රජතුමා මෙම සාකච්ඡා වලින් පසු නෙදර්ලන්තය පිළිබඳ කොතරම් උනන්දුවක් ඇති වූයේද යත් නෙදර්ලන්ත භාෂාව ඉගෙන ගැනීමටද පටන් ගත්තේය. ඒ අතරම නෙදර්ලන්ත ජාතීන්ගේ වෙළඳාම හා ආරක්ෂාව සදහා ත්‍රීකුණාමලයේ කොටුවක් සෑදීමට අවසර දුන්නේය. එම කොටුව සෑදීමට ඔහු කොතරම් උත්සුක ද යත් ඒ සදහා රාජකීය පවුලේ සාමාජිකයන්ද හිසෙන් ගල් ගෙනවිත් දී උදව් වීමට පවා සූදානම් වූ බව අද්මිරාල්වරයාට පවසා සිටියේය.

අද්මිරාල් ස්පිල්බර්ගන් ආපසු යාමට සූදානම් වන විට රජතුමා ඔහු ගෙන් ගම්මිරිස් සහ කුරුඳු වෙළඳාම පිළිබඳව විමසා සිටින ලදි. එම අවස්ථාවේදී අද්මිරාල් ස්පිල්බර්ගන් පවසා සිටියේ ඔහු මහනුවරට පැමිණියේ වෙළඳාමට නොව නෙදර්ලන්ත පාලක ඔරේන්ජ් රජු වෙතින් කන්ද උඩරට රජුට මිත්‍රත්වය ප්‍රකාශ කිරිම සදහාත්, කන්ද උඩරට රජු හා පෘතුගීසීන් අතර යුද්ධයකදී කන්ද උඩරට රජුට උදව් කල යුත්තේ කෙසේද කියා සොයා බැලීමටත් යන්නය.

අද්මිරාල් ස්පිල්බර්ගන් මෙය පැවසීමෙන් පසු රජතුමා ඉතා සතුටට පත්විය. ඔහු මීට පෙර දැන සිටි යුරෝපීයයන් වූ පෘතුගීසීන් බොහෝ විට මිත්‍රත්වය කෙරෙහි කිසිම ගෞරවයක් නොකල අතර, ඔවුන්ගේ මූලික පරමාර්ථය වූයේ වෙළඳාම හා ආගම පැතිරවීම විය.  එවන් පසුබිමක් යටතේ තවත් යුරෝපීය ජාතිකයෙකු මෙසේ පැවසීම රජුට මහත් සතුටට කරුණක් විය.

මෙය ඇසූ පසු රජතුමා අද්මිරාල් ස්පිල්බර්ගන්ගේ උරයෙන් අල්වා ඔසවා ඔහු කිවූ දෙය රාජ සභාවට තේරුම් කර දුන්නේය. යුරෝපීයන් අතර හැඳී වැඩුණු විමලධර්මසූරිය රජු මෙන් නොව ඔහුගේ රජ සභාවේ බොහෝ දෙනෙකු යුරෝපීය භාෂාව නොදැන සිටින්නට ඇත.

නෙදර්ලන්තයේදී කන්ද උඩරට රජු වෙනුවෙන් පෙනී සිටීමට බලය දීම සදහා අද්මිරාල් ස්පිල්බර්ගන් කන්ද උඩරට රජුගේ තානාපතිවරයෙකු ලෙස නිළ වශයෙන් පත් කරන ලදි. නෙදර්ලන්ත පාලකයා සමග කන්ද උඩරට රජු වෙනුවෙන් ද්විපාර්ශවික ආරක්ෂාව හා වෙළඳාම සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයකට එලඹීම සදහාද අද්මිරාල් ස්පිල්බර්ගන්ට බලය පවරන ලදි. ඒ සමගම අද්මිරාල් ස්පිල්බර්ගන් වෙත උඩරට රාජධානියේ ගෞරව නාමයන්ද ප්‍රදානය කර ඉතාමත් වටිනාකමකින් යුත් රන්, මුතු හා මැණික් ආභරණද, වෙනත් ත්‍යාගද පිරිනමන ලදි. 

රජුගේ විශේෂ ඉල්ලීම මත අද්මිරාල් ස්පිල්බර්ගන් තම කණ්ඩායමේ සිටි සංගීත දක්ෂතාවයක් ඇති පුද්ගලයන් දෙදෙනා මහනුවර රාජ්‍ය සේවය සදහා නවතා ගියේය. එම දෙදෙනාගෙන් එක් පුද්ගලයෙකු වූ එරස්මස් මාර්යස් බර්ලර් නැමැත්තා පසුව රජුගේ දූ දරුවන්ගේ පුද්ගලික ලේකම් බවටද පසුව පත්කරන ලදි. වර්ෂ 1602 දී ඊලග නෙදර්ලන්ත තානාපතිවරයා පැමිණෙන විට මාරියස් බර්ලර් විමලධර්මසූරිය රජුගේ පෞද්ගලික ලේකම් ලෙස රාජ සභාවේ බලවත් පුද්ගලයෙකු බවට පත්ව සිටියේය. 

1602 සැප්තැම්බර් මස 02 වන දින අද්මිරාල් ස්පිල්බර්ගන් මඩකලපුවෙන් ආපසු නෙදර්ලන්තය බලා පිටත් විය. ඔහුගේ නෞකා පිටත්ව යාමට පෙර අද්මිරාල් ස්පිල්බර්ගන් එහි රැස්ව සිටි මිනිසුන් ගෙන් ඔහුට හෝ ඔහුගේ නිලධාරීන්ට විරුද්ධව යම් පැමිණිල්ලක් කිරීමට තිබේදැයි විමසූ අතර, එවැනි කිසිවක් නොමැති බව ප්‍රදේශවාසීන් විසින් දන්වන ලදි. 

ශ්‍රී ලංකාවට නෙදර්ලන්තයේ සිටි පැමිණි ප්‍රථම තානාපතිගේ සංචාරය මෙසේ නිමාවට පත්විය. 




Sunday, April 16, 2017

2 - අද්මිරාල් ස්පිල්බර්ගන් මහනුවරට පැමිණීම. part 2




                      ස්පී්ල්බර්ගන් ඊනියා මඩකලපු රජු මුණ ගැසීම.
පෙර කොටසට ලින්ක් එක.
http://lakshmanillangakoon.blogspot.com/2017/04/part-1.html

අද්මිරාල් ස්පිල්බර්ගන් ඉන්පසු පුද්ගලිකව මහනුවර රජු හමුවීමට අවශ්‍ය බව දැන්වීය. එය ඉතා අපහසු කාර්යයක් යැයි පවසමින් ඔහු අධෛර්යමත් කරන්නට ප්‍රාදේශීය පාලකයා උත්සාහ කලේය. මෙහි සත්‍යතාවය පරීක්ෂා කිරිමට අද්මිරාල් ස්පිල්බර්ගන් ඔහුගේ නෞකාවේ නිලධාරියෙකු මහනුවර රජු වෙත පිටත්කර හැරියේය. 

මෙම නිලධාරියා 1602 ජුනි මස 15 වන දින මහනුවර බලා පිටත් විය. ohu  ජුලි මස 03 වන දින ආපසු මඩකලපුව වෙත පැමිණිමට සමත්විය. එම නිලධාරියා මහනුවර විමලධර්මසූරිය රජු විසින් තෑගි වශයෙන් දෙන ලද රන් ආභරණ සහ රජු විසින් එවන ලද ලිපියක්ද ගෙන එන ලදි. මේ අතර තිබූ වඩාත්ම වැදගත් ත්‍යාගය වූයේ රජු විසින් එවන ලද ‘සෙගෙනන්‘ නමින් හදුන්වනු ලබන කුඩා ඊතලයයි. මෙම ඊතල කන්ද උඩරට රජුගෙන් ත්‍යාග ලැබීම එකල කෙනෙකුට ලැබිය හැකි ඉහලම ගෞරවයක් ලෙස සැලකිණ. 

විමලධර්මසූරිය අධිරාජ්‍යයා නෙදර්ලන්තයත් සමග මිත්‍රත්වය ප්‍රකාශ කර ඔවුන් සමග වෙළඳාම් කිරීමට ඇති කැමැත්ත දන්වා එවා තිබූ අතර, අද්මිරාල් ස්පිල්බර්ගන් රටින් පිටවීමට පෙර මුන ගැසීමට අවශ්‍ය බවද දන්වා සිටියේය. 

මෙම පණිවඩය ලැබුනු දිනම අද්මිරාල් ස්පිල්බර්ගන් සමග ඕලන්දයෙන් පිටත්ව මුහුදේ අතරමං වූ අනික් නැව් දෙක මඩකලපුවට පැමිණ ඔවුන් සමග එකතු විය. අද්මිරාල් ස්පිල්බර්ගන් කන්ද උඩරට රජු මුණ ගැසීමට යා යුතු බව තීරණය කරන ලදි. අද්මිරාල්වරයා අප්‍රේල් මස 06 වන දින දස දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක්ද කැටුව මහනුවර බලා පිටත් විය. තෑගි විශාල ප්‍රමාණයක්ද ඔවුන් විසින් රැගෙන යන ලද අතර, ඔහුගේ පිරිවර අතර සංගීතකරුවන් කිහිප දෙනෙකුද විය. මඩකලපුවේ ප්‍රාදේශීය පාලකවරයා කන්ද උඩරට ගමන සදහා අලි ඇතුන්ද බඩු බාහිරාදිය ඔසවාගෙන යෑම සදහා මෙහෙකරුවන්ද සපයා දෙන ලදි. 

මඩකලපුවෙන් පිටත් වීමට පෙර අද්මිරාල් ස්පිල්බර්ගන්ට කන්ද උඩරට රජු හට ඔහුගේ මිත්‍රත්වය ප්‍රකාශ කිරිමට හොඳ අවස්ථාවක් උදා වුනි. එනම් ඔහු විසින් පෘතුගීසී නැව් තුනක් අල්ලා ඒවායේ තිබූ වස්තුව හා වෙළඳ ද්‍රව්‍ය මහනුවර රජුට ත්‍යාග ලෙස යැවීමට හැකි වීමයි. මෙහිදී එම නෞකාවේ සිටි පෘතුගීසි නැවියන් 40 දෙනෙකුද සිරකරුවන් ලෙස මහනුවරට යවන ලදි. 

මෙම ගමනේ අතරමග සෑම වැදගත් ස්ථානයකදීම කන්ද උඩරට රජුගේ ප්‍රාදේශීය පාලකයන් විසින් අද්මිරාල් ස්පිල්බර්ගන් හා කණ්ඩායම මහත් හරසරින් පිලිගෙන ඔවුනට සංග්‍රහ කර ඉඳුම් හිටුම්ද සපයන ලදි. පට්ටිපොලගම, නිල්ගල, බිබිලේ හා බුබුලේ හිදී රජුගේ පාලකයන් විසින් මොවුන් සදහා විශේෂ උත්සව පවත්වා හරසරින් පිලිගෙන සංග්‍රහ කරන ලදි.  

මඩකලපුවෙන් පසු ඔවුන් ලගා වූ ඊලග ප්‍රධාන නගරය බින්තැන්නයි. මෙහිදී ප්‍රාදේශීය නායකයන් කිහිප දෙනෙකු එක්ව විශාල පෙරහැරක්ද පවත්වා අද්මිරාල් ස්පිල්බර්ගන් පිලිගනු ලැබූ අතර, උඩු වියන් දමා සකස් කර තිබූ විශේෂ නවාතැනක ඔවුන්ට ගිමන් හැරීමට සලස්වන ලදි. 

මෙම නගරය දැන් මහියංගනය වන අතර එකල රජුගේ යුධ නැව් සෑදීම කර ඇත්තේද මහියංගනයේ බව අද්මිරාල් ස්පිල්බර්ගන් ගමන් විස්තරයේ විස්තර කරයි. මෙම නැව් මහියංගනයේ සාදා ත්‍රීකුණාමලය වෙත මහවැලි ගඟ දිගේ ගෙන යන්නට ඇති බව සිතා ගන්නට හැක. අද්මිරාල් ස්පිල්බර්ගන්ට එකල මහියංගනයේදී පවත්වන ලද වාර්ෂික පෙරහැරද නැරඹීමට හැකි විය. මහියංගනයට පසු මහවැලි ගඟ පසුකර පැමිණි අද්මිරාල් ස්පිල්බර්ගන් ඇතුලු කණ්ඩායම පසු දින තෙල්දෙණිය අසල වේඩරුවේ රජුගේ සහෝදරයෙකුගේ මාලිගාවක ලැගුම් ගත්හ. 

 වේඩරුවෙන් පිටත් වූ කණ්ඩායම එකල කුඩා නගරයක් වූ මැද මහනුවරට පැමිණියහ. එහිදී මහනුවර විමලධර්මසූරිය රජුගේ සහෝදරයා  විසින් අද්මිරාල් ස්පිල්බර්ගන් මහත් හරසරින් පිලිගන්නා ලදි. බොහෝ විට මෙම සහෝදරයා විමලධර්මසූරිය රජුගේ ඥාති සහෝදරයා වූ විමලධර්මසූරිය ගෙන් පසු රජ වූ සෙනරත් කුමරු විය හැක. 


                                  
                                    ඔවුන්ගේ ගමන් මාර්ගය.

කන්ද උඩරට රජු විසින් රනින් කැටයම් කරන ලද ඔහුගේ දෝලාව අද්මිරාල් ස්පිල්බර්ගන් සදහා එවා තිබුණි. ඒ සමග අලි ඇතුන්ද, ආහාර, පළතුරු හා වයින්ද අද්මිරාල් ස්පිල්බර්ගන් හා කණ්ඩායම වෙත එවා තිබුණි. එවා තිබූ වයින් මහනුවර රජු විසින් වගා කරන ලද මිදි වත්තකින් ලබා ගත් මිදි වලින් සාදන ලද වයින්ය. ඒවා පෘතුගාලයේ සාදන ලද වයින් වලටද වඩා රසවත් බව අද්මිරාල් ස්පිල්බර්ගන් ගමන් විස්තරයේ සදහන් කර ඇත.    

  

Friday, April 14, 2017

අළු යට ගිනි; විප්ලව ඇතිවන්නට සාර භූමි මේවාය.







1912 ඉතාලි ජාතික සංඛ්‍යානය සහ සමාජ විද්‍යාව පිළිබඳ විශාරදයෙකු වූ කොරාඩෝ ගිනි, ජාතියක සාමාජිකයන් අතරේ සම්පත් බෙදී යාමේදී, එහි ඇති අසමාන තාවයන් සහ අසමතුලුත තාවයන් පිළිබඳව නිබන්ධනයක් ඉදිරිපත් කලේය.

එම ඉදිරිපත් කිරීමෙන් ඔහුගේ නම ඉතිහාසයට එක්විය. දැන් ලෝකයේ රටවල් වල ආර්ථිකයන්ගේ ලක්ෂණ සන්සන්දනය කරද්දී මෙම ඔහුගේ නමින් ඇති වූ ගිනි සංගුණකය ප්‍රධාන මැනුම් කෝදුවක් වෙයි.

ඔහු එයින් පෙන්වා දුන්නේ සම්පත් බෙදී යාමේ සංඛ්‍යාත ව්‍යාප්තිය මැන ගතහැකි ආකාරයයි. සම්පත් බෙදී යාම සම්පූර්ණ සමානාත්වයෙන් තිබේ නම් ඔහුගේ එම ගිනි සංගුණකය 0 ක් විය යුතුය. ඒ කියන්නේ සංඛ්‍යාන ව්‍යාප්තියක් ඇත්තේම නැති බවයි. සියලු දෙන එක හා සමානව ජාතියේ ආදායම පරිභෝජනය කරති.

අනෙක් අතට ගිනි සංගුණකය එකක් වුවහොත්, එසේත් නැත්නම් සියයට සියයක් වුවහොත් සම්පත් බෙදී යාම සම්පූර්ණයෙන් අසමාන වෙයි. එසේ ගිනි සංගුණකය එකක් වුවහොත් මුලු ජාතියේම සම්පත් පරිභෝජනය කරන්නේ එක් පුද්ගලයෙකු විය යුතුය. සම්පූර්ණයෙන් සමාන ලෙස බෙදී යාමත්, එක් පුද්ගලයෙකු සියල්ල පරිභෝජනය කිරීමත්, ප්‍රායෝගික නොවන අන්ත දෙකක් නිසා ගිනි සංගුණකය නොයෙකුත් රටවල වෙනස් අගයන් ගනී.

ගිනි සංගුණකය රටක ගණනය කරද්දී එය ආකාර දෙකකින් කල හැක. ඒ පුද්ගලයන්ගේ වෙළඳපොල ආදායම සහ වියදම් කල හැකි ආදායම ලෙසටයි. වෙළඳපොල ආදායම ඇත්තෙන්ම බඳු අය කිරීමට පෙර ආදායමයි. පුද්ගලයෙකුගේ වියදම් කල හැකි ආදායම යනු බඳු අය කිරීමෙන් හා නොයෙකුත් රාජ්‍ය සහනාධාර වියදම් වලට මුදල් අයකර ගැනීමෙන් පසු කෙනෙකු අත ඉතිරිවන මුදලයි.

ඓතිහාසිකව ලෝකයේ ගිනි සංගුණකය ක්‍රමයෙන් වැඩි වී තිබේ. එය සමහර විට කර්මාන්ත යුගය ඇති වීමෙන් පසුව විය යුතුය. 1820 දී 0.43 ක්ව තිබූ ගිනි සංගුණකය ක්‍රමයෙන් වැඩි වී 1988 වන විට 0.80 ක් විය. එයින් කියවෙන්නේ ඇති නැති පරතරය ඒ කාලය තුල ඉතා විශාල ලෙස වැඩි වී ඇති බවයි. එහෙත් ඉන්පසු මේ දක්වා ගිනි සංගුණකය ක්‍රමයෙන් අඩු වී තිබේ. එම අගය දැන් 0.65 ක් වී තිබේ. ලෝකය මේ සහශ්‍රයේ ආර්ථික අතින් සාධාරණ වෙන්නට පටන් ගෙන තිබේ. ආදායම බෙදීයාම ක්‍රමයෙන් සමබර වන පැත්තට ගමන් කරමින් තිබේ. 1988 දී  0.80 ක් වූ එම අගය 2013 දී 0.65 ක් විය. ඒ කියන්නේ විශාල අඩු වීමකි. 

මෙම වර්ෂය ඉතාමත් කිට්ටු වන තවත් ඓතිහාසික වර්ෂයක් වන්නේ 1989 වර්ෂයයි. එම වර්ෂය ලෝකයට වැදගත් වන්නේ කොමියුනිස්ට් වාදය රාජ්‍ය පාලනයේ ක්‍රමවේදයක් ලෙස යොදා ගත් පාලන ක්‍රමයේ අවසාන ඇණය වූ බර්ලින් තාප්පය ජනතාව විසින් පෙරලා දැමූ අවුරුද්ද වීමයි. 

මෙම සිද්ධි දෙක මෙතරම් කිට්ටුවෙන් සිදුවීම පුදුම සහගතය. මක්නිසාද කෙනෙකු කොමියුනිස්ට් ක්‍රමයෙන් බලාපොරොත්තු වන්නේ ආදායම් සමාන ලෙස බෙදී යාමයි එහෙත් මෙම සංඛ්‍යාන වලින් කියවෙන්නේ ප්‍රායෝගිකව එහි විරුද්ධ පැත්තයි. එනමුත් ගෝලීය කරණය ඇත්තෙන්ම කොමියුනිස්ට් වාදයට වඩා හොද ආදායම් සැමට සමාන ලෙස බෙදන ක්‍රමවේදයක් බව කාලය පෙන්වා දී තිබේ. 

මෙම ගිනි සංගුණකය දැන් නොයෙකුත් අනික් සමාජ ක්‍රියාවලියන්ටද යොදා ගනු ලැබේ. උදාහරණයක් වශයෙන් අධ්‍යාපනයටත් ගිනි සංගුණකය යොදා ගනී. මෙම ගණනයන්ට අනුව ලෝකයේ අධ්‍යාපන ගිනි සංගුණකය අඩුම රට ඇමරිකාවය (0.14). වැඩිම රට අප්‍රිකාවේ මාලිය. එහි එය 0.92 කි. අපේ රටේ මෙය ගණනය කලහොත් එය කුමන අගයක් ගනීදැයි හිතන්නටත් අමාරුය. නගරයේ ජනප්‍රිය පාසැල් හා ඈත දුෂ්කර ගම්වල සහ වතු ජනයාගේ පාසැල් වල පහසුකම් වෙනස ගැන කල්පනා කරන විට එය මාලි රාජ්‍යයේ අගයට කිට්ටුවන බවට නම් කිසිම සැකයන් නැත්තේය.   

දැන් අපි නොයෙකුත් රටවල් ගිනි සංගුණකයෙන් ගණනය වී ඇත්තේ කෙසේදැයි බලමු. ගිනි සංගුණකය වැඩියෙන්ම ඇත්තේ අප්‍රිකාවේ සහ දකුණු ඇමරිකාවේ රටවල් වලය. එයිනුත් මුලු තැන ගන්නේ දකුණු අප්‍රිකාවයි. එහි ගිනි සංගුණකය 63.38 කි. ශ්‍රී ලංකාව 38.58 ක අගයක් ගෙන 76 වන ස්ථානයේ පසුවෙයි. ඒ කියන්නේ අපේ ආදායම් බෙදීම රටවල් අතර හරි මැදට ඉතා ආසන්නවය. ගිනි සංගුණකය අගය අඩුවෙන්ම තියෙන්නේ අසර්බයිජානයේය. එහි එය 16. 64 ක් වෙයි.

 අඩු අගයන් තිබෙන රටවල් බොහොමයක් යුරෝපීය රාජ්‍යයන් වෙයි. අප කලාපයේ අපේ ගිනි සංගුණකය අපට ඉතාමත් වැඩි අගයක් ඇත්තේය. ඒ කෙසේද යත් ඉන්දියාව 33.9 ක් ගෙන 104 වන ස්ථානයද, නේපාලය 32.75 ක් ගෙන 116 වන ස්ථානයද, බංගලාදේශය 31.98 ක් ගෙන 121 වන ස්ථානයේද, පකිස්ථානය 29.59 ක් ගෙන 135 වන ස්ථානයද, පසුවෙයි. මේ අනුව කලාපයේ ඉතාමත් නරක ලෙසට අසමානාත්මක ලෙසට ජනතාව අතර ආදායම බෙදී යන රට ලංකාව සහ භූතානයයි. එම වෙනසද ඉතා විශාල වෙයි. 

මෙලෙස අඩු වැඩි ලෙස සමාන ආකාරයේ සම්පත් තිබෙන බොහෝ දුරට සමාන ඉතිහාසයන් ඇති රටවල් සමූහයකින් අප මෙලෙස නරක පැත්තට වෙනස් වූයේ කෙසේද යන්න උභතෝකෝටික ප්‍රශ්නයකි. 

ඒ කියන්නේ කලාපයේ භූතානය හැරෙන්නට සමාජවාදය අඩුම රට ලංකාව බව නේද? වැඩියෙන්ම සාක්ෂරතාවය තිබෙන රටට මේ සිදුවී ඇත්තේ කුමක්ද?      

Thursday, April 13, 2017

කොනප්පු බංඩාර හෙවත්, දොන් ජෝන් ඔෆ් ඔස්ට්රියා හෙවත් විමලධර්මසූරිය රජතුමා. ( 1598 – 1612)










  

ක්‍රි :ව: 1580 දී සෙංකඩගල රජකම් කලේ කරල්ලියද්ද බංඩාර නම්  රජ කෙනෙකි. එවකට කන්ද උඩරට රාජධානියේ, පේරාදෙනියෙහි වීරසූරිය නම් ජන ප්‍රධානියෙක් වාසය කලේය. 

පෟතුගීසීන් සමග දීර්ඝ කාලයක සිට දරුණු සටන් වල නිරතව සිටි සීතාවක රාජසිංහ රජු කරල්ලියද්දේ බංඩාර, තමන්ට විරුද්ධව පෟතුගීසීන් සමග එකතුවේ යැයි සැකයෙන් හදිසියෙන්ම මහනුවර ආක්‍රමණය කලේය. මෙම ආක්‍රමණය සදහා කරල්ලියද්දේ රජුට පක්ෂපාතීව සිටි පේරාදෙනියේ වීරසූරියද තම පිරිස සමග රාජසිංහ රජුගේ හමුදාවට එකතු විය. 
කරල්ලියද්දේ රජු කතෝලික ආගම වැලඳ කෝට්ටේ දොන් ජුවන් ධර්මපාල සමග පැවැත්වූ කිට්ටු සම්බන්ධතාවයක්, මෙම කන්ද උඩරට ප්‍රධානීන් හා රජු අතර මත භේදයට තුඩු දෙන්නට ඇත. කරල්ලියද්ද රජු පෟතුගීසීන් සමග එකතුව කන්ද උඩරට පෟතුගීසීන්ගේ යටත් ප්‍රදේශයක් බවට පත් කරන්නට යන්නේ යැයි සැකයක්ද මෙකල පැවතින. කඩුගන්නාවේ බලන නම් ස්ථානයේදී ඇති වූ මෙම සටනින් පැරදුනු කරල්ලියද්දේ බංඩාර රජු තම දරුවන් සහ පිරිවරද කැටුව වන්නියට පලා ගියේය.  

කදුකරයෙන් පලා ගිය කරල්ලියද්දේ රජු හා පිරිස උතුරුකරයේ කටුපත නැමැති ස්ථානයේ, තාවකාලිකට ලැගුම් ගත්හ. ඉන්පසු ඔහුගේ බෑණා වූ, කෝට්ටේ ධර්මපාල රජු සහ පෟතුගීසීන්ගේ උදව් ඇතිව මන්නාරමේ පෟතුගීසී කොටුව වෙත පැමිණියේය. එම ගමනේදී කරල්ලියද්දේ බංඩාර රජු වසූරිය රෝගයෙන් මිය ගිය අතර තම සහෝදරියකගේ පුත් කුමරෙකු වූ යමසිංහ බංඩාර උඩරට සිංහාසනයට පත්විය යුතු බවට මරණ මංචකයේදී පැවසීය. 

රජු මිය යන විට අත දරුවෙකු වූ රජුගේ දියණිය වූ කුසුමාසන කුමරිය පෟතුගීසීන් අතර දෝන කතිරිනා යන නාමයෙන් ඇති දැඩිව පසු කලෙක සෙංකඩගල මහ රැජිණ බවට පත් විය. කරල්ලියද්ද රජුගේ බෑනා  වූ යමසිංහ බංඩාර කුමරුද පෟතුගීසීන් අතර ඇති දැඩිව පසු කලෙක කුසුමාසන කුමරියට පෙර ටික දිනකට කන්ද උඩරට ඔටුණු පැලැන්දේය. 

සීතාවක රාජසිංහ රජු විසින් යටත් කල කන්ද උඩරට රාජ්‍යයෙහි යුව රජු වශයෙන් පේරාදෙනියේ වීරසූරිය පත් කල අතර ටික කලකින් වීරසූරිය හා රාජසිංහ රජු අතරද, රාජ්‍ය තාන්ත්‍රික ගැටලු මතු මතුවන්නට පටන් ගැණිනි. වීරසූරිය විසින් කන්ද උඩරට ස්වාධීන රාජ්‍යයක් බවට පත් කරන්නට සැලසුම් කරන්නේ යැයි සැකයක් රාජසිංහ රජු තුල පැවතුන අතර, පෟතුගීසීන් හා නිතරම සටන් වැදුනු රාජසිංහ රජුට අවශ්‍ය සේනා සම්පාදනය කිරීමට සිදුවීම නිසා රාජසිංහ රජු කන්ද උඩරට ජනතාව අතර බලවත් අප්‍රසාදයකට පත්ව සිටියේය. 

මේ හේතුව නිසා වීරසූරිය යුව රජ කන්ද උඩරට පාලනයෙන් ඉවත් කිරීමට, රාජසිංහ රජුට අවශ්‍ය විය. මේ සදහා ඔහු තමා වෙත ගෙන්වා ගැනීමට උපක්‍රමයක් ලෙස කරල්ලියද්ද රජු හා කල සටනින් ජය ගත් අවස්ථාවේ රාජසිංහ රජුට ලැබුණ කන්ද උඩරට රාජකීය වස්තු ලබා ගැනීමට, සීතාවකට පැමිණෙන ලෙසට රාජසිංහ රජු වීරසූරියට ආරාධනා කලේය. 
මෙම වස්තුව අතර කන්ද උඩරට රාජධානියේ ඔටුන්න ඇතුලු තවත් රාජකීය භාණ්ඩද තිබූ හෙයින්, වීරසූරිය තම පිරිවර සමග මේවා ලබා ගැනීම සදහා සීතාවකට පැමිණියේය. රාජසිංහ රජු නොයෙකුත් උපක්‍රම වලින් වීරසූරිය යුව රජු හා ඔහුගේ පිරිවර නිරායුධ කර අල්ලා ගෙන ඔහු කරවට තෙක් පොලවේ වලලා ලී වලින් තනන ලද බෝල වලින් පහර දී මරුමුවට පත් කලේය. 

මේ ආරංචිය සෙංකඩගලපුරට ලැබුණු පසු කන්ද උඩරට සංඝයා සහ ජන ප්‍රධානීන් එකතුව වීරසූරිය බංඩාරගේ පුතු වූ කොනප්පු බංඩාර නැමැති කුඩා දරුවා හේවාහැට හගුරන්කෙතට ගෙන ගොස් සැඟවූහ. මේ ආරංචිය ලැබූ රාජසිංහ රජු තම හමුදා යවා කොනප්පු බංඩාර ලබා නොදුනහොත් හගුරන්කෙත නගරය විනාශ කරන බවට තර්ජනය කලේය. නගර වැසියන් බියට පත්ව කොනප්පු  බංඩාර හා සමානකම් ඇති වෙනත් දරුවෙකු රාජසිංහ රජුට භාරදී රජු රැවැට්ටුවෝය. එහෙත් පසුව සත්‍ය  දැන ගන්නට ලැබී ඔහු රැවටූ බොහෝ පිරිස් සහ සංඝයා, රාජසිංහ රජු විසින් මරා දමන ලද බව එකල ලියවුන පොතක් වන ‘මන්දාරම්පුර පුවත‘ හි සඳහන් කර ඇත. 

මන්දාරම්පුර පුවත එය විස්තර කරන්නේ මෙසේය. 

ණැනැති දනන් හේවාහැට වැසි             සියලා
සිටිනා ලෙඩින් පෙලෙනා කුමරු           ලංවෙලා
එවැනි රුවින් සම අන් කුමරෙක් හු        බලා
ගෙන්න දෙමින් රැවටූ රජසිංහ               එකලා

එවිට නිරිඳු ඔහු මුරකරවා                      එදින
සැට ඇඳුතු ඔංඩුවක් සගුන්                    මරමින
සියලු වෙහෙර ගිණිලා පාලු                  කරමින
පලියගත්තු ඒ කුමරු නික්මු                  බැවින

මෙලෙස ජීවිතය බේරා ගත් කොනප්පු බංඩාර ආරක්ෂා සහිතව කොළඹ සිට පෘතුගීසීන් වෙත යවන ලදි. මන්දාරම්පුර පුවත ග්‍රන්ථයෙහි ඔහු එලෙස පෟතුගීසීන් වෙත යැවීම මෙලෙස විස්තර කෙරේ. 

රාජසිංහ නිරිඳු රැවටී මෙලෙස              ගියවර
ලක්දිව ඉසුරු ලැග සිටිනා කොළොම්   පුර 
පෟතුගාල් රජහු වෙත පඬුරුත් සමග      කර 
කොනප්පු බංඩාර හැරියෝ භාර           කර

 පෟතුගීසීන් විසින් කොනප්පු බංඩාර කුමරු දොන් ජෝන් ඔෆ් ඔස්ට්රියා (Don John of Austria) යන නමින් භෞතීස්ම කරන ලදි. ටික කලක් කොළඹ කොටුවේ පෟත්‍රගීසීන් සමග වාසය කල තරුණ කොනප්පු බංඩාර, එවකට කෝට්ටේ ධර්මපාල රජුගේ ප්‍රධාන නිලධාරියෙකු වන තම්මිටරාළ නැමැත්තාගේ දියණියක් සරණ පාවා ගත්තේය. ටික කලක් කොළඹ කොටුවේ වාසය කරන අතර තුර කොනප්පු බංඩාර හා ඔහුගේ ඥාති සහෝදරයෙකු වන සලප්පු බංඩාර නැමැත්තා සමග ඇති වූ ද්වන්ද සටනකදී සලප්පු බංඩාර මරණයට පත් වූ බව සඳහන් වේ. 

මෙම මිනී මැරුම නිසා අවමානයට පත් කරන ලද කොනප්පු බංඩාර, එකල පෘතුගීසීන්ගේ ආසියාවේ පිහිටි ප්‍රධාන බලකොටු නගරය වූ ඉන්දියාවේ ගෝවේ නගරය වෙත පිටුවහල් කර යවන ලදි. 

දක්ෂ රණශූරයෙකු වූ කොනප්පු බංඩාර ගෝව නගරයේ වාසය කරන අතර තුරදී එහි විසූ රණශූරයෙකු වූ පෘතුගීසි කපිතාන් වරයෙකු ද්වන්ද සටනකින් ජීවිතක්ෂයට පත් කලේය. මෙම මිය ගිය පෘතුගීසි රණශූරයා නිසා මෙම නගරයේ වැසියන් මහත් කරදරයකට පත්ව සිටි හෙයින් මෙම සටනින් පසු කොනප්පු බංඩාර ගෝවේ පෘතුගීසීන් අතර මහත් ප්‍රසිද්ධියට හා ජන ප්‍රසාදයට පත් විය. 

මෙම ක්‍රියාව නිසා මොහුට ලබා දී තිබූ දඬුවම ඉවත් කල අතර, නැවත වරක් කොළඹට ආපසු පැමිණීමටද පහසුකම් සැලසින. ඉන් පසු ටික කලක් පෘතුගීසීන් සමග කොළඹ කොටුවේ වාසය කල කොනප්පු බංඩාර, පසුව ඔවුන්ගේ හමුදාවේ ජේෂ්ඨ නිලධාරියෙකු ලෙස කටයුතු කලේය. සීතාවක රාජසිංහ රජු කොළඹ කොටුව වට කල අවස්ථාවේ එම කොටුවෙහි සෙබස්තියන් කෙලවරේ සිට ඇන්ටෝනියෝ කෙලවර දක්වා ආරක්ෂාව භාරව තිබුනේද කොනප්පු බංඩාර වෙතය.



                       මුල් කාලයේ කොළඹ  පෘතුගීසි බලකොටුව.

මේ වන විට දෝන කතිරිනා කුමරිය මන්නාරම් කොටුවේද, යමසිංහ කුමරු කොළඹ කොටුවේද, පෘතුගීසීන් සමග ජීවත් වූහ. පෘතුගීසීන්ගේ අනාගත බලාපොරොත්තුව වූයේ මෙම රාජකීයයන්ගේ රාජ්‍ය උරුමය හරහා කන්ද උඩරට රාජධානියේ අයිතිවාසිකම් ලබා ගැනීමටය. මෙම කුමරුට කන්ද උඩරට රාජ්‍ය ලබා දී, කන්ද උඩරට පෘතුගීසී රාජ්‍යයේ කොටසක් ලෙස තබා ගැනීමට කල්පනා කල පෘතුගීසීහු එම කටයුතු සදහා විශාල හමුදාවක් සම්පාදනය කලහ. 

මෙම වකවානුව වන විට සීතාවක රාජසිංහ රජු ඔහුගේ දරදඬු පාලනය නිසා, කන්ද උඩරට ජනතාව අතර බලවත්  අප්‍රසාදයට පත්වෙමින් සිටියේය. මෙම අවස්ථාවේ ගම්පොල දේවියගේ මුණුපුරෙකු වූ, ක්‍රිස්තියානි ආගම වැලඳගෙන සිටි දොන් ප්‍රැන්සිස්කෝ ඉලංගකෝන් මුදලි විසින් රාජසිංහ රජුට විරුද්ධව මහනුවර කැරලි ගසා, පෘතුගීසීන් අතර සිටි යමසිංහ කුමරුට කන්ද උඩරට රාජධානියට පැමිණෙන ලෙසට ආරාධනා කලේය. යමසිංහ කුමරු සහ පෘතුගීසි හමුදා මහනුවරට එන අතර මඟ මාතලේ වහකෝට්ටේ නම් ස්ථානයේදී දොන් ප්‍රැන්සිස්කෝ විසින් උඩරට රාජධානිය යමසිංහ කුමරුට පැවරූ අතර, යමසිංහ කුමරු කන්ද උඩරට රජු බවට ප්‍රකාශ කලේය.       

යමසිංහ කුමරු මහනුවර රජු බවට අභිශේක ලැබු පසු, පෘතුගීසින් විසින් කොනප්පු බංඩාර කන්ද උඩරට රාජ්‍යයේ සේනාධිපති ලෙස පත් කරන ලදි. මහනුවර ආක්‍රමණය සදහා දැඩි කැපවිමකින් කටයුතු කල කොනප්පු බංඩාර, මහනුවර රාජධානියේ අවසාන රජු වශයෙන් සිටියේ තම පියාවු වීරසුරිය නිසා කන්ද උඩරට රාජ්‍යයේ යමසිංහ කුමරුට නොව තමාට ලැබිය යුතුයැයි කල්පනා කලේය.

මේ අතර හදිසියෙන්ම දොන් පිලිපේ (යමසිංහ කුමරු) මියගිය අතර, කොනප්පු බංඩාර විසින් වසදී මොහු මරාදැමු බවට සැකයක් එකල පැවතුණි. යමසිංහ රජුගෙන් පසු පෘතුගීසින් විසින් ඔහුගේ කුඩා පුත් කුමරාවු දොන් ජෝහා අභිශේක කරන ලදි. එහෙත් මේ වනවිට කොනප්පු බංඩාරට කන්ද උඩරට ජනතාව අතර මහත් ජන ප්‍රසාදයකට පත්ව බලයක් ගොඩනගා ගැනිමට හැකියාව ලැබී තිබු හෙයින්, කන්ද උඩරට ජනතාවගේ ඒකමතික සහයෝගයෙන් ඔහු පළමුවන විමලධර්මසුරිය නමින් මහනුවර රජවිය. 

ඔහු තමන් මහනුවර රජු බවට ප්‍රකාශ කරමින් පෘතුගීසීන්ට කන්ද උඩරටින් පිටව යාමට දින පහක් කල් දුන්නේය. පෘතුගීසීහු තමන්ගේ බලය පිරිහෙමින් පැවති හෙයින්ද, මහ ජනතාව කොනප්පු බංඩාර වටා එක්රොක්වූ හෙයින්ද, ඔවුන් වාඩිලාගෙන සිටි පේරාදෙනියේ ගන්නෝරුව අතහැර කොළඹ බලා යාමට පිටත්වූහ. 
පෘතුගීසීන් ඔවුන් විසින් රාජාභිෂේක කල දොන් ජෝහා කුමරු වහකෝට්ටේට හා එතැනින් කොළඹට රැගෙන ගොස්, කොළඹ පෘතුගීසි අධ්‍යාපන ආයතනයක් වූ, ෆ්රැ න්සිස්කෝ විදුහලට (Colegio S Francisco) අධ්‍යාපනය සදහා ඇතුලත් කරන ලදි. ඉන්පසු 1594 දන්තුරය සටනින් පෘතුගීසීන් මහත් පරාජයට පත් වූ හෙයින්, මෙම කුමාරයාගේ ආරක්ෂාව සදහා ඔහු ඉන්දියාවේ පෘතුගීසි පාලන මධ්‍යස්ථානයක් වූ ගෝව නගරයට යැවූහ. 

එහිදී ‘රජවරු තිදෙනාගේ විද්‍යාලය‘ (College of Three Kings) වෙත ඇතුල් කරනු ලැබූ මෙම කුමරු, 1610 දී පමණ පෘතුගාලයේ ලිස්බන් නගරයට යවන ලදුව” අධ්‍යාපනය සදහා ආගමික පාසැලකට (Convento de S Francisco) ඇතුලත් කරන ලදි. 


Convento de S Francisco

එහිදී මෙම කුමරුට කෘසඩෝස් (Crzados) 2000 ක වාර්ෂික දීමනාවක් ලබාදී වැඩිදුර අධ්‍යාපනය සදහා පෘතුගාලයේ කොයිම්බා නගරයෙහි රාජකීය විද්‍යාලයට ඇතුල් කිරීමට පෘතුගීසී රජයෙන් සැලසුම් කලද, මෙම කුමරු එය ප්‍රතික්ෂේප කර ලිස්බන් නගරයෙහි රාජ සභාවේ රාජකීයෙකු ලෙස ජීවත්වීමට කැමැත්ත පල කලේය. 


ඔහුගේ ඉල්ලීම පිට රජ කෙනෙකුගේ පැවැත්මට සරිලන පරිදි නිවාස සහ අනෙකුත් පහසුකම්ද, වාර්ෂිකව කෘසඩෝස් 4000 ක දීමනාවක්ද, පෘතුගීසි රජයෙන් ලබාදෙන ලදි. තමන්ට ලැබෙන පහසුකම් ඔටුන්න හිමි කුමාරයෙකුට තරම් නොගැලපෙන බව පවසා පෘතුගාලයේ රජු සමග සාකච්ඡා කර කුමරු කන්ද උඩරට වෙල්ලස්ස සහ සත්කෝරලය තමන්ගේ ඇති රාජකීය අයිතිය පෘතුගීසීන්ට පවරා දෙනු ලදුව, පෘතුගීසි රජ විසින් ස්පාඤ්ඤ වංශාධිපතියෙකු ලෙස බිෂොප්වරයෙකු හා සමාන තත්වයට පත් කරන ලදි. ඔහුට ලබා දෙන දීමනාවන්ද කෘසඩෝස් 8000 ක් දක්වා ඉහල දමන ලද අතර, ඉන්පසු ස්පාඤ්ඤයේ මැඩ්රීඩ් නුවර ස්පාඤ්ඤ රාජ සභාවේ වාසය කලේය. 







1642 වර්ෂයේ වයස 74 ක් ගත වී ලිස්බන් හිදී මියගිය මෙම කුමරුට ඩෝනා මරියාඩා කැන්ඩියා  නමින් දියණියක් සිටි අතර, කුමරු මියගිය පසු ඇය විලා ලොන්ගා කන්‍යාරාමයේ කතෝලික පූජකවරියක් බවට පත්ව එහි අවුරුදු 59 ක් ගත කිරීමෙන් පසු 1708 දී මියගියාය. බොහෝ විට කුමරු තම දියණියන්ට කැන්ඩියා යනුවෙන් නම් කරන්නට ඇත්තේ කන්ද උඩරට රාජධානියේ උරුමය නිසා වන්නට පුලුවන. පෘතුගීසීන් විසින් එකල කන්ද උඩරට රාජ්‍යය හදුන්වන ලද්දේ ‘කැන්ඩියා‘ යන නමිනි. 

මේ අතර කොනප්පු බංඩාර මහනුවර රජ වූ බවට ආරංචිය ලද සැනින් සීතාවක රාජසිංහ රජු මහත් කලබලයට පත්විය. ඔහුගේ පියා තමා අතින් මියගිය හෙයින්ද, කොනප්පු බංඩාරගේ රණශූරත්වය පිළිබඳව අසා තිබූ බැවින්ද, ඔහු මහනුවර සේනා සංවිධානය කිරීමට පෙර, ඔහු යටත් කරගත යුතු යැයි රාජසිංහ රජු කල්පනා කලේය. එහෙයින් ඔහු යටතේ සිටි ඉන්දියානු සේනාධිපතිවරයෙකු වූ අරිට්ඨ කීවෙන්ඩු පෙරුමාල් නැමැත්තා යටතේ බලවත් හමුදාවක් මහනුවර ආක්‍රමණය කිරීමට පිටත් කර හැරීය. 
                                      බලන කොටුව

බලන නම් ස්ථානයේදී මෙම හමුදාවට මුහුණ දුන් විමලධර්මසූරිය රජු,  ඔවුන්ට බලනින් ඇතුල්වීමට ඉඩ නොදුණි.

 මෙම සටනින් පසු තමන්ගේ හමුදාවේ ඉතිරි කොටසත් සමග පැමිණ මාවෙල නැමැති ස්ථානයේ කඳවුරු බැදගත් සීතාවක රාජසිංහ රජු, විමලධර්මසූරිය රජු වෙත පණිවිඩයක් යැවීය. 

එයින් කියවුනේ විමලධර්මසූරියට තම පියාට අත්වූ ඉරණම වූ කැබලි වලට කැඩී මියයාම ඉක්මනින්ම බලාපොරොත්තු විය හැකි බවයි. 

තම පියා තමා මෙන් කල්පනාවෙන් වැඩකලේ නම්, ඔහුට එම ඉරණම අත් නොවන බවත්, තම පියාට සිදු කරන ලද අපරාධයට පලි ගැනිමට තමාට දැන් අවස්ථාවක් ලැබී තිබෙන බවත් රාජසිංහ රජුට දන්වා යැවූ විමලධර්මසූරිය, තම කුඩා හමුදාවත් සමග රාජසිංහ රජුගේ හමුදාව වෙත කඩා පැන්නේය. 

මෙම සටනේදී ඉමහත් කාලයකට පසු විමලධර්මසූරිය රජු, පෙර සිංහල අධිරාජයන් සටන් බිමට පිවිසුනු සම්ප්‍රදායට අනුව, සුදු පැහැති මුතු කුඩ දෙකක් පෙරටු කොට ගෙන සටන අවසාන වන තෙක් සටන් බිමෙහිම සිට උස් හඬින් අණ දෙමින් පුද්ගලිකව සටන් මෙහෙයවීය. 

එම සටනින් පැරදුණු සීතාවක රාජසිංහ රජු ආපසු යන ගමනේදී කකුලේ උණ කටුවක් ඇණුනු අතර, පරාජය නිසා ඔහු කොතරම් කනගාටුවකට පත්ව සිටියේද යත්, තම කකුලට බෙහෙත් කරන්නට නොදී එයින් මියගිය බවටද, ඔහුගේ මුනුබුරෙකු විසින් කරන ලද කුමන්ත්‍රණයකින් විෂ ශරීර ගතකර මරා දැමූ බවටද ජනප්‍රවාද තිබේ.  කැලණි ගඟ දිගේ රුවන් වැල්ලට යාමට රාජකිය යාත්‍රාවට ගොඩවූ රාජසිංහ රජු, ඒ යාත්‍රාව තුලදීම මිය ගියේය



සීතාවක රාජසිංහ රජුගේ සොහොන.



රාජසිංහ රජු පරදා බලනේ සටන ජයග්‍රහණය කර ආපසු මහනුවරට පැමිණි කොනප්පු බංඩාර, කන්ද උඩරට අගරජ ලෙස විමලධර්මසූරිය නමින් රාජාභිෂේක ලැබීය. 

රාජසිංහ රජුගෙන් පසු සීතාවක රාජධානිය පෘතුගීසීන්ට යටත් වූ හෙයින්, මහනුවර සිංහල රාජ්‍යයේ අගනුවර බවට පත්විය. මෙලෙස ඔවුන් යටතේ සිටි, රජ පවුලකින් පැවත නොඑන මුදලිවරයෙකු, ඔවුනට විරුද්ධව මහනුවර රජවීම තමන්ට මහත් අවමානයක් බව සැලකූ පෘතුගීසීහු, කෙසේ හෝ විමලධර්මසූරිය රජු හා සටන් කොට මහනුවර අල්ලා තම යටතට ගැනීමට මහත් අධිෂ්ඨානයකින් උත්සාහ කලහ. 


මෙම අරමුණ සාක්ෂාත් කරගැනීම සදහා එකල ඉන්දියාවේ සිටි පෘතුගීසී පාලකයා විමලධර්මසූරිය රජු හා කන්ද උඩරට රාජ්‍යයේ යටත් කර ගැනීම සදහා, කොළඹ පෘතුගීසීන් වෙත බලවත් පෘතුගිසී හමුදාවක් එවීය. 



                                       විමලධර්මසූරිය රජු. 


මෙම හමුදාවේ නායකයා වශයෙන් පෙරෝ ලොපෙස් ඩි සූසා නැමැති සටනෙහි දක්ෂ සෙනෙවියකු පැමිණි අතර, මෙම හමුදාව සහ සීතාවක රාජසිංහ රජුගේ සේවයේ නිලධාරියෙකු වූ අරිට්ඨකීවෙණ්ඩු පෙරුමාල් යටතේ තිබූ විශාල සිංහ හමුදාවක් මහනුවර බලා පිටත්විය. මෙම අරිට්ඨකීවෙණ්ඩු පෙරුමාල්, රාජසිංහ රජු මියගිය පසු ඔහුගේ වස්තුව බොහොමයක් අත්පත් කරගෙන විශාල හමුදාවක නායකයා බවට පත්ව ‘ජයවීර බංඩාර‘ යන නමින් ප්‍රසිද්ධව සිටියේය. මෙම සංයුක්ත හමුදාවට සොල්දාදුවන් 150,000 ක් පමණද, අලි ඇතුන් 1200 පමණද, භාණ්ඩ ඇදීම සදහා දස දහස් ගණන් ගොනුන්ද යොදා ගැණින.

මේ සමගම දෝනකතිරිනා කුමරියද මහනුවරට රැගෙන ගොස්, උඩරැටියන්ගේ කැමැත්ත ඇය තුලින් ඔවුන් වෙත ලබා ගැනීමට පෘතුගීසීන් සැලසුම් කලහ. ඒ සදහා අතරමගදී මෙම හමුදාව මන්නාරමේ එවකට නැවතී සිටි දෝනකතිරිනා කුමරියද ගෙන්වා ගත්හ. දෝනකතිරිනා කුමරිය කරල්ලියද්ද බංඩාර රජුගේ දූ කුමරිය වූ නිසා, කන්ද උඩරට ජනතාව මැයගේ රාජ්‍ය උරුමය පිළිගන්නා බව පෘතුගීසීන් දැන සිටියහ.

විමලධර්මසූරිය රජුට මෙයට විරුද්ධව සම්පාදනය කරගත හැකිවූයේ 30,000 ක පමණ හමුදාවක් පමණි. රජු දින කිහිපයක බලවත් සටන් වලින් පසු කැලෑවට පලාගිය අතර, පෘතුගීසීන් දන්තුරය හා මහනුවර යන ස්ථානවල කඳවුරු බැඳගත්හ.

දෝනකතිරිනා කුමරිය බලන නම් ස්ථානයෙන් ඇතුළු වී මහනුවරට පැමිණෙන තෙක්, මග දෙපස රැස්ව සිටි ජනතාව ඇය මහත් ගෞරවයෙන් සහ ආදරයෙන් පිලිගත්හ. කුමරිය මහනුවර නගරයට ඇතුළු වන අවස්ථාවේ පෘතුගීසී සෙන්පති දොන් පෙඩ්රෝ  සහ අනෙකුත් ජේෂ්ඨ නිලධාරීන් දණින් වැටී ගෞරව කර ඇය පිලිගත්හ. කන්ද උඩරට අනෙකුත් ජන ප්‍රධානීන්ද, කන්ද උඩරට රාජ්‍යයද පරම්පරාවේ අවසාන පුරුක වූ ඇය මහත් හරසරින් පිළිගෙන, ඇය වෙත ඇති තම රාජපාක්ෂකභාවය පිළිබඳ ප්‍රතිඥා දුන්හ.

ඇය දන්තුරේ සිට මහනුවරට ගමන් කරන තෙක් මග දෙපස රැස්ව සිටි ජනතාව සදහා රන් හා රිදී කාසි දෝලාවේ සිට විසිකරමින්, ජනතාවට ආචාර කරමින් මහනුවර දක්වා ගමන් කල බව සඳහන් වේ. දින 03 ක රාජකීය සැණකෙලි වලින් පසුව ඇය කන්ද උඩරට අගරැජිණිය ලෙස ඔටුනු පලඳවන ලද අතර, එම සම්පූර්ණ උත්සවය සදහා රත්තරන් ටොන් 19 ½ ක් පමණ වටිනා මුදලක් වැය වූ බව සඳහන් වේ.

මෙහිදී අරිට්ඨකීවෙණ්ඩු පෙරුමාල් හා පාතුගීසීන් අතර මතභේදයක් හට ගත්තේය. මෙම මතභේදයෙන් පසු පෘතුගීසී සේනාධිපතියා විසින් කුමන්ත්‍රණය කර ජයවීර බංඩාර මරා දමන ලද අතර, ජයවීරගේ හමුදා පෘතුගීසීන් අතහැර සටනින් ඉවත්වූහ.

මෙම මතභේදයට හේතුව හරිහැටි පැහැදිලි නැති නමුත්, අරිට්ඨකීවෙන්ඩු දෝනකතිරිනා විවාහ කර ගැනීමට හා ඉන්පසු පෘතුගීසීන් යටතේ, කදුරට යුව රජකමට පත්වීමට තිබූ බලාපොරොත්තුවට පෘතුගීසීන් විරුද්ධ වීම මෙයට මූලික හේතුව වන්නට පුලුවන. 

මෙම මතභේදයෙන් පසු අරිට්ඨකීවෙණ්ඩු සහ විමලධර්මසූරිය රජු අතර ලියුම් ගණුදෙනුවක් සිදුවිය. මෙකල මහනුවර අවට සැඟවී සිටි විමලධර්මසූරිය රජු පෘතුගීසීන් හා ජයවීර බංඩාර අතර මතභේදයක් ඇතිකිරිමට, ඔහු හා කුමන්ත්‍රණයක් සිදුවන බව පෙන්වීමට ලිපි දෙකක් පෘතුගීසීන් අතට ලැබීමට සැලැස්වූ බවද, එලෙස ලියූ ලිපි දෙක තම විශ්වාසවන්තයෙකු අත යවා එය පෘතුගීසීන් විසින් අල්ලා ගැනීමට ඉඩ තැබූ බවද, එකල පෘතුගීසී ලේඛකයන් පවසයි.

එම ලිපි වලින් අරිට්ඨකීවෙණ්ඩුගේ හමුදාව විමලධර්මසූරිය රජු සමග එකතු වීමටත්, පෘතුගීසීන් පරාජය කර ඔහුට විමලධර්මසූරිය රජු යටතේ සීතාවක රාජධානිය දීමටත් සාකච්ඡා විය.

එහෙත් මෙම සිද්ධියෙන් අධෛර්යමත් නොවූ පෘතුගීසීන් මහනුවර බලා ගමන් ඇරඹූහ. බලන දී පෘතුගීසී හමුදාව වටකර විමලධර්මසූරිය ඉතා දරුණු සටන් වලින් පසු මුලු පෘතුගීසී හමුදාවම සමූල ඝාතනය කල අතර, ජෙනරාල් දොන් පෙඩ්රෝද මරුමුවට පත්විය. එම අවස්ථාවේ තමාගේ දරුවා ඔහු විමලධර්මසූරිය භාරයට පත් කලේය.


මෙම බලන සටනෙහිදී පෘතුගීසී සමූල ඝාතනය කිරීමෙන් පසු, විමලධර්මසූරිය රජු පෘතුගීසීන් යටතේ පසු වූ දෝනකතිරිනා කුමරිය එම සටන් බිමේදීම විවාහ කර ගත්තේය. මෙලෙස කරල්ලියද්දේ රාජ පරම්පරාවේ අවසාන ඔටුන්න හිමි කුමරිය හා විවාහ වීමෙන්, කොනප්පු බංඩාරට උඩරට රාජධානිය සදහා හිමිකම් කීමට විශේෂ අයිතියක් ලැබුණි. මෙම විවාහ මංගල්‍යය උත්සවය ඉතා අලංකාර ලෙස දින 110 ක් පුරා මහනුවර නගරයේ පැවැත්විණ. මෙය කොතරම් ඉහලින් පැවැත්වුනිද යත්, එම උත්සවයට වියදම් කරන ලද මුළු මුදල පගෝදි 968,754 ක් විය.



                පෘතුගීසි සිරකරුවන් සෙංකඩගල මාලිගය ගොඩනැගීම.
පෘතුගීසින්ගෙන් ලබාගත් වස්තුව ද ආයුධ උපයෝගි කර ගනිමින්, කොළඹ හා ගාල්ල හැරෙන්නට ලංකාවේ මුලුමනින්ම තම අණසක යටතට ගත් විමලධර්මසුරිය රජු, ඉන්පසුව ශ්‍රී  ලංකාවේ ආරක්ෂාව තහවුරු කිරිමට කටයුතු සම්පාදනය කළේය.

තම රාජධානිය සතුරන්ගෙන් ආරක්ෂා කරගැනිමට ශක්තිමත් බලකොටු පද්ධතියක්ද,  සතුරන් පැමිණෙන බව කලින් දැනගැනිමට රාජධානිය වටා උස් ස්ථාන වල කුඩා කදවුරු විශාල ගණනක්ද ඇති කල විමලධර්මසුරිය රජු, සෙංකඩගල ප්‍රදේශයේදි මනරම් මාළිගයක්ද තැනවිය. මෙම මාළිගාව දිය අගල් හා බලකොටු සහිතව පිහිටවු අතර, එය තැනිම සදහා ප්‍රයෝජනයට ගන්නා ලද්දේ පෘතුගීසි සිරකරුවන්ය. මාළිගාව අවට අලංකාර කිරිම සදහා යුද්ධයේදි අල්ලා ගත් පෘතුගීසි ධජ යොදාගත් අතර, තම රාජ්‍ය කාලයේ නොයෙකුත් වෙහෙර විහාර හා බෞද්ධ පුජනීය ස්ථානද කරවිය. මහනුවර අවට දැන් තිබෙන අම්බලම් පද්ධතිය නිර්මාණය කරන ලද්දේද මොහු විසිනි.  



            අම්බලමක්.
තමන්ගේ දක්ෂතම ජෙනරාල්වරයාට හා හමුදාවට සිදු වු  දෙය  දැනගන්නට ලැබුනු ගෝවේ විසු පෘතුගීසි පාලකයා, දොන් ජෙරමින් අසවේදු නම් සටනේ ඉතා දක්ෂ, එමෙන්ම ඉතාම කෘර පෘතුගීසි නායකයෙකු යටතේ විශාල හමුදාවක් කන්ද උඩරට පරාජය කිරිම සදහා ශ්‍රී  ලංකාවට එවිය. දැන් පෘතුගීසීන් හට මහනුවර අල්ලා ගැනිම තමන් ආසියාවට පැමිණි ප්‍රධාන කාර්ය වු වෙළද හා ආගම් පැතිරවිමට වඩා, තමන්ගේ ආත්ම ගෞරවය පිළිබද  ප්‍රශ්ණයක් විය.

ලංකාවට පැමිණි අසවෙදු හා ඔහුගේ හමුදාව ඉක්මනින්ම මුහුදුබඩ ප්‍රදේශ අල්ලා ගත් අතර, ඔවුන් කඩුගන්නාව හරහා පැමිණ මහනුවරට ඇතුලු වීමට උත්සාහ කලහ. බලන සිට තම සටන් ඇරඹූ විමලධර්මසූරිය රජු කුඩා කණ්ඩායම් ලෙස මඟ රැක සිට සතුරාට පහර දීමට සංවිධානය කලේය. තමන්ගේ හමුදාවන් පෘතුගීසී හමුදාවන් හා සසඳන කල පුහුණුවෙන් හා අවි හරඹයෙන් දුර්වල බව දන්නා විමලධර්මසූරිය, එම අඩුව එඩිතර බාවයෙන් හා යුද්ධ ඥානයෙන් සපුරාලීය. පෘතුගීසීන් හට ඔවුන් සෑම තැනකම සිටින්නාක් මෙන් දැනෙන පරිදි යුද්ධය මෙහෙය වූ විමලධර්මසූරිය, ඉතාමත් දරුණු සටන් වලින් පසුව අසවේදුගේ පෘතුගීසි හමුදාව පරාජය කලේය. ඔවුන් කොළමට පසුබැස ගියහ. මෙම පරාජයෙන් ලැජ්ජාවට හා අසහනයට පත්වූ පෘතුගීසී හමුදා භටයන්, දොන් අසවේදු ඝාතනය කිරීමට උත්සාහ කල අතර, පෘතුගීසී පූජකවරයෙකුගේ මැදිහත්වීමක් නිසාම ඔහුට ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකිවිය.

මෙයින් පසු යුද්ධයෙන් පරාජය කල නොහැකි විමලධර්මසූරිය රජු කුමන්ත්‍රණයකින් මැරීමට පෘතුගීසීන් කල්පනා කලහ. මේ අනුව විමලධර්මසූරිය රජු යටතේ රාජකාරී කල පෘතුගීසී නිලධාරියෙකු වූ මැනුවෙල් ඩයස් නැමැත්තාට, විශාල මුදලක් හා විමලධර්මසූරිය රජු ඝාතනය කල පසු මහනුවර ප්‍රාදේශීය පාලක තනතුරද ලබාදෙන පොරොන්දුව පිට රජු මැරීමට සැලසුම් කලහ. පෘතුගීසීන් තම සෙබලුන් 05 දෙනෙකු කොළඹ කොටුවෙන් පැනගොස්, සිංහල රාජ්‍යයට එකතුවන ලෙස පෙන්වා රජු වෙත එවූහ. ඔවුනට උපදෙස් දී තිබුනේ අවස්ථාවක් ලැබුනු විට රජු මරණයට පත් කිරීමටය. මෙලෙස රජු මරණයට පත් කල විගසම එම තොරතුරු වෙඩිල්ලකින්  සංඥා කරන ලෙස ඔවුනට දන්වා තිබුණු අතර, ඒ විගසම මහනුවරට ඇතුලු වීමට තරමක පෘතුගීසී හමුදාවක් බලනට පහතින් කැළයේ සැඟවී සිටියහ.

මෙම උපක්‍රම පිළිබඳ සියලු විස්තර දොන් මැනුවෙල් ඩයස් රජු වෙත සැලකර සිටියේය. එම කුමන්ත්‍රණය ආපිට පෙරලා තමනට වාසියක් ගැනිමට විමලධර්මසූරිය රජු කල්පනා කලේය. එමසොල්දාදුවන් 05 දෙනාට කන්ද උඩරට රජුගේ සේවයට පැමිණෙන ලෙස දන්වා, රජු මරන්නට පැමිණි කණ්ඩායම බලනට පැමිණෙන විට තමන්ට විශ්වාස හමුදා භට පිරිසක් සමග බලනට ගොස් රජු, වහාම එම භටයන් සිරභාරයට ගෙන කැලෑවේ සැගවී සිටි පෘතුගීසී හට රජු මියගිය බවට දැන්වෙන සංඥාව නිකුත් කලේය. ඔවුන් බලන දූර්ගයට ඇතුලු වූ පසු සමූල ඝාතනය කිරීමට සැලසුම් කර තිබූ නමුත්, යම් අයුරකින් රජුගේ සැලැස්ම පිළිබඳ දැනගත් කඳවුරු බැඳ සිටි පෘතුගීසීහු, වහාම තම ආයුධ අතහැර කොළඹ බලා පලා ගියහ.

මෙයින් පසු විමලධර්මසූරිය රජු මියයන තෙක්ම පෘතුගීසීහු ඔහුගේ රාජධානියට ඇඟිලි නොගැසූ අතර, 1602 අද්මිරාල් ස්පිල් බර්ගන්ගේ ලංකාවට පැමිණීම, විමලධර්මසූරිය රාජ්‍ය සමයේ වූ විශේෂ සිද්ධියක් විය. පලවෙනි ඕලන්ද (නෙදර්ලන්ත) තානාපතිවරයා වූ ඔහු මඩකලපුව වෙත නෞකාවෙන් ගොඩ බැස, අනුගාමිකයන් පිරිසක් සමග සති කිහිපයක දුෂ්කර ගමනකින් පසු මහනුවරට පැමිණියේය.

පහත ලින්ක් එක හරහා ඒ තානාපතිවරයාගේ ගමන් විස්තරය කියවන්නට පුලුවන. 

http://lakshmanillangakoon.blogspot.com/2017/04/part-1.html


ඔහු, රජු හා පැවැත්වූ සාකච්ඡා තානාපතිවරයා සමග පැමිණි අයෙකු විස්තර කර ඇති අතර, එකල උඩරට රාජ්‍යයේ තිබූ දියුණු තත්වය එම විස්තර වලින් මනාව පැහැදිලි වේ. විශේෂයෙන්ම පෘතුගීසීන්ට විරුද්ධව මුහුදු සටන්හි යෙදීම සදහා කුඩා යුධ නැව් පවා මහියංගනයේ මහවැලි ගඟෙහි තැනෙමින් පැවැති බව යුරෝපීය සංචාරකයෙකු විස්තර කර ඇත.


අද්මිරාල්වරයා හා විමලධර්මසූරිය රජු අතර පැවැත්වූ සාකච්ඡාවන්ද, මහනුවරදී ඔහුට රජු විසින් දක්වන ලද ගෞරවය හා සංග්‍රහයන්ද, එම ගමන පිළිබඳ විස්තරයේ සටහන් කර ඇත. විමලධර්මසූරිය රජු කොතරම් පෘතුගීසීන් අප්‍රිය කලාද යත්, ඔහු අද්මිරාල් ස්පිල් බර්ගන් හා සාකච්ඡාවේදී එක් වරක් පවසා සිටියේ, නෙදර්ලන්ත ජාතිකයන් පෘතුගීසීන්ට විරුද්ධව ලංකාවේ බලකොටුවක් තනන්නේ නම්, එම බලකොටුව සදහා ගල් තමන් හා රාජකීය පවුලේ සාමාජිකයින් විසින් තම හිසින් පවා ඇදිමට කැමති බවයි.

අද්මිරාල් ස්පිල් බර්ගන් ගෙන් පසු තවත් නෙදර්ලන්ත අද්මිරාල්වරයෙකු මඩකලපුවට පැමිණි අතර, රජු ඔවුන් මුණ ගැසීමට එම ප්‍රදේශයට ගියේය. එහිදී රජු හා එම තානාපතිවරයා අතර අමනාපයක් ඇතිවූයේ, බීමත්ව සිටි එම තානාපතිවරයා රජුගේ බිසවට අවමාන වන පරිදි යම් ප්‍රකාශයක් කරන ලද බැවින්,

 “මේ බල්ලා බැඳ දමාපල්ලා“ 

යැයි රජු ප්‍රකාශ කර ඇත. මෙහිදී ඇති වූ අරගලයේදී නෙදර්ලන්ත තානාපතිවරයා හා ඔහුගේ 50 ක් පමණ පිරිස රජුගේ නිලධාරීන් අතින් මරුමුවට පත්විය. රජු කලකිරීමට පත්ව ආපසු මහනුවර බලා පිටත් වූ අතර, පිටත්විමට පෙර පහත පණිවිඩය මඩකලපුවේ නැංගුරම්ලා තිබූ, නෙදර්ලන්ත නෞකා වලට යැවීය.
“බීමත් වූ පුද්ගලයන් ප්‍රවේශමෙන් කටයුතු කල යුතුය. දෙවියන් ඔහුට දඬුවම් කර ඇත. නෙදර්ලන්තයට සාමය අවශ්‍ය නම් මම සාමයට කැමතිය. එහෙත් යුද්ධය අවශ්‍ය නම් මම යුද්ධ කරන්නෙමි.“

මෙයින් ටික කලකට පසුව විමලධර්මසූරිය රජු අසනීපයට පත්විය. ඔහුගේ ශරීරයේ තදබල දැවීමක් ඔහුට දැනෙන්නට වූ අතර, මෙය සදහා කොතරම් ප්‍රතිකාර කලද සුවයක් නොවීය. රජුගේ සිරුරෙහි ගිණිගෙන දැවෙන්නාක් මෙන් වූ අපහසුතාවය සමනය කිරීමට, එම රාජ්‍යයේ තිබූ ඉතාමත් ශීතලම ජලය සහිත බදුල්ලේ හල්ග්‍රමන් ඔයෙන් ජලය දිනපතා රැගෙනවිත් ඔහුට පානය කිරීමට සැලැස්වීය. එම ජලය කොතරම් ශීතල වුවත් ඉන් ඔහුගේ අපහසුතාවයට සුවයක් ගෙන දුන්නේ නැත. 

විමලධර්මසූරියරජු 1604 දී මියගිය අතර, ඔහු මියයන විට ‘මහස්ථානේ අදසිය‘ නමින් හැඳින්වූ පුත් කුමරු හා සූරිය අදසිය, කාන්ති අදසිය නමින් දූ කුමරියන් දෙදෙනෙකුද විය. 

එකල විදේශීය ලේඛකයන් විස්තර කරන අන්දමට විමලධර්මසූරිය රජු ඉතාමත් නිර්භීත හා අති දක්ෂ යුධ ශිල්පයෙකු වූ අතර, ඔහු සාමාන්‍ය ප්‍රමාණයට වඩා උස මනාව වැඩුණු තද පැහැයකින් යුත් සිරුරකින් හෙබි පුද්ගලයෙකු විය. තමද ඉතා ගැඹුරු කටහඬකින් සටනේදී අණදුන් ඔහු සැම විටම ප්‍රධාන සටන් පුද්ගලිකවම මෙහෙය වූ බව සඳහන් වේ. විශාල ධන සම්භාරයක් රාජකීය ගබඩාවට එකතු කල ඔහු තම රාජ්‍යයේ මගියන් සදහා අම්බලම් විශාල ගණනක් රාජ්‍යය තුල ඇතිකර ඒවා ඉතා හොදින් නඩත්තු කලේය.

රාජ්‍ය පාලනයේදී ඔහු වැරදි කරුවන්ට ඉතා දැඩි දඩුවම් ලබා දුන් අතර, පාලනයේ හා යුද්ධයේ දක්ෂයන්ට උසස් ත්‍යාග හා තානාන්තර ලබාදීමට අමතක නොකලේය. ඉතාමත් ඉහල පෙලේ පාලකයෙකු වූ ඔහු තම මිතුරන්ට ගෞරව කල අතර, තමා ඇතිකර ගත් ගිවිසුම් හා පොරොන්දු එලෙසම ඉටු කලේය. රාජ්‍ය පාලනය ආගම හා සම්බන්ධ කිරීම අප්‍රිය කල ඔහු තම රාජ්‍ය තුල සියලු ආගම් ඇඳහීම් සදහා පූර්ණ නිදහසක් දී තිබුනේය.

මෙලෙස විදේශීය ආක්‍රමණ වලට විරුද්ධව ශත වර්ෂ ගණනාවක් සටන් කර ලංකාවේ ස්වාධීනත්වය සහ සිංහල රාජ්‍යයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට සීතාවක රාජසිංහ රජු සහ විමලධර්මසූරිය රජු සමත් විය.
විමලධර්මසූරිය රජු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉතා උසස් ගණයේ රාජ්‍ය පාලකයෙකු වූ බව ඔහු පිළිබඳ සටහන් තබා ඇති විදේශිකයන්ගේ ලිපි ලේඛන වලින් සාක්ෂාත් වේ. 



                                   
                                      

Wednesday, April 12, 2017

අද්මිරාල් ස්පිල්බර්ගන් මහනුවරට පැමිණීම. part 1


                                       විමලධර්මසූරිය රජු සහ අද්මිරල් ජොස් වෑන් ස්පීල්බර්ගන්( පසුබිමේ යුධ පුහුණුව                                            ලබන ලාංකික හේවායන් පිරිසක් පෙනේ.)

1815 ට පෙර ශත වර්ෂ 04 ක් පමණ යුරෝපීය ජාතීන් හතරක් ශ්‍රී ලංකාවේ නොයෙකුත් ප්‍රදේශ වරින් වර පාලනය කලහ. මෙම ජාතීන් එම යුගයන්හි ලොව බලවත්ම නාවික හමුදා හා යුධ හමුදා බලයෙන් යුක්ත වූහ. කන්ද උඩරට රාජධානියෙහි වැසියන් අවුරුදු 200 කට වැඩි කාලයක් (1590-1815)  මෙම යුරෝපීයන් සමග සටන් කර තම ස්වාධීනත්වය රැක ගැනීමට සමත් වූහ. 

එම යුරෝපීය ජාතීන් හා සසදන කල නාවික බලයෙන් හා අවි ආයුධ වල තාක්ෂණික දියුණුව අතින් කන්ද උඩරට රාජධානිය ඉතා දුර්වල තත්වයක පැවතිණ. කදුවල සටන් කිරීමේදී ගරිල්ලා උපක්‍රම උසස් ලෙස යොදා ගැනීම හා අප්‍රතිහත ධෛර්ය හා නිර්භීත භාවයෙන් සටන් කිරීම නිසා මහනුවර රාජධානිය මෙලෙස ශත වර්ෂ දෙකක් ස්වාධීනව පැවතුනද ඒ සදහා එහි වැසියන් හට අතිමහත් ජීවිත පරිත්‍යාග කිරීමට සිදුවිය. මෙයට අමතරව යුරෝපීය ජාතීන් එකිනෙකාට විරුද්ධව සටන් කිරීමට පෙලඹ වීමෙන් ඔවුන්ගේ බලය දුර්වල කිරිම වැනි රාජ්‍ය තාන්ත්‍රික උපක්‍රමද මේ සදහා යොදා ගැණින. 

එකල මෙහි පැමිණි යුරෝපීයන් ගෙන් මුලින්ම පැමිණියේ පෘතුගීසීන්ය. ඔවූහූ කෝට්ටේ සිංහල රජු හා එකතුව මුහුදු බඩ රාජධානිය පාලනය කලහ. පෘතුගීසීන් ලංකාවෙන් පලවා හැරීමට මහත් වෙහෙසක් දැරූ වර්තමානයෙහි අවිස්සාවේල්ල යැයි අපි හදුන්වන, සීතාවක තම රාජධානිය කරගත් රාජසිංහ රජු 1592 වර්ෂයේ මිය ගියේය. ඉන්පසු සීතාවක රාජධානිය පෘතුගීසීන්ට අයත් විය. එකල කෝට්ටේ සහ සීතාවක රාජධානි ශ්‍රී ලංකාවේ ඉතාමත් ධනවත් රාජ්‍යයන් වූ අතර, එම රජවරුන් විශාල ධන සම්භාරයක් ඔවුන්ගේ රාජ්‍ය භාණ්ඩාගාර වල රැස්කර තිබුණි. එම ධනය, හමුදා සහ යුධ උපකරණපෘතුගීසිනට අඩු වැඩි වශයෙන් එකතු වුන හෙයින් පෘතුගීසිනට විශාල බලයක් ලැබුණි. 

මෙලෙස රටේ සෑහෙන ප්‍රමාණයක බලය ලබා ගත් පෘතුගීසීන්ට විරුද්ධව සිංහලයන් පෙල ගැසුනේ එකල මහනුවර රජකම් කල පලවෙනි විමලධර්මසූරිය රජු යටතේය. දරුණු සටන් කිහිපයකින් පෘතුගීසීන් අන්ත ලෙස පරාජය කල නමුත් පෘතුගීසීන් සතුව තිබූ අසීමිත සම්පත් නිසාත්, ඔවුන්ගේ විශිෂ්ඨ නාවික බලය නිසාත්, විමලධර්මසූරිය රජුට පෘතුගීසීන් රටින් පලවා හැරීමට නොහැකි විය. 

මේ සදහා කෙටි කාලීන ප්‍රතිකර්මයක් ලෙස වෙනත් යුරෝපීය මුහුදු බලයක් ගෙන්වා ගත යුතු යැයිද දීර්ඝ කාලීන විසදුමක් තමන්ටම කියා මුහුදු සටන් බලයක් තිබිය යුතු බවද කල්පනා කල විමලධර්සූරිය රජු නෙදර්ලන්තය යැයි වර්තමානයේ හදුන්වන එකල ඕලන්දය නමින් හැදින්වූ පෘතුගීසීන්ට විරුද්ධව නාවික අධිරාජ්‍යයෙන් උදව් ඉල්ලා පණිවිඩ අතර ඒ සමගම මහියංගනයේ මහවැලි ගඟේ යුධ නැව් කණ්ඩායමක් නිෂ්පාදනය කිරීමද ආරම්භ කලේය. ඒ පිළිබඳ විස්තරය පහත ලින්ක් එකට ගොස් කියවිය හැක.

http://lakshmanillangakoon.blogspot.com/2017/04/the-brave-fleet.html 



                   එකල නෙදර්ලන්තයේ සිට ලංකාවට මුහුදු මාර්ගය  

මෙම මුල් ඉල්ලීම පරිදි නෙදර්ලන්තයෙන් 1601 මැයි මස 05 වන දින අද්මිරාල් ජොරිස් වෑන් ස්පීල් බර්ගන් නමැති නාවික නිලධාරියා යටතේ රාම්, ශීල් සහ ලෑම්බ් යනුවෙන් නම් කරන ලද නෞකා තුනක් ශ්‍රී ලංකාව වෙත එවන ලදි. 

මෙම අද්මිරාල්වරයා එකල ප්‍රසිද්ධ නාවික නිලධාරියෙකු විය. ඔහු ඇන්ට්වර්ප් නගරයේදී 1568 උපත ලබා බොහෝ නාවික සංචාර සහ යුද්ධ වලට සහභාගි විය. 1596 ඔහු මුලින්ම අප්‍රිකාවට වෙළඳාම සදහා නැව් කණ්ඩායමක් සමග ගියේය. ඉන්පසු 1601 මැයි 05 වන දින වල්චරෙන් දූපතෙන් වෙරේ වරායෙන් ශ්‍රී ලංකාව බලා පිටත් වූයේය.



             The church in Veere, by Jan van der Heyden (1637–1712)

අද්මිරල් ස්පිල්බර්ගන් ගැන කෙටි සටහනක් මෙතනට යෝග්‍යය. මොහු මහනුවර රාජකාරියෙන් පසු 1607 ජිබ්‍රොල්ටා මුහුදු සටනට සහභාගි විය. 1614 නැව් 05 ක් රැගෙන ගොස් මැක්සිකෝවේ තිබූ ස්පාඤ්ඤ කොළණි ආක්‍රමණය කලේය. ඉන්පසු ඔහු ස්පාඤ්ඤ යුධ නෞකා සමග අකපුල්කෝහි මුහුදු සටන් කලේය. ඔහු ඒ අවුරුද්දේම ස්පාඤ්ඤ මුතු නැවක් වූ සැන්ප්‍රැන්සිස්කෝ අල්ලා ගත්තේය. ඉන්පසු පැසිපික් සාගරය හරහා මරියානා දූපත් වලට ගිය ඔහු එතනින් පිලිපීනය, ටර්නේට් සහ මලුකු දූපත් වලට පැමිණ 1616 වන විට පෘතුවිය වටා සම්පූර්ණ රවුමක් ගමන් කර 1617 ආපසු නෙදර්ලන්තයට පැමිණ 1620 දී  ඉතාමත් දුප්පත් මිනිසෙකු ලෙස මිය ගියේය.     
නෞකා තුන, මේ සූවස් ඇළ කැපීමට බොහෝ පෙර නිසා  , අප්‍රිකාව වටා සුභපැත්මේ තුඩුව පසුකර  පැමිනෙමින් ලංකාව දෙසට ගමන් කරන අතරතුර නෞකා දෙකක් කුණාටුවකට අසුවී මුහුදේ අතරමං විය. අද්මිරාල් ස්පිල් බර්ගන් පැමිණි නෞකාව 1602 මැයි මස 29 වන දින මඩකලපුවට පැමිණියේය. කොළඹ, ගාල්ල සහ මාතර වැනි ප්‍රදේශ තමන්ගේ සතුරන් වූ පෘතුගීසීන්ට යටත් යටත්වී තිබූ නිසා එම ප්‍රදේශ හරහා මහනුවරට පැමිණිය නොහැකි බැවින්, මඩකලපුව අසල නැංගුරම් දමා අද්මිරාල් ස්පිල් බර්ගන් තමන්ගේ පණිවිඩ කරුවන් කුඩා බෝට්ටුවකින් ගොඩබිමට යැවීය. 

පණිවිඩකරුවන් ගොඩබිමදී සොයා දැනගත් පරිදි තමන් වැරදීමකින් නැංගුරම්ලා ඇත්තේ මඩකලපුවේ නොව ඊට දකුණෙන් වූ වෙනත් ස්ථානයක බව අද්මිරාල්වරයා තේරුම් ගත්තේය. ඉන්පසු මඩකලපුවේ කලපුව අසල පසුදින නැංගුරම්ලා ගත්තේය. මෙසේ නැංගුරම් දැමූ පසු නෞකාව වෙත බෝට්ටුවකින් පැමිණිසිංහල නිලධාරීන් පිරිසක් නෞකාවට ඇති තරම් ගම්මිරිස් හා කුරුදු ලබාදිය හැකි බවත්, කන්ද උඩරට රජු වෙනුවෙන් එකල මඩකලපුව පාලනය කරන දිසාවේ තැන අද්මිරාල් ස්පිල් බර්ගන් මුණ ගැසීමට කැමැත්තෙන් සිටින බවත් අද්මිරාල්වරයා වෙත දැනුම් දුන්හ. 



                                එකල මඩකලපුවේ නැංගුරම් පොල.  

මේ සදහා පසුදින අද්මිරාල් ස්පිල් බර්ගන් තවත් සහයකයන් හතර දෙනෙකු සමග බෝට්ටුවකින් වෙරළට පැමිණියේය. ඔවුන් පිලිගැනීමට විශේෂ උත්සවයක්ද සංවිධානය කර තිබුණි. මෙම පිලිගැනීමට විශේෂයෙන් පුහුණු කල අලි ඇතුන්ද යොදා තිබූ අතරම අද්මිරාල් ස්පිල් බර්ගන්ට ආචාර කිරිමටද මෙම අලි ඇතුන් යොදා ගැනුණි. මෙහිදී මඩකලපු ප්‍රදේශයේ රජුගේ ප්‍රාදේශීය පාලකයා තමා ස්වාධීන රජෙකු බව ප්‍රකාශ කරමින් අද්මිරාල්ට තමා වංචාකාරිව හදුන්වා දුන්නේය. ඔහු විසින් අද්මිරාල් ස්පිල් බර්ගන්ට වෙළඳාම සදහා ගම්මිරිස්, කුරුදු, මුතුථ මැණික් යනාදිය ලබාදෙන බවටද පොරොන්දු විය. ඉන් පසු දිනද අද්මිරාල් ස්පිල් බර්ගන් මෙම ඊනියා මඩකලපු රජු හමුවීමට ගිය අතර, එහිදී මිනිසුන් දෙදහසකින් සමන්විත හමුදා පෙළපාලියක් සහිතව ඊනියා රජතුමා අද්මිරාල් ස්පිල් බර්ගන් පිලිගත්තේය. 

මෙහිදී අද්මිරාල් ස්පිල් බර්ගන් නොයෙකුත් ත්‍යාග මඩකලපුව දිසාව වෙත පිරිනමන ලදි. ඔහු විසින් රැගෙන ගිය ඕලන්ද සංගීතකරුවන් විසින් දිසාවේ සහ ඔහුගේ පිරිසට නැරඹීම සදහා සංගීත සංදර්ශනයක්ද ඉදිරිපත් කලහ. මෙහිදී මෙම දිසාව තැන ඔහු මඩකලපුවේ ස්වාධීන රජු ලෙස ප්‍රකාශ කර නෙදර්ලන්තය සමග ගනුදෙනු කිරීමට කැමති බව දන්වා සිටියේය. මෙම අවස්ථාවේ මෙම පාලකයා විසින් අද්මිරාල් ස්පිල් බර්ගන් ගෙන් වෙළඳ ද්‍රව්‍ය හුවමාරු කර ගැනීම සදහා ඔහුගේ නෞකාවක් ගොඩබිම ආසන්නයට ගෙන එන ලෙසට ඉල්ලා සිටියේය. 

මෙය තමාගේ නැව් ගොඩබිම ආසන්නයට ගෙන මංකොල්ලකෑමට සැලසුමක් බව අද්මිරාල්වරයාට සැක සිතුණි. අද්මිරාල් දිසාවගේ නිලධාරීන් කිහිප දෙනෙකු සමග ආපසු නැවට ගොස් ඔවුනට ඔහු ලග තිබූ වෙළඳ ද්‍රව්‍ය පෙන්වා ඔහු දිසාවත් සමග වෙළඳාම් කිරීමට කැමති බවත්, ඒ සදහා හුවමාරු කිරිමට නෞකාවේ වටිනා වෙළඳ ද්‍රව්‍ය ඇති බවත් දිසාවේ වෙත දන්වා යැවීය. ඉන්පසු දිසාවේ විසින් බෝට්ටුවක දඩමස්, කුකුළන්, බටර් සහ පළතුරු අද්මිරාල්වරයා වෙත යවමින් ඔහුත් සමග වෙළඳ සම්බන්ධතා පැවැත්වීමට කැමති බව නැවත වරක් දන්වන ලදි. 

මෙම කටයුතු සිදුවන අතරතුර අද්මිරාල්වරයාට දැනගන්නට ලැබුනේ මෙම ප්‍රාදේශීය පාලකවරයා මහනුවර රජු යටතේ පාලනය වන බවත්, විටින් විට පෘතුගීසීන් බලවත් වන අවස්ථාවන්හිදී ඔවුන් සමග එකතු වන බවත්ය. මෙම ආරංචිය දැනගත් පසු අද්මිරාල් ස්පිල් බර්ගන් මේ පිළිබඳව මඩකලපුව ප්‍රාදේශීය නායකයාගෙන් විමසූ අතර, ප්‍රාදේශීය පාලකයා එය සත්‍යයක් බව පිලිගත්තේය.

to be continued     

Tuesday, April 11, 2017

උතුරු කොරියාව; ප්‍රශ්නය විසදෙන්නේ කෙසේද?




උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම් සහ න්‍යෂ්ඨික අවි බලය ලබා ගැනීමට කරන උත්සාහය (න්‍යෂ්ඨක මිසයිල උණ්ඩ)  නිසා දැන් එරට මුලු ලෝකයේම අවධානය යොමු වී තිබේ. විශේෂයෙන්ම මෙම අනතුරුදායක තත්වය කරුණු කිහිපයක් නිසා අපටද ඉතා වැදගත්ය. 


  1. කොරියාව ආසියාතික රටක් වීම. 
  2. න්‍යෂ්ඨික අවි උතුරු කොරියාව වැනි ඒකාධිපති රාජ්‍යයකින් නිපදවා ගතහොත් මුලු ලෝකයේම ආරක්ෂාව බිඳ වැටීමේ අවදානම. 
  3. කොරියාවේ රුසියාව සහ චීනය සමග ඇති දේශ සීමා. 
  4. උතුරු කොරියාවේ ප්‍රධාන සතුරා වන දකුණු කොරියාවේ ශ්‍රී ලංකාවේ තරුණයන් දහස් ලණනක් රැකියාවේ යෙදීම. 



පැරණි එමෙන්ම බලගතු රාජ්‍යයක් වූ කොරියාව පසුගිය ශතවර්ෂ දෙකේදී නොයෙකුත් අසල්වැසි බලගතු රාජ්‍යයන්ගේ ආක්‍රමණයන්ට යටත් විය. විශේෂයෙන්ම චීනය, රුසියාව කොරියාවේ යම් යම් ප්‍රදේශ වරින් වර අල්ලා ගනිමින් කොරියාව පාලනය කලේය. 1910 දී ජපානය විසින් කොරියාව යටත් කර ගන්නා ලද අතර, මිලියන් ගණනක් කොරියානු ජාතිකයින් ජපානය අධිරාජ්‍ය විසින් හමුදාවට සහ කම්කරුවන් වශයෙන් යුධ සමයේදී යොදා ගන්නා ලදි. එම යුද්ධයේදී ජපානයෙන් පිටත යුධ පෙරමුනුවල බොහෝ කලක් යුධ කල සොල්දාදුවන්ගේ සතුට සදහා  කොරියානු තරුණියන් බලෙන් යැවීමද මෙහි කොටසක් විය. (comfort women)

1945 ජපානය යුද්ධයෙන් පැරදී යටත් වූ පසු උතුරු කොරියාව රුසියාව යටතටද, දකුණු කොරියාව ඇමරිකාව යටතටද පත්විය. මෙහි දේශ සීමාව වූයේ එකල තාවකාලිකව එකඟතාවයක් ඇතිකර ගත් 38 වෙනි දේශාංශය හෙවත් 38 වෙනි සමාන්තරයය. කොරියානු අර්ධද්වීපයේ උතුරු පැත්තේ සෝවියට් වර්ගයේ රජයත් බිහිවුනු අතර, දකුණු පැත්තේ බටහිර වර්ගයේ රජයක් බිහිවිය. මෙම රාජ්‍යයන් දෙක අතර 1950 යුද්ධයක් ඇතිවුනු අතර, දකුණු කොරියාවට ඇමරිකාවද උතුරු කොරියාවට චීනයේ සහ රුසියාවේද උදව් ලැබිණ. අවුරුදු තුනක් පැවති මෙම යුද්ධයෙන් මිලියනයක් පමණ මිය ගිය බව පැවසේ. 

මෙම යුද්ධයෙන් පසු දකුණු කොරියාව සීඝ්‍ර දියුණුවක් ලබා ගත්තේය. උදාහරණයක් වශයෙන් 1957 දී ඒක පුද්ගල ආදායම ඝානාවට වඩා අඩු වූ දකුණු කොරියාව 2008 වන විට ඝානාවේ ඒක පුද්ගල ආදායම මෙන් දාහත් ගුනයකින් වැඩිවිය. මේ අතර උතුරු කොරියාව කොමියුනිස්ට් රාජ්‍යයක් පවත්වා ගනිමින් එක තැන පල්වෙන ආර්ථිකයකට මුහුන දුන්නේය. එහි ඒක පුද්ගල ආදායම ඩොලර් 1800 කි. දකුණු කොරියාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 38000 කි. උතුරු කොරියාව මෙන් 21 ගුනයකි. සන්සන්දනයක් සදහා දකුණු කොරියානු ඒක පුද්ගල ආදායම ලංකාවේ මෙන් 3.65 කි.

දකුණු කොරියාවේ භූමිය වර්ග කිලෝ මීටර් 10,0000 වන අතර එහි ජනගහනය මිලියන් 51.5 කි. මේ අතර උතුරු කොරියාවේ භූමිය වර්ග කිලෝ මීටර් 120,000 ක් වන අතර ජනගහනය මිලියන් 25 ක් පමණ වෙයි. එකතු වුවහොත් මිලියන 75 සහ 220000 වෙයි. 

මේ පසුබිම යටතේ දැන් අපි උතුරු කොරියාවේ මිසයිල සහ න්‍යෂ්ඨික අවි ප්‍රශ්නය සලකා බලමු. ඒ සදහා අප වැනි ලෝකයේ සාමාන්‍ය රාජ්‍යයන් මෙන් නොව මෙම ප්‍රශ්නයෙන් කෙලින්ම බලපෑම් ඇතිවිය හැකි පරදු දරනා රටවල් මොනවාදැයි බලමු. 

චීනය - ලෝක බලවතකු යැයි සැලකෙන උතුරු කොරියාවේ දේශ සීමාවේ තිබෙන චීනයට උතුරු කොරියාව කුඩු පාවිච්චියට පුරුදුව සිටින ඉමහත් කරදර කාරි හිතුවක්කාර දරුවෙකු වැනිය. චීනයේ උදව්වෙන් සහ ඒ සමග වෙළඳාමෙන් ජීවත්වෙන උතුරු කොරියාව චීනයේ උදව් නොමැති වුවහොත් බංකලොත් වෙයි. එසේ බංකලොත් වී ජර්මනියේ සිදුවූවාක් මෙන් කොරියාවන් දෙක එකක් වුවහොත් ඉතා බලගතු එමෙන්ම බටහිරට හිතැති විශාල රාජ්‍යය චීනයේ දේශ සීමාවේම ඇතිවේ. චීනය මෙයට කැමති නැත. 

එසේම උතුරු කොරියාව න්‍යෂ්ඨික අවි ලබාගත හොත් ඉන්පසු චීනයටවත් උතුරු කොරියාව පාලනය කරගත නොහැකි බව චීනය දනී. ඔවුන්ට න්‍යෂ්ඨික අවි තාක්ෂණය තිබුනත් එය මිසයිල වලට යොදා ගැනීමට තාක්ෂණය මෙතෙක් නොමැති බව විශේෂඥයන්ගේ අදහසයි.  එහෙත් ඔවුනට ආර්ථික උදව් නවත්වා දුර්වල කරන්නට ගිය හොත් ඔවුන් බංකලොත් වී දකුණු කොරියාව හා එක්වුවහොත් මුල් ප්‍රශ්නය ඇතිවෙයි. චීනය මේ නිසා මුහුණ දෙන්නේ මග සිටියොත් තා නසී ගෙදර ගියොත් අඹු නසී තත්වයකටය. 

එක්සත් ජනපදය සහ බටහිර රාජ්‍යයන් - උතුරු කොරියාව න්‍යෂ්ඨික අවි සහ අන්තර් මහත් ද්වීපික බැලස්ටික් මිසයිල නිෂ්පාදනය කිරීම ඇමරිකාවේ අංක එකේ තර්ජනය බවට පත්වේ. ඔවුනට මේ යන ලෙසට න්‍යෂ්ඨික අවි දියුණු කර ගැනීමට තව අවුරුදු තුනක් පමණ ගතවේයැයි විශේෂඥයින් කීවද ඒ මත රැදෙන්නටද අපහසුය. කිම් ජොන් උන් වැනි කිසිසේ්ත්ම විශ්වාස කල නොහැකි පුද්ගලයෙකුට ඇමරිකාවේ නගරවලට කෙලින්ම න්‍යෂ්ඨික මිසයිල යැවිය හැකි බලයක් ලැබීම ඇමරිකාවට මෙතෙක් කලක් ඇති වූ නපුරුම හීනය වන බවට කිසිම නොඅනුමානයක් නැත්තේය. 

ඉන් පෙර යමක් කල යුතුය. ඒ සදහා ඔවුන්ගේ ලොකුම බලාපොරොත්තුව චීනයයි. ඒ චීනය සතු උතුරු කොරියාවට බලකල හැකි ලීවරය ඒ සදහා පාවිච්චි කිරිමයි. චීනය මේ සදහා ඇමරිකාවත් සමග එකතුව කටයුතු කිරිමට බොහෝ ඉඩ තිබෙන බව පොනේ. එහෙත් කොරියානු අර්ධද්වීපය එක කොරියාවක් වනවාට චීනය එකග නොවන නිසා න්‍යෂ්ඨික අවි ප්‍රයත්නය නැවැත්වීමට චීනය වෙනත් ක්‍රමයක් සොයනු ඇත.
 කොරියාව පැත්තට යන යුධ නැව් බොහෝ විට යවන්නට ඇත්තේ, වරෙක කීසිංජර් ඉන්දියානු සාගරය ගැන කිව්වාක් මෙන් අවිනිශ්චිතතාවයක් ඇති කිරිම සදහා විය යුතුය.

දකුණු කොරියාව  - දකුණු කොරියාව කලක සිටම උත්සාහ කරන්නේ කැඩුනු කොරියාවන් දෙක එකතු කර එක් බලගතු කොරියාවක් සාදා ගැනීමටය. එසේ එකතු වුවහොත් කොරියාව ජපානය හා සමාන බලගතු ආර්ථිකයක් බවට දියුණු වීමට හැකි වනු ඇත. විශේෂයෙන්ම උතුරු කොරියාව නිසා ආරක්ෂාවට කරන වියදම්ද ඔවුනට බොහෝ දුරට කපා හැරීමට ඉඩ ලැබෙනු ඇත.  

ජපානය - ජපානය සහ කොරියාව බොහෝ කලක සිට සතුරන් වුවද දැන් දකුණු කොරියාව සහ ජපානය ඇමරිකාවේ සඟයන් වෙති. එම රටවල් දෙකේම ඇමරිකානු හමුදා සේනාංක ස්ථාන ගතකර ඇත. කොරියාවන් එකතු වී බලගතු කොරියාවක් බිහිවීමට ජපානය එතරම් කැමැත්තක් නොවූවද උතුරු කොරියාවට න්‍යෂ්ඨික අවි ලැබෙනවාට වඩා ඔවුනට එය බොහෝ ප්‍රිය ජනක විය යුතුය. 

රුසියාව - උතුරු කොරියාව ඇමරිකාවට කරදරයක් ලෙසට මේ තත්වයෙන් තිබීම පිළිබඳව රුසියාව සතුටු විය යුතුය. එහෙත් ඔවුන්ද න්‍යාෂ්ඨික අවි දරන උතුරු කොරියාවකට කැමැත්තක් තිබිය නොහැක. උතුරු කොරියාව න්‍යාෂ්ඨික අවි අසලට පැමිනෙන්නේ නම් ඔවුන්ද එය නැවැත්වීමට ඇමරිකාවට උදව් කරනු ඇත. 

මුලු ලෝකයම - කොරියාවන් දෙකම එකට එකතු වී එක් බලගතු ආර්ථිකයක් සෑදී දැන් උතුරු කොරියාවේ ජල ජාතික නිෂ්පාදනය වන ඩොලර් බිලියන 1520 දෙගුනයක් වුවහොත් එය බිලියන 3000 ත් එහා යනු ඇත. මෙය ලෝක ආර්ථිකයේ දළ නිෂ්පාදනයේ 2% පමණ දැනෙන වැඩිවීමකි. 

මේ අනුව සියලු පරදු දරන්නන්ගේ විශේෂයෙන්ම චීනයේ අවශ්‍යතා සහ සීමාවන් බැලූ විට උතුරු කොරියාවේ න්‍යෂ්ඨික ප්‍රයත්නය නැවැත්විය යුතුය. එහෙත් එම රට බංකලොත් වීමට තරම් දුර්වල කලයුතු නොවේ. එසේ නම් බොහෝ විට සිදුවන්නට ඉඩ ඇත්තේ චීනය විසින් දැනට පවත්වාගෙන යන උතුරු කොරියානු ප්‍රතිපත්ති වෙනස් නොකරන එහෙත් න්‍යෂ්ඨික අවි උමතුව නොමැති චීනයට ගැති නායකයෙකු පත්කර ගැනීමයි. 
    

Monday, April 10, 2017

The brave fleet









Brave fleet which sailed from Trincomalee


article_image



In 1582, the warrior King of Sithawaka (present Awissawella) Rajasinghe, attacked the Kandyan kingdom, drove away King Karaliyadde Bandara and made Wijesundara of Peradeniya, who had been the Prime Minister under Karaliyadde Bandara, King of Kandy. While on the run Karaliyadde Bandara died leaving his daughter and nephew heirs to the throne of Kandy.

After a few years, feeling that Wijesundara was trying to break away Rajasinghe lured him into travelling to Sithawaka to be crowned as King of Kandy and killed him on the way. Then he attacked and subdued the leaderless Kandyan kingdom.

Two teenage sons of Wjesundara were sent to the Portuguese Fort of Colombo to protect them from Rajasinghe. Two children, baptised and converted, grew up among the Portuguese. Konappu Bandara, the elder, became a strong and intelligent young man and was banished to Goa, the Portuguese capital in Asia by way of punishment for a crime.

He became an expert in swordsmanship and redeemed himself by killing a renegade Portuguese warrior in Goa in a dual. As a favour, Don Joa of Austria, as he was known by now, was sent to Colombo in the rank of Mudaliar, a senior officer in the Portuguese military.

After working with the Portuguese for several years in Colombo, he was sent to Kandy under a Portuguese general, to conquer the Kandyan kingdom. Once Kandy was captured, Don Joa of Austria turned rebellious against the Portuguese, joined the Kandyan army and threw away the Portuguese occupying army and made himself King of Kandy. Seeing that a prince, whose father was killed by him, had become the master of the mountains, king Rajasinghe of Sithawaka raised a large army and marched towards Kandy. Kandyan army met Rajasinghe’s army at Balana, Kadugannawa and defeated it decisively. It was said that the warrior king Rajasinghe killed himself, dejected by the disgrace inflicted upon him by a young aristocrat, who was not even from a royal family.

Sithawaka disintegrated after the demise of Rajasinghe and Prime Minister of late Rajasinghe, Jayaweera Bandara, joined the Portuguese with a formidable army of Sithawaka, which according to the Portuguese records, had 224 war elephants.

The Portuguese felt it was the best time to punish Don Joa, for them a usurper and traitor, and to become the masters of the entire island. The combined army of the Portuguese, Kotte, Sithawaka, Jaffna, Cottiar, Palagam and Panama consisting of ‘151,086 heads including 139,346 men of war, 11,740 coolies or labourers, with 75 war elephants, 1,000 Alias (elephants without tusks), 28,500 baggage oxen, marched to Kandy and overcame the resistance by the small Kandyan army. Don Joa ran away to the mountains.

The fugitive king waged a guerrilla war from the jungles and in a few months was able to create differences between the Portuguese and Sithawaka army by using some innovative strategies. This growing division culminated in General Souza killing Jayaweera Bandara at a private meeting. Don Joa attacked the confused occupying army, and in a series of battles culminating in the final battle at Balana, the Portuguese army was annihilated. Dying Portuguese general Fedro Lopez, handed over his young son to his arch enemy, Don Joa for care and protection, after the defeat at Balana.

After this great victory, over a world empire, which had its presence in more than 50 countries at the time, Don Joa married Kusumasana devi, heir to the throne of Kandy and legitimised his claim to the throne of Kandy through her. He assumed the golden sword under the name of Wimaladharmasooriya, built the Kandy city, temples, palaces, roads, fortress, and series of inns (ambalamas) along the main roads. The records of Admiral Spielbergen, who visited kandy during the reign of king Wimaladharmasooriya, is clear testimony to the improvements he effected to the kingdom, especially to to the Kandy city. His reputation, among other Asian kings, became so great after the defeat of the Portuguese at Balana, even king of Achin (present Indonesia) sent an emissary to Kandy to solicit assistance to fight the Portuguese in Indonesia, according to Dutch records at the time.

However much successful on land, he knew it was impossible to get rid of a maritime power like the Portuguese without having a fleet of ships, at least to block the Portuguese reinforcement from the sea when their fortresses were under siege. The alternative was to invite another maritime power in competition with the Portuguese elsewhere, to prevent reinforcements from sea.

King Wimaladharmasooriya did both. He started building a fleet of warships on the banks of the Mahaweli Ganga near present day Mahiyanganaya, to raise his navy and solicited ambassadors the Netherlands to come to Sri-Lanka to forge an alliance to support him from sea.

Admiral Spielbergen, who visited Kandy in July 1602, during the reign of King Wimaladharmasooriya, kept a comprehensive record of his journey and with regard to the ships being built at Mahiyanganaya his record says:

‘This town of Vintane is situated on the river of Trincomalee, where fine galleys and Champanes are made for the service of king of Kandy’. A galley according to Webster’s dictionary is a long low ship used for war and trading, especially in the Mediterranean Sea from the Middle Ages to the 19th century.

Champanes (Sampan), on the other hand, is a relatively flat-bottomed wooden boat 3.5 to 4.5 m (11.5 to 14.8 ft) long.

King Wimaladharmasooriya, however, unfortunately did not live long enough to see the success of his efforts; he died relatively young of a virulent fever and his brother Senarath Mahasthane assumed the throne. King Senarath sailed out a fleet, most probably the fleet that was built by king Wimaladharmasooriya, out of Trincomalee on May 16, 1612, to engage the Portuguese who were the masters of the oceans at the time. Phillipus Baldaeus, the Dutch priest, who lived in Sri Lanka and recorded contemporary history in his ‘True and exact description of the great island of Ceylon’ wrote:

‘The prince of Migonne (Negobo), Admiral and Naval Captain General, had at the request of the Emperor fitted out 2 fleets consisting of 3 war galleys and 3 yachts with which they were ordered to go on a cruise to intercept and capture the enemy’s vessels navigating between Cape Comoryn and Ceylon with instructions not to give quarter to the portugezen or any enemies of the State, (save the woman, children and slaves) as the slaves might be usefully employed on board own galleys. This fleet sailed from the harbour of Cotiarum on the 16th May with the nephew of the prince of Ove (Uva) as Admiral and Wandige Nay Hanni as Vice Admiral. The following are the names of the vessels and of their respective commanders.

1. the Galley Candy - Captain Sanderappo

2. the Galley Hollant - Captain Kistena

3. the Galley Migonne - Captain Dingappe

4. the Yacht Fortuyn - Captain Ordia

5. the Yacht Geluk - Captain Marasinge

6. the Yacht de Trouwe- Captain Sanderappo

‘The fleet returned on March 6, 1613, laden with spoils which amounted to not less than six tons of treasure. While to the north of Chilau between Negumbo and Mannar they fell in with, and captured 2 Portugezen vessels called patasios, 3 yachts and 20 barques which they destroyed by fire, they also fell in between Calecut and Cabo Comoryn with a Portugesche yacht; on the fleet nearing here, the crew threw themselves overboard and were drowned, they then gave chase to another vessel and ran her aground and after that look possession of a richly laden Moors vessel bound from Ormus to Cochin, they also captured another Protugezen ship on her way from Bengala, pitched the Protugezen and misticen and cargo overboard and made prisoners of the Protugezen women and slaves.

On their return near Panua they discovered a Protugezen ship at anchor but deserted by her crew who had left everything on board to their mercy. Of the rich spoil captured His Majesty made a distribution to his officers and sailors.’

So ended the brave attempt by the Kandyan kingdom to raise a fleet against the predominant maritime power at the time. The Sinhala fleet was braving the seas around Sri Lanka looking to intercept Portuguese war ships while their army was trying to dislodge Portuguese from Sri Lankan soil.

It is not clear why the Sinhalese did not continue their experiment further, encouraged by the success of the maiden campaign. Perhaps, they lost control of the Trincomalee harbour that was essential for sailing the fleet out or the Dutch made overtures for alliance against Portuguese at the time. This may have dampened the enthusiasm for further adventures at sea.

Yes, it happened only once during that period, but imagine, a small group of people building a fleet of war ships up river in dry season and pulling them down when the river is swollen with monsoonal rains, crewed by rookie sailors sailing out to unfamiliar seas, looking to fight most advanced war ships, belonging to a foremost maritime power of the day and being successful. That was one brave fleet no doubt!

ස්කිනර් සහ කිරිබණ්ඩා - 1

"තමුන්නැහැ හිතනවද බුට් සපත්තු දැම්මහම වැඩි වේගයකින් දුවන්ට පුළුවන් කියල?" ගිලිමලේ කිරිබණ්ඩා ආරච්චිල  සිනාසෙමින් ඇසුවේය. ...