මම 2005 දී අන්තර්ජාතික ආයුධ ප්‍රදර්ශනයක් නැරඹීම සඳහා සිංගප්පු රුවට ගියෙමි. සිංගප්පුරු රජය විසින් අපට නවාතැන් දුන්නේ මැන්ඩරින් ඔරියන්ට් නමැති සුඛෝපබෝගී හෝටලයකය. මම මෙතෙක් දැක ඇති පොහොසත්ම උදය ආහාර බුෆේ එක දැක්කේ එම හෝටලයේය. එම බුෆේ ඒක නොයෙකුත් වර්ග වලට අනුව ; ඉන්දියානු, ඇමෙරිකානු, යුරෝපිය, චීන, යනාදී වශයෙන් පිළියෙළ කර තිබූ එම උදය ආහාරය සඳහා යට කර තිබූ බිම් ප්‍රමාණය සාමාන්‍යයෙන් කුඩා හෝටලයක් තරම් විය.
පලතුරු අංශයේ නොයෙකුත් නැවුම් පලතුරු ගොඩගසා තිබුණු අතර අප පෙන්වන ඕනෑම පලතුරකින් බිමක් සාදා දීමට හෝ එසේත් නැත්නම් අලංකාර කැබලි වලට කපා දීමට සේවක සේවිකාවන් සැදී පැහැදී සිටියහ. මම ඒ අංශයේ පුරුදු පලතුරු වලට නොගොස් මම මිට පෙර රස විඳ නොමැති පලතුරු වර්ග තෝරා ඒවා ආහාරයට ගත්තේ අලුත් අත්දැකීමක් ලබා ගැනීමටය. මෙම නුපුරුදු පලතුරු වර්ග වලින් හැඩයෙන් සහ රසයෙන් මා වඩාත් සිත් ගත්තේ සෙන්ටි මීටර් 3ක් පමණ ගනකමට කපන ලද තරුවක හැඩය ඇති පලතුරු පෙති විශේෂයකටය.
මම ඒවා පිළිබඳව නොදැන සිටි අතර පසුව මා සමග ගිය නිලධාරියෙකු ඒවා කාමරංගා බවත් අප රටෙහි තිබෙන බවත් මා සමග කිවේය. මම පසුව අන්තර්ජාලයෙන් පරික්ෂා කලවිට මෙම පලතුරෙහි මුල් රටවලින් එකක් ශ්‍රී ලංකාව බවත් එම පලතුර ඉතාමත් ශරීර සෞඛ්යට හොඳ පළතුරක් බවත් දැන ගතිමි. පසුව මා සින්ගපුරුවේ ඇවිදින්නට ගිය විට එහි පලතුරු කඩවල එම පලතුර විකුණන්නට තබා ඇති ආකාරයෙන් මෙය එහි විශාල වශයෙන් ජනප්‍රිය පළතුරක් බව දැන ගත්තෙමි.
මම ලංකාවට පැමිණි පසු මේවා පිළිබද සොයා බැලූ විට ගන්නෝරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අසල පැල කඩයකින් මිලදී ගත හැකි බව දැනගෙන රුපියල් 20 ගනනේ බැගින් පැල 5 ක් ගෙන නිවසේ උද්‍යානයේ පැල කලෙමි. අප ජීවත්වන දුම්බර සානුවේ කලින් කලට ඇතිවන දැඩි නියගයන්ටද සාර්ථකව මුහුණ දුන් මෙම ගස් අවුරුදු 3 ක් පමණ යන විට අඩි 7/8 ක් උසට වැවී පල දරන්නට පටන් ගත්හ. කිසිම භාහිර පොහොරක්ද නොමැතිව නියං කාලයේ ජලය යොදන්නෙත් නොමැතිව වැවෙන කාමරංගා ගස අප වැනි අපිලිවෙලේ ගොවියනට පහසුවෙන් වගා කර ගත හැකි ගසකි. එලෙසින්ම ඒක ගහකින් කිලෝ ග්‍රෑම් 50/60 ක පලදාවක් ලැබෙන මෙම ගස් 6 න් වසර පුරාම අඩු තරමේ එක ගසකවත් ගෙඩි තිබේ.
මම නිවසේ සිටින සෑම දිනකම හවස ඇවිදීමෙන් පසුව ගෙඩි 3/4 ක් ජුසර් එකට දමා ලොකු ජුස් වීදුරුවක් බොන්නට පුරුදුව සිටිමි. මේ අතර අපගේ නිවසේ මෙම ගස් තිබෙන බව දැනගත් අම්පිටිය ප්‍රදේශයේ තරුණයෙකු මේ ගෙඩි කඩා ගෙන අපට කිලෝ ග්‍රෑමයකට රුපියල් 35 ක් දී මිලට ගෙන යාමට පුරුදුව සිටියේය. මෙම පලතුර මැලේසියා වැනි රටවල වාණිජ වශයෙන් වගා කරන බවත් ඒ දිනවල වසරකට මැලේසියාවේ ගොවීන් මේ පලතුරෙන් ලබා ගන්නා විදේශ ආදායම ඩොලර් මිලියන 10 ක් වන බවත් මම අන්තර්ජාලයෙන් දන ගතිමි . ටික කාලයක් ඔහු නොපැමිණ සිට මාස කිහිපයකට පසු නොපැමිණීමට හේතුව වශයෙන් කීවේ කාමරංගා කෑම මොලයට අගුණ බවට ප්‍රචාරයක් ඇති වූ නිසා වෙළද පොළ කඩා වැටීම බවයි.
ලගකදී සන්ඩේ ටයිම්ස් පත්තරයේ වෛද්‍යවරයෙකු කාමරංගා කෑම වකුගඩු වලට ඉතාමත් භයානක බවත් කාමරංගා ගෙඩියක් දෙකක් කෑමෙන් පවා මරණය ගෙන දිය හැකි බවත් කීමෙන් පසු මෙම ප්‍රවුර්තිය රට පුරා පැතිර ගියේය. මගේ මිතුරන් කිහිප දෙනෙකුගෙන්ද එම පුවත්පත් ලියවිල්ල නොයෙක් මාර්ග වලින් මටද ලැබිණ.
ඒ වෛද්‍ය වරයා කියා තිබුනේ මේ පලතුර වකුගඩු අඩපන කරන බව නිසා ඇමරිකාවේ ජාතික වකුගඩු සංවිධානයේ වෙබ් සයිට් එක වෙත ගොස් මේ පිලිබදව සොයා බැලුවෙමි. ඔවුන්ට අනුව නම් මෙම පලතුරු කෑම අනතුරු දායක වන්නේ වකුගඩු අමාරුවෙන් පෙලෙන්නන්ටය.
අනෙක් පැත්තට කාමරංගා ඉතාම අඩු කැලරි ප්‍රමාණයක් සහිත පලතුරකි. එය කොලොස්ටරෝල් අඩු කරයි. බලගතු ඇන්ටිඔක්සිඩන්ට් පිරි ඇත. නොයෙකුත් විටමින් වර්ග සහ ඛනිජ බහුලව ඇත්තේය. බ්‍රසීලයේ විවිධ දේශීය බෙහෙත් වර්ග වලටද මේ පලතුර යොදා ගනී. එම පලතුරු ග්‍රෑම් 100 ක් අඩංගු පෝෂණ ද්‍රව්‍යයන් පහත පරිදිය.
මේ කිසිම වෙබ් සයිට් එකක වත් සාමාන්‍ය මිනිසෙකුට මෙම පලතුර අගුනයි කියා නැත්තේය. වකුගඩු අඩපන නම් ආහාරයට නුසුදුසු කෑම වර්ග බොහෝ ඇත්තේය. ඇත්තෙන්ම ඔවුනට කෑමට පුළුවන් ආහාර වර්ග ඇත්තේ ටිකකි. කාමරංගා සාමාන්‍ය මිනිසුන්ගේ පරිභෝජනයට නුසුදුසු නම් සෞඛ්‍ය අමාත්යංශය මැදිහත්වී මේ පිළිබඳව ජනතාව දැනුවත් කල යුතුය. එසේ නොමැතිව මේ බාගෙට පිසූ අදහස් මාධ්‍ය මඟින් ප්‍රචාරය කිරීමෙන් ජනයා අවුලට පත්වෙති.
මෙම පලතුර දැන් ඇමෙරිකාවේ සහ ඔස්ට්‍රේලියාවේද ජනප්‍රිය වෙමින් පවතී. ඔවුන් වවන්නටද පටන්ගෙන ඇත . ඒ තරම් භයානක මරු කැඳවන පළතුරක් නම් එවැනි දියුණු රටවල් එම පලතුර වවන්නට පටන් ගයිද යන්නත් අප ඇසිය යුත් තවත් ප්‍රශ්නයකි.
ප ලී
රන්සිරිමල් අතීතයේ අප අතර කාමරංගා එතරම් ජනප්‍රිය නොවීම යම් හෙයකින් මෙම කාමරංගා අප වකුගඩුවලට අගුණ වීම හා සම්බන්ධ විය හැකිදැයි කොමෙන්ට් එකක සැකයක් මතුකර ඇත.
නමුත් මට මතක හැටියට මැලේසියාවෙන් හෝ තායිලන්තයෙන් මෙම වැඩිදියුණු කල කාමරංගා වර්ගය එනතෙක් : වෙනත් බොහෝ පලතුරු පැල මෙන් , අප ගම්වල කාමරංගා ගස් තිබුනේ ඉතාමත් දුලබ ලෙසය. ඒවාත් විශාල ගස් වූ අතර පලතුරු පැල : කෙසෙල්මෙ හැරෙන්නට , අපේ මුතුන් මිත්තන් පලතුරු පැල අපේ ගෙවතුවල වගා කලේ නැත. ඒවා ස්වභාවික ක්‍රම වලින් ප්‍රචාරණය වෙන්නට හැරියහ. සමහරවිට මේ ගස් වල ඇට තිබෙන ආකාරයෙන් අඹ ඇට මෙන් කෑ විසි කිරීමට නොහැකි නිසා ඒවා අඹ තරම් ප්‍රචාරණය නොවුවා විය හැක්කේ යයි මට සිතේ.

Principle | Nutrient Value | Percentage of RDA |
---|---|---|
Energy | 31 Kcal | 1.5% |
Carbohydrates | 6.73 g | 5% |
Protein | 1.04 g | 2% |
Total Fat | 0.33 g | 1% |
Cholesterol | 0 mg | 0% |
Dietary Fiber | 2.80 g | 7% |
Vitamins | ||
Folates | 12 µg | 3% |
Niacin | 0.367 mg | 2.25% |
Pyridoxine | 0.017 mg | 1.5% |
Riboflavin | 0.016 mg | 1.25% |
Thiamin | 0.014 mg | 1% |
Vitamin A | 61 IU | 2% |
Vitamin C | 34.4 mg | 57% |
Vitamin E | 0.15 mg | 1% |
Vitamin K | 0 µg | 0% |
Electrolytes | ||
Sodium | 2 mg | 0% |
Potassium | 133 mg | 3% |
Minerals | ||
Calcium | 3 mg | 0.3% |
Iron | 0.08 mg | 1% |
Magnesium | 10 mg | 2% |
Phosphorus | 12 mg | 2% |
Zinc | 0.12 mg | 1% |
මේ කිසිම වෙබ් සයිට් එකක වත් සාමාන්‍ය මිනිසෙකුට මෙම පලතුර අගුනයි කියා නැත්තේය. වකුගඩු අඩපන නම් ආහාරයට නුසුදුසු කෑම වර්ග බොහෝ ඇත්තේය. ඇත්තෙන්ම ඔවුනට කෑමට පුළුවන් ආහාර වර්ග ඇත්තේ ටිකකි. කාමරංගා සාමාන්‍ය මිනිසුන්ගේ පරිභෝජනයට නුසුදුසු නම් සෞඛ්‍ය අමාත්යංශය මැදිහත්වී මේ පිළිබඳව ජනතාව දැනුවත් කල යුතුය. එසේ නොමැතිව මේ බාගෙට පිසූ අදහස් මාධ්‍ය මඟින් ප්‍රචාරය කිරීමෙන් ජනයා අවුලට පත්වෙති.
මෙම පලතුර දැන් ඇමෙරිකාවේ සහ ඔස්ට්‍රේලියාවේද ජනප්‍රිය වෙමින් පවතී. ඔවුන් වවන්නටද පටන්ගෙන ඇත . ඒ තරම් භයානක මරු කැඳවන පළතුරක් නම් එවැනි දියුණු රටවල් එම පලතුර වවන්නට පටන් ගයිද යන්නත් අප ඇසිය යුත් තවත් ප්‍රශ්නයකි.
ප ලී
රන්සිරිමල් අතීතයේ අප අතර කාමරංගා එතරම් ජනප්‍රිය නොවීම යම් හෙයකින් මෙම කාමරංගා අප වකුගඩුවලට අගුණ වීම හා සම්බන්ධ විය හැකිදැයි කොමෙන්ට් එකක සැකයක් මතුකර ඇත.
නමුත් මට මතක හැටියට මැලේසියාවෙන් හෝ තායිලන්තයෙන් මෙම වැඩිදියුණු කල කාමරංගා වර්ගය එනතෙක් : වෙනත් බොහෝ පලතුරු පැල මෙන් , අප ගම්වල කාමරංගා ගස් තිබුනේ ඉතාමත් දුලබ ලෙසය. ඒවාත් විශාල ගස් වූ අතර පලතුරු පැල : කෙසෙල්මෙ හැරෙන්නට , අපේ මුතුන් මිත්තන් පලතුරු පැල අපේ ගෙවතුවල වගා කලේ නැත. ඒවා ස්වභාවික ක්‍රම වලින් ප්‍රචාරණය වෙන්නට හැරියහ. සමහරවිට මේ ගස් වල ඇට තිබෙන ආකාරයෙන් අඹ ඇට මෙන් කෑ විසි කිරීමට නොහැකි නිසා ඒවා අඹ තරම් ප්‍රචාරණය නොවුවා විය හැක්කේ යයි මට සිතේ.
ලංකාවෙ සම-හරක් වචනයක් දෙකක් ඇහිඳගෙන පඩියො වගේනෙ කතා කරන්නෙ හරියට සොයන්නෙ බලන්නෙ නැතුව
ReplyDeleteඇත්ත
Deleteමම පැරාගේ අඩවියේ දාපු කොමෙන්ටුව එහෙමම දාන්නම්,
ReplyDeleteමෙතන මේ විශේෂඥ වෛද්‍යවරයා මේ කාමරංකා දියවැඩියාවත් අතර සම්බන්දය පැහැදිලි කර නෑ.
මිට දශක කීපයකට පෙර පොල්තෙල් ඉතා හානිකර බවත් sunflower oil ඉතා ගුණදායක බවත් කිව්වේ විශේෂඥ වෛද්‍යවරුම බව ඔබට මතක ඇති එහෙම නැත්නම්
https://www.youtube.com/watch?v=vOBuAe1IVRM
අද වෙනකොට එකේ අනික් පැත්ත කියනවා
මේ වෛද්‍යවරයා අපුරු පැහැදිලි කිරීමක් කරනවා එනම් 1950 දශකයේ Ancel Benjamin Keys සොයාගන්නවා කෘතිමව නිපදවන එළවලු තෙල් මිනිසාට අහිතකර බව මෙයින් අදාළ අංශයේ ඉන්න කර්මාන්ත කරුවන් විශාල මාද්‍ය වල සහය යොදාගන කෘතීම තෙල් වලට ආපු අවදානය වෙන අතකට හරවන්න පොල් තෙල් අහිතකර බව ප්‍රචාරය කරනවා මේ තියෙන්නේ 1960 දශකයේ දොස්තරවරු https://www.youtube.com/watch?v=D-y_N4u0uRQ
දුම්කොළ සමාගම්වල සිගරට් ප්‍රචාරය කල ආකාරයයි.
Cigarettes were recognised as the cause of the epidemic in the 1940s and 1950s, with the confluence of studies from epidemiology
බලන්න https://www.ncbi.nlm.nih.gov/pubmed/22345227
වෛද්‍ය වුර්තිකයන් 1940 දසකයේත් අනතුරුදායක බව දැන සිටියත් 1960 දීත් සිගරට් ප්‍රචාරණය කරනවා.
මෙතැනදී ලෝකයේ දියුණු රටවල https://www.youtube.com/watch?v=9d0ZnOvXSJ8
රටේ දේශීය දැනුම පාවිච්චි කරන අතර අපේ රටේ සිදුවෙන්නේ දේශීය වෙදකම ගරහන එකයි.
ඇත්ත
Deleteනුතන විටමින් වල තත්වය බාල කිරීම සදාහා https://www.youtube.com/watch?v=4Ex-c0L2_tk
ReplyDeleteනවීන ඔවුෂද මාෆියාව මෙවැනි දේ සිදුකරන්නේ මේ විටමින් වල ගුණත්වය ඉහල නම් මිනිසුන් ලෙඩුන් වීම අඩුවන නිසයි.
ඔව් පොඩි කරුණක් අඩුවෙන් පෙන්නුවොත් අහන සියලු දෙනා පැටලෙනවා
DeleteThis comment has been removed by the author.
ReplyDeleteලංකාවේ පර්යේෂකයෝ ඇති බහුතරය ඉතාම පටු දෘෂ්ටියක් ඇති තදියම් කාරයෝ වගයක්, අවුරුද්දකට 25 කටත අඩු ඉන්සිඩන්ට් ගණනක් තියෙන ගැටලුවකට උනත් මනෝමය හේතු සාදක ඉදිරිපත්කරලා ජනප්‍රිය බුද්ධිමත්තු වෙන්නයි ඔවුන්ගේ උත්සාහය, ඔවුන්ට නිගමනයකට එන්න කිසිදු පර්යේෂණාත්මක දත්තයක් අවශ්‍ය නෑ. චන්න ජයසුමන සහ සගයෝ ඔය වගේ මනොමුල උපකල්පනයක් කරලා දැන් අවුරුදු 3කත වැඩි එත් තවම එය සනාථ කරන්න කිසිම දත්තයක් ලබාදුන්නේ නෑ, එම සනාථ නොවූ උපකල්පන මත පදනම්ව ජනාධිපති වරයා කෘෂි ආර්ථිකය අනාථකරා. ජයසුමනල ඔවුන්ගේ එම උපකල්පනය නිවැරදි නොවේ කියා කියන්නෙත් නැතුව වෙනත් හේතු සාදක /උපකල්පන ඉදිරිපත්කරනවා. අපේ පටු දෘෂ්ටියක් ඇති ජනාධිපති මෙවර කමරංග තහනම් කරාවිද?
Deleteඇත්ත සම්පුර්ණයෙන් පරීක්ෂණ නොකර ඒක ලෙඩෙකුට උනා කියල නිගමන වලට එනව
DeleteTrue
Deleteඇණයා Nut Man,
ReplyDelete// එම සනාථ නොවූ උපකල්පන මත පදනම්ව ජනාධිපති වරයා කෘෂි ආර්ථිකය අනාථකරා.//
බලන්නකෝ ඇනයෝ අපේ සිරිසේන ජනාධිපති තුමාගේ තීරණය ප්‍රන්සයත් පිළිගන්නවනේ
https://www.reuters.com/article/us-france-glyphosate/france-to-ban-some-glyphosate-weedkillers-amid-health-concerns-idUSKCN0X512S
හදිසි වෙන්නේ නැතුව නැවත කියවන්න; ban weedkillers that combine chemicals glyphosate and tallowamine
Deletehttps://www.connexionfrance.com/French-news/Glyphosate-to-be-banned-by-2022
DeleteFrance will phase out the use of the pesticide glyphosate by 2022, the government announced on Monday.
මාත් කාමරංකා කන්න හෙන ආසයි. ගෙඩි දෙක තුනක් නෙමෙයි එක පාර ගෙඩි හත අට කාලා තියෙනවා. මේ අපේ මිනිස්සු කිසිම පර්යේෂණයක් නැති දෙයක් සිහි බුද්ධියෙන් නොකියවන විකාර කොට්ටාශයක්. අන්තිමට ඔය වගේ එකක් පත්තරේක දැම්මම ඒක හරිද වැරදිද කියලවත් බලල නෙමෙයි තිරණ ගන්නේ. එක් අයෙක් කියන දෙයක් නිසා මම නම් දේවල් වෙනස් කරන්නේ නැහැ. හැබැයි ඒ කියන්නේ ඇත්ත කියල තේරුම් ගත්තොත් නං වෙනස් වෙන්න පැකිලෙන්නෙත් නෑ.
ReplyDeleteඒක නෙමෙයි ලක්ෂ්මන් මහත්තයෝ. ඔය සිංගප්පුරු හෝටලේට ආයි යන වෙලාවක අපිත් එක්කන් යන්නකෝ.. හැක්.
සර් ඉතාමත් පැහැදිලිව කාමරංකා අපෙ දෙසිය ගණය ,වටිනාකම සදහන් කර තියනවා,මා හට හිතවත් අයකුගේන් ලද කමරංකා පැල රෙපනය කර එයින් මාද ආදායක් ලබා ගන්නවා ,මාගෙ බාප්පාද දිය වැඩියාවට හොද ඹෂධයක් හෙතුවෙන්
ReplyDeleteපලතුරක් ලෙස ආසාවෙන් කැමට පුරුදුව සිටියා,
"කාමරංකා පැටලිල්ල" සමග එයට බියපත්ව
වෛද්‍යවරයා කල පැටලිල්ලට කමරංකා ගස්කපන්න
තිරනය කරා පෙඩි දරුවන් ටත් මෙය බලපායි කිය
මෙ වෛද්‍යවරුන් මිට වාඩා තමා විසින් අද්හදා බලා
පුරකාස ඉදිරිපත් කරානම්
ලංකිය වසයෙන් සමාජ සත්කාරයක්

ඇත්ත උපාලි
ReplyDeleteකාමරංගා මගේ ප්‍රියතම පලතුරකි.පෙති කපා මිරිස් ලුණු ගම්බිරිස් හා සීනි දමා අනා ගත් පසු බඩ පිරෙන තෙක් කෑ හැකිය.ඇත්තටම පොල් තෙල් ගැනත් ඔහොම වැරදි මතයක් ගියා නේද කාලයක්.
ReplyDeleteඔව්, සම්පුර්ණ යෙන් පරික්ෂා නොකර නිගමන ප්‍රසිද්ද කිරීම මෙහෙ සාමාන්‍ය දෙයක්
ReplyDeleteගුණාගුන නම් දන්නේ නෑ. අපේ ගං වල කාමරංගා ගන්නේ පඩික්කං මදින්න කියලා අපේ තාත්තා කියනවා නම් මතකයි. පිත්තල පඩික්කම මැදෙන්නේ නම් අම්ල ගතිය නිසායි.
ReplyDeleteකැනඩාවේ ස්ටාර් ෆෘට් ලේබලය ගහලා කාමරංගා විකුණනන්න පටන් ගත්තේ නවසිය අනූ ගණන් වල කියලායි මතක. එ් නිසා මේක මේ රටවල එ් තරං පැරණි අාහාරයක් නෙවෙයි.
අර දොස්තරගේ අදහස් දැක්වීම කරුණු සොයා නොබලා කලා වෙන්න පුළුවන්.... නමුත්, වෙළඳ දැන්වීම් වල අදහස් දැක්වෙන්නේත් කරුණු සොයා බැලිමට වඩා විකිණිමේ කාර්යයට මුල් තැන දී බව අමතක කළ යුතු නැහැ.
ඔබට හැකිනම් සොයා බලන්න, අපේ රටටම අාවේණික ශාකයක් කියාත් කියන කැලෑ රොදවල නිදහසේ වැවුණු (අපි කුඩා කාලේ නං එහෙමයි) මේවා අඹ දඹ නාරං කෙසෙල් පනා ගණයට නොවැටුනේ අැයි කියන හේතුව.
අපි පොඩි කාලේ පඩික්කම් මන්දේ දෙහියි අළුයි වලින්. සමහරවිට අපිට කාමරංග ගහක් නොතිබුන හින්ද වෙන්ට ඇති, ඒ කාලේ කාම්රංග ගස් බොහොම විරලයි,විශාල ගහක් වෙන්ට ඕනෑ ගෙඩි එන්ට. මේ වගේ ගෙඩි සුලබ වුනේ වැඩිදියුණු කල වර්ග අනු ගණන් වල ආවට පස්සේ
ReplyDeleteකාමරංග අඹ එහෙම වගේ පල වෙන්නේ නැහැ , ඒ කාලේ බොහොම කලාතුරකින් තමයි ගහක් තිබුනේ
++++++++++
ReplyDeleteMechanisms of star fruit-induced acute renal failure.
ReplyDeletehttps://www.ncbi.nlm.nih.gov/pubmed/18294746
https://www.kidney.org/atoz/content/why-you-should-avoid-eating-starfruit