මම ගාල්ලේ සේවය කරමින් සිටියදී මා සමග සිටි නිලධාරියෙකුට කියා කුරුඳු පැල කිහිපයක් ගෙන්වා ගෙන මහනුවර අපේ ගෙදර වත්තේ පැල කලෙමි. මෙතෙක් කලක් අප ජිවත්වන ප්‍රදේශයේ කුරුඳු වැවීම පිළිබඳව අසන්නට ලැබී තිබුනේ නොමැති වුවද මගේ පැල හොඳින් වැවුණු අතර දැන් ලොකු කුරුඳු ගස් දෙකක් වත්තේ තිබේ.
මෙම ගස් හොඳින් වැවුණු පසු එසේ වැවෙද්දීත් අප ප්‍රදේශයේ කුරුඳු දකින්නට නොලැබෙන්නේ ඇයි දැයි සොයා බැලුවෙමි. මෙයට එක හේතුවක් වී ඇත්තේ සෙනරත් රජුගේ (1604-1635) කාලයේ නිකුත් කෙරුණු රාජ ආඥාවක් බව දන ගත්තෙමි.
සෙනරත් රජු මුහුදු කරය පාලනය කල පෘතුගීසින් නිරන්තරයෙන්ම උඩරට ආක්‍රමණය කරන්නේ ඇයි දැයි සොයා බැලුවේය. ඔවුන් ලංකාවට පැමිණියේත් දැන් උඩරට ආක්‍රමණය කරන්නේත් කුරුඳු ආධිපත්‍ය සඳහා බව ඔහුට ප්‍රත්‍යක්ෂ විය. ඔහු සන් sun zu ගේ යුධ මුලධර්මයක් ඔවුන් අධ්‍යිර්යමත් කිරීමට යොදා ගැනීමට තීරණය කළේය. ඒ යුද්ද නොකර ජයග්‍රහණය කිරීම හොඳම ජයග්‍රහණය බවයි.
ඔහු පෘතුගීසින් කන්ද උද රටට පැමිණෙන හේතුව ඉවත් කර ඔවුන් ගේ පැමිණීම වැලක්වීමට තීරණය කළේය. ඔහුගේ රාජධානිය තුල යම් පුද්ගලයකුගේ වත්තක කුරුඳු ගහක හමුවුනොත් අයිති කරුට මරණ දඬුවම ලබා දෙන බව ප්‍රසිද්ධ කළේය. කන්ද උඩරටින් කුරුඳු තුරන්විය. නමුත් රජු බලාපොරොත්තු වූ මුලික අරමුණ ඉටුවූයේ නැත. පෘතුගීසි ලංකාවෙන් පලවා හැරීමට හැකි වුයේ ඔහුගේ බාල පුතා වූ දෙවන රාජසිංහ රජුටය (1629-1687). එහෙත් ඒ යුද්දයේදී ඕලන්ද ජාතිකයන් ඔහු මුලා කිරීම නිසා ඔහුට ඔහු බලාපොරොත්තුවූ ජයග්‍රහණය ලබා ගැනීමට නොහැකි විය.
පෘතුගීසින් වෙනුවට මුහුදු කරය අල්ලාගත් ලන්දේසි වෙළදාමට කුරුඳු සොයාගැනීමට පහසු ක්‍රමයක් සොයා ගත්හ, ඒ පහතරටම කුරුඳු වගා කිරීමයි. කොළඹ අවට එකම කුරුඳු වත්තක් බවට පත්විය. දැන් වුවද අතුරුගිරිය පැත්තේ ඉඩම් වල අතහැර දමන ලද කුරුඳු ගස් ඒක දෙක තැනින් තැන දක්නට ලැබෙන්නේ මෙවැනි වැවිලි වලින් ඉතුරු වූ ඒවා වන්නට පුළුවන.
අපේ උද්‍යානයේ ඇති ලෝකු කුරුඳු ගස් දෙකෙන් ප්‍රයෝජනයක් ගැනීමට සිතු මම එම ලී කැබලි කඩා ව්‍යංජන වලට දීමට යෝජනා කලෙමි. එහෙත් කුරුඳු ව්‍යංජන වලට දීමට නම් ඒවා වේලා තිබිය යුතු නිසා එසේ කල නොහැකි බවට මතයක් පල විය. කුරුඳු වේලා වෙළඳ පලට යවන්නේ කල් තබා ගැනීමට බවත් ගෙදර ගසක් තිබෙන්නේ නම් එවෙලට අමු පොතු යොදා ගත හැකි බවත් පෙන්න දුන්නද එය පිලි ගැන්වීම අපහසු විය. ඉන්පසු තරමක අත්තක් කපා එහි පොතු වේලා ගෙන ඒවා ව්‍යංජන වලට යොදා ගැනීමේ සමගි සම්මුතියකට පැමිණුනා අතර , කුරුඳු පොතු ග්‍රෑම් 50 ක් රුපියල් 250ක් නිසා මෙය ක්‍රියාත්මක කිරීම ලොකු ප්‍රගාමකයක් ද ලැබුණි.
මිල ගණන් බලන විට මෙය පෘතුගීසින් අන්තර්ජාතික කුරුඳු වෙළඳ පොළ පාලනය කරන කාලයට වඩා බොහොඕ අඩුය. එකල වියලි කුරුඳු මිටියකට ලැබෙන මුදලින් ලන්ඩන් නගරයේ ඉහලම පෙලේ විදියකින් තට්ටු දෙකක නිවෙසක් මිලට ගැන්මට හැකි වූ අතර ඉහල තත්වයෙන් යුත් කුරුඳු බරින් රත්රන් වලට වලට වඩා මිල විය.
මේ ගස් වල ඇට වැටි ගස් අසල කුඩා පැල රෝපණය වෙයි. මම නිවසට පැමිණෙන්නන්ට මේ ගසෙන් අප කොතරම් මුදල් ඉතිරි කරන්නේ දැයි පහදා දී ; ඇත්තෙන්ම මේ ගසෙන් ලැබෙන ආර්ථික පල ප්‍රයෝජනය පොල් ගසකින් ලබනවාට වඩා වැඩිය, පැල ඔවුනට දීමට උත්සාහ කරමි. එහෙත් තවම කිසිම කෙනෙකු මේ සඳහා උනන්දු කර ගැනීමට නොහැකි විය.
මට මේ අත්දැකීම නිවසේදී ලැබුණු නිසා මම කොළඹ ගිය විට නවතින අතුරුගිරිය ප්‍රදේශයේ උදයේ ඇවිදින්නට ගිය විට වතු වල දකින කුරුඳු ගස් ප්‍රයෝජනයට ගන්නේ දැයි බැලීමට ඒවායෙහි අතු ආදිය කපා ඇත්තේදැයි උනන්දුවෙන් බලන්නෙමි. මට පෙනෙන විදිහට නම් මේ සම්පුර්ණ නිරසායනික කුරුඳු ගෙදර වත්තේ තිබියදී සියලු දෙන ; good market යන පිරිස් පවා, ග්රෑම් 50 රුපියල් 250 ගන්නේ වියලි කුරුඳු පොතු පාවිච්චි කරති.
මටත් තියෙනවා කුරුඳු ගස් දෙක තුනක්. ඒකෙන් වැඩේ ගොඩ දාගන්නවා. එහෙම නැත්නං අනුන්ගේ කුරුදු වත්තකට පැනල අත්තක් කපා ගන්නවා..
ReplyDeleteතරමක් මහ පරිමානයෙන් වවා ගන්ඩ පුලුවන් නම් ගොඩ
ReplyDeleteprocessing and marketing would be cumbersome
Deleteපෘතුගීසින් හා ලන්දේසින් මෙරට පැමිණි ප්‍රධාන කාරණය තමා ආගම ප්‍රචාරණය හා කුළුබඩු
ReplyDeleteයුරෝපයට යැවීම. "අපි ක්‍රිස්තියානි ආගම හා කුළුබඩු සොයා මෙහි පැමිණියෙමු " යනුවෙන් එදා ඔවුන ප්‍රකආෂ කළා. දකුණු පළාත, කළුතර , තවත් බොහෝ ප්‍රදේශවල කුරුඳු වැවීම ඔවුන් ආරම්භ කළා. අවසානේ ඔවුන් කුරුඳු තලන්නන්ගේ සංගමයක්ද පිහිටවනු ලැබුවා. මේ නිසා ශ්‍රී ලංකාවේ කුරුඳු කර්මාන්තයට දිගු ඉතිහාසයක් තිබේ. කුරුඳු ඉතා වටිනා ආර්ථික බෝගයකි.
විචාරක දියණිය .
රිලවුන් සහ ඌරන් ගෙන් කරදර නැති භෙ
ReplyDeleteකුරුඳු පොතු තැනිමත් එක්තරා ආකාරයක කලාවක්.මුලින්ම අතු සකලා පොත්ත නියම ආකරයට සුරා සුඹුලු ආදාය ඉවත් කර පිත්ත දන්ඩකින් අතින් තද කර මදිනන ඔන්. ඔත්ව කියන්නෙේ කුරුඳු තලනවා කියලා. ඉන් පස්සේ පිහියක් වැනි ආයුධයකින් පොත්ත කඳේ තැක් දෙකකන් වලයක් විදිහට කපලා දික් අතට පොත්ත ගලවනවයා. අතේ කහට පිපනෙවා. මේ උපකරණ සියල්ල ග්න්න රු 1500ක් විතර ගියත් ගස් දෙකක් ගාපු ගමන් ගිය වියදම ලැබෙනවා. ග්ස අවමනාවට වඩි මෝරන්න දේන්න හෙඳු නැහැ. මොකද පොත්ත ගලවන්න බැරි වෙනවා. ඒකට පොත්ත වැලි වෙනවා කියනාව. එහෙම උනොත් කරන්න තියෙන් හෙඳුම දේ පොලනට අගල් තුන්ක් විතර උඩ්නි ගහ කලන එක්. එව්ට නව රිකිලි රැසක් ඇති වෙන අතර 04ක් පම්ණ ඉතිරි කර අනෙක්වා ඉවත් කරහම ආයොම මාස 06න් කුරුඳු ගන්න පුළුන් වෙවයා පොහොරත් දානවානම්. කුරුදු ගස් 065කින් වාතර ස්මපූර්ණ කරුඳු අවග්‍යතාව වසරකට ගන්න පුළුවන්
ReplyDeleteඅපි ගෙදර පාවිච්චියට ගන්නේ නම් අමු ලී කැල්ලක් දාන එකේ වරදක් තිබේද
Deleteඅමු ලී කෑල්ලක් කියන්නේ කඏඳන් කෑල්ලක්ද? පොතු කෑල්ලක්ද? වියළි පොතු දැන එක උයන කෙනාට ලේසියි. අනෙක යොදන්න වෙන්‍ේන ස්වලිපයයි. ගසක කඳක් සම්පූර්ණ පිරිසිදු නැහැ නේද? ලියකන, දීලීර, පොත්ත මත තැන්පත් වන දෑ අදිය හිටන් තියෙනවා නේද?
Delete