Monday, March 18, 2024

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ සතුට පිළිබඳ පර්යේෂකයෙකු ලෙස, මගෙන් නිතර අසන ප්‍රශ්නයක් වන්නේ : ෆින්ලන්තයේ මිනිසුන් ඔවුන්ගේ ජීවිත ගැන මෙතරම් තෘප්තිමත් කුමක් නිසාද? යන්නයි.


ෆින්ලන්ත ජාතිකයන් , බොහෝ විට මෙම ශ්‍රේණිගත කිරීම ගැන ඔවුන්ම ප්‍රශ්න කරන බව දැනගැනීමෙන් ඔබ පුදුමයට පත් විය හැකිය.  අපගේ ජාතික ස්වයං ප්‍රතිරූපය නම් අපි නිහඬ, අභ්‍යන්තරික සහ තරමක් ශෝකජනක ජනකොටසක් වීමයි.  මෙම ප්‍රතිරූපය ඇත්තෙන්ම, පෘථිවියේ සන්තෝෂවත්ම මිනිසුන් වීම සමඟ හරියටම නොගැලපේ.


කෙසේ වෙතත්, පර්යේෂණවලින් පෙන්නුම් කර ඇත්තේ සතුට සොයා එය හඹා යන අයගේ සතුට අඩු බවයි.  එබැවින් සැබෑ සතුට  ළඟා කර ගත යුත්තේ වක්‍රව නම්  ඒ ගැන වැඩි අවධානයක් යොමු නොකර සිටිය යුතුය. මෙයට  ෆින්ලන්ත ජාතිකයින් බොහෝ දක්ෂ වෙති.


අපගේ සතුටින්  විශාල කොටසක් පැන නගින්නේ රටේ ආයතන එහි පුරවැසියන් ගැන සැලකිලිමත් වන ආකාරයෙනි.  නමුත් අපි ජීවිතයට පිවිසෙන ආකාරය සහ සතුට ගැන සිතන ආකාරය සම්බන්ධයෙන්  අපගේ සංස්කෘතිය සහ සමාජ වටිනාකම් ද ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි.  එය අප නිතරම භාවිතා කරන මෙම වාක්‍ය ඛණ්ඩ හතරෙන් පැහැදිලි වේ


 1.  Who has happiness should hide it ෆින්ලන්තයේ, ඔබ සන්තෝෂය සොයාගෙන ඇත්නම්, ඔබ එය නොපෙන්විය යුතු බව අපි විශ්වාස කරමු.  තර්කානුකූලව, මෙය අමුතු ප්‍රකාශනයකි.  ලෝකය ඔබට හොඳින් සලකන විට ඔබ ඔබේ සිනහව සඟවා ගත යුත්තේ ඇයි?


 ෆින්ලන්ත ජාතික කවියෙකු වන Eino Leino විසින් නිර්මාණය කරන ලද මෙම කියමන නිහතමානී ජාතික ස්වභාවයෙන් පැන නගී.  ධනය හා සාර්ථකත්වය පිළිබඳ විවෘත සංදර්ශන ෆින්ලන්ත වැසියන් මඟ හරිති.


නිදසුනක් වශයෙන්, හෙල්සින්කි අගනුවර, වීදිවල විසිතුරු හෝ මිල අධික මෝටර් රථ දක්නට ලැබෙන්නේ කලාතුරකිනි.  මෙහි ප්‍රධාන විධායක නිලධාරීන් සහ ධනවත් ව්‍යාපාරිකයින් පවා නීරස Volvos සහ Volkswagens ධාවනය කිරීමට නැඹුරු වන අතර ඔවුන් කැපී පෙනෙන ඕනෑම දෙයක් නොකර සිටින්නට උත්සාහ කරති.


 අපව අන් අය සමඟ සංසන්දනය කිරීම මිනිස් ස්වභාවයයි, එය බොහෝ විට අපගේ සතුටට අහිතකර ලෙස බලපායි.  කෙසේ වෙතත්, ෆින්ලන්තයේ සහ අනෙකුත් නෝර්ඩික් රටවල, මිනිසුන් එම සැසඳීම් කෙරෙහි වැඩි අවධානයක් යොමු නොකරති-  ඒ නිසාම තෘප්තිමත් වෙති.


 2.  බලාපොරොත්තු නොමැති තැනැත්තාට කිසිදා බලාපොරොත්තු කඩවන්නේ නැත. 


මෙය පැහැදිලි සම්භවයක් නොමැති පැරණි ෆින්ලන්ත කියමනකි.  එය සැමවිටම සංස්කෘතික නියතයක් පමණි.


 පසුබෑම යනු ජීවිතයේ සත්‍යයක් බව අපි විශ්වාස කරමු.  ඔබට වේදනාව, බලාපොරොත්තු සුන්වීම සහ ඛේදවාචකය පවා අත්විඳිය හැකිය.  මෙම අභියෝගවලට චිත්තවේගීයව මුහුණ දීමට අවශ්‍ය මෙවලම් අප සතුව ඇති බව අප දන්නා නිසා මෙය අප බියට පත්වන දෙයක් නොවේ.


මම කැමතිම දාර්ශනිකයෙක් තමයි චාල්ස් පීරිස්.  ඔහු ඇමරිකානුවෙකු වන අතර, ඔහුගේ "meliorism" දර්ශනය - අත්‍යවශ්‍යයෙන්ම දේවල් නරකම හෝ හොඳම ඒවා නොවන නමුත් සෑම විටම "වැඩිදියුණු කිරීමේ හැකියාව" - මා ඇතුළු බොහෝ ෆින්ලන්ත ජාතිකයින් බෙදාහදා ගන්නා ආකල්පයකි.


 ඔබගේ තත්වය කුමක් වුවත්, සෑම විටම වඩා හොඳට කළ හැකි දෙයක් තිබේ.  මෙම නොවැළැක්විය හැකි අරගල පිළිගැනීම, තවමත් ඔබේ අතේ ඇති සහ වැඩිදියුණු කළ හැකි දේ කෙරෙහි අවධානය යොමු කරන අතරම, දුෂ්කර කාලවලදී පවා ඔබව ක්‍රියාශීලී සහ ජවසම්පන්න ලෙස තබා ගනු ඇත.


 3.  සෑම කෙනෙකුගේම සතුටෙහි කම්මල්කරුවා ඔහුම වෙයි.


 සෑම කෙනෙකුම තම ජීවිතය පිළිබඳ වගකීම භාර ගත යුතු අතර, පර්යේෂණවලින් පෙනී යන්නේ අප කවුරුන්ද, අපට ජීවිතයේ කළ හැකි දේ සහ අපගේ සතුට බොහෝ විට අප අවට සිටින පුද්ගලයින්ගේ එකතුව බවයි. අපිට ලැබෙන සහයෝගය කොයිතරම්ද යන්න තීරණය වෙන්නේ අපි ජීවිතේ කොතනින්ද යන්නේ කියලා. එය මනසේ තබාගෙන, මම මෙම වාක්‍ය ඛණ්ඩයේ නවීකරණය කරන ලද අනුවාදයකට කැමැත්තෙමි: "සෑම කෙනෙකුම ඔවුන්ගේම සතුටේ centre forward වෙයි".


 ෆින්ලන්තයේ වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩාවක් වන අයිස් හොකී වලදී, ඔබ මැද ක්‍රීඩා කරන්නේ නම්, ලකුණු ලබා ගැනීමට උත්සාහ කිරීමට ඔබට ලොකු වෙහෙසක් යෙදිය යුතුය.  කෙසේ වෙතත්, ඔබේ wingers  සහ defenders ඔබට බෝලය ලබා නොදෙන්නේ නම්, ඔබ තනි වනු ඇත.  සාර්ථක වීමට අපගේ උත්සාහය සහ අපගේ ප්‍රජාවගේ සහයෝගය යන දෙකම අවශ්‍ය වේ.


 4.  .  ‘සමහරුන්ට සතුට තියෙනවා, හැමෝටම ගිම්හානය තියෙනවා’


 මෙය වසර 100 කට වැඩි කාලයක් පුරා පැවත එන තවත් ආදරණීය ෆින්ලන්ත ප්රකාශනයකි.


 බොහෝ ෆින්ලන්ත ජාතිකයින් තේරුම් ගන්නේ අපගේ ජීවිතයේ අපට බලපෑම් කිරීමට හෝ වෙනස් කිරීමට හැකි පැති තිබියදී, අපට පාලනය කළ නොහැකි බොහෝ දේ ඇති බවයි.  ඉතින් අප වර්තමානයේ සතුටින් සිටිනා අයට ඉරිසියා කරලා වැඩක් නැත.


 සමහර විට ජීවිතය  අපට දෙයි, සමහර විට එය අපෙන් ලබාගයි.  ප්‍රීතිමත් දෙයක් ඔබ වෙත පැමිණෙන අතරේ හෙට වෙනත් කෙනෙකුට දුෂ්කර කාලයක් ගත විය හැකිය.


 අපි පින්ලන්ත වැසියන් මෙය හොඳින් දන්නෙමු: දැන් අප කුමන තත්ත්වයේ සිටියත්, ඉක්මනින් හෝ පසුව, ගිම්හානය අප සියල්ලන් වෙත පැමිණෙනු ඇත.


සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...