Saturday, September 30, 2017

කාමරංගා පටලැවිල්ල









මම 2005 දී අන්තර්ජාතික ආයුධ ප්‍රදර්ශනයක් නැරඹීම සඳහා සිංගප්පු රුවට ගියෙමි. සිංගප්පුරු රජය විසින්  අපට නවාතැන් දුන්නේ මැන්ඩරින් ඔරියන්ට් නමැති සුඛෝපබෝගී හෝටලයකය. මම මෙතෙක් දැක ඇති පොහොසත්ම උදය ආහාර  බුෆේ එක දැක්කේ එම හෝටලයේය. එම බුෆේ ඒක නොයෙකුත් වර්ග වලට අනුව ; ඉන්දියානු, ඇමෙරිකානු, යුරෝපිය, චීන, යනාදී වශයෙන් පිළියෙළ කර තිබූ එම උදය ආහාරය සඳහා යට කර තිබූ බිම් ප්‍රමාණය සාමාන්‍යයෙන් කුඩා හෝටලයක් තරම් විය.

පලතුරු අංශයේ නොයෙකුත් නැවුම් පලතුරු ගොඩගසා තිබුණු අතර අප පෙන්වන ඕනෑම පලතුරකින් බිමක් සාදා දීමට හෝ එසේත් නැත්නම් අලංකාර කැබලි වලට කපා දීමට සේවක සේවිකාවන් සැදී පැහැදී සිටියහ. මම ඒ අංශයේ පුරුදු පලතුරු වලට නොගොස් මම මිට පෙර රස විඳ නොමැති පලතුරු වර්ග තෝරා ඒවා ආහාරයට ගත්තේ අලුත් අත්දැකීමක් ලබා ගැනීමටය. මෙම නුපුරුදු පලතුරු වර්ග වලින් හැඩයෙන් සහ රසයෙන් මා වඩාත් සිත් ගත්තේ සෙන්ටි මීටර් 3ක් පමණ ගනකමට කපන ලද තරුවක හැඩය ඇති පලතුරු පෙති විශේෂයකටය.

මම ඒවා පිළිබඳව නොදැන සිටි අතර පසුව මා සමග ගිය නිලධාරියෙකු ඒවා කාමරංගා බවත් අප රටෙහි තිබෙන බවත් මා සමග කිවේය. මම පසුව අන්තර්ජාලයෙන් පරික්ෂා කලවිට මෙම පලතුරෙහි මුල් රටවලින් එකක් ශ්‍රී ලංකාව බවත් එම පලතුර ඉතාමත් ශරීර සෞඛ්යට හොඳ පළතුරක් බවත් දැන ගතිමි. පසුව මා සින්ගපුරුවේ ඇවිදින්නට ගිය විට එහි පලතුරු කඩවල එම පලතුර විකුණන්නට තබා ඇති ආකාරයෙන් මෙය එහි විශාල වශයෙන් ජනප්‍රිය පළතුරක් බව දැන ගත්තෙමි.

මම ලංකාවට පැමිණි පසු මේවා පිළිබද සොයා බැලූ විට ගන්නෝරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අසල පැල කඩයකින් මිලදී ගත හැකි බව දැනගෙන රුපියල් 20 ගනනේ බැගින් පැල 5 ක් ගෙන නිවසේ උද්‍යානයේ පැල කලෙමි. අප ජීවත්වන දුම්බර සානුවේ කලින් කලට ඇතිවන දැඩි නියගයන්ටද සාර්ථකව මුහුණ දුන් මෙම ගස් අවුරුදු 3 ක් පමණ යන විට අඩි 7/8 ක් උසට වැවී පල දරන්නට පටන් ගත්හ. කිසිම භාහිර පොහොරක්ද නොමැතිව නියං කාලයේ ජලය යොදන්නෙත් නොමැතිව වැවෙන කාමරංගා ගස අප වැනි අපිලිවෙලේ ගොවියනට පහසුවෙන් වගා කර ගත හැකි ගසකි. එලෙසින්ම ඒක ගහකින් කිලෝ ග්‍රෑම් 50/60 ක පලදාවක් ලැබෙන මෙම ගස් 6 න් වසර පුරාම අඩු තරමේ එක ගසකවත් ගෙඩි තිබේ.   

මම නිවසේ සිටින සෑම දිනකම හවස ඇවිදීමෙන් පසුව ගෙඩි 3/4 ක් ජුසර් එකට දමා ලොකු ජුස් වීදුරුවක් බොන්නට පුරුදුව සිටිමි. මේ අතර අපගේ නිවසේ මෙම ගස් තිබෙන බව දැනගත් අම්පිටිය ප්‍රදේශයේ තරුණයෙකු මේ ගෙඩි කඩා ගෙන අපට කිලෝ ග්‍රෑමයකට රුපියල් 35 ක් දී මිලට ගෙන යාමට පුරුදුව සිටියේය. මෙම පලතුර මැලේසියා වැනි රටවල වාණිජ වශයෙන් වගා කරන බවත් ඒ දිනවල වසරකට මැලේසියාවේ ගොවීන් මේ පලතුරෙන් ලබා ගන්නා විදේශ ආදායම ඩොලර් මිලියන 10 ක් වන බවත් මම අන්තර්ජාලයෙන් දන ගතිමි . ටික කාලයක් ඔහු නොපැමිණ සිට මාස කිහිපයකට පසු නොපැමිණීමට හේතුව වශයෙන් කීවේ කාමරංගා කෑම මොලයට අගුණ බවට ප්‍රචාරයක් ඇති වූ නිසා වෙළද පොළ කඩා වැටීම බවයි. 

ලගකදී සන්ඩේ ටයිම්ස් පත්තරයේ වෛද්‍යවරයෙකු කාමරංගා කෑම වකුගඩු වලට ඉතාමත් භයානක බවත් කාමරංගා ගෙඩියක් දෙකක් කෑමෙන් පවා මරණය ගෙන දිය හැකි බවත් කීමෙන් පසු මෙම ප්‍රවුර්තිය රට පුරා පැතිර ගියේය. මගේ මිතුරන් කිහිප දෙනෙකුගෙන්ද එම පුවත්පත් ලියවිල්ල නොයෙක් මාර්ග වලින් මටද ලැබිණ. 

ඒ වෛද්‍ය වරයා කියා තිබුනේ මේ පලතුර වකුගඩු අඩපන කරන බව  නිසා ඇමරිකාවේ ජාතික වකුගඩු සංවිධානයේ වෙබ් සයිට් එක වෙත ගොස් මේ පිලිබදව සොයා බැලුවෙමි. ඔවුන්ට අනුව නම් මෙම පලතුරු කෑම අනතුරු දායක වන්නේ වකුගඩු අමාරුවෙන් පෙලෙන්නන්ටය. 

අනෙක් පැත්තට කාමරංගා ඉතාම අඩු කැලරි ප්‍රමාණයක් සහිත පලතුරකි. එය කොලොස්ටරෝල් අඩු කරයි. බලගතු ඇන්ටිඔක්සිඩන්ට් පිරි ඇත. නොයෙකුත් විටමින් වර්ග සහ ඛනිජ බහුලව ඇත්තේය. බ්‍රසීලයේ විවිධ දේශීය බෙහෙත් වර්ග වලටද මේ පලතුර යොදා ගනී. එම පලතුරු ග්‍රෑම් 100 ක් අඩංගු පෝෂණ ද්‍රව්‍යයන් පහත පරිදිය.


See the table below for in depth analysis of nutrients: Star fruit (Averrhoa carambola), raw, Fresh, Nutritive value per 100 g,
ORAC value-5900, (Source: USDA National Nutrient data base)
PrincipleNutrient ValuePercentage of RDA
Energy31 Kcal1.5%
Carbohydrates6.73 g5%
Protein1.04 g2%
Total Fat0.33 g1%
Cholesterol0 mg0%
Dietary Fiber2.80 g7%
Vitamins
Folates12 µg3%
Niacin0.367 mg2.25%
Pyridoxine0.017 mg1.5%
Riboflavin0.016 mg1.25%
Thiamin0.014 mg1%
Vitamin A61 IU2%
Vitamin C34.4 mg57%
Vitamin E0.15 mg1%
Vitamin K0 µg0%
Electrolytes
Sodium2 mg0%
Potassium133 mg3%
Minerals
Calcium3 mg0.3%
Iron0.08 mg1%
Magnesium10 mg2%
Phosphorus12 mg2%
Zinc0.12 mg1%

 මේ කිසිම වෙබ් සයිට් එකක වත් සාමාන්‍ය මිනිසෙකුට මෙම පලතුර අගුනයි කියා නැත්තේය. වකුගඩු අඩපන නම් ආහාරයට නුසුදුසු කෑම වර්ග බොහෝ ඇත්තේය. ඇත්තෙන්ම ඔවුනට කෑමට පුළුවන් ආහාර වර්ග ඇත්තේ ටිකකි.  කාමරංගා සාමාන්‍ය මිනිසුන්ගේ පරිභෝජනයට නුසුදුසු නම් සෞඛ්‍ය අමාත්යංශය මැදිහත්වී මේ පිළිබඳව ජනතාව දැනුවත් කල යුතුය. එසේ නොමැතිව මේ බාගෙට පිසූ අදහස් මාධ්‍ය මඟින් ප්‍රචාරය කිරීමෙන් ජනයා අවුලට පත්වෙති.

මෙම පලතුර දැන් ඇමෙරිකාවේ සහ ඔස්ට්‍රේලියාවේද ජනප්‍රිය වෙමින් පවතී. ඔවුන් වවන්නටද පටන්ගෙන ඇත . ඒ තරම් භයානක මරු කැඳවන පළතුරක් නම් එවැනි දියුණු රටවල් එම පලතුර වවන්නට පටන් ගයිද යන්නත් අප ඇසිය යුත් තවත් ප්‍රශ්නයකි.
ප ලී 

රන්සිරිමල්  අතීතයේ අප අතර කාමරංගා එතරම් ජනප්‍රිය නොවීම යම් හෙයකින් මෙම කාමරංගා අප  වකුගඩුවලට අගුණ වීම හා සම්බන්ධ විය හැකිදැයි කොමෙන්ට් එකක සැකයක් මතුකර ඇත. 

නමුත් මට මතක හැටියට මැලේසියාවෙන් හෝ තායිලන්තයෙන් මෙම වැඩිදියුණු කල කාමරංගා වර්ගය එනතෙක් : වෙනත් බොහෝ පලතුරු පැල  මෙන් , අප ගම්වල කාමරංගා ගස් තිබුනේ ඉතාමත් දුලබ ලෙසය. ඒවාත් විශාල ගස් වූ අතර  පලතුරු පැල : කෙසෙල්මෙ හැරෙන්නට , අපේ මුතුන් මිත්තන් පලතුරු පැල අපේ ගෙවතුවල වගා කලේ නැත. ඒවා ස්වභාවික ක්‍රම වලින් ප්‍රචාරණය වෙන්නට හැරියහ. සමහරවිට මේ ගස් වල ඇට තිබෙන ආකාරයෙන් අඹ ඇට මෙන් කෑ විසි කිරීමට නොහැකි නිසා ඒවා අඹ තරම් ප්‍රචාරණය නොවුවා විය හැක්කේ යයි මට සිතේ.

  


4 ජාතික ආරක්ෂාවට ඇති තර්ජන විශ්ලේෂණය කිරීම - 4






http://lakshmanillangakoon.blogspot.com/2017/09/3-3.html

සිට
අප ආනයනය කරන භාණ්ඩ අතර ප්‍රධාන වශයෙන් රෙදි, ඛනිජ නිෂ්පාදන, ඛනිජ තෙල්, ආහාර ද්‍රව්‍ය, යන්ත්‍ර උපකරණ සහ වාහන ඇතුලත් වෙයි. මෙම ලැයිස්තුවේ තිබෙන රටවල් සහ ඒවායෙන් හෝ ඒවාට අපි ආනයනය හෝ අපනයනය කරන්නා වූ වටිනාකම් දෙස බැලු විට අප විශේෂ සහයෝගයකින් වැඩ කල යුත්තේ කුමන රටවල් සමග දැයි අපිට ඉතා පැහැදිලි ලෙස පෙනෙයි. ඒ අපේ විශාලතම මිලදී ගන්නන්  වන එක්සත් ජනපදය සහ එක්සත් රාජධානියයි. ගනු දෙනු කාරයා රජුන්ය, යන කියමන ගමේ හන්දියේ සිල්ලර කඩයට පමණක් නොව අන්තර් ජාතික වෙලදාමේදී රාජ්‍යයන් අතරද තිබෙන බව අප පසක් කර ගත යුත්තේය.

ලංකාවේ ඇති ස්වාභාවික සම්පත් අතර ප්‍රධාන තැනක් ගන්නේ හුණු ගල්, මිනිරන්, ඛනිජ වැලි, මැණික්, පොස්පේට්, මැටි සහ ජල විදුලිය නිපදවිය හැකි ජල විභව බලය වැනි සම්පත්ය. මේ ස්වාභාවික සම්පත් අතරට සංචාරකයන් මෙරටට ආකර්ශණය කර දී අපට බොහෝ විදේශ විනිමය උපයා දෙන අප දර්ශණීය මුහුදු වෙරළ තීරයද ඇතුලත් කල යුතු සම්පතක් ලෙස සැලකිය හැක. මෙයට අමතරව ස්වාභාවික සම්පතක් ලෙස ත්‍රීකුණාමල වරායද සැලකිය හැක. මේසා විශාල හා ගැඹුරු ස්වාභාවික වරායක් රටකට; විශේෂයෙන් අප වැනි සංසන්ධනාත්මකව කුඩා රටකට ලැබිය හැකි ඉහලම අගයක් ඇති ස්වාභාවික සම්පතකි.


වානීජ වරායක් වශයෙන් පමණක් නොව සංචාරක ව්‍යාපාරය, මාළු ඇති කිරීම, වැනි බොහෝ කර්මාන්තයන්ට මෙම වරාය යමෙකු සැලසුම් කර නිර්මාණය කල ලද්දක් වැනිය. එහි ඇති විභවයන් හරි හැටි යොදා ගනිමින් එම වරාය ප්‍රදේශය වානීජමය ව්‍යාපාරයනට යෙදවිය හොත් මෙය ලංකාවේ වටිනාම ස්වාභාවික සම්පත කරගත හැකි බවට කිසිම සැකයක් නැත්තේය. ඒ අතරම මෙවැනි සුවිශේෂී වරායක් අවට අලුතින් කර්මාන්ත හෝ වෙනත් නිෂ්පාදන ක්‍රියාවලියට යෙදවිය හැකි  හිස් ඉඩම් අක්කර ලක්ෂ ගණනක් තිබීමද තවත් මෙම වරායේ අගය වැඩි කරයි.

d.එම රට වටා ඇති දේශපාලනික පරිසරය කෙසේ වේද.

ඕනෑම රටක ජාතික ආරක්ෂාව සැලසුම් කිරීමේදී එම රට තිබෙන්නේ කුමන පරිසරයක් තුලද යන්න ඉතා වැදගත් වෙයි. මීට පෙර සාකච්ඡා කල පරිදි කියුබාව සහ දකුණු කොරියාව මේ සම්බන්ධයෙන් හොඳ උදාහරණ දෙකකි. අප රට වුවද ඉන්දියානු මහා ද්වීපයට මෙතරම් කිට්ටුවෙන් තිබීමෙන් බොහෝ ප්‍රශ්න වලට මුහුණ පෑවේය. ක්‍රිස්තු පුර්ව 144 වසරේ  සේන සහ ගුත්තික ආක්‍රමණයේ සිට 1214 දී මාග ආක්‍රමණය දක්වා ; ඇත්තෙන්ම    බටහිර ජාතීන් ඉන්දියානු  මහාද්වීපයට පැමිණෙන තෙක්ම, නොයෙක් විට අපට ඉන්දියාවේ ආක්‍රමණ වලට මුහුණදීමට සිදුවිය. පසුගිය කාලයේ අප මුහුණ දුන් 30 වසරක ත්‍රස්තවාදී යුද්ධයක වුවද අප මෙතරම් ඉන්දියාවට කිට්ටුවෙන් සිටියේ නැත්නම් සිදු නොවන්නට බොහෝ දුරට ඉඩ තිබුණි.


 ඉංග්‍රීසීන් පැමිණ එක්සත් කරන තෙක් ඉන්දියාව ඒකීය රාජ්‍යයක් නොවී කුඩා රාජ්‍යයන් බොහෝ ගණනක් තිබීම නිසා අප බොහෝ විට  ඉන්දියාවේ කොටසක් වීම වැලකුණු බව පෙනේ. එලෙසින්ම අතීතයේ වුවද ඉන්දියාවේ බිහි වූ මුලු අර්ධද්වීපයේම පැතිර ගිය අධිරාජ්‍යයන් ඉන්දියාවේ උතුරු ප්‍රදේශයට සීමා වීම අප එලෙස ඉන්දියාවේ කොටසක් නොවීමට බලපෑ තවත් සාධකයක් වන්නට ඇත.


ධර්මාශෝක රජු ගොඩ නැගූ මෞර්ය අධිරාජ්‍ය වුවද දකුණු ඉන්දියාවට ඇතුලු වන අවදියේදී අධිරාජ්‍යය දිග්විජයෙන් ඉවත්වීම නිසා ලංකාව නාමික වශයෙන් ඔවුන්ගේ අනුග්‍රහය යටතේ රාජාභිෂේක ලැබුනේ වුවද භෞතිකව ඉන්දියාවේ කොටසක් වීම වැලකුණු බව පෙනේ.[1]
මෙලෙසම කලාපිය දේශපාලනය දෙස බලනවිට ,ඉන්දියා පකිස්තානු අසමගිය අපගේ පරිසරයෙන් අපට ඇතිවිය හැකි තවත් ප්‍රශ්නයකි. 

උදාහරණයක් වශයෙන් ඉන්දියාව බොහෝ විට පරමාණු බලාගාර පිහිට වන්නේ ඉන්දියාවේ දකුණු දෙසට වන්නටය. එයට ප්‍රධාන හේතුවක් ලෙස සැලකිය හැක්කේ යුධ අවස්ථාවකදී පකිස්තානය පැත්තෙන් ගුවන් ආක්‍රමණයක් පැමිණිය හොත් බලාගාර හැකි තරම් මුලශ්‍රයෙන් ඈත්කර තැබීමටය. එහෙත් එවැනි බලාගාර මේ නිසා අප කිට්ටුව ස්ථාපිත වෙයි. මෙලෙස න්‍යෂ්ඨික බලාගාර අප රටට බොහෝ කිට්ටුවෙන් තිබීම අපට බොහෝ අනතුරුදායක තත්වයක් ඇති කරන්නට ඉඩ තිබේ. මෙයට පහත හේතු ප්‍රධාන වශයෙන් බලපායි.
·  
  •       යුද්ධයකදී සතුරන් විසින් ගුවන් ප්‍රහාර සදහා බලාගාර ඉලක්ක කිරීම.
  • ·     චර්නොබිල් වැනි අත්වැරදීමකින් වන සිද්ධියකින් පිපිරීමක් සිදුවීම.
  • ·     යම් ISIS වැනි ත්‍රස්තවාදී කණ්ඩායමකින් විනාශකාරී ප්‍රහාරයක් එල්ල කර බලාගාරයක් විනාශ කලහොත් ඉන් අපට ඇතිවන ප්‍රතිවිපාක.



අප හා ඉන්දියාව ලෙස රටවල් දෙකක් මෙතරම් කිට්ටුවෙන් තිබීම; භූමි දේශ සීමාවක් නොතිබුනද බොහෝ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්න ඇති කරයි. විශේෂයෙන්ම මුහුදු සීමාවන් නිර්ණය කිරීමේදී නාවික සැතපුම් 12, නාවික සැතපුම් 24, නාවික සැතපුම් 200 සහ මහාද්වීපික ස්ථරය වැනි සාගර අයිතීන් බෙදා ගැනීමට යාමේදී මෙලෙස රටවල් දෙකක් ඉතා කිට්ටුවෙන් තිබීම බොහෝ ගැටලුකාරී තත්වයන් ඇති කරයි.





[1] දේවානම්පියතිස්ස රජු ධර්මාශෝක අධිරාජයා ගේ අනුග්‍රහය යටතේ නැවත රාජාභිෂේක ලැබීම. මහවම්සය , ගයිගර් .11 වන පරිචේදය 

Friday, September 29, 2017

3 - ජාතික ආරක්ෂාව සඳහා තර්ජන විශ්ලේෂණය කිරීම 3

http://lakshmanillangakoon.blogspot.com/2017/09/2-2_28.html සිට 




පිහිටීම අතින් ගත් කල ඇත්තෙන්ම අපගේ භූගෝලීය පිහිටීමෙහි වැදගත්කම උකහා ගන්නේ අපට තදාසන්නයේ ඇති රාජ්‍යයන් වලින් පමණක්ම නොවේ. අපට ආසන්නම අසල්වැසියා වන ඉන්දියාවට ඉතා ආසන්නයේ පිහිටා තිබීමෙන් අපට  අතීතයේදී බොහෝ කරදර ඇති වුවද අනාගතයේදී එය එම කරුණම අපට  බොහෝ ආර්ථික ප්‍රතිලාබ ගෙන දෙන්නට බොහෝ ඉඩ තිබේ..  ඒ ඉන්දියාවේ ආර්ථිකය දැනට වර්ධනය වන වේගය නිසාය[1].  මෙතරම් විශාල ආර්ථිකයක්; ලෝකයේ 10 වෙනි ආර්ථිකය, මෙම ආර්ථික වර්ධන වේගය මෙලෙස පවත්වා ගතහොත් ඉන්දියාව ලොකයේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත්වනවාට කිසිම සැකයක් නැත. 

විශේෂයෙන්ම මෙම සීඝ්‍ර දියුණුව සිදුවන්නේ තොරතුරු තාක්ෂණය වැනි අනාගතයේ ලෝක දියුණුවේ ප්‍රධාන අංගයන් දෙසට නිසා මෙම සීඝ්‍ර දියුණුව ආර්ථික හා සාමාජීය වශයෙන් තවත් වැදගත් වෙයි. එවැනි ධනවත් එමෙන්ම බලවත් දැනුම කේන්ද්‍රස්ථානයක ලගින් සිටීමත් බොහෝ ප්‍රතිලාභ ගෙන දෙන බව නොකිවමනාය.

අපගේ භූගෝලීය ස්ථානය තවත් කරුණු කිහිපයක් නිසා වැදගත් වන්නේ යැයි අපි සිතමු. ඉන් ප්‍රධාන එකක් වන්නේ අප අසලින් ඉන්දියානු සාගරය වැටී ඇති ප්‍රධාන නාවික ගමනා ගමනයේ මුහුදු මාර්ගයයි. මේ මුහුදු මාර්ගය මැද පෙරදිග, අප්‍රිකාව සහ නැගෙනහිර ආසියාව, යුරෝපය සහ ඇමරිකාව මුහුද ගමනා ගමනයෙන් සම්බන්ධ කරයි. මෙම මුහුදු මාර්ගය පසුගිය සහශ්‍රයට පෙර සහශ්‍රයේ, මුල් කාලයේ පටන් ගෙන පසුගිය සහශ්‍රයේ මැද දක්වා (දල වශයෙන් ක්‍රි පූ 120 සිට ක්‍රි වර්ෂ 1450 දක්වා) ආසියානු මහාද්වීපය හරහා මධ්‍යධරණී මුහුද තෙක් ගමන් කල දැන් සේද මාවත යැයි හැඳින්වෙන වෙළඳ ගමනා ගමනය කෙරුණු මාර්ග දෙක අතරින් මුහුදු මාර්ගය වෙයි. ඒ හා සම්බන්ධ ගොඩබිම මාර්ගය එම මාර්ගයට දල වශයෙන් සමාන්තරව ඉන්දියානු අර්ධද්වීපයට උඩින් ගමන් කලේය.  


වර්තමානයේදීද එලෙසම ලොවෙහි ප්‍රධානතම මුහුදු මාර්ගය නොවූවද බොහෝ නැව් ගමන් කරන ප්‍රධාන මුහුදු මාර්ගයක් අප අසලින් වැටී තිබේ. එහෙත් මෙයින් අපට ලොකු ප්‍රයෝජනයක් ලබා ගන්නට හැකිදැයි සිතන්නට අපහසුය. රුවල් නැව් සහ ගල් අඟුරු නැව් තිබූ කාලයේ මෙලෙස ප්‍රධානතම මුහුදු මාර්ගයක් අසලින් වරායක් තිබීමෙන් එම වරායට සහ වරාය අයිති රටට ඉමහත් ප්‍රයෝජනයක් ලබා ගන්නට පුලුවන් විය. 

ඒ නෞකා ගමන් කලේ ඉතාමත් අඩු වේගයකින් නිසා හා නැව් වල ගෙන ගිය හැකි ඉන්ධන ප්‍රමාණය ඉතා සිමා සහිත වූ   නිසා තමන්ගේ ගමන් මාර්ගයේ තිබෙන හැම වරායකටම පාහේ යාමට නාවිකයනට අවශ්‍ය වූ නිසාය. ගල් අඟුරු ලබා ගැනීමට එසේත් නැත්නම් සැපයුම් ලබා ගැනීමට නිතරම වරාය වලට යාමට ඔවුනට සිදු වූ අතර ගාල්ල වැනි මුහුදේ සෑහෙන දුරක් ගමන් කල පසු මුණ ගැසෙන වරායකට ගොස් ගල් අඟුරු හෝ වෙනත් සැපයුම් ලබා ගැනීමට එකල නිතරම සිදුවිය.


එහෙත් දැන් මුහුදු ගමනා ගමනය අති විශාල වේගයෙන් ගමන් කරන ඉතා විශාල නැව් වලින් සිදුවන නිසා මුහුදු මාර්ගයක් තමන් අසලින් තිබීමෙන් රටකට ඒතරම් ප්‍රයෝජනයක් නැත්තේය. නැව් වලින් ගෙන යාමට රටෙහි යම් නිෂ්පාදනයක් නැත්තේනම් එසේත් නැත්නම් නැව් වලින් නිතරම භාණ්ඩ ගෙන ඒමට තරම් ලොකු වෙළඳ පොලක්ද නැත්තේ නම් ප්‍රධාන මුහුදු මාර්ගයක් ලගින් තිබුන නිසා වෙන්ම නැව් ආකර්ශණය කර ගත නොහැක්කේය. ඒ නිසා රටක් අසලින් ප්‍රධාන නැව් මාර්ගයක් වැටී තිබීම එතරම් උපාය මාර්ගික වශයෙන් ප්‍රයෝජනවත් යැයි සිතීමට අපහසුය. 

එය හරියට සිග්‍රගාමි මාර්ගයක් අසල නිසා දේපලක වටිනාකම වැඩි වනවා යයි සිතීම වැනිය.  අප එවැනි ස්ථානයක පිහිටීම ප්‍රයෝජනයට ගැනීමට නම් නැව් ගෙන්වා ගැනීමට පෙර කිවූ පරිදි එක්කෝ නැව් වලට රැගෙන යෑමට ලෝක වාසීන්ට අවශ්‍ය වෙළද ද්‍රව්‍ය අප විසින් නිපදවිය යුතුය. ඒ අතරම ඒවා නිපදවන අන්‍යයන්ගේ නිපැයුම් වලට, මිලෙන්, තත්වයෙන් හෝ නිර්මාණී කාරිත්වයෙන් තරගකාරී විය යුතුය.  


c.රටේ ආර්ථිකය.


ශ්‍රී ලංකාවේ දල ජාතික නිෂ්පාදනය ඩොලර් බිලියන 80.6 කි. සංසන්දනය කිරීමට ඉන්දියාවේ එය බිලියන 2224 කි , එක්සත් ජනපදයේ එය බිලියන 18570 කි.  එයින් කියවෙන්නේ ඒ වසර තුල රටෙහි ජීවත්වන සෑම පුද්ගලයෙක් සහ සමාගමක්ම විසින් නිපදවන ලද සියලුම භාණ්ඩ හා සේවාවන්හි වටිනාකමයි. මේ ගණනය කරන්නේ රටේ සියලුම පුද්ගලයන්ගේ පරිභෝජනය, ව්‍යාපාර ආයෝජන, රජයේ වියදම්වල එකතුවට අපනයනය හා සෘණ ආනයනය වටිනාකම එකතු කිරීමෙනි. අපේ  ඒක පුද්ගල ආදායම $ 3818 ක් වන අතර මිලදී ගැනීමේ හැකියාව අනුව[2] (PPP) ගණනය කිරීමේදී එය $ 11069 වෙයි. එයින් තවත් විදිහකට ගම්‍ය වන්නේ අප රටෙහි ජිවන තත්වය ඒක පුද්ගල ආදායමෙන් පෙන්වනවාට වඩා තරමක් ඉදිරියෙන් තිබෙන  බවයි.


ශ්‍රී ලංකා දල ජාතික නිෂ්පාදනයේ කෘෂිකර්මය, කර්මාන්ත හා සේවා ප්‍රතිශතයන් ලෙස 12.8%, 29.2% සහ 58% බෙදෙයි. අප වසරකට 30$ බිලියන වටිනාකමකට අපනයනය කරන අතර 35 $ බිලියන වටිනාකමක ආනයනය කරයි.


අප අපනයනය කරන ප්‍රධාන රටවල් සහ එම රට වලට අපනයනය කරන ප්‍රතිශතය පහත පරිදිය. (2015)

ඇමරිකා එක්සත් ජනපදය 26.1%
එක්සත් රාජධානිය 9%
ඉන්දියාව 7.2%
ජර්මනිය 4.3%


අප අපනයනය කරන ප්‍රධාන භාණ්ඩ අතර ප්‍රධාන වශයෙන් ඇඳුම්, තේ, කුළු බඩු, මැණික්, දියමන්ති, පොල් නිෂ්පාදන, රබර් නිෂ්පාදන සහ මාළු අයත් වෙයි.


අප ආනයනය කරන රටවල් සහ ඒවායේ ප්‍රතිශතයන් පහත පරිදිය.

ඉන්දියාව 24.6%

චීනය 20.6%

එක්සත් අරාබි එමීර් රාජ්‍යය 7.1%

සිංගප්පූරුව 5.9%

ජපානය 5.7%

ඊළඟ 





[1] 6% පමණ වර්ධන වේගයක්
[2] ඩොලරයට සාපේක්ෂව මුදලේ අගය වෙනුවට   රටෙහි මුදල්වල මිලදී ගැනීමේ හැකියාව මත ඒක පුද්ගල ආදායම ගණනය කිරීම.


Thursday, September 28, 2017

2 - ජාතික ආරක්ෂාවට ඇති තර්ජන විශ්ලේෂණය කිරීම -2

http://lakshmanillangakoon.blogspot.com/2017/09/blog-post_27.html සිට






a.     රටෙහි විශාලත්වය සහ ජනගහනය.
ලෝකයේ භූමි ප්‍රමාණයෙන් විශාලතම රට රුසියානු සමූහ ආණ්ඩුවයි. එහි වර්ග ප්‍රමාණය වර්ග කිලෝ මීටර් 17,098,246 වෙයි. ඉන්පසු දල වශයෙන් එකම ප්‍රමාණයේ රටවල් තුනක් ඇත. ඒ පිලිවෙලින් කැනඩාව, චීනය සහ එක්සත් ජනපදයයි. මේ අතර ශ්‍රී ලංකාව වර්ග කිලෝ මීටර් 65, 611 කින් යුක්තව ලෝකයේ විශාලත්වයෙන් 121 වෙනි රට බවට පත්වෙයි. අපට ආසන්නවම ඉහලින් සහ පහලින් සිටින්නේ යුරෝපයේ ජෝර්ජියාව සහ ලැට්වියාවයි. අපගේ විශාලත්වයට දල වශයෙන් කිට්ටු විශාලත්වයක් ඇති ප්‍රසිද්ධ රටවල් ලෙස අයර්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය නම් කල හැක.
  
අනෙක් අතට ජනගහනය සලකා බැලූවිට ශ්‍රී ලංකාව රටේ ප්‍රමාණය හා සසදන විට වඩා  බොහෝ ඉදිරියෙන් සිටී. මිලියන 21 ක ජනගහනයක් සහිතව එය ලෝක ලැයිස්තුවේ 58 වන ස්ථානයේ පසුවේ. ලෝකයේ ජනගහනය වැඩියෙන්ම සිටින්නේ මිනිසුන් 1, 384, 150, 000 ක් සහිතව චීනයයි. අප අසල්වැසි ඉන්දියාවද චීනයේ ජනගහනයට ඉතා කිට්ටු ප්‍රමාණයක් සහිතව දෙවෙනි තැන පසුවෙයි. අපේ තවත් අසල්වැසියන් දෙදෙනෙකු වන පකිස්තානය හා බංගලාදේශය ලෝක ජනගහන ලැයිස්තුවේ හය වන සහ අටවන ස්ථානයේ පසුවෙයි. බංගලාදේශයේ ජනගහනය රුසියාවේ හෝ ජපානයේ ජනගහනයට වඩා විශාල ප්‍රමාණයකින් වැඩි බව දැනගැනීම අප බොහෝ දෙනෙකුට පුදුමයට කාරණයක් වනවා නොවනුමානය.

අපගේ ජනගහනය අනුව අපට උඩින් සහ යටින් සිටින්නේ අප්‍රිකාවේ නයිජර් සහ යුරෝපයේ රුමේනියාවයි. තායිවානය සහ ඕස්ට්‍රෙලියාවද අපට කිට්ටුවෙන් ඉහලින් සිටිති.


ජනඝනත්වය.
රටක විශාලත්වය සහ එහි ජනගහනය ගැන සාකච්ඡා කල පසු ස්වාභාවයෙන්ම ඊලගට සිතට නැගෙන්නේ ජනඝනත්වයයි. වෙනත් ඕනෑම ඝණත්වයක් මෙන්ම ජනඝනත්වයද මනින්නේ යම් නියමිත ඉඩ  ප්‍රමාණයක කියක් ඇත්තේද යන වගයි  ; වර්ග කිලෝ මීටරයකට සිටින මිනිසුන් සංඛ්‍යාවෙනි. කෙටියෙන් කියනවා නම් රටේ ජනගහනය එහි භූමියේ ඇති වර්ග කිලෝමීටර් ගණනින් බෙදීමෙන් ලැබෙන ප්‍රතිඵලයයි. මෙම ප්‍රමාණය ශ්‍රී ලංකාවේ මිනිසුන් 308 ක් වන අතර, අප එම ලැයිස්තුවේ පෙර ලැයිස්තු දෙකටම වඩා තරමක් ඉදිරියට පැමිණ 45 වන ස්ථානයේ පසුවෙයි. මුලු ලෝකයම ගත්විට ජනඝනත්වයේ සාමාන්‍ය අගය වර්ග කිලෝමීටරයකට 13.7 කි. නමුත් ඒ ලෝකයේ භූමි ප්‍රමාණය මුහුදත් සමග ගණනය කල විටය. ගොඩබිම පමණක් ගත්විට ජනගහන ඝනත්වය වර්ග කිලෝමීටරයකට මිනිසුන් 47 දෙනෙකු වෙයි.
b.   
භූගෝලීයව  කුමන ස්ථානයක පිහිටියේද.
බොහෝ රට වලට තම ජාතික ආරක්ෂාව පිළිබඳව සැලසුම් කරද්දී භූගෝලීය වශයෙන් රට පිහිටා ඇත්තේ කොතැනද, තම රට පිහිටා ඇත්තේ ලෝකයේ කුමන සාගරයකද, වැනි සාධක ඉතා වැදගත් වෙයි. පෙර කීවාක් මෙන් දකුණු කොරියාව වැනි රට වලට තමන්ට අසබඩවම උතුරු කොරියාව වැනි කිසිසේත්ම විශ්වාස කල නොහැකි එමෙන්ම ආයුධ නිපදවීමේම එල්බගෙන සිටින රටක් තිබීමෙන්ම තම රටෙහි ජාතික ආරක්ෂාව පිළිබඳ සැලසුම් කිරීමේදී මෙම සාධකය ප්‍රමුඛ එමෙන්ම ප්‍රධාන සාධකය ලෙස නොගැනීමට කිසිසේත්ම හැකියාවක් නොමැත්තේය.   

එලෙසින්ම කියුබාව ඇමරිකා එක්සත් ජනපදයට ඉතාම ආසන්නයෙන් තිබූ කොමියුනිස්ට්වාදී රාජ්‍යයක් වූ හෙයින් එරටට එකල තිබූ ශීතල යුද්ධයෙන්[1] සෝවියට් රුසියානු සමූහ ආණ්ඩුවෙන් ජාතික ආරක්ෂාව සදහා පමණක් නොව ආර්ථික වශයෙන්ද බොහෝ ප්‍රතිලාභ ලබා ගන්නට හැකි විය. එසේම මෙම ශීතල යුද්ධයේ පැත්තක් ගැනීම කොතරම් දුර දිග ගියේද යත් 1962 බේ ඔෆ් පිග්ස් සිද්ධියේදී එකල රුසියාව සහ ඇමරිකාව  පරමාණු බෝම්බ පාවිච්චි වන යුද්ධයක් ඇති වන්නට ඉතාම සමීපයට පැමිණියේය. සමහර විට මෙම අවස්ථාව ලෝකයේ මෙතෙක් පරමාණු අවි භාවිත වන යුද්ධයකට ඉතාමත් ආසන්න වූ මොහොතක් යැයි බොහෝ තතු දන්නෝ විශ්වාස කරති.

කියුබාව ලෝකයේ වෙනත් ස්ථානයක පිහිටියේ නම්; උදාහරණයක් වශයෙන් ඉන්දියානු සාගරයේ තිබුනේ නම්, සෝවියට් රුසියාවට කියුබාව මේ තරම් වැදගත් නොවනු ඇති අතර කියුබාවේ කොමියුනිස්ට් රජයක් පිහිටුවීම හෝ එය රුසියාවේ උදව්වෙන් ජීවත්වීම ඇමරිකා එක්සත් ජනපදයටද එතරම් ප්‍රශ්නයක් නොවනු ඇත. මෙලෙස තමන්ගේ භූගෝලීය ස්ථානය ජාතික ආරක්ෂිව සැලසුම් කිරීමට කොතරම් වැදගත් වන්නේද යන්න සාධනය කිරීමට බොහෝ උදාහරණ ඉතිහාසයෙන් පෙන්වා දීමට පුලුවන.

අපටද මෙහි විජය කුමරුන් සහ පිරිස රාජ්‍ය පිහිටවූ විගසින්ම පාහේ මෙම සත්‍යයට මුහුණදීමට සිදුවිය. විජය කුමරු තදාසන්න එසේම බලවත් මදුර පුරයෙන් කුමාරිකාවක් තම රැජිණ කරගෙන මිත්‍ර රාජ්‍යයන් හරහා තම ජාතියේ ආරක්ෂාව තහවුරු කර ගත්තද ඔහුට රජවරු දස  දෙනෙකුට පසුව, එනම් අවුරුදු 300  කට පසුව දකුණු ඉන්දියාවේ අසල්වැසි රාජ්‍ය වලින් ආක්‍රමණ සහ සතුරු බලපෑම් වලට ශ්‍රී ලංකාව මුහුණදීමට පටන් ගත්තේය. නිතර සිදු වූ සතුරු ආක්‍රමණ නිසා; සමහර වෙනත් සුලු සාධකද බලපාන්නට ඇත, අප රටෙහි අගනුවර වරින් වර දකුණු ඉන්දියාවෙන් හැකි තරම් ඈත්කර තබන්නට දකුණට සහ නැගෙනහිරට රැගෙන යන්නට අප රාජ්‍ය පාලකයන්ට සිදුවිය.

ශ්‍රී ලංකාව තිබෙන්නේ ඉන්දියානු සාගරයේය. එය කිට්ටුම තැනදී ඉන්දියාවට කිලෝ මීටර් 35 ක් දුරින් ඉන්දියානු අර්ධද්වීපයේ දකුණු කෙලවරින් ගිනිකොණ පැත්තට වන්නට පිහිටා ඇති දූපතකි. කිලෝ මීටර් 1340 ක් දිග වෙරළක් ඇති ශ්‍රී ලංකාවේ උසම ස්ථානය වන පිදුරුතලාගල මුහුදු මට්ටමේ සිට මීටර් 2524.13 ක් උසය. අප දුපතේ ප්‍රමාණය අනුව ලෝකයේ 25 වෙනියට විශාල දුපතය.

http://lakshmanillangakoon.blogspot.com/2017/09/3-3.html


[1]

Wednesday, September 27, 2017

jජාතික ආරක්ෂාවට ඇති තර්ජන විශ්ලේෂණය කිරීම









ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව: සැලසුම් කිරිමේදී බලපාන සාධක සහ එයට නව ප්‍රවේශයක්.
1.     ජාතික ආරක්ෂාව යනු කවරේද :-

ජාතික ආරක්ෂාව යනු හරියටම පැහැදිලි කර නොමැති කලින් කල වෙනස් වන   සංකල්පයකි. එය නොයෙක් ආකාරයෙන් නිර්වචනය කර ඇත්තේ නමුදු සාමාන්‍යයෙන් අවබෝධ වන්නේ රජය විසින් රාජ්‍යය සහ එහි පුරවැසියන්, රජය සතුව ඇති දේශපාලන , රාජ්‍ය තාන්ත්‍රික , ආර්ථික , හමුදාමය සහ මුර්දු  බලය[1]  වැනි බලයන් පාවිච්චි කර ආරක්ෂා කිරීමයි.

ජාතික ආරක්ෂාව යන සංකල්පය කාලයත් සමග නොයෙක් ලෙස පරිනාමය වී ඇත්තේය. මුල් කාලයේ ජාතියේ රහස් සහ එහි පුරවැසියන් ආරක්ෂා කිරීම යනුවෙන් නිර්වචනය වූ ජාතික ආරක්ෂාව 1990 දී හාවඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරයෙකු වූ චාල්ස් මේයර් විසින් මෙසේ අර්ථ දක්වා ඇත.
“ජාතික ආරක්ෂාව හොඳින්ම අර්ථ දැක්විය හැක්කේ රටකට, තම ජනතාවට ඔවුන්ගේ විශ්වාසයන්ට හා බලාපොරොත්තු අනුව, ස්වාධීනව සහ කරදරයකින් තොරව ජීවත්වීමට අවැසි දේශීය සහ විදේශීය  තත්වයන් පාලනය කිරීමට ඇති හැකියාව වෙයි.“
ජාතික ආරක්ෂාව නවතම විග්‍රහයේ හමුදා ආරක්ෂාව , දේශපාලන ආරක්ෂාව, සයිබර් ආරක්ෂාව,ආර්ථික ආරක්ෂාව, බලශක්ති ආරක්ෂාව, ජල ආරක්ෂාව සහ පරිසර ආරක්ෂාව යනාදී වශයෙන් සැලකිල්ලට ගැනේ.
  
 ඉහත අර්ථ දැක්වීම් වලින් අපට ජාතික ආරක්ෂාව පිළිබඳ යම් අදහසක් ලබා ගැනීමට පුලුවන.
ජාතික ආරක්ෂාව පවත්වා ගැනීම සදහා පහත සදහන් ක්‍රමවේද  අඩු වැඩි වශයෙන් රජයන් විසින් යොදා ගනු ලැබේ.
·        මිතුරු රාජ්‍යයන්ගේ උදව් ලබා ගැනීම වැනි රාජ්‍ය තාන්ත්‍රික මෙවලම් - ඇමරිකාව ඇෆ්ගනිස්තානයට 2001 දී පහරදීමට යන්නට පෙර ඔවුන්ගේ නොයෙකුත් මිතුරු රට වලින් හමුදා කණ්ඩායම් ලබාගෙන එය ඇමරිකානු යුද්ධයකට වඩා අන්තර් ජාතික හමුදාවක් ලෙස පෙන්වීමට කටයුතු කිරීම.
·        ආර්ථික හැකියාවන් යොදා ගැනීම - ඉරානයෙහි පරමාණු අවි නිපද වුවහොත් එයින් බලවත්ම තර්ජනය ඇතිවන්නේ ඇමරිකාවට සහ මැද පෙරදිග ඔවුන්ගේ ප්‍රධාන සගයා වන ඊශ්‍රායලයට නිසා ඇමරිකාවේ සුවිශේෂී ආර්ථික බලය පාවිච්චි කර සම්බාධක පැනවීම.
·        හමුදා බලය - ඉන්දියාව අප රට ඔවුන්ගේ බල පරාසයේ තබා ගැනීම සදහා ඉන්දියානු සාම හමුදාවන් ශ්‍රී ලංකාවට එවීම. අපට ඔවුනට වඩා හෝ එසේත් නැත්නම් කිට්ටුවෙන්වත් යන හමුදා බලයක් තිබුනේ නම් ඔවුන් එසේ කරන්නේ නැත.
·        සිවිල් ආරක්ෂාව සහ ආපදා කලමනාකරණය සදහා පිලියෙල වීම - සුනාමි වැනි ව්‍යසන වලට මුහුණදීම සදහා ක්‍රමවේදයන් ක්‍රියාත්මක කර සුනාමි නැඹුරු ප්‍රදේශවල ජනතාව පෙරහුරු යනාදිය පවත්වා සූදානම් කර තැබීම.
·        අවැසි තරම් යටිතල පහසුකම් ගොඩනැගීම සහ ඒවායේ දරා ගැනීමේ හැකියාව උපරිම ලෙස පවත්වා ගැනීම - ඩෙංගු සහ ගංවතුර වැනි ආපදා අවස්ථා වලට මුහුණදීම සදහා යටිතල පහසුකම් අවශ්‍ය තරමට ගොඩ නැගීම.  
·        කාර්යක්ෂම ලෙස රහස් තොරතුරු සහ සාමාන්‍ය දත්ත උපයෝගී කර ගැනීම -  රහස් තොරතුරු (බුද්ධි) සහ  අනාගතයේදී සිවිල් පරිපාලනයට  ප්‍රයෝජනවත්  විය හැකි තොරතුරු ; ගංවතුර නැඹුරු ප්‍රදේශවල වින්දිතයනට ප්‍රවේශමෙන් සිටිය හැකි ස්ථාන යනාදියත් එම ස්ථාන වලට ලඟාවිය හැකි මාර්ග යනාදිය පිළිබඳව දත්ත ගබඩාකර තබා ගැනීම වැනි , එකතුකිරිම ,විශ්ලේෂණය සහ බෙදා හැරීම නිසියාකාර සිදුකිරීම.
     


1. ජාතික ආරක්ෂාව සැලසුම් කිරීමේදී බලපාන සාධක :-
යම් රටක ජාතික ආරක්ෂාව පිළිබඳව සාකච්ඡා කරද්දී ඒ රටෙහි,

a. විශාලත්වය හා ජනගහනය

b. කුමන ස්ථානයක පිහිටියේද

c. රටේ ආර්ථිකය

d. එම රට වටා ඇති පරිසරය කෙසේ වේද

e.එම ජාතිය සතුව ඇති  මෘදු බලය

f. එහි කුමන සම්පත් තිබේද

g. කවර ආකාරයේ මිනිසුන් එහි ජීවත් වන්නේද

h. ඔවුන්ගේ සංස්කෘතිය කෙලෙස වන්නේද

j. ඒ ජාතියේ ඉතිහාසය කෙසේ සිදුවීද

k. රටෙහි වර්තමානයේ ඇති සමාජ ප්‍රශ්න

I. පවතින හෝ ඇතිවිය හැකි සතුරු තර්ජන   
ඇතුළු බොහෝ දෑ පරික්ෂා  කල යුත්තේය.


ඉහත ලැයිස්තුව සම්පූර්ණ එකක් නොවූවද, ඒවා ගැඹුරෙන් පරීක්ෂා කිරීම රටෙහි ජාතික ආරක්ෂාව කෙසේ විය යුතු දැයි දල අදහසක් ගන්නට ප්‍රමාණවත්ය. මෙම වට්ටෝරුව වැදගත්කමේ අනු පිලිවෙලට ලියා නැත්තේ නොයෙකුත් රට වලට ඉහත කරුණු වල වැදගත්කම බලපාන්නේ නොයෙක් ආකාරයට නිසාය. උදාහරණයකට දකුණු කොරියාවේ ජාතික ආරක්ෂාවට මෙම කරුණු වලින් වඩාත්ම වැදගත් වන්නේ ඔවුනට ආසන්නයේ ඇති රටවල් කවරේද යන්න කාරණාවයි. අපටද අප ජීවත් වන ප්‍රදේශය සහ අපගේ අසල් වැසියන් කවුරුන්ද යන වග  අතීතයේදී බොහෝ සේ බලපෑවේය. එහෙත් මෑතක සිට එම බලපෑමේ ප්‍රමාණය ක්‍රමවත් අඩුවීමක් දක්නට ලැබෙයි.




[1] පසුව පැහැදිලි කර ඇත 

Tuesday, September 26, 2017

4 - ධර්මය සොයා රටවල් 30ක් හරහා ගිය ගමන -4


සිට 









නගරයට කිලෝ මීටර් තුනහමාරක් පමණ දකුණෙන් මහා විහාරය නමින් ප්‍රසිද්ධ විහාරයක් වෙයි. එහි භික්ෂුන් 3000 ක් පමණ ජීවත් වෙති. මෙම භික්ෂුන් අතර බොහෝ සිල්වත් එසේම ආගම පිලිබදව විසල් දැනුමක් ඇති භික්ෂුවක විය. මොහු රහත් භාවයට පත්ව ඇතැයි බොහෝ දෙන විශ්වාශ කළහ. මෙම භික්ෂුව මරණාසන්න වූ විට මෙය සත්‍යක් දැයි දැනගැනීමට රජතුමා විහාරයට පැමිණියේය. ඔහු සියලුම භික්ෂුන් එක් ස්ථානයකට කැදවා මෙම භික්ෂුව ධර්මය සම්පුර්ණයෙන් අවබෝධ කරගෙන ඇත්දැයි විමසීය. ඔහු අරහත් භාවයට පත්ව ඇතැයිද සියලු ධර්මය පැහැදිලිව අවබෝධ කරගෙන ඇතැයිද ඔවුහු පිළිතුරු දුන්හ. එම භික්ෂුව මිය ගිය පසු රහතන් වහන්සේ කෙනෙකුට ගැලපෙන පරිදි ආදාහන කටයුතු සිදු කිරීමට රජු කටයුතු යෙදෙව්වේය. 

විහාරයට කිලෝ මීටර් තුනක් පමණ දුරින් වර්ග අඩි 50 ක් පමණ බිම් ප්‍රමාණයක ඒ තරමටම උසින් දර සෑයක් ගොඩ නැගිණ. දර සෑය මුදුන සදුන් සහ නොයෙකුත් සුවද ලී වලින් සකස් කෙරින. 

දර සෑයේ හතර පැත්තෙන් මුදුනට නගින්නට පඩි පෙලද තිබුණි. දේහය සුදු පැහැති සිල්ක් රෙද්දකින් කිහිප වාරයක්  ඔතා එය ගෙන යෑමට චීනයේ මෙන් අවමංගල්‍ය රථයක්; මකර සහ මාළුවන්ගේ චිත්‍ර නොමැතිව සෑදුහ. අවමංගල්‍ය රථය දර සෑය වෙත ගෙන යද්දී එය පසු පසින් ගමන් කල රජු සහ පිරිස සුවද පුළුස්සමින්, මල් ඉසිමින් ගමන් කළහ. දර සෑය අසලට පැමිණි පසු අවමංගල්‍ය රථය ඔසවා දර සෑය මත තබා සුවද තෙල් යොදා ගිනි තබන ලද්දේය. 

මෙලෙස ගිනි ගන්නා විට අවට සිටි සියල්ලෝම පාහේ තමන්ගේ උඩු කය ඇදුම,කුඩය, සහ වටා පොත, ගින්නට විසි කළහ. ආදාහනය අවසන් වූ පසු ඔහුගේ භෂ්මාවශේෂ එකතු කරන ලද්දේ ඒවා නිදන්කර වෙහෙරක් තැනීම සහාය. පාහියන් මෙම භික්ෂුව ජීවත්ව සිටියදී මුණගැසීමට නොහැකි වූ අතර ඔහු ලංකාවට පැමිණි දින වකවානු අනුව ඔහුට බලාගත හැකිවුයේ භික්ෂුවගේ අවමංගල්‍ය පමණි. 

ටික කලකට පසු රජු තවත් විශාල විහාරයක් ගොග නගන්නට අදහස් කර බොහෝ භික්ෂුන් එම ස්ථානයට ගෙන්වා ඔවුනට දවල් ආහාරය ලබා දී   අඟ රනින් රිදියෙන් සහ මුතු මැණික් වලින් සැරසු විශාල ගොන් බානක් ගෙන්වා උන් රන් නගුලකට සවි කර විහාරය ගොඩ නගන්නට අදහස් කල භුමියේ සතර පැත්ත රජු විසින්ම එම නගුලෙන් ලකුණු කෙරින. එය අවසන් වූ පසු රජු එම භික්ෂුන්ට ගොවිපල, වැඩකරන්නන් සහ නිවාස ලෝහ පත්‍රවල නින්දගම් ලෙස ලියා දුන්නේය. මෙම සංදේශවල පරම්පරාවෙන්  පරම් පරාවට මේ ප්‍රධානයන් කිසිවෙකුටත් වෙනස් කල නොහැකි බවත් ලියා තිබුණි. 

මෙම රටෙහිදී   ඉන්දියානු වන්දනා කාරයෙකු බුදුන්ගේ පාත්‍රය අනාගතයේ නොයෙකුත් රටවල තිබෙන ආකාරයත් ලෝක ජනතාවගේ ආයුෂ යනාදිය වෙනස්වන ආකාරයත් පිළිබද දීර්ඝ දේශනයක් පාහියන්ට අසන්නට ලැබුණි.  

මෙම දේශනය තමන්ගේ සටහන් වලට එකතු කර ගන්නට සිතු පාහියන් මෙය කුමන සුත්‍රයකින් ඔහු ඉගන ගත්තේදැයි ඇසුවේය. 

"මා මෙය කිසිම සුත්‍රයකින් දැනගත් එකක් නොවේ. ඒවා මාගේ සිතේ ඇතිවූ සිතිවිලිය." යනුවෙන් ලැබුණු පිළිතුර නිසා ෆාහියන් එය තම සටහන් වලට ඇතුළු කලේ නැත.

මෙම රටේ ජීවත්වූ අවුරුදු දෙක තුල චීනයේදී කියවන්නට නොලැබෙන විනය පිටකය, දීර්ගාගම, සහ සම්යුක්තාගම සුත්‍ර සහ සංයුක්ත සංචය පිටක යන්හි පිටපත් ලබා ගත්තේය. මෙම සංස්කෘතික භාෂාවෙන් ලියන ලද පිටපත්ද රැගෙන වෙළෙන්දන් 200 ක් පමණ ගමන් ගත් විශාල නෞකාවක නැගී තම මව් රට බලා යාමට පිටත් විය. එම නෞකාව ආපදාවකට ලක් වුණහොත් එහි මගියන්ට ජීවත බේරා ගැනීම සදහා තරමක යාත්‍රාවක් ලනුවක ගැට ගසා ඇදගෙන යන ලද්දේය. 

ඊළඟට - මාස ගණනක දුෂ්කර ගමන  

3- රටවල් 30 ක් හරහා ධර්මය සොයා -3

http://lakshmanillangakoon.blogspot.com/2017/09/2-30-2.html

සිට







එහි භික්ෂුන්ගේ භාණ්ඩාගාරයන්  නොයෙකුත් ඉතාමත් වටිනා මුතු මැණික් වලින් පිරි ඇත්තේය. වරෙක මෙහි සිටි රජෙකු මෙම භාණ්ඩාගාරය ඇතුලට ගිය විට එහි තිබූ වටිනා මුතු වර්ග දැක මහා ලෝභයක් ඉපදී ඒවා බලෙන් අත්කර ගන්නට සිතක් පහල විය. දින තුනකට පසු ඔහු නැවත පැමිණ මහණුන් ඉදිරියේ දණ්ඩ නමස්කාර කර ඔහුට ඇතිවූ එම චේතනාව පිලිබදව සමාව ඉල්ලා සිටියේය. ඉන්පසු ඔහු අනාගතයේදී කිසිම රජ කෙනෙකු හෝ අවුරුදු 40 ට අඩුවෙන් මහන දම් පුරා ඇති මහණෙකු මෙම භාණ්ඩාගාර තුලට යාම තහනම් කරන නීති පැනවිය යුතු යැයි ඉල්ලා සිටියේය. 

මෙම නගරයෙහි බොහෝ වෛශාක්‍ය  වෙළද පවුල් ජීවත් වෙති. අතුරු වීදි සහ මාවත් මනා ලෙස නඩත්තු කරති. ප්‍රධාන වීදි හතරේ ඇති දේශනා ශාලාවල මාසයේ 8,14,15 වෙනි දිනවල ශ්‍රමණයන් සහ පුරවැසියන් ධර්මය සාකච්චා කරති. රාජධානියෙහි භික්ෂුන් 60,000 ක් පමණ ඇත්තේය. ඔවුන් පොදු ගබඩාවකින් ආහාර ලබා ගනිති. ඊට අමතරව රජු 6000 කට පමණ ආහාර නගරයේ ශාලාවක තබා තිබේ. භික්ෂුනට අවශ්‍ය වූ විට එතනට ගොස් පාත්තරය පිරෙන්නට ආහාර ලබා ගනිති. 

සෑම වසරකම තුන්වන මාසයේ දන්ත ධාතුව පිටතට ගෙන පෙරහැරක් පවත්වනු ලැබේ. මෙය පැවැත්වීමට දින 10 කට පෙර මනා ලෙස සරසන ලද සද්දන්ත අලියෙකු මත රාජකීය ඇදුමෙන් සැරසුණු නිලදාරියෙකු බෙරයක් වයමින්  තව දින 10 කින් දන්ත ධාතුව අභයගිරි විහාරය වෙත රැගෙන එන බවත් සියලු පින් කැමති භික්ෂුන් සහ පුරවැසියන් වීදි සහ අතුරු මාවත් අලංකාර ලෙස සරසා සුවද සහ මල් පුජා කිරීමට පිළියෙළ කරන ලෙස දන්වා සිටිනු ලැබේ. 

මෙලෙස දැන්වීමෙන් පසුව බෝදිසත්ව කාලයේ බුදුන්ගේ නොයෙකුත් ජීවත; සුදාන, සාම, අලින්ගේ රජෙකු ලෙස, අශ්වයෙකු හෝ ගොනෙකු ලෙස, 500 ක් පෙන්වන ප්‍රතිමාවන් රජු විසින් විදි දිගේ ප්‍රදර්ශනය කරනු ලැබේ. මෙම සියලු පිලිරු තද පැහැයෙන් වර්ණවත් කර ජීවත්වන ආකාරයටම නිමවා ඇත. මින් පසු දන්ත ධාතුව විදිය  දිගේ ගෙනයනු ලබයි. සෑම තැනකදීම එයට ජනයා තෑගී පිරිනමති.

මෙය අභයගිරි විහාරයට රැගෙන ආපසු එතනට එකතු වුන භික්ෂුන් සහ ජනයා එතැනදී සුවද දුම් අල්ලා පහන් පත්තු කර සියලු පුජාවන් පවත්වති. මෙලෙස දවස් 90 ක් පුජා පවත්වා දන්ත ධාතුව ආපසු නගරයේ ඇති විහාරයට ගෙන යනු ලැබේ. පොහොය දිනවල මෙම විහාරයේද දොරවල් විවුර්ත කර නොයෙකුත් පුද පුජා පවත්වනු ලැබේ. 

අභයගිරි විහාරයට ලී 40 ක් පමණ දුරින් (කිලෝ මීටර් 20 ක් පමණ; මිහින්තලය විය යුතුයි.) කන්දක භික්ෂුන් 2000 ක් පමණ ජීවත්වෙති. ඔවුන් අතර ජීවත්වන ධර්ම ගුප්ත නමැති බොහෝ සිල්වත් එමෙන්ම දැනුවත් භික්ෂුවට  මේ අතරින් රටේ සියලු දෙනාගෙන් මහත් ගෞරව  ලැබේ. ඔහු අවුරුදු 40 ක් ගල්ගුහාවක භාවනා කර ජීවත් වී ඇති  අතර ඔහු කොතරම් කරුණාවන්ත හදවතකින් යුක්ත වුයේද යත් නයින් සහ මීයන් එකිනෙකාට අවැඩක් නොකර එකම කාමරයේ වාසය කිරීමට සැලැස්වීමට හැකියාව ලැබී ඇත.

ඊළඟ 

http://lakshmanillangakoon.blogspot.com/2017/09/4-30-4.html








   

Monday, September 25, 2017

2 - ධර්මය සොයා රටවල් 30 කට ගිය මිනිසා -2




සිට 


                                     ෆා හියන් ගේ ප්‍රතිමාවක් 


මෙම රටෙහි මුලින් මිනිසුන් ජීවත්ව නොමැති අතර ජීවත්ව ඇත්තේ නාගයන් සහ යක්ෂයන් පමණි. ඔවුන් සමග බොහෝ රටවල වෙළඳුන් නෞකා වලින් පැමිණ වෙළදාමේ යෙදුනහ. මෙලෙස හුවමාරුව සිදුකෙරුන විට රටෙහි වැසියන් ඔවුන්ගේ මුතු මැණික් වැනි වටිනා ද්‍රව්‍ය ඇතුළු  වෙළඳ භාන්ඩ ඒවාට ඔවුන් බලාපොරොත්තු වන මිල සඳහන් කර නියමිත ස්ථානයක තැබුහ. විදේශයන්ගෙන් පැමිණෙන වෙළෙන්දන් එම මිලට ඔවුනට ගැලපේ නම් එම මුදල තබා ඒ වෙළඳ භාණ්ඩය රැගෙන ගියහ. 

මෙම වෙළෙන්දන් ගෙන් ඒ රටවල මිනිස්සු මෙම රට කොතරම් මනස්කාන්තදැයි දැන ගෙන මෙම රටට පදිංචිය සඳහා කණ්ඩායම් පිටින් විදෙශිකයෝ  පැමිණියහ. මෙලෙස පැමිණි බොහෝ පිරිස් එකතුව මේ රට විශාල ජාතියක් ලෙස ගොඩ නැගිණ.

මෙහි දේශගුණය ශිත හෝ උණුසුම් කාලයන් නොමැතිව  සම ශිතොශ්නය , ගහ කොළ සැමවිට තද කොළ පැහැය, ගොවිතැන් කිරීමට වාරයක් නොමැත. මිනිසුන්ට සිතෙන විටක ගොවිතැන් කරති.

බුදුන් මෙරටට පැමිණි කල ඔහු තම පා සටහන් දෙකක් තබා ගියේය. එක ස්ථානයක්  අනුරාධපුරයට උතුරින් පිහිටා ඇත. අනෙක කන්දක මුදුනේය. ඒ දෙක අතර දුර යොදුන් 15ක් වෙයි. නගරයට උතුරින් ඇති සිරිපා සලකුණ මත රජු අඩි 600 ක් උස වෙහෙරක් බැන්දේය. එය රනින් සහ රිදියෙන් සහ  බොහෝ වටිනා මුතු මැණික් ආදියෙන් සරසා තිබිණ. මේ අසලින්ම ඔහු අභයගිරිය නම් වූ ආරාමයක් කරවිය. මෙහි දැන් භික්ෂුන් 5000ක් වාසය කරති.

මෙම විහාරයෙහි බුදු ගෙයක් වෙයි. එය රනින් සහ රිදියෙන්  සහ නොයෙකුත් වටිනා මුතු මැණික් සත් වර්ගයකින් සරසා ඇත්තේය, මෙය තුල අඩි 360ක් උස කොළ පැහැති දිලිසෙන  ජේඩ් ගලින් නෙලූ බුදු පිළිමයක් වෙයි. මෙම ප්‍රතිමාවෙ පිළිඹිබු වන හැඟීම් වචනයෙන් විස්තර කල නොහැක. ප්‍රතිමාවේ දකුණු අත්ලේ  මිලකළ නොහැකි මුතු ඇටයක් තබා ඇත්තේය.

මේ වනවිට ෆාහියන් තම රටෙන් පිටව අවුරුදු 10 කටත් වඩා අධිකය. ඔහු ඒ කාලය තුල ආශ්‍රය කල සියලු දෙනා විදේශිකයන්ය. ඔහුට තමන්ට පුරුදු කන්දක් , ගංගාවක්,ගසක් හෝ  වැලක් මත තම ඇස හෙලන්නට හැකි වුයේ නැත. ඔහුත් සමඟ පැමිණියවුන් සියලු දෙන ජිවිතයෙන් සමුගෙන හෝ එසේත් නැත්නම් වෙනත් දිශාවකට යාම නිසා ඔහුගෙන් වෙන් වී ඇත්තේය. ඔහුගේ මුහුණ හා සෙවනැල්ල හැරෙන්නට වෙනත් සුපුරුදු කිසිවක්  ඔහු සමඟ නැත්තේය, ඇත්තේ හදවතෙහි පවතින සදාතනික කනගාටුව පමණි.

මේ අතර එක දිනක ඔහු වෙළෙන්දෙකු සුදු සිල්ක් වලින් සැදු වටා පතක් පුජා කරනවා දැක ඔහුගේ ඇසට කඳුළු නැගිණ. (චීන වෙළෙන්දෙකු විය යුතුය)

පෙර රජ කෙනෙකු මධ්‍ය ඉන්දියාවට දුතයන් යවා බෝ පලයක් ගෙන්වා ගත්තේය. (ශ්‍රී මහා බෝධිය) ඔහු එය මෙම විහාරය අසල පැල  කළේය.මෙම බෝ ශාඛය අඩි 300ක් උසට වර්ධනය වුනි. මෙම ගස ගිනිකොන දෙසට නැමුණු නිසා එය පෙරලේ යයි බියෙන් මෙයට මුක්කු කණුවක්  සිටවිමට කටයුතු කළේය. ගස මෙම මුක්කුවේම වර්ධනය වී මුලක්  මුක්කුව හරහා පොලවටම  වර්ධනය විය. අසල පොලවේ එය මුල් අද වෙනම ගසක් සේ බඹ හතරක පමණ ලොකුවට වර්ධනය විය. මුක්කුව මැදින් පලුනද එය ඉවත් නොකර එලෙසම තිබෙන්නට ඇරියහ .මෙම ගස යට බුදු ගෙයක් සාදා ඇත්තේය. මෙහි තුල ඇති ප්‍රතිමාව දෙස කොතරම් බලා සිටියද මහන්සියක් නොදැනෙන බව භික්ෂුන් හා සැදැහැවතුන් කියති.

නගරයෙහි ධන්ත ධාතුව සඳහාද විහාරයක් ගොඩ නගා ඇත්තේය. එයද අනෙක් පුජස්ඨාන මෙන්ම ඉතා වටිනා සත් වර්ගයක් රන් රිදී මුතු මැණික්  යොදා අලංකාර කර ඇත්තේය.

රජු බ්‍රහමිය ලෙස ආගමික පුජාවන් පවත්වයි. එසේම පුරවැසියන්ද ආගමට බොහෝ  ලැදි වෙති. මේ රජය පටන්ගත් දා සිට කැරලි, විනාශයන් හෝ සායයන් ඇතිවී නොමැත්තේය.( එකල චීනයට සාපේක්ෂව විය යුතුය)

http://lakshmanillangakoon.blogspot.com/2017/09/3-30-3.html











3 - ටොම් සෝයර් සහ මැල්සිරිපුර කුරුඳු වැවීම - 3

අල්ලපු වත්තේ වැඩ කරමින් සිටි ආච්චි පසුව මගේ බිරිඳ සමග කතාවට වැටුනාය. ඇය කියා සිටියේ එතන සිටින දරුවන් දෙගොල්ලකගේ මවුවරුන් මැද පෙරදිග වැ...