Thursday, September 29, 2016

විශාල රාජ්‍යයක් අසල කුඩා රාජ්‍යයක් ස්වාධීනව සිටීම.











විශාල රාජ්‍යයක් අසල කුඩා රාජ්‍යයක් ස්වාධීනව සිටීම.

විජය කුමරු ලංකාවට පැමිණෙන විට ලංකාව පාලනය කරන්නේ මහා වංශයේ යක්ෂ යනුවෙන් හැදින්වෙන ගෝත්‍රයක් මගිනි. බොහෝ විට ඔවූහු මුහුදු කොල්ලකරුවන් සහ මුතු සදහා කිමිදෙන්නන් විය යුතුය.

කුවේනිය විජය කුමරු සමග මිත්‍ර වූ පසු, ඔහුට සහ ඔහුගේ පිරිසට ආහාර සදහා ඇය නෞකා වලින් ලබා ගෙන ගබඩා කර තබාගත් ආහාර වර්ග ලබා දුන් බව මහා වංශයේ කියයි. ග්‍රීක රෝම සහ කාතේජ රාජ්‍යයන්ගේ නැව් මෙකල වෙළදාම සදහා ඉන්දියාවට පැමිණෙන්නට ඇත්තේ ලංකාව කිට්ටුවෙනි.

එසේම විජය කුමරුගේ ඇමතියන් ඔහුට රජ කුමාරිකාවක් විවාහය සදහා ගෙන්වා ගැනීමට, එකල දකුණු ඉන්දියාවේ තිබූ ප්‍රධාන රාජධානියක් වන, පාණ්ඩිය රාජ්‍යයේ අගනුවර වන මධුර පුරය වෙත තානාපතියෙකු යවද්දී, ඔහු අත බොහෝ වටිනා ත්‍යාග අතර මුතු විශේෂයෙන් සඳහන් කර තිබීමෙන් පෙනෙන්නේ මුතු ගොඩ ගැනීම බටහිර වෙරළේ එකල සිදු වූ බවයි. මෙලෙස මුතු පර සදහා කිමිදීම කලින් කලට සිදු වී, එය අවසාන වූයේ ඉංග්‍රීසි පාලන සමයේදීය.

විජය රජු පාණ්ඩු කුමරු විවාහ කර ගැනීමෙන් පසු, මදුරපුරයේ තම බිසවගේ පිය රජු වෙත සෑම වසරකම කහවනු ලක්ෂ දෙකක් වටනා මුතු යැවූ බවද මහා වංශය කියයි. මෙලෙස අවුරුදු පතා යම් නියමිත වටිනාකමකට තුටු පඩුරු යැවීමෙන් ගම්‍ය වන පලමුවෙනි කරුණ නම් විජය රජුගේ රාජ්‍යය මදුර රාජ්‍යයේ යටත් රාජ්‍යයක් ලෙස තිබූ බවයි. එහෙත් එවැන්නක් සිදු නොවූ බව අපි දන්නෙමු. එසේනම් අනෙක් වියහැක්ක, දකුණු ඉන්දියාවෙන් එන ආක්‍රමණයන් වලකා ගැනීමට ලීවරයක් ලෙස මෙම සම්බන්ධතාවය විජය රජු හා එම අමාත්‍යයන් පාවිච්චි කර ඇති බවයි.

එසේම විජය යක්ෂ නගරයක් වන සිරිසවත්තු නගරයට පහර දී ජයග්‍රහණය කිරීමෙන්, ලංකාව තුල යක්ෂයන් සම්පූර්ණයෙන් විනාශ කරන්නට ඔහුට හැකි වූයේ නැත. එසේ නම් ළමුන් සමග කුවේනිය විජය රජු විසින් අත්හැර දැමූ පසු ලංකාපුර නැමති යක්ෂ ගෝත්‍රිකයින්ගේ නගරයක් වෙත යාමට නගරයක් ඉතිරි වන්නේත් නැත. මෙම තර්ජන දෙකෙන්ම ආරක්ෂා වීමට මෙම පණ්ඩු රාජකීය පවුලෙන් විවාහයක් කර ගැනීමත්, වාර්ෂිකව කහවනු ලක්ෂ දෙකක වටිනාකමට මුතු, තුටු පඩුරු ලෙස යැවීමත් සිදු වූ බව පෙනේ.




විජය රජු පැමිනීමේ සිට වර්ෂ 306 ක් යන තුරු දකුණු ඉන්දියාවෙන් ආක්‍රමණයක් මේ ලදරු රාජ්‍යයට ඇති නොවන්නට ඇත්තේ සමහර විට විජය රජු සහ ඇමතියන් විසින් කරන ලද රාජ්‍ය තාන්ත්‍රික තුරුම්පුව නිසා වන්නට පුලුවන.

එසේ දකුණු ඉන්දියාවෙන් රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට අවශ්‍යතාවයක් තිබුනේ නැත්නම්, විජය කුමරුට බිසවක් සෙවීමට ඔවුන් කෙලින්ම පණිවිඩ කරුවෙකු යවන්නේ, ඔවුන් හොදින් දන්නා උතුරු ඉන්දියාවේ පිහිටි සිංහ පුරයටය. මක්නිසාද විජය රජු වයස් ගතව තමාගෙන් පසු රජ වන්නට, කුමාරයෙකු ඉල්ලා තානාපතියෙකු යවන්නේ සිංහපුරයටය. එයින් හැගෙන්නේ ඔවුන් සිංහපුරයට යන්ට මාර්ගය දැන සිටි බවත්, සම්බන්ධකම් ඕනෑම වෙලාවක ඇති කර ගන්නට හැකියාවක් තිබුනු බවත්ය.  


මෙයින් පෙනෙන්නේ බොහෝ විට කුවේනිය සහ දරුවන් මේ දුක්ඛිත තත්වයට ඇද වැටුනේ, අප ජාතියේ අනාගතය සුරක්ෂිත කරන්නට වන්නට වීමට පුලුවන් බවය.  

සමහර විට විජය රජු කතාවේ පෙනෙන තරම් නපුරු එමෙන්ම අකෘතවේදී අයෙකු නොවන්නට පුලුවන; ඔහු කුවේනිය ඉවත්කර මදුර පුරයෙන් බිසවක් ගෙන ඒමට කැමති වන්නට ඇත්තේ තම ජාතියේ ආරක්ෂාව සදහා වන්නට පුලුවන.                     

Monday, September 26, 2016

යුධ රහස්












යුධ රහස්
අනෙකෙකුගේ රහසක් දැන ගන්නට බොහෝ දෙනා ප්‍රිය කරති. විශේෂයෙන්ම ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ රහස් වලට ලොකු ඉල්ලුමක් තිබේ. මෙම ඉල්ලුම මත ගොඩනැගී ඇති ව්‍යාපාරද තිබේ.

 එංගලන්තය ටැබ්ලොයිඩ් පත්තරත් යැපෙන්නේ පාඨකයන්ගේ මේ රහස් දැන ගැනීමට ඇති ආසාව නිසාය. යුධ රහස් මේ අතර විශේෂ තැනක් ගන්නේ යුද්ධය; එය කොතරම් භයංකාර වුවත්, සහ රහස් යන දෙකම අහන්ට කැමති, බලන්ට කැමති, දේවල් වන නිසාය.

ඇත්තෙන්ම යුධ රහස් කියන්නේ යුද්ධය දිනා ගැනීමට අප විසින් පාවිච්චි කරන යුද්ධෝපාක්‍රම සතුරාට දැනගන්නට නොලැබෙන පරිදි ආරක්ෂා කර ගැනීමය.

උදාහරණයක් වශයෙන් ක්‍රිස්තු පූර්ව 12 වන හෝ 13 වන ශතවර්ෂයේ ඇති වූවායැයි කියන ට්‍රෝජන් යුද්ධය ගනිමු. එහිදී ග්‍රීකයන් අවුරුදු 10 ක යුද්ධයෙන් පසු ට්‍රෝයි නගරයට ඇතුලු වීමට නොහැකිව, එය ලී වලින් සෑදූ විශාල අශ්වයෙකුගේ ඇතුලට දැමූ සොල්දාදුවන් කිහිප දෙනෙකුගේ මාර්ගයෙන් ඉටුකර ගනි. මෙම අවස්ථාවේ ලී අශ්වයා ඇතුලේ සොල්දාදුවන් සිටීම යුධ රහසකි. එහෙත් ඔවුන් ඝණ අදුරේ අශ්වයා ගෙන් එළියට පැමිණ, බලකොටුව විවෘත කර නගරය ආරක්ෂාව අඩපණ කල පසු, ලී අශ්වයා ඇතුලත සොල්දාදුවන් සගවා තිබීම යුද රහසක් නොවේ. හෝමර්ගේ ඔඩෙස්සි පොතෙන් රසවත් කතාන්දරයක් බවට පත්විය.

එලෙසම ක්‍රිස්තු පූර්ව 331 ඔක්තෝබර් මස 01 දින, මහා ඇලෙක්සැන්ඩර්ගේ ගෞවගමේලා යුද්ධයේද මෙවැනි විශ්මිත යුධ රහසක් තිබිණි. තුන්වෙනි ඩේරියස් රජු විසින් මෙහෙය වනු ලැබූ 2,50,000 ක පර්සියානු හමුදාවට විරුද්ධව විවෘත භූමියක, සටන් කිරිමට ඔහුට තිබුනේ 45,000 ක හමුදාවකි.

යුද්ධය ජය ගැනීම සදහා ඇලෙක්සැන්ඩර් පාවිච්චි කලේ ඔහුගේ සැහැල්ලු අශ්වාරොහක හමුදාව සහ කැටපල් කරුවන් ඩේරියස් රජුගේ හමුදාවේ පලුද්දක් තුලින් ඇතුලට රැගෙන යාමයි. ඇලෙක්සැන්ඩර් එසේ කරන තෙක් මෙය යුධ රහසක් වූ අතර, එය කල පසු එය යුධ රහසක් වන්නේ නැත. ඇලෙක්සැන්ඩර් කරන්නට අර අදින ක්‍රියාන්විතය ඩේරියස් කලින් දැනගත්තේ නම්, ඔහුට පහසුවෙන්ම එය වැලැක්වීමට ඉඩ තිබිණ. පරාජයද වලක්වා ගැනීමට ඕනෑ තරම් ඉඩ තිබිණ.  එහෙත් ඔහුට එය දැන ගැනීමට බැරිවුනු නිසා ඇලෙක්සැන්ඩර් Lord of Asia බවට පත්විය. යුද්ධය අවසන් වී පරම්පරා 80 ක් ගත වීත්, එකල ඇලෙක්සැන්ඩර් අල්ලා ගත් පකිස්තානයේ 'සිකන්දාර්ලා' සිටින්නටත් ඉඩක් නැත. 

1944 ජූනි මස 06 වන දින මිත්‍ර හමුදා ප්‍රංශයේ නෝමැන්ඩි වෙරළේ සිදු කල ගොඩ බැස්සවීමේ ක්‍රියාන්විතය සදහා වූ සූදානමත් මෙවැනි යුධ රහසකි. මෙතරම් ලොකු හමුදා මෙහෙයුමක් පිළිබද තොරතුරු කොතරම් හොදින් ආරක්ෂා කලේද යත්, හිට්ලර් ඇතුලු නාසි හමුදාව බලාපොරොත්තු වුනේ මෙම ගොඩ බැසීම පැස් - ඩී - කැලේහි සිදුවන බවය. ඔවූහු ඒ නිසා ඔවුන්ගේ හොදම පැන්සර් බල ඇණි රදවා තැබුවේ ඒ ප්‍රදේශයේ කිට්ටුවය. මෙම මිත්‍ර පාක්ෂකයන්ගේ කොතැනක ගොඩ බසින්නේද යන යුද රහස නාසි හමුදා දැන ගත්තේ නම් දැන් සංවත්සර පවත්වන නෝමැන්ඩි ගොඩ බැසීම ශෝකාන්තයකින් කෙලවර වන්නට ඉඩ තිබිණ. එහෙත් ජූනි 06 වෙනිදායින් පසුව එහි රහස්‍යභාවයක් ඇත්තේම නැත.

මේ සියල්ල සිදු වී අවසන් වූ දේවල් වෙයි. එහෙත් තවමත් රැක ගන්නා යුධ රහස් ලෝකයේ නොයෙකුත් හමුදාවල තිබෙන්නට පුලුවන. උදාහරණයක් වශයෙන් එක්සත් ජනපදයේ මුහුදේ තිබෙන Strategic Submarine Ballistic Nuclear  නෞකාවල ඕනෑම අවස්ථාවක ස්ථානය මා අසා ඇති පරිදි ඔවුන් වැඩියෙන්ම ආරක්ෂා කරන යුධ රහසයි. එම ස්ථාන සියල්ලම එක් මෙහොතක සතුරාට විශේෂයෙන්ම රුසියාවට දැන ගන්නට පුලුවන් නම්, ඒවා සියල්ල එක්වර විනාශ කර දැමිය හැක. එවිට එක්සත් ජනපදයට මුහුදේ සිට සතුරු රාජ්‍යයක පරමානු අවි ගුවන් ගත කල හැකි මධ්‍යස්ථාන විනාශ කිරීමේ හැකියාව නැතිවේ. මෙම කරුණ යුධ රහසක් වන්නේ තවමත් එවැනි යුද්ධයක් ඇති වී නොමැති නිසාය. ශීතල යුද්ධය අවසන් වූ නිසා මේවා දැන් සමහර විට වෙනස් වී තිබෙන්නට පුලුවන. එහෙත් ඔවුන් අවධානමක් ගන්නට ඉඩක් නැත.

මේ අනුව බලන විට  ලක්ෂ ගණන් සහභාගී වූ අවසන් වුනු යුද්ධයක යුධ රහස් යැයි කිව හැකි යමක් ඉතුරුව තිබිය හැකිද?          

With kings like this who need presidents?









With kings like this who need presidents?
King Wasaba  (121-171 AD ) who led a rebellion against Subaraaja ( Suba, made famous by Saimon Nawagaththegama’s stage drama Suba saha Yasa) made his uncle’s wife, Metta  his chief queen after killing Suba in the final  battle , and ruled Srilanka for 44 years , one of the longest reigns in the history of Srilanka. Incidentally his uncle was the army commander of king suba and he also fell in the same battle.
When he was looking for a suitable bride for his son Wankanasika Thissa , so named probably because of a crooked nose, like Gota Abhaya, he found the daughter of the king Suba  being brought up by a bricklayer,  to whom  her father has given the custody of the  girl before he went to war. Vanka nasika thissa married the princess and became the king but his reign was very short, only 3 years.
When the princess became the Queen she wanted to build a temple at certain place to fulfill a promise to a monk she made when she was being brought up by the bricklayer , but she couldn’t save enough money until her husband died. So when her son Gajabahu is crowned she has sufficient money and buys a piece of land from maha vihara, the foremost temple in Anuradhapura those days , for 100000 golds. And then the king Gajaba buys another land for 100000 golds and donates it to the temple so that the priests dwelling  there, have a sufficient   income to sustain..


Those days, unlike now, king’s will, was the law of the land. And king could do anything he wanted, but this short description, taken from mahawamsa , shows how sensitive the kings and royal family to property rights etcetera.  And this is taking place  long before magna carta , little more than 1000 years before. 

Saturday, September 24, 2016

Lets dig little deeper into, Derana man of the year awards










Lets dig little deeper into, Derana man of the year awards

It was a good thing to do, much more appropriate than media houses collecting money to solve rural sanitary problems. The selection also seems reasonable and had no surprises or selections that would make reasonable people wanting to stand up and walk away but couldn’t do it out of politeness.
The star of the show of course was Kumar  Chokshananda sangakkara , deservingly.  Everybody knew he would be the icon and some more. The problem would have been who would have the jury selected if Sanga didn’t exist. Because there is no person I can think of who can be the icon, Miss kuru- uthumpala ? May be.
She should have been given, not only because she was the first to climb Mount Everest, but for many other reasons too.
1. Before she waved lion flag from Mount Everest I was under the impression that many Srilankan have climbed the Mahameru. Because I have seen many photographs of climbers posing with presidents and  principals before departing for Mount Everest to, I thought, achieve that feat.   She came in and  put things in perspective for us.
2. She pushed Srilanka into an exclusive club too. It has only 04 members, including Srilanka now. The other countries are Poland, South Africa and Croatia and the club is the group of countries   in which a woman has been the first person to reach the top of Mount Everest. May be this is the  moment of truth for Srilankan male chauvinists.
3. Also she, like some of those sportsman who keep on reminding  us that we should look after them, shower them with privileges and gifts because they won this medal or race for the country, doesn’t ask for any largesse  from public funds.
The other conspicuous observation was the sportsman, Scientist and the actress. All three have achieved their success because they live and work or train abroad. What does it show?
Finally I saw a presenter said to Kumar that many a youngster  in Srilanka, if asked, what he want  to  be when he grew up, would say ‘like Kuma’. What should be the reason for that answer, that intense desire?
1.   His posh looks
2.   His style and accent in talking English
3.   Being able to complete his studies whilst playing professional cricket
4.   Achievements in cricket
5.   Ability to select commercial advertisements that doesn’t hurt is iconic image
6.   His bold and famous speech at Lords( 108519 youtube views)


Could be more than one I suppose.

Friday, September 23, 2016

මහා වංශයේ මා කැමතිම රජතුමා මකලන්තිස්ස වන්නේ ඇයි?










මහා වංශයේ මා කැමතිම රජතුමා කවුරුන්ද?
දේවානම්පියතිස්ස රජුගේ සෙනවියෙකු වූ දිග ඇඳුමක් අදින නිසා දීඝසන්ද සේනාපති යැයි ප්‍රසිද්ධ වූ සෙනවියෙකු විසින්, මල්වතු ඔයේ ඉවුරක කරවන ලද දික්සද සෙනවි පිරිවෙනහි විසූ සංඝයා විසින් ලියූ මහාවංශය මහසෙන් (334 – 361) රජු දවස ලියා අවසන් විය.
චීනය හැරෙන්නට මෙතරම් ඈත අතීතයකට ලේඛන ගත ඉතිහාසයක් ඇති ජාතිය අපි වෙන්නෙමු. මෑත ඉතිහාසයේ සුද්දෙකු එය සොයා ගන්නා තෙක් අපි මේ අපගේ විශිෂ්ඨත්වය නොදැන සිටිම වෙනම කාරණයකි.
මහාවංශය ක්රිස්තු පූර්ව 483 සිට ක්රිස්තු වර්ෂ 361 දක්වා අවුරුදු 844 කාලය තුල අතර තුර ශ්රී ලංකාවේ රාජ් පාලනය හා සම්බන්ධ සිද්ධි, ලුණු ඇඹුල් ටිකක් සහිතව සිත් ගන්නා සුලු ආකාරයෙන් පැහැදිලි කරයි. එහි අඩු වැඩියෙන් රජවරු 58 කි. ඉන් දෙදෙනෙකු රැජිනන්ය. කාන්තා විමුක්තියද අමතක කර නැත්තේය.
මෙය මා හත් අට වතාවක් කියවා තිබේ. කියවන හැම විටම එක් රජෙකු සැම විටම මගේ හිත දිනා ගනී. මහාවංශයේ කතා නායකයා යැයි හැගෙන දුටුගැමුණු නොවේ. මාමාවරු දස දෙනාගෙන් නව දෙනෙකු මරා ඉතිරි මාමා රාත්රියට රජ කර වූ පණ්ඩුකාභයද නොවේ. මියගිය තම සහෝදරයා වූ බල්ලාටනාග රජුගේ බිසවව සිටි දැන් තමාගේ බිරිද වන අනුලා දේවිය යුද්ධයෙන් පැරද පලා යන විට, තම රථයේ ඉතිරි කරගෙන තම බිරිදවන සෝමා දේවිය කිරීටයත් සමග බස්සවා ගිය වට්ටගාමිණී අභයත් නොවේ.
අප බොහෝ විට කිසිම අවස්ථාවක කතා නොකරන රජ කෙනෙකුය. ඔහු නම් අනුලා දේවියගෙන් පසු රජ වූ මකලන්තිස්ස ( කාලයේ රජ පවුලේ 80% ක් පමණ තිස්සයන් වූහ.) රජුය.
මෙම මකලන්තිස්ස රජු අනුලාදේවිය රජ වීමට පෙර රජකම් කල  මහාකුලික රජුගේ කූටකන්නතිස්ස නම් දෙවෙනි පුතාය. අනුලා දේවියට බය වී මහණ වී සිට පසුව හමුදාවක් රැස්කරගෙන පැමිණ අනුලා රැජින මරා දමා අවුරුදු 22 ක් ඔහු රාජ් කලේය. සමහර විට ඔහුගේ නමේ විශේෂණ පදය වන මකලන් යන්න ඇති වී ඇත්තේ මූකලානයේ සැඟවී සිටි නිසා වන්නට පුලුවන. උදා: වන්කනාසික තිස්ස, දේවානම්පිය තිස්ස, මහදැලියා තිස්ස, දරකැටියා තිස්ස. මේ ඔහුගේ රාජ් කාලය තුල ඔහු කල කර්මාන්තයන්ය. ආගම සදහා සුලු දේවල් කලද ඔහු ජනතාවගේ අභිවෘද්ධිය සදහා බොහෝ නිර්මානාත්මක දේවල් කර ඇති බව පෙනේ.
චේතිය කන්ද මුදුනේ උපෝසත උත්සව සදහා ගොඩනැගිල්ලක් (ආගම)
එහිම ශෛලමය ස්ථූපයක් සහ බෝධියක් (ආගම)
ගංඟා දෙක අතර[1] පැලගම විහාරය සහ වන්නක නැමැති ඇල (ආර්ථිකය, ඉංජීනේරු සහ කෟෂිකර්මය)
අනුරාධපුර නගරය වටා අඩි දහය හමාරක් උස ගල් ආරක්ෂිත බැම්මක් සහ දිය අඟලක් (ජාතික ආරක්ෂාව)
අනුලා රැජින වාසය කල මාලිගාව ඇයත් සමගම ගිනිබත් කර, කිට්ටුව අලුත් රාජ මාලිගාවක් (ජුගුප්සාජනක දෙයින් හැකි තරම් ඈත්වීම)
ඔහුගේ මව මහණ වූ පසු ඇයට වාසය කිරීමට පුද්ගලික ඉඩමක දාන්තගෙය නම් ආරාමයක් සෑදීම (රාජ් දේපල අපරිහරනය නොකිරීම)

නගරයේ පදුමස්සර උයන[2] (පරිසරය)
ගංගා අතර ඇලවල් කැපීම, නගරයට ආරක්ෂක බැමි සහ අඟල ඉදි කිරීම, වැව් ඉදිකිරීම, තමන්ගේ ඉඩමක මවට ආරාමයක් සෑදීම, වැනි කරුනු වලින් මේ රජු ඉතාමත් බුද්ධිමත්ව රාජ කර ඇති බව පෙනේ.   නිසා ඔහු මගේ මහවංශයේ ප්රියතම රජතුමාය.





[1] බොහෝ විට අඹන් ගග සහ මහවැලි ගග අතර විය යුතුයි.
[2]

වර්ජන වලට මුහුණ දිය යුත්තේ කෙසේද ? සරල උපදෙස් කිහිපයක්

ලංකාවේ තරම් වර්ජන ලෝකයේ කිසිම රටක ඇත්තේ නැත, ඉන්දියාවේ සමහරවිට ප්‍රාදේශීය මට්ටමෙන් තිබෙන්නට පුළුවන, එහෙත් ජාතික වශයෙන් නම් මේ වගේ විහ...