Sunday, November 26, 2023

රජකාලේ කාන්තාවන් ට දඬුවම් ලබා දීම

මම මේ දිනවල නැවත වරක් ෛද්‍ය හෙන්රි මාර්ෂල් ගේ ලංකාව පිළිබඳ පොත කියවමින් සිටිමි. 

ඒ පොතෙහි මහනුවර යුගයේ නොයෙකුත් දඬුවම් පිළිබඳව අපූරු කතාවක් කියවන්නට ලැබී  එය share කරන්නට  සිතුවෙමි.


එකල දරුණුම අපරාධයකට කාන්තාවකට දුන් දඬුවම දියේ ගිල්වා මැරීමයි. මෙය අපට අමුතු දඬුවමක් සේ පෙනුනද ස්කොට්ලන්තයේ ද එකල මෙම දඬුවම තිබුණු බව හෙන්රි මාර්ෂල් කියයි.


එහෙත් මෙයටත් වඩා දරුණු දඬුවමක් කාන්තාවන්ට ලබාදුන් බව කියනු ලැබේ. ඒ වැරදිකරුවන් වූ චූදිතයන් රොඩී ගමකට දූෂණයට ලක් කිරීමට යැවීමයි. 


ඇහැලේපොළ, රජුට විරුද්ධව කැරලි ගසා ුහුදුබඩ ඉංග්‍රීසීන් වෙතට ගිය පසු ඔහු සමඟ ගිය ඔහුගේ දෝලාව ඔසවාගෙන යන්නන්ගේ පවුල් වල කාන්තාවන් ; බිරියන් සහ දියණියන් , මෙලෙස සබරගමුවේ රොඩී ගමක් වෙත යැවීමට රාජසිංහ රජු නියම කළේය.


මෙම දඬුවම ක්‍රියාත්මක කිරීමට පිළියෙල කරන අවස්ථාවේ රොඩී ගම්වල ප්‍රධානීන් ඔවුනට එම දඬුවම ලබා දීම ප්‍රතික්ෂේප කළහ. 


ඔවුන් එයට හේතුව ලෙස දක්වා සිටියේ ඔවුන් එම දඬුවම ලබා දෙනවා නම් ලබාදෙන්නේ දෝලා ඔසවාගෙන යන්නන්ගේ කුලයට වඩා ඉහළ කුලයන්ගේ කාන්තාවන්ට පමණක් බවය.


සමහරවිට ඔවුන් එම හේතුව පෙන්වා දඬුවම් කිරීම ප්‍රතික්ෂේප කළේ  ඇත්තෙන්ම ඇහැලේපොළ , සබරගමුවේ ජනප්‍රිය පුද්ගලයෙකුව සිටි නිසා රාජ උදහස නොලබා , ඔහුට උදව් කිරීමට ද යන සැකයද මතුවේ.

5 comments:

  1. ස්කොට්ලන්තයෙත් දියේ ගිල්වන එක තිබ්බා කිව්වම මට මතක් උනේ රොබින් හුඩ් කතා මාලාවේ එන සිද්ධියක්..ගිස්බන්ව ලී වලින් හදපු අට්ටාලෙකට ගැට ගහලා ගගට පාත් කරනවා හුස්ම ගන්න බැරි වෙන්න.. දියේ ගිලිලා මැරෙන එක භයංකරම අත්දෑකීමක්.

    දූශණය වෙන්න ඉඩ හැරීම පහත් වැඩක්... Mayya

    ReplyDelete
    Replies
    1. ඔව් හුඟ දෙනෙක් මම අහල තියෙනවා මරණය තෝරා ගන්නවා කියලා ඒ දඬුවම දුන්නහම,

      Delete
    2. https://blogs.loc.gov/law/2022/02/swimming-a-witch-evidence-in-17th-century-english-witchcraft-trials/#:~:text=Witch%20swimming%20was%20the%20practice,floating%20indicated%20a%20guilty%20verdict.

      Delete
  2. Brazen Bull - ලෝකයේ තිබුනු කෲරතම වධ බන්දනය වෙන්න ඕන!

    ReplyDelete
  3. රොඩී කුලය හැදෙන්නෙත් එහෙම ගර්හාවට පත්කරලා වැද්දෙක් එක්ක පිටමන් කරපු රාජකීය කාන්තාවකගෙන් කියලා කියන්නේ..

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...