මම කුරුසයේ ගැසීම HIV? Aids හා සමාන කල ඉතා අලංකාර නාට්‍යයක්
නැටුම් පාසලකදී නැරඹුවෙමි. පිටත තන පිටියේ
එම තරුණ සහ ජවවත් සිසුන් මහත් උනන්දුවෙන්
මගෙන් අසන්නට බලාපොරොත්තුව සිටියේ බ්‍රෝඩ්වේ ගැනය.වර්තමානයේ බ්‍රෝඩ්වේ ශාලාවල්
සම්පුර්ණයෙන්ම පාහේ විනෝදාශ්වාදයට පමණක් යොමුවී ඇති නිසා වේදිකා නාට්‍ය බ්‍රෝඩ්වේහි
ඉතාමත් අඩුවෙන් වේදිකා ගතවන බවත් වැඩියෙන් ප්‍රදර්ශනය වන්නේ සංගීතමය නාට්‍ය බවත් මා කීවිට
ඔවුන්ගේ මුහුණු අඳුරු වූ අතර ඒ අසතුටු දනවන ප්‍රවෘතිය අසන්නටවත් ඔවුන් කැමති
නොවුහ.
කස්ත්‍රෝ ගේ රාත්‍රී භෝජනයට එම මන්දිරයට ඇතුළු වන විටම
මගේ බිරිඳට ඇයගේ කැමරාව බාරදීමට සිදුවිය. ගොඩනැගිල්ල ප්‍රාග් කස්ත්‍රෝ යුගයට අයත්
ඉහලින්ම සුඛෝපබෝගී ඉතාම හොඳින් නඩත්තුකර පවත්වාගෙන එන දිලිසෙන කළුගල් බිත්ති සහ
කොටු බෙදන ලද බිමකින් යුක්ත විය. අපි ඇතුල්වුන පිටත ශාලාව එක දොරකින් කෙලින්ම ආහාර
ශාලාවට ඇතුළු වුන අතර එක්වරම අපට එහිදී කස්ත්‍රෝ මුණගැසුණි. ඔහු ඇඳ සිටියේ ඔහුගේ
සාමාන්‍ය හමුදා ඇඳුම වෙනුවට නිල් සිහින් ඉරි සහිත සුට් එකකි. එය මැද තිබුනේ නැති
වුවත් එය නිතර අඳින එකක් නොවන බව නම් පෙනුණි.
ඔහු විප්ලවකරුවෙකු නොවුනා නම් නළුවෙකු වෙන්නට ඉඩ තිබුන
බව මට එවේලේ සිතුනි. ඔහුට නළුවෙකු වෙන්නට අවශ්‍ය, තමන් සම්පුර්ණයෙන්ම යමක එල්බ
සිටීමේ හැකියාව, අනුන්ගේ ආදරයේ සහ අනුමැතියේ
අවශ්‍යතාවය සහ සියලු දෙනාගේ අනුමැතියෙන් ලැබෙන බලයට ඇති කෑදරකම යන සියල්ල තිබුණි. මේ ශාලාවේ, සාමාන්‍යයෙන් සියලු
නායකයන්ට සිටින, ඔහු කියන සියලු දෙයට එකඟ වන ඔහුට සම්පුර්ණයෙන්ම ඇහුම්කන් දෙන
පරිවාරයක්ද සිටියහ. ඔහු වෙන කුමන රැකියාව කලත් ඔහුට චිත්‍රපට ලෝකයේ නම් පහසුවෙන්ම
රැකියාවක් ලබාගැනීමට පුළුවන.
අපේ ජෙෂ්ට ගොපලුවා වූ ලුවර්ස් අපේ කණ්ඩායම කස්ත්‍රෝට
හඳුන්වා දුන් පසු ගැබෝ වචන කිහිපය බැගින් එකතු කළේය. අප අතර සිටි බොහෝ උසින් අඩු
ගාර්සියා මාර්කොයිස් හැරෙන්නට අප අතර සිට පිරිමි සියලු දෙන අඩි හයකට වඩා උස
පුද්ගලයන් වුහ. ඔහු පංතියේ නවක ශිෂ්‍යයකු වාගේ අප සහ කස්ත්‍රෝ අතරට වී කතා කළේය.
ඔහු සහ ස්ට්යිරෝන් අතර මිතුදම සහ ඔහුගේ ඉංග්‍රීසි භාෂා හැකියාව සතුටු සාමිචියට හොඳ පටන්ගැන්මක්
දුන්නේය. එක්වරම කස්ත්‍රෝ මා දෙස එක්වරම බලා “ඔබගේ වයස කියද?” යනුවෙන් ඇසිය.
“ඔක්තෝබර් 17 1915.” මම පිළිතුරු දුන්නේ මම ඒ ප්‍රශ්නයෙන්
පුදුමයට පත්වූ බව නොපෙන්නන්නට උත්සාහ
කරමිනි.
ඔහු ඔහුගේ දිග දබරගිල්ල ඔහුගේ නළලේ දකුණු කෙලවරට දිගු
කරගෙන සිටියේය. සියල්ල නිශ්ශබ්ද විය. ඔහුගේ මුහුණේ ගැඹුරු සිතිවිල්ලක ලකුණු
තැන්පත් විය. මට ඕනෑවට වඩා රඟ පෑමක් සිතට ආවද මොහොතකින් සර්වන්ටේ ගේ දිව්‍ය ලෝකයෙන් මඟ පෙන්වන ලද බැල්ම, දිරාගිය රැවුල,
දෙපසට නැමුණු ඇස් බැම, සහිත දුඛ්කිත සාන්තුවරයාගේ චිත්‍රය මතකයට නැගින. දැන් කස්ත්‍රෝ තම ඇඟිල්ල අවවාදාත්මක අයුරින් ඉහලට ඔසවයි.
“ඔබ මට වඩා අවුරුදු 11 කුත් මාස 5 කුත් දවස් 14 කුත්
වයසින් වැඩිය” කීවේය. ශුභපැතුමාත්මක
සිනහවෙන් ශාලාව පිරි ගියේය. මෙහි දරුවකුගේ ගණන් කිරීමේ හැකියාව ප්‍රදර්ශනාත්මකව
පෙන්නීමේ උවමනාව සහ කණ්ඩායමක තමන් වෙත
ගෞරවය ලබාගැනීමේ උවමනාව මනාව පිළිඹිබු විය. ඔහුගේ හෙමින්ග්වේට ඇති ගෞරවය මට මතක්
විය. ඔහුද මෙවැනිම අවශ්‍යතාවයක් තිබූ තව තරුවකි. ඔවුන් දෙදෙනාගේ එකිනෙකා මෙතරම්
අගය කිරීමට හේතුව කුමක් දැයි සිතාගැනීම එතරම් අපහසු නැත.
දැන් ඔහු ඇස් නපුරු කරගෙන වෙන්ඩි ලුටර්ස් දෙස බැලිය. ඇය
දහවල් අප රජයෙන් දුන් මිනි බසයෙන් බස්සවා ගෙන ටැක්සි වල දමා ගෙන රජයට විරුද්ධ වාදී
අදහස් දරන්නෙකු හා එම අදහස් ලියා බෙදාහැරිම නිසා කිහිපවරක් සිරබත් කෑ එලිසාර්දෝ
සන්චියාස් ගේ නිවසට රැගෙන ගියාය. ඔහු දැනට පෙනෙන හැටියට රජයේ බලපෑමක් නොමැතිව
සිටියි. ඔහුගේ නිවාස පටිගත කිරීමේ උපකරණ සවිකර ඇති බව දන්නා නිසා ඔහු කොහොමටවත්
තමන්ට කියන්න ඕනෑ දෙය කියයි. අපි මෙසේ පැමිණියේ රහසිගතව යැයි අපි සිතා සිටියද අප
එලියට එනවිට අපගේ ඡායාරුප ගත් රුපවාහිනි කැමරා කරු දුටුවිට අපේ වාහන මාරුකිරීමේ
කිසිම ප්‍රයෝජනයක් වී නැති බව අපි දැනගතිමු.
දැන් වෙන්ඩි දෙසට හැරෙමින් ඉදිරියට නැමුණු කස්ත්‍රෝ
“අපිට දැනගන්නට ලැබුන අද දවල් ඔබලා ටික වෙලාවකට නැති වුනා කියල, ඔබලා සාප්පු
සවාරියක ගියාද?” අපේ සිනහවට එකතුවීමට පෙර කෝපය මුසුවූ ඇණුම් සලකුණක් ඔහුගේ මුහුණේ
එක්වරම සලකුණු වී නැතිව ගියේය. අපි රාත්‍රී ආහාරයට ගියෙමු.
ඊයේ අපර භාගයේ; ලේඛකයන්ගේ වෘතිය සමිතිය හරහා විය යුතුය,
ලේඛකයන් 50 ක් හා පමණ සාකච්චාවක් පිළියෙළ කර තිබිණ. මුලින් සංවිධායකයන්
බලාපොරොත්තුව සිටියේ දුසිම් දෙක තුනක් පමණක් වුවත් පසුව හිතුවාට වැඩි ප්‍රමාණයක්
පැමිණි නිසා ඔවුනට ලොකු ශාලාවක් සොයා ගැනීමට සිදුවිය. එතරම් ලොකු සභාගිවන්නන් ප්‍රමාණයකට
එම සභාව අජීවී සහ අමුතු නිශ්ශබ්දතාවයකින් යුක්ත බව අපි දුටුවෙමු. මගේ සිහියට ආවේ
1950 කාලයේ ඇමෙරිකාවේ මෙවැනි රැස්වීම් වල FBI ආයතනය විසින් රැස්වීම පටිගත
කරනවාදැයි තිබූ බියයි.
මගේ සහ ස්ටයිරෝන් ගේ පොත් ගැන සභාවට අවබෝධයක් තිබේ දැයි
සැක සහිත නිසා අපි දෙදෙනා අපේ පොත් හා නාට්‍ය ගැන කෙටි විස්තරයක් කර ප්‍රශ්න තිබේ
දැයි ඇසුවෙමු. එක මිනිසෙකු නැගිට “ඔබලා මෙහි පැමිණීමට හේතුව කුමක්ද?” යනුවෙන්
ඇසිය.
මෙම සරල ප්‍රශ්නය මගේ සිතිවිලි දශක ගණනකට පෙර නැගෙනහිර
යුරෝපයට ගෙන ගියේය; එහිද එකල මෙවැනි රැස්වීමක දේශපාලන අරමුණක් නොමැති බව ඔවුනට
සිතාගන්නට නොහැකි විය. මට සහ ස්ටයිරෝන්ට පිළිතුරක් තිබුනේ නැත. අප කියුබාව ගැන
කුතුහලයක් ඇති බවද කියුබාව ලෝකයෙන් කොන්
වී සිටීමට විරුද්ධ බවද ඒ නිසා කෙටි සංචාරයක් අපට යමක් කියාදෙන්නට පුළුවන්
නිසාත් මෙහි පැමිණි බව මම අවසානයේ කීවෙමි. “නමුත් ඔබේ පණිවුඩය කුමක්ද?” ඔහු අසා
සිටියේය.
No comments:
Post a Comment