Monday, March 5, 2018

අයින්ස්ටයින් , ජීවිතය මරණය සහ මරණින් පසු පිළිබඳව




 දෙවියන් ගැන 


“ මට නම් තමන්ගේ නිර්මාණවලට දඬුවම් දෙන එසේත් නැත්නම් ත්‍යාග දෙන  අපේ සිතුම් පැතුම් වලට සමාන අදහස් දරන දෙවියෙකු ගැන හිතන්නටත් නුපුළුවන.එසේම මට තම භෞතික මරණයෙන් පසු තවත් ජිවත්වන කෙනෙකු ගැන සිතන්නටත් නොහැක, සිතන්නට අවශ්‍යත් නැත; දුර්වල  පුද්ගලයන්ට එවැනි වැඩකට නැති සිතුවිලි පුහු මානය නිසා සිත්හි තබාගෙන සතුටින් ඉන්නට ඉඩ හරිමු, සදාකාලික ආත්මය පිළිබඳව අප වෙත ඇති අද්භූත අවිනිශ්චිත බාවය  , අසිරිමත් මෙලොව ව්‍යුහය සහ එය ස්වභාවය ඇතිකරන්නට බලපාන  ආකාරය පිළිබඳව :  එයින් ඉතාමත් සුළු හෝ කොටසක් තේරුම් ගැනීමට උත්සාහ කිරීම  මට හොඳටම ප්‍රමාණවත්ය."


මරණය සහ දෙවියන්ට ඇති බිය 


"අපේ සිතුවිලි සහ හැඟීම් වල ආකෘතියක් බඳු වූ - මිනිසුන්ගේගේ දුර්වලකම් වල ප්‍රතිබිම්බයක් වූ - ,තම නිර්මානයන්ට් දඬුවම් සහ ත්‍යාග බෙදා දෙන දෙවියෙකු ගැන සිතන්නටවත් මට නොහැකිය. . දුර්වල මිනිසුන් තම මමායනය සහ අහංකාරකම නිසා මෙලෙස එලෙස සිතුවත් කෙනෙකු තමන්ගේ භෞතික මරණයෙන් ඔබ්බට යම් ලෙසකින් ජිවත්වන බව  මට සිතා ගන්නටත් නොහැකිය"


මරණය ජය ගැනීම 


"මම කෙනෙකුගේ ආත්මයේ අමරණීයත්වය  විශ්වාශ නොකරමි. මිනිසුන්ගේ හොඳ නරක ඔවුන්ගේම පාලනයට නතුවනවා පමණක් නොව ඒවා පාලනය කිරීමට අපට ඉහලින් කිසිවෙකු ද නැත්තේය"


මරණයෙන් පසුව දඬුවම් 


“ මිනිසෙකුගේ හැසිරීම සහ ගතිගුණ  ඔහුගේ අධ්‍යාපනය, කරුණාව සහ සමාජ සම්බන්ධතා මත සිදුවිය යුතුය. එයට ආගමික බලපෑම අවශ්‍ය නැත. ඇත්තෙන්ම මිනිසුන් ගේ හැසිරීම්  පාලනය කිරීම සඳහා මරණයෙන් පසු දඬුවම් සහ ත්‍යාග පෙන්වා දිය යුතු වීම මනුෂ්‍යත්වයේ ගෞරවයට  ඉතාමත් කණගාටුදායක තත්වයකි."


අමරණීයත්වය 

“මිනිසුන් යහපත් වන්නේ දඬුවම් සඳහා බිය වීමත් ත්‍යාග සඳහා ඇති කැමැත්ත නිසා නම් අප ඉතාමත් කනගාටුදායක තත්වයකට වැටි ඇති බව පෙනේ.මනුෂ්‍ය සංහතිය අධ්‍යාත්මික  දියුණුවට පත්වනවිට සත්‍ය වශයෙන් ආගමට නැඹුරුවීම මරණයට ඇති බිය, ජිවිත්වෙද්දී සිත්ඇ තුල ඇතිවන  බිය හෝ  අන්ධ විශ්වාසයන් මත රඳා නොපවතිනු ඇති බව මට සිතේ. එය රඳා පවතිනු ඇත්තේ හේතු සාධක සහිත දැනුම,සොයා යාමෙනි. අමරිනියත්වය වර්ග දෙකකි. එකක් ඒ පිළිබඳව අපේ මනසේ තිබෙන හැඟීමයි. ඒ නිසාම එය මායාවක්  වෙයි.අනෙක් තවත් සාපේක්ෂ අමරනියත්වයක් වෙයි. ඒ පරම්පරා කිහිපයක් යනතුරු කෙනෙකු ගැන ඔහු දන්නා අය අතර  තිබෙන මතකයයි. නමුත් සත්‍ය වශයෙන් අමරිනියත්වය තිබෙන්නේ එක තැනක පමණි. ඒ විශ්වයයි."

ආත්මය පිළිබඳව 

"ආගම් ලෙස ගොඩ නැගී ඇති අප කාලයේ ගුප්ත පිළිගැනීම් මටනම් දුර්වල කම සහ පටලවා ගැනීමට වැඩි යමක් ලෙස පෙනෙන්නෙ නැත. අපගේ ඇතුලත අත්දැකීම් තම වර්ගයාගේ ප්‍රචාරණය සහ අපගේ නොයෙකුත් සංවේදක ඉන්ද්‍රියයන්ගෙන් ලැබුණු හැඟීම් හෝ සංකල්පනාවන් පමණක් නිසා , ශරීරයක් නොමැති ආත්මය මට නම් පෙනෙන්නෙ හිස් කිසිම තේරුමක් නැති යමක් ලෙසටය".


3 comments:

  1. මට හිතෙන්නේ බෞද්ධ ධර්මයේ සත්‍ය අවබෝධ කරගත් තැනැත්තා නැවත ඉපදීමේ චක්‍රයෙන් මිදෙනවය කියන ඉගැන්වීමේ තියන ලොජික් එක එයයි.

    ReplyDelete
  2. අගනා විග්‍රහයක්!

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...