පසුගිය දිනක මගේ මිතුරන් දෙදෙනෙකු දුර
බැහැරක සිට අපේ නිවසට පැමිණියහ. ඔවුන් සමග පොඩි අඩියකින් පසු රාත්‍රී අහාර ගෙන නිදාගත් පසු මට ඇහැරෙන්නට
පරක්කු වූ හෙයින් බල්ලා සිටින නිසා පහලට ඒමට නොහැකිව එක් මිතුරෙකු උඩ තට්ටුවේ සිට
මට දුරකථන ඇමතුමක් දී ඇති නමුදු රින්ස් කිහිපයකින් පසුව නැවතී ඇත. පසුව මගේ පෝන්
එක නැතිවී ඇති බව දැනගතිමු. ගෙදර සාමාන්‍යයෙන් මම තබන තැන්වල බැලුවත් සොයාගැනීමට
නොහැකි වුනු නිසා අප පෙරදින හවස ගිය ගමේ සුපර් මාකට එකට ගොස් ඇසුවද හමුවුනේ නැත.
එහි අයිතිකරු මට කියාසිටියේ ඔහු ගාව එසේ පරණ
දමාගිය පෝන් දෙකක් තිබෙන බවත් නමුත් ඊයේ රාත්‍රියේ නම් කවුරුත් පෝන් එකක් හමුවී
ඔහුට බාර නොදුන් බවත්ය. අප ගෙදර පැමිණිය පසු එතන සිටි මිතුරෙකු මගේ පෝනය තිබෙන තැන
ගූගල් හරහා පරීක්ෂා කළ අතර පෝන් එක තිබෙන්නේ නිවසේ යැයි ගූගල් මැප් එකේ පෙන්වා
දුන්නේය. ඉන්පසු නැවත වරක් ගෙදර පරීක්ෂා කලද පෝන් එක සොයා ගැනීමට නොහැකි විය.
ගූගල් එකවුන්ට් එකට ගොස් මෙලෙස තමන්ගේ ජංගම
දුරකථනය සොයා ගැනීමට මමද ඉගෙන ගත්තෙමි. මෙහිදී මට පුදුමයට කාරණය වුයේ නැතිවූ
දුරකථනය පමණක් නොව ඊට බොහෝ කලකට පෙර පවා මා කල විදේශ සංචාර පවා මෙලෙස බලා ගැනීමට
ඇති හැකියාවයි. ලෝකය දැන් කොතරම් දියුණු වී ඇත්තේද? ඒ සමගම අපිට යම් පුද්ගලිකව
යැයි කිව හැකි තොරතුරක් ඉතිරිව තිබේද (privacy)? යැයි මට සිතුනි.
කොහොම නමුත් දැන් මට දුරකතනයක් අවශ්‍ය
හෙයින් මම මහනුවර සිටිසෙන්ටර් එකේ මොබිටෙල් කාර්යාලයට ගියෙමි. එහි කාර්ය මණ්ඩලයේ,
විශේෂයෙන් ආරක්ෂක නිලධාරින් දෙදෙනාගේ පාරිභෝගික මිත්‍රශීලි ගුණය පිළිබඳව බොහෝ
සතුටට පත්වුනෙමි. නැවත අළුත් දුරකථනයක් ගන්නා තුරු මගේ පරණ දුරකථනයකට පරණ අංකයටම
රුපියල් සියක් ගෙවා සිම් එකක් දමා ගතිමි. ඉන්පසු දහවල් කෑම වෙලාව පැමිණි තිබුණු
නිසා KCC එකේම පිහිටි ම්ලේස්නා ආපනශාලාවට ගියෙමි. හැම් චීස් සැන්විච් එකක් සහ ටි
පොට් එකක් ඇනවුම් කර ඉදිරියෙන් පෙනෙන තේ මිලට ගැනීමට පැමිණි සිටි චීන සංචාරකයන්
දෙදෙනෙකුට තේ පැකට් විකුණන එහි වෙළද සේවිකාවන් දෙදෙනෙකු දෙස බලා සිටියේ වෙන කරන්නට
දෙයක් නොමැති නිසාය. වෙනදා නම් මෙවැනි අවස්ථාවක සිදු වන්නේ දුරකථනය රැගෙන ෆේස්
බුක් එකේ පෝස්ට් කියවීමය.
මෙම චීන සංචාරකයින් දෙදෙනා බොහෝ තේ වර්ග
මිලට ගමින් සිටි අතරම ඔවුන් තේ ගැන වෙළද සේවිකාවන්ගෙන් නොයෙකුත් ප්‍රශ්න ඇසුහ. (චීනුන්ට
තේ විකුනනවා යැයි කිම අයිස්ලන්තයේ මිනිසුන්ට ෆ්‍රිජ් විකුනනවා වැනි යැයි කෙනෙකුට
සිතෙන්නට පුළුවන.)
මේ අවස්ථාවේ වරක් මම චීනයට ගිය විට තේ
විකුණන්නට ඔවුන් කල වැඩ සටහනක් මතක් වී අප එවැනි දෑ නොකිරීම පිළිබඳව කනගාටුවක්ද
සිතුනි. එය එතරම්ම කලාත්මකව සහ සිත්ගන්නා ආකාරයෙන් තරමක් හාස්‍යද එකතු කරමින්
පැවැත්වූ ආකාරය ගැන සිතන විට අපේ තේ සදහා මෙතරම් වෙළදපලක් තිබීමත් පුදුම සහගත යැයි
මට සිතුනි. අපි කරන්නේ ‘කැමති නම් ගනු’ වැනි ආකල්පයකිනි.
එම සංචාරකයන්ගේ ප්‍රධාන ප්‍රශ්නයක් වුයේ එක්
එක් තේ වර්ගය ඔවුන් බැලූ අනෙක් තේ වර්ග වලින් වෙනස් වන්නේ කෙසේද කියාය. මේ සෑම ප්‍රශ්නයට
පිළිතුර වුයේ පහත සදහන් කරුණු වලින් එකකි.
Different taste
Different flavor
Weak
Strong
Middle
Different region
මෙම පිළිතුරු සියල්ලම පාහේ සංචාරකයන්ට
වැටහුනද Different region යන්න වඩාත් පැහැදිලි කර ගැනීමට සංචාරකයන්ට වුවමනා වූ විට
වෙළද සහයිකාවන් එය පැහැදිලි කලේ නුවරඑලිය, නුවර හෝ බදුල්ල වැනි ප්‍රදේශ නාම වලිනි.
අඩු තරමින් ඔවුනට මෙම ප්‍රදේශ පෙන්වාදීම සදහා එලෙස වෙනස් තේ වර්ග වැවෙන ප්‍රදේශ
ලකුණු කල ලොකු සිතියමක් හෝ එසේත් නැත්නම් ටච් ස්ක්‍රීන් එකක් සහිත ලොකු කොපියුටර්
හෝ තිබුණේනම් කොතරම් වටින්නේදැයි මට සිතෙන
විටම මගේ සැන්විච් ඒක පැමිණියේය. මම මගේ සම්පුර්න අවධානය ඒ වෙත යොමුකලෙමි.
මම එය අනුභව කර තේ ත් බි ගෙදර ගියෙමි. දහවල්
නිවසට පැමිණි කෙනෙකු සමග කතාකරමින් සිටියදී මගේ පෝනය නැතිවූ බව කියූ විට ඔහුගේ පෝනයද
ලඟකදී නැතිවී දවස් තුනකට පසු සෙටියේ කුෂන්
ඒක අස්සේ තිබූ හමුවූ ආකාරය කියුවේය.
මම හවස TV බලන ගමන් ඒ මිතුරා කියූ ඒක මතක්වී
නිකමට වම පැත්තේ අත තබා ගන්නා කුෂන් එකත්, ඉඳ ගන්නා කුෂන් එකත් අතර ඉඩ අතරින්
අමාරුවෙන් ඇඟිලි පහලට ඇරියෙමි. අපේ ලොකු අත්තා මෙවැනි අවස්තාවක කියූ වචනයක් මට
මතක් විය. ‘දෙයියෝ සාලේ’ මගේ දුරකථනය ඒ අස්සේ හිරවී තිබුණි.
දෙයියෝ සාලේම තමා ෆෝන් එක සාලෙමනෙ තිබිලා තියෙන්නෙ
ReplyDeletehaha ඇත්තම තමා
ReplyDelete++++++
ReplyDeleteI also lost the phone in an identical way. Luckily found it before I had to buy a new one.
Thanks for your post. If I can remember correctly, the term 'DEYYO SAALE' was started by "Freddie Silva" in a film, most probably in 1970s. Furthermore, I have seen Mr Silva almost every evening at Kottawa junction, catching a 255 double decker bus. He is noticeable due to his height (he may be just 5'), because he was one of few standing passengers who can keep the head up in that packed bus.
ReplyDeletewell I think deyio sale was a common parlance in kandyan areas from ancient times , probably Fredi popularized it
ReplyDeletei think the term was sort of more decent we to say seyio saakki