ඉංජිනේරුවෙකු වූ තම පියා සහ පියාගේ
සහෝදරයාගේ කර්මාන්තශාලා පරිසරයේ හැදී වැදුණු අයින්ස්ටයින් නව නිපැයුම් සහ අලුත් අදහස් වෙත උනන්දුවක්
ඇතිවීම ස්වභාවිකය. අයින්ස්ටයින් ඇත්තෙන්ම තම වෘතිය ජීවිතය පටන් ගන්නේත්,පේටන්ට්
බලපත්‍ර කාර්යාලයකිනි. මෙයට අමතරව ඔහුගේ පියාගේ බාල සහෝදරයා වූ ජෙකොබ් නිසා නව
නිපැයුම් පිළිබඳව උනන්දුව තවත් වැඩි වන්නට ඇත. ඒ ඔහු ව්‍යාපාරිකයෙකු වශයෙන් අසමත්වුවද විදුලි
ඉංජිනේරුවරයෙක් සහ නව නිපැයුම් කරුවෙකු ලෙස යම් සාර්ථක බාවයක් පෙන්වා ඇති නිසාය. ජෙකොබ්
අයින්ස්ටයින් 1886 සිට 1893 දක්වා නොයෙකුත් විදුලි උපකරණ සඳහා පේටන්ට් බලපත්‍ර 7
ක් ලබාගෙන ඇත්තේය.
අයින්ස්ටයින් තම ජිවිත් කාලය තුල ලබාගෙන ඇත්තේ
පේටන්ට් බලපත්‍ර 19 කි. එයින් 16ක් ම ඔහු චලනය වන කොටස් නොමැති ශීතකරණයක කොටස්
සඳහාය.මෙවැනි ශීතකරණයක අවශ්‍යතාවය පිලිබඳ අදහස අයින්ස්ටයින් ගේ සිතට පැමිණ ඇත්තේ 1926
වසරේ ඔහු පුවත්පතක දුටු කනගාටුදායක ප්‍රවෘතියක් නිසාය.ඒ බර්ලිනයේ
පවුලක සියලු දෙනාම ශීතකරණයක විෂ වායු කාන්දුවක් නිසා මිය යාමයි.එලෙස ශීතකරණ
අනතුරුදායක වුයේ ශීතකරණ වල පාවිච්චි කල වායුන් වන සල්පර් ඩයොක්සයිඩ් ,මෙතිල්
ක්ලෝරයිඩ් සහ ඇමෝනියා විෂ වායුන් වීමයි.
මෙවැනි වායුන් වෙනුවට ශක්තියේ ප්‍රභවය ලෙසට
ස්වභාවික ගෑස් යොදාගෙන වැඩකරන ශීතකරණයක් අයින්ස්ටයින් සහ ඔහුගේ මිතුරෙකු වූ ලියෝ
සිලාඩ්[1]
යන විද්‍යාඥයා නිර්මාණය කළහ.එම නිර්මාණයට ඔවුන් යොදාගත් සිද්ධාන්තය ද්‍රව අඩු පිඩනයක් යටතේ අඩු උෂ්ණත්වයකදී නටන්නට පටන් ගන්නා බවය.ඔවුන්
එහි පොම්පය නිර්මාණය කලේ මිනිස් හදවතක පොම්පය ආදර්ශයට ගැනීමෙනි.
නමුත් රටවල් හයක පේටන්ට් බලපත්‍ර 45 ක් පමණ
අයදුම් කිරීමෙන් පසුවත් අයින්ස්ටයින් ශීතකරණය පාරිභෝගිකයන් සඳහා වෙළඳ පොලට ආවේ
නැත.නමුත් ඔවුන්ගේ ඒ සඳහා වූ පේටන්ට් බලපත්‍රය Electrolux සමාගමෙන් ඩොලර් 750[2]
කට මිලට ගත්තද ඇමෙරිකාවේ එකල ඇතිවූ විශාල ආර්ථික කඩාවැටීම සහ ශීතකරණ සඳහා විෂ
නොමැති ෆ්රියොන් වායුව යොදාගැනීමට පටන් ගැනීම නිසා මෙම නිර්මාණය පිලිබඳ උනන්දුව
නැතිවිය.ඒ සඳහා දියුණු කල පොම්පය වෙනම දියුණු කලද එයත් එතරම් සාර්ථක නොවුනේ එයින්
පිටවූ අධික ශබ්ධය නිසාය. පසු කලෙක; 1950 පමණ, මෙම පොම්ප පරමාණු කර්මාන්තයේ න්‍යෂ්ටිකාගාරවල
පාවිච්චියට ගැනින. මෙම ශීතකරණ පිළිබඳව දැන් අලුත් උනන්දුවක් ඇතිවී තිබෙන්නේ සුර්ය බලයෙන් ක්‍රියාත්මක කිරීමෙන් පොසිල ඉන්ධන දහනය අඩු කරගැනීමට තාක්ෂණ දියුණුවෙන් හැකියාව ලැබී තිබෙන නිසාය
අයින්ස්ටයින් සම්බන්ධ වූ තවත් පේටන්ට් බලපත්‍රයක් සමගද සිත්ගන්නා කතාවක් ඈඳි තිබේ. ඒ ඔහු රුඩොල්ෆ් ගොල්ඩ්ස්මීශ්[3]
නම් තව මිත්‍ර විද්‍යාඥයකු සමග නිර්මාණය කල ශබ්දය පරිවර්තනය කිරීමේ උපකරණයයි. මෙම
උපකරණය නිර්මාණය කලේ අයින්ස්ටයින් ගේ ඉල්ලීමකට අනුව විද්‍යාඥයන් දෙදෙනාම ගර්මනියේ
සිටින කාලයේදීය. අයින්ටයින් ගේ මිතුරියක
හා එකල ප්‍රසිද්ධ ගායිකාවක් වූ ඔල්ගා
අයිස්නර් ශ්‍රව්යාබාධයකින් පෙළෙන්නට පටන් ගත්තාය. ඇයට ගායිකාවක වශයෙන් මෙය මහත් හිරිහැරයක් නිසා
අයින්ස්ටයින් මේ සඳහා ඇයට පිහිටවන්නට සිතුවේය.
ඔහු පහත කවියද ගර්මානු භාෂාවෙන් ලියා ගොල්ඩ්ස්මීශ්
ගෙන් මැයට උදව්කිරීමට උපකරණයක් නිර්මාණය කිරීමට සහාය ඉල්ලීය.
A bit technique now
and then
Can also amuse thinkers
Therefore audaciously I am thinking far
ahead
One day we will produce something good together
ඔවුන්ගේ නිර්මාණය ශබ්දය පරිවර්තනය කරන උපකරණයක්
වූ අතර ඔවුහු එයට පේටන්ට් බලපත්‍ර ලබාගත්හ.නමුත් ඔවුන්ගේ මුල් අරමුණ වූ ගායිකාවගේ ශ්‍රවන
හැකියාව වැඩිකිරීම ශාක්ෂාත් කර ගැනීමට ඔවුනට නොහැකි විය.
ඔවුන්ගේ සැලසුම වුයේ අයගේ කනට යම් පටලයක් සවිකර
එය මත ශබ්දයක් පතිත වනවිට එහි ඇතිවන දෝලනයෙන්
අනුරුපික විදුලි ධාරාවක් ඇතිකර එම සංඥාව ඇයගේ කනේ අස්තියකට ලබා දී එම සංඥාව සවනේන්ද්‍රිය
වෙත ලබාදීමටය. නමුත් මෙම නිර්මාණය නාසි වාදය නිසා අතහැර දමා විද්‍යාඥයන් දෙදෙනාටම්
ජර්මනියෙන් පැනයන්නට සිදුවිය. පසුකලෙක ගොල්ඩ්ස්මීශ්ට මෙම නිර්මාණය නැවත පටන් ගැන්මට
අවශ්‍ය වුවද අයින්ස්ටයින් එයට මැලි විය. ඒ අතරම ඇසෙන ශබ්දය විද්‍යුත් ක්‍රමවේදයන්ගෙන්
කිහිප ගුණයක් වැඩිකර ආභාධය ඇත්තාට අසන්නට සැලැස්වීමේ උපකරණ සොයාගැනීම නිසා මෙවැනි උපකරණයක
අවශ්‍යතාවය එතරම් මතු නොවිය.
අයින්ස්ටයින් ගේ තවත් පේටන්ට් බලපත්‍ර යකට මුල්වුයේ
ස්වයංක්‍රියාකාරීව ආලෝකය පාලනය කරන කැමරාවයි.මෙම
නිර්මාණය සඳහා ඔහු ඔහුගේ මිත්‍ර වෛද්‍යවරයෙකු වූ ගුස්ටාව් පීටර් බකි[4]
සමග පේටන්ට් බලපත්‍ර ඉල්ලුම්කරන්නේ ලෝකයේ මුල්ම
ස්වයංක්‍රිය කැමරාව වන kodak සුපර් 6 20 කැමරාව
නිපදවූ 1938 වර්ෂයට වඩා අවුරුදු කිහිපයකට පෙරය.ඔහු මෙම කැමරාව නිර්මාණය කරන්නේ අසනීපවී
සිටි ඔහුගේ බිරිඳට එකල ප්‍රතිකාර කරමින් සිටි
වෛද්‍යවරයා සමගය. එම වෛද්‍ය වරයාටද මිට පෙර x-රේ ඡායාරුප වඩාත් පැහැදිලි ලෙස ලබාගැනීම
සඳහා කරන ලද නිර්මාණයකට පේටන්ට් බලපත්‍ර ලැබී තිබුණි.
අයින්ස්ටයින් ගේ අනෙක් පේටන්ට් බලපත්‍ර අප සියලු
දෙන පුදුම කල යුතුය.
ඔහුගේ එම නිර්මාණය කාන්තා බ්ලවුස් එකකි. එහි
බොත්තම් පේලි දෙකක් තිබූනෙ අයිතිකරු අඟල් කිහිපයක් මහත් වුවහොත් පිටත බොත්තම් පේලිය
යොදාගෙන ඇඳ ගැනීමටය.
අයින්ස්ටයින් ගේ නව නිපැයුම් ඔහුගේ න්‍යායන් තරමටම
සාර්ථක වී නැත්තේ වුවද ඔහු නොයෙකුත් අලුත් අදහස් සඳහා තිබූ උද්‍යෝගය කොතරම් දැයි ඒවායේ
විවිධත්වයෙන් අපට සිතාගත හැක.
[1] Leo
Szilard (1898-1964) හංගේරියානු ජාතික ඉංජිනේරුවරයා, භෞතික විද්‍යාඥයා.
පරමාණු බෝම්බය නිපදවීමටද සම්බන්ධ විය.
[2] වර්තමානයේ ඩොලර්
10,000 ක් පමණ
[3] Rudolf Goldschmidt -
ගර්මානු විද්‍යාඥ සග නව නිපැයුම්කරු.
[4] Gustav peter Bucky -විකිරණ
සම්බන්ධ විශ්සඥ වෛද්‍ය වරයා
++++++++++
ReplyDelete