Wednesday, March 14, 2018

අපිද ? දේශපාලඥයන්ද

අපි දේශපාලඥයන්ගේ වැරදි හොයන්නට ලෝකයේ අංක එකේ රට විය යුතුය. අවස්තාවක් හමුවුන සමවිටකම අපි දේශපාලඥයන්ට බැන වදිමු.රටේ තිබෙන ඕනෑම ප්‍රශ්නයකට වැරැද්ද පටවන්නේ දේශපාලඥයන් ටය. 
ඊයේ ප්‍රවෘති වල රැකියා නොමැති උපාධිදාරීන්ගේ සංගමයේ විරෝධතාවයක් ආර්ථික කටයුතු  අමාත්යංශය වැනි නමක් ඇති අමාත්‍යාංශයක් ඉදිරිපිට තිබුණි. මෙවැනි සංගමයක්  ලෝකයේ තිබෙන එකම රට මෙය විය යුතුය. රැකියා නැති අපොස අසමත්වුවන්ගේ සංගමයක් තිබ්බා  නම් පිළිගන්නට පුළුවන, එහෙත් රැකියා නැති උපාධිදාරීන් ? මේක නම් ලෝකයේ ලොකුම විහිලුව විය යුතුය. 

ආපසු මාතෘකාවට, මෙම විරෝධය අසලට පැමිණි පොලිස් නිලධාරියෙකු අර සංගමයේ එතන සිටි ප්‍රධානියාට කතාකර එම අමාත්‍යංශයේ ලේකම් වරයා මුණගැසී මෙම ප්‍රශ්නය සාකච්චා කිරීමට යෝජනා කළේය. ඒ නායකයා තාප්පයක් උඩට නැග තරයේ ප්‍රකාශ කලේ ඔවුන්ට ලේකම් වරයා සමග කතාකිරීමට අවශ්‍ය නැති බවත් කතාකිරීමට අවශ්‍ය ඇමතිවරයා සමග බවත් එසේ කල යුත්තේත් කිහිපදෙනෙකු ගොස් ඇමතිවරයාගේ කාර්යාලයේ නොව ඇමතිවරයා මේ සෙනග මැදට පැමිණ සියලුම දෙනා සමග බවත්ය. මේ ආකාරයෙන් සිතන සහ වැඩකරන  උපාධිදාරින්ට රැකියා නොමැති වීම නම් පුදුමයක් නොමැති බව මට එය ඇසු විට සිතුනි.
තවත් මෙවැනිම සිද්ධියක් පෙරේදා TV ප්‍රවෘතිවල දුටුවෙමි. ඒ ගම්පහ ආරෝග්‍ය ශාලාවේය. එහි ලිෆ්ට් ඒක හිරවී එහි ඇතුලේ සිටි පවුලක් ලොකු  අකරතැබ්බයකට මුහුණ පෑවේය. අවසානයේ ඒ පවුලේ පියාගේ  ජිවිතයද නැති විය. මෙය අතිශය ශෝකාකුලය. නමුත් ඊට පසු දින ප්‍රවෘති  වල දුටු දෙයින්  අපරටේ සෞඛ්‍ය සේවය වැටි ඇති තත්වය සිද්ධියටත් වඩා ශෝකාකුල බව පෙනේ. පසු  දින එම රෝහල ඉදිරිපිට එහි සේවක සේවිකාවන්; වෛද්‍යවරු ඇතුළුව, විරෝධතාවයක් පැවැත්වුහ. අප පොඩි කාලයේ වැව රවුමේ දත් බෙහෙත් විකුණන මිනිසෙකු මෙන් පොඩි ලවුස්පිකරයක් කරේ එල්ලාගෙන වෛද්‍යවරක්  වැනි පෙනුමක් ඇති කෙනෙකු පොඩි කතාවක්ද පැවැත්විය. ඊට පසුදින හෝ එදිනම එම රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂක වරයා  සමග මෙය සාකච්චා කරන  ලද අතර ඔහු විදුලීබල මණ්ඩලය හා සාකච්චා කර යමක් කරන  බව කියා සිටියේය. 
මේ වෛද්‍යවරයා  මේ රෝහළේ අධ්‍යක්ෂක වරයාය. එසේ නම් රෝහලේ සෑම කටයුත්තක්ම පරිපාලනය කරන ප්‍රධානියා ඔහුය. රෝහලේ එම ප්‍රධාන කටයුතු වලින් එහි විදුලි සෝපානයේ නිසි ක්‍රියාකාරිත්වය සහ ආරක්ෂිතභාවය ඔහුගේ වගකීමකි. ඔහු එය හරියට කළා නම් මෙවැනි ශෝචනීය අවස්තාවන් ඇති වන්නේ නැත. 

එක්කෝ ඔහු ඔහුගේ වගකීම හරියට කල යුතුය. එසේත් නැත්නම් ඔහුට කිරීමට අපහසු බව පවසා එම රාජකාරියෙන් ඉවත්විය යුතුය. ඇත්තෙන්ම මෙයට හොඳම විසඳුම දියුණු රටවල මෙන් රෝහල් කලමනාකරණයට වෛද්‍යවරයෙකු  නොවන දක්ෂ කළමනාකරුවෙකු පත් කිරීමය. එවිට ඔහුට මේ සියලු වගකීම් පවරා දී ඒවා නොපිරිහෙලා ඉටුනොකොලොත් දඬුවම් දීමට පුළුවන. 

මේ රටේ  දේශපාලඥයන් කිසිම වැඩකට නැතැයි  කියන සමාජයේ ඉහලටම අධ්‍යාපනයක් ලැබූ පුරවැසියන්ගේ ක්‍රියාකලාපයන්ය. තවමත් කොට්ටාශ චන්ද ප්‍රතිපල චන්ද දායකයනට බලා ගැනීමට ක්‍රමයක් හදා ගන්නට බැරිව සිටින මැතිවරණ කොමිසමද තවත් මේ නොහැකියාවට හෝ කිරීමට වුවමනාවක් නැතිවීමට  දිදුලන උදාහරණයකි. 

ඡන්ද  දායකයන්ට ලැබෙන්නේ ඔවුනට ගැලපෙන රජයක් යැයි කිවූ මිනිසා ලංකාව කලින් දැන  සිටියාවත් දැයි මට වෙලාවකට සිතෙයි.    

8 comments:

  1. //ඡන්ද දායකයන්ට ලැබෙන්නේ ඔවුනට ගැලපෙන රජයක්// ඒක මරු කතාව.
    අවාසනාවට සුලු පිරිසකට උන්ට ගැලපෙන එකෙක් නැතිව ඡන්ද පත්‍්‍්‍්‍්‍්‍්‍රිකාවෙ චිත්‍ර අදින්න වෙලා

    ReplyDelete
  2. ලංකාවේ උපාධිධාරීන් විශේෂයෙන් කලා උපාධිය කල අය හිතන්නේ ඒ අය උපාධිය ලබා ගත්තහම රජයේ රැකියාවක් ඒ ගොල්ලන්ට දීමට රජය බැඳී ඉන්නවා කියලා. රජයේ කන්තෝරුවේ රස්සාවක් මිස වෙන කිසිවක් එපා. මොකද වැඩ කලත් නැතත් පඩිය ලැබෙනවා අන්තිමට පෙන්ෂන් එකත් තියෙනවා. කිසිම දවසක දැකල තියෙනවද වෘත්තීය පුහුණුවක් ලබා ගත්ත අය මෙහෙම අපිට රස්සාවක් දියව් කියලා උද්ගෝෂණය කරනවා? මම මගේ වෘත්තීය පුහුණුව ලබාගත්තේ ලංක ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ .ඒ පුහුණුව මට වෙන රටකට සංක්‍රමණය වෙන්න සුදුසුකමක් වුණා.අදටත් ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ පුහුණුව ලබා පිටවෙන ළමයින්ව රැකියා වලට බදවගන්න ඉහළ ඉල්ලුමක් තියෙනවා. සමහර ආයතන අපිට මෙතරම් ප්‍රමාණයක් ඕන කියලා කලින්ම ඉල්ලනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් මමත් ඕක අහල තියෙනවා, ඇයි දන්නේ නැහැ මේ වගේ කිහිපයක් මුදල් ගෙවා ළමයින්ට ඉගෙන ගන්නවත් දාන්නේ නැත්තේ කියල. ඇත්තද ඕස්ට්‍රේලියාවේ ජර්මන් ටෙක් පන්සල කියල පන්සලකුත් තියෙනවා කියන්නේ

      Delete
  3. පතිරූප දේශය

    ලංකාව පතිරූප දේශයක්ද තව දුරටත්
    නූගතුන් විසින් උගතුන්ව පාළනය කරන
    මරණය සුලබ මිනිස්කම දුලබ
    ජාති ආගම් භාෂා වලින් කොටු සදාගෙන
    එකිනෙකා සැක කරන
    එකිනෙකා මරා ගන්නා
    විනාශය කරා ඇදෙන දේශය
    නිශ්ශබ්ද වූ යහපත් මිනිසුන්ගේ නිසල හඞ පරයා
    ඇසෙයි මහ හඞ ක්‍රියාශ්‍රීලී අතලොස්සක් වූ
    සමාජයට මාරාන්තික අනර්ථකාරී අන්තවාදීන්ගේ
    ඒ අතර වැදි බණ දෙසයි යථාවාදී තථාකාරී බවින්
    බොහෝ සෙයින් ඈත් වූ කාමාග්නියේ ගැළුණු
    පරපුටු පූජක හමුදාව
    ගසාකයි දේශයේ සම්පත්
    මහජන මුදලින් යාන වාහන මන්දිර
    පිනට ලබාගත් දේශ පාළුවන්
    මිරිකා යුශ උරා බොයි වවුල් හපයක් සේ

    ReplyDelete
    Replies
    1. යතාර්ථය හරිම ලස්සනට ගලපලා තියෙනව

      Delete
  4. රු50000 කලමණාකාර විධායක රස්සාව දාලා රු10000 ස#වර්ධන සහායක රස්සාවට ගිය උපාධිධාරීන් ඉන්න රටක් මේක

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි පුදුම රටක් පුදුම මිනිස්සු

      Delete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...