අයින්ස්ටයින් ඔහුගේ පළමු ඇමෙරිකානු සංචාරයෙන් පසුව මම
දුටු ඇමෙරිකාව නමින් නිව්යෝක් හෙරල්ඩ් ට්‍රිබියුන් පුවත් පතට 1931 මාර්තු මස 21 වන
දින ලිපියක් ලීවේය. එම ලිපියෙන් ඕනෑම රටක ජනයාට එකල පමණක් නොව වර්තමානයේද ඉගෙන ගැනීමට බොහෝ දෑ තිබේ යයි මට සිතේ. මේ එහි පරිවර්තනයයි.
“මම දැන් මේ රට ගැන යමක් ලියන්නට දුන්
පොරොන්දුව ඉටුකරනු කැමැත්තෙමි. එහෙත් මෙය මට එතරම් පහසු කාර්යයක් නොවේ. ඒ මේ රට මා
මෙහි පැමිණි විට කොතරම් ආදරයකින් හා ගෞරවයකින් පිළිගත්තේද යත් මට දැන් අපක්ෂපාති
නිරීක්ෂකයෙකු ලෙස මේ රට ගැන සිතන්නටත් අපහසු වීම නිසාය. මුලින්ම ඒ සම්බන්ධව වචන
කිහිපයක් කියනු කැමැත්තෙමි. පුද්ගල වන්දනාව මට පෙනෙන විදිහට කිසිම විදිහකින්ම සාධාරනීකරණය
කල හැක්කක් නොවේ. මක් නිසාද ස්වාභාව ධර්මය ඇයගේ දරුවන් වෙත බොහෝ ආකාරයෙන්
හැකියාවන් හා දක්ෂතාවයන් බෙදා දෙන්නේය. එම ත්‍යාග වැඩියන් ලැබූ අය; එවැනි අය බොහෝ වෙති, සියලු දෙන තමන්ගේ වැඩ කටයුතු කරගෙන නිසංසල
ජිවිත ගත කරති.
එනිසා එවැනි කිහිප දෙනෙකුට; හරියට
ඔවුනට යම් අතිමිනිස් මානසික බලයක් හෝ චරිත ලක්ෂණයක් ලැබී ඇති සේ, සියලුම සීමාවන් ඉක්මවා අගය කිරීම හෝ ගෞරව කිරීමට
ලක් කිරීම කෙසේවත් නිවැරදි යැයි මට නම්
සිතෙන්නේ නැත. නමුත් මේ මගේ දෛවයයි. මගේ
තාත්වික හැකියාවන් සහ මිනිසුන් සිතන මට ඇති හැකියාවන් අතර ඇති විශාල වෙනසක් ඇති බව
ඔවුන් දැක නැත්තේය.
මෙම තත්වයේ අඩු තරමේ එක යහපත් සැනසිල්ලක්වත් නැත්තේ නම් මෙම තත්වය දරා ගන්නට
බැරි එකක් වෙනවා නොඅනුමානය: ඒ අපේ කාලයේ අපට සතුටු විය හැකි එක් ලකුණකි. ඒ සියලු
දෙන මුදල් පසුපස හඹා යනවා යැයි කියන මේ
සමාජයේ දාර්ශනික සහ අධ්‍යයනය කටයුතු කරන පුද්ගලයනුත් වීරයන් ලෙස සැලකීමයි. මෙයින්
පෙන්වන්නේ බොහොමයක් මිනිසුන් විසින් දැනුම සහ සත්‍ය මුදල් සහ බලයට වඩා වැඩියෙන් අගය කරන බවයි. බොහෝ දෙනෙකු ධනවාදී රටක් යැයි කියන ඇමරිකාවේ මෙය ඉතා
කැපී පෙනෙන අයුරින් පවතී. මෙම පෙන්වා
දීමෙන් පසු මා මෙය ලියන ලියවිල්ලද එය අගය කල යුතු ප්‍රමාණයට වඩා අගය කිරීමට ලක්
නොවනු ඇතැයි මම සිතමි.
මේ රටට පැමිණෙන අමුත්තෙකු මුලින්ම විශ්මයට
පත්වන්නේ මෙහි ඇති තාක්ෂණික දියුණුව සහ සංවිධානත්මක ස්වරුපය නිසාය. පුරවැසියන් විසින් දෛනිකව පාවිච්චි කරන
සෑම දෙයක්ම යුරෝපයට වඩා කාර්යක්ෂමය, නිවෙස් සන්සන්දනය නොකළ හැකි තරමටම උසස් වන අතර
ගෘහ භාණ්ඩ වඩා ප්‍රායෝගිකය.
ඇමරිකාවේ සෑම දෙයක්ම සැලසුම් කර ඇත්තේ
මිනිසුන්ගේ ශ්‍රමය අඩුවෙන් වැය කිරීමටය. මෙම අති විශාල රටෙහි ජනගහනය අඩු නිසා ශ්‍රමයට
ඉහල වැටුපක් ගෙවනු ලැබේ. ශ්‍රමයට ගෙවීම අධික නිසා ඒ වෙනුවට තාක්ෂනය යොදා ගැනීම සහ
ශ්‍රම භාවිතය කාර්යක්‍ෂම කිරීම සදහා විශාල
උනන්දුවක් ඇති වී තිබේ. මෙම උනන්දුවෙ අනෙක් කෙලවර අධික ජනගනත්වයක් ඇති චීනය සහ ඉන්දියාව
වෙති. එවැනි රටවල වැටුප් ඉතා අඩු නිසා තාක්ෂනය යොදා ගැනීමට උනන්දුවක් ඇතිවන්නේ
නැත. යුරෝපය තිබෙන්නේ මේ කෙලවර දෙකට මැදින්ය.
යන්ත්‍රයක් හැකි තරම් දියුණු කළහොත්
ශ්‍රමයට ගෙවිය යුතු අඩුම වැටුපට වඩා ලාභදායක විය යුතුය. තම තමන්ගේ රටවල ජනගහන වැඩි
කර ගැනීමට කැස කවන යුරෝපයේ පැසිස්ට් නායකයන් මේ කරුණ හොදින් මතක තබාගත යුතුය.
නමුත් ඇමරිකාව අධික ආනයන බදු පනවා වෙළද
බඩු රටට ඇතුලුවිම අඩු කිරීමට තැත්කිරීම මෙම කරුණ සමඟ ගැලපෙන්නේ නැත .... නමුත්
වැඩකට නැති සංචාරකයෙකු මෙවැනි ගැඹුරෙන් අධ්‍යයනය කල යුතු කරුණු පිළිබඳව ඕනෑවට වඩා
සිතිය යුතු නොවේ. අනෙක් කාරණය සෑම ප්‍රශ්නයකටම ගැලපෙන පිළිතුරක් තිබේද යන්නත් සැක
සහිත වීමය.
ඇමරිකාවට පැමිණෙන අමුත්තෙකුට ඊළගට පෙනෙන කාරණය
ඇමරිකානුවන් ඉමහත් සතුටෙන් සහ ධනාත්මකව ජීවිතය දෙස බලන ආකාරයයි. ඔවුන්ගේ ඡායා
රූපවල දකින සිනහවෙන් පිරි මුහුණු මෙයට හොඳ සාක්ෂියකි. ඔහු මිත්‍රශීලි, ඕනෑවට වඩා
සිතන්නේ නැති සැමවිට හොඳ දේ බලාපොරොත්තුවන ඊර්ශියා නොකරන කෙනෙකි.
ඇමරිකානුවා යුරෝපියන් මෙන් නොව
ජීවත්වන්නේ යම් අරමුණක් සඳහාය. අනාගතය සඳහායි. ඔහුට ජීවිතය ගමන් කරයි. නිතරම වෙනස්
වෙයි, ඒක තැන පල් නොවෙයි. ඔහු මේ අතින් රුසියානුවන් හා ආසියානුවන්ට වඩා යුරෝපියනට
කිට්ටුවේ.
නමුත් ඇමරිකානුවා යුරෝපියනට වඩා
ආසියානුවන්ට සමාන වන පැත්තක්ද ඇත්තේය. ඔහු තුල යුරෝපියන් තරම්ම පුද්ගල වාදය මානසික
වශයෙන් නැත්තේය. ‘අපි’ යන්න ‘මම’ යන්නට
වඩා ප්‍රමුඛ වෙයි. සමාජ රීති සහ සමාජ සංස්ථාවේ ඇති බලයද මෙයට එකතු වේ. ඒ හේතුවෙන්
පුරවැසියන්ගේ යහපත් ආකල්ප සමාජය පුරාම ඒකාකාර ලෙස විහිදී තිබේ. මෙම සමාජ දියුණුවට
ඇමරිකාවේ ආර්ථික දියුණුවද මහත් සේ බලපා ඇත්තේය. කර්මාන්තශාලාවල, විශ්ව විද්‍යාලවල,
හෝ පුද්ගලික සමාජ සේවයන්හිදී, සාමුහිකව වැඩ කිරීම සහ හැකියාවන් කාර්යක්ෂමව බෙදා
වෙන් කර ගැනීම ඉතාම පහසුවෙන් බාධාවකින් තොරව සිදුවන්නේත් මේ නිසාය. මෙම සමාජ
ආකල්පය බොහෝ විට ඉංග්‍රීසින්ගෙන් ලැබුනක් විය හැක.
රජයේ වැඩ කටයුතු යුරෝපය මෙන් නොව ඉතාම
සිමා සහිත වීම තවත් මගේ නිරික්ෂණයකි. ඇමරිකාවේ දුරකථන, ටෙලිග්‍රාෆ්, සහ දුම්රිය
වැනි ජාතික සේවාවන් පුද්ගලික අංශයෙන් සිදුවීම යුරෝපයන් පුදුමයට පත් කරයි. මෙය
සිදුකල හැක්කේ පුරවැසියන්ගේ සමාජ ආකල්ප නිසාය. ඒ අතරම තවත් කෙනෙකු මුදල් උපයා
ගන්නවාට ඔවුන් අතර ඊර්ශියාවක් පැන නගින්නේත්
නැත.
ඒ අතරම ව්‍යාපාරිකයින්ද යුරෝපයේ ව්‍යාපාරිකයින්ට
වඩා තමන්ගේ සමාජ වගකීම් ගැන සිතති. ඔවුන් තමන්ගේ ධනයෙන් හා මහන්සියෙන් සෑහෙන ප්‍රමාණයක්
සමාජයේ ප්‍රයෝජනය සඳහා යොදවති. ඇමරිකාවේ මෙය ඇති කරන්නට බලකරන්නේ බලවත් මහජන මතයයි. ඒ නිසා කොතරම් වැදගත් සමාජ ක්‍රියාකාර
කමක් වුවද පුද්ගලික අංශයට භාර දීමට පුළුවන.
රජයේ ගෞරවය සහ පිලිගැනීම මධ්‍යසාර
තහනම නිසා හින වීමකට ලක්ව ඇත්තේය. තමන්ට ක්‍රියාත්මක කිරීමට නොහැකි නීති පැනවීම
තරම් අනතුරුදායක ප්‍රතිපත්තියක් රජයකට තවත් තිබිය නොහැක්කේය. ඇමරිකාවේ මේ දිනවල
වැඩි වී ඇති සංවිධානාත්මක අපරාධ වලට හේතුව මෙම නිතිය බව සියල්ලෝ දනිති.
අනෙක් පැත්තෙන් මා සිතන විදිහට බිමහල්
පුරවැසියනට පොදු දේවල් ගැන සාකච්චා කරන්නට ඉඩ ලැබෙන ස්ථානයන්ය. මේ රටේ දැන් ඒ
අවස්ථාව නොමැත්තේය.
මුදල් පසුපස හබා යාම යුරෝපයට වඩා
ඇමරිකාවේ පෙනෙන්නට තිබේ. නමුත් එය අනතුරු ඇඟවීමක් බව මට සිතේ. සතුටෙන් ජීවත්වීමට
මුදල් සහ දේපල අත්‍යාවශ්‍ය නොවන බව ඔවුන් තේරුම් ගන්නට පටන් ගනිමින් සිටිති.
කලාකරුවෙකුගේ කෝණයෙන් බලන විට මෙහි
අලුත් ගොඩනැගිලි සහ දෛනිකව දකින දෑ කලාත්මක ලෙස නිර්මාණය කර ඇති ආකාරය මම ඇත්තෙන්ම
අගය කලෙමි. අනෙක් පැත්තෙන් මෙහි යුරෝපය තරම් සංගීතය සහ චිත්‍ර අගය නොකරන බව
පෙනුනි.
මෙහි විද්‍යාත්මක පර්යේෂණ සිදුකරන
ආයතන පිළිබඳව මට ඇත්තේ ඇති මහත් ගෞරවයකි. ඔවුන් මෙලෙස විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත්‍රයේ
ඉහලටම පැමිණ තිබීම ඔවුන්ගේ ආර්ථික
හැකියාවන් නිසා සිදුවන්නේ යැයි අප සිතාසිටීම වැරදි සහගතය. උනන්දුව, කැපවීම, ඉවසීම සහ සාමුහික හැඟීම
මෙම දියුණුවට ප්‍රධාන හේතුන් වෙයි.
අවසාන වශයෙන් යමක් කියන්නට
කැමැත්තෙමි: එක්සත් ජනපදය අද පෘතුවිය මත තිබෙන තාක්ෂණයෙන් දියුණුම එසේම බලගතුම
රාජ්‍යය වෙයි. අන්තර්ජාතික සම්බන්ධතා මත ඇයට ඇති බලය ගණනය කල නොහැකි තරම්ය. නමුත්
ඇමරිකානුවෝ අන්තර්ජාතික කටයුතු සම්බන්ධයෙන් මෙතක් එතරම් උනන්දුවක් ගෙන නැත. ලොවෙන්
අවි හරණය කිරීම මනුෂ්‍ය සංහතියට ඉතාමත් වැදගත් කටයුත්තකි. අන්තර්ජාතික මැදිහත්
වීමි වලට ඇමරිකාවේ ආකල්ප; වෙනත් අවශ්‍යතාවයක්
නැත්තේ නම් ඇමරිකාවේ ඕනෑකම් සඳහාවත්, වෙනස් විය යුත්තේය. පලවන ලෝක යුද්ධය මහාද්විප
තව දුරටත් වෙන් වී නොමැති බවත් ලොව සියලු ජාතීන්ගේ අනාගතය එකට බැදී තිබෙන බවත් අපට
පෙන්වා දුන්නේය. අක්‍රිය නරඹන්නෙකුගේ චරිතය මෙම රටට ගැලපෙන්නක් නොවේ. ඇමරිකාව එම
චරිතයේ දිගටම රැදී සිටින්නේ නම් එය මුලු මනුෂ්‍ය සංහතියටම අතිශය අනතුරුදායක විය
හැක්කේය.”
ඇමරිකාවේ 1930 ගණන වල dry law (prohibition)ක්‍රියාත්මක කරන්න හේතුවුනේ මොනවගේ තත්වයක්ද? එය ආගමික බලපෑමක්ද? ඇමරිකානුවන්ගේ විවර්ත මනස නිසා prohibition අනර්තකාමී මැදිහත්විමක් බව ලොවට තේරුම් ගියා, අප නම් කරන්නේ අනෙකුත් පාර්ශව වලට චෝදනා කිරීමනේ.
ReplyDeletehttp://www.mtholyoke.edu/~bernt22l/classweb/Liana/Causes.html
Deletetks lot
Delete++++++++
ReplyDelete