මම
ඊයේ නිව්ස් බැලුවේ ස්වර්ණ වාහිනියේය. බොහෝ දිනක් එකින් ඒක බලා වඩාත්ම ස්වාධීන
චැනලය එය යයි මම තීරණය කලේ පසුගිය සතියේය. එහි වාහන අනතුරු වලට සාගල රත්නායකට සහ
සජිත් ප්‍රේමදාස ට පොඩි ප්‍රමුඛත්වයක් දෙන බව සැබෑය , එහෙත් වෙනත් චැනල තරම්ම පක්ෂපාති නැත්තේය. අනික නිව්ස්
කියන අයත් සැහැල්ලුවෙන් වෘතිකයන් ලෙසට එම කටයුත්ත ඉටු කරති.
මට
නිව්ස් වල දුටු සමහර අමුතු දේවල් කිහිපයක්
ගැන ලියන්නට සිතුනි. ඒවායෙන් පළමු වන්න අපොස සා පෙළ ප්‍රතිපලයන් පිලිබඳවය. වඩා හොඳ ප්‍රතිපල ලබා ඇත්තේ කාන්තා සිසුන් බවද කොළඹට වඩා පිට
පලාත්වල ළමයින් විභාගය හොඳින් සමත්වී ඇති බවද පෙනුනි. නමුත් ඇතුළු වීමට 5 වසරේ ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණු ලබාගත යුතු වන එසේම පහසුකම්
වැඩියෙන්ම තිබෙතැයි අප සිතන
රාජකීය ධර්මරාජ ආනන්ද විශාකා මලියදේව මහින්ද
වැනි විද්‍යාල වල ළමයින් හොඳම ප්‍රතිපල
අතර නොසිටීම පුදුම සහගතය. මෙයින් පෙනෙන්නෙ එක්කෝ ශිෂත්ව විභාගය හොඳ මිම්මක් නොවේ, එසේත් නැත්නම් ළමයි එම විද්‍යාලවලට පැමිණි පසු තත්වයෙන්
අඩු වන බවය.
එසේත් නැත්නම් අනික් සියලු සාධක අභිබවා
ටියුෂන් ප්‍රධාන සාධකය බවට පත්වී ඇති බවය. මෙය ජාතික අධ්‍යාපනය සැලසුම් කරන්නන් විසින් ප්‍රවේශමෙන් විශ්ලේෂණය
කලයුතු කරුණකි. ඒ මෙලෙස 5 විභාගයේදී තෝරාගන්නේ සමහරවිට වඩාත්ම
දක්ෂ ළමයින් නොවන්නේද යන වග සොයා බැලීමටය.
දෙවැනි
නිරීක්ෂණය සාගල ඇමති තුමාය. ඔහු අලුත් අමාත්‍යංශයේ ඉතාමත් සතුටෙන් එසේම පහසුවෙන්
කටයුතු කරනවා පෙනුනි. සමහර විට කලින් තිබූ පොලිස් අමාත්යංශය ඔහුට රළු වැඩි වුවා
වන්නට පුළුවන් බව සිතුනි.
තුන්වැන්න
උකස් වෙළඳ දැන්වීම් ජාතික චැනල් වල ප්‍රයිම් ටයිම් නිව්ස් වල යාම පිලිබඳවය. එසේ
සිදුවන ලෝකයේ එකම රට ලංකාව වීමට බොහෝ ඉඩකඩ තිබේ. අපි මධ්‍යම ආදායම් ඇති රටක් වුවාට
සිතින් බොහෝ දුප්පත් බව පෙනේ. සිතින් දිළින්දෝ භාගයවන්තයෝය කියමන මතක්වෙයි. ඒ
මදිවාට රත්තරන් බඩු උකස් තියන්නන්ට තරගයක් පවත්වා කොළඹින් ඉඩම් කැබැල්ලක් තෑගි දෙන
තරගයක්ද දුටුවෙමි. උකස් නොතියන මිනිසුන්ටත් යමක් උකස් තබා තම වාසනාව උරගාන්නට
සිතෙන්නට පුළුවන.
විශ්ව
විද්‍යාල අධ්‍යාපනික නොවන රකියාවන් කරන්නන් ගේ වර්ජනයට මාසයක් පිරි ඇති නිසා ඒ අය දේව
කනලව්වක් කල අයුරු පෙන්විය. ඇත්තෙන්ම කනලව්ව කලයුත්තේ බදු ගෙවන මහජනතාවය. ඒ මෙවැනි
වැඩ කටයුතු පුද්ගලික සමාගම් වලට ටෙන්ඩර් කැඳවා සිදුකරන ලෙසට රජය කරන්නන්ට මොලය
පාදෙන ලෙස ඉල්ලමිනි. එවිට මේ යන වියදමින් සියයට දහයක් වත් වියදම් නොවනු ඇත.
අනුරාධපුරයේ
තම බිරිඳ මරා ඉන්පසු තමන්ද අඩි 80 ක් ගැඹුර පරණ ගල් වලකට පැන සිය දිවි තොර කරගත් මිනිසෙකු ගැන පෙන්විය.
කනගාටුදායක සිද්ධියකි. නමුත් අනික්පැත්තෙන් මට සිතුනේ මේ ඉඩවරයේත් පවතින මේ සා
විශාල වතුර වලක් මිරිදිය මාළු ඇතිකිරීම වැනි ප්‍රයෝජනවත් වැඩකට නොගන්නේ කුමන
හේතුවක් නිසාදැයි යන්නය.
කැරපොත්තන්ට
බය ගණන්කාරයකු වටා ගෙතුණු මොටින් දැන්වීම දැක්කෙමි. එය මා සිතන විදිහට මේ දිනවල
රුපවාහිනි චැනල් වල යන හොඳම වාගේ දැන්වීමකි. සියලුම නළුවන් විශේෂයෙන්ම ප්‍රධාන නළුවා
අලංකාර ලෙස තම වැඩේ කරයි. ඔහුගේ මුහුණ යම් ප්‍රසිද්ධ නළුවෙකුට ඉතාමත් සමාන බව
සිතුන මුත් ඒ කවුදැයි ඔලුවට ආවේ නැත. දැන්වීමකින් සිදුවිය යුත්තේ අපගේ මතකයේ එම
වෙළඳ භාණ්ඩයේ හෝ සේවයේ සන්නාමය මතකයේ රඳවා තැබීමයි.
අපි
ඊළඟට මෙලෙස දැන්වීම දකින විටම අපට වෙළද නාමය මතක් වනවා දැයි බැලීමට තරඟයක් කළෙමු.
දෙවැනි තැනට ආවේ ජාතික සමගියත් ගොඩ නංවන ගමන් තේ විකුණන ‘එයාගේ හැටි දන්නවනේ’
දැන්වීමය.
https://gadyanohothkavi.blogspot.com/2018/03/blog-post_37.html
ReplyDelete