Tuesday, March 20, 2018

හොව්කින්ග් පිළිබඳව




මම මිට අවුරුදු 2 කට පෙර පොතක් ලිව්වෙමි. එය දර්ශන ප්‍රින්ටර්ස් හි  මා මිත්‍ර දර්ශන රැළපනාව විසින් ඉතා උනන්දුවෙන් ප්‍රසිද්ධ කරන ලදී. ඒ  ස්ටීවන් හොව්කින්ග් ගේ සුප්‍රසිද්ධ දේශන හත පිලිබඳවය. ඒ පොත ඉතා ජනප්‍රියව දැන් තුන්වෙනි මුද්‍රනයටද ඇතුළු වී ඇත. පසුගිය සතියේ ඔහු මියගිය නිසා මට ඔහු පිළිබඳව මේ ලියවිල්ල ලියන්නට සිතුනි. ඒ අතරම මගේ පොතේ ඔහු පිලිබඳ විස්තරයද මෙහි අගට ඇතුල් කරමි.


ඔහුගේ අතිශය  ස්වාධ්නත්වය සහ  ආබාධිත   තත්වය නිසා ඔහු මුර්තිමත් කල   මනුෂ්‍යයන්ගේ  මානසික හැකියාවන්ගේ අසීමිත බව  සමග  ඔහුගේ හරි  දැනුමට තිබූ  ඉව සහ කෘර හාස්‍ය, විදාඥ ප්‍රජාව සහ ඔහුට ආදරය කරන්නන් ඔහු තුල දුටු ප්‍රධාන ගුණාංග වුහ.
“ඔහු කෙසේවත් සාමාන්‍ය ලෝකයෙන් වෙන්වූ පොත්ගුල්ලෙක් වූ විද්‍යාඥයෙක් නොවිය. ඔහුගේ පුද්ගලිකත්වය ඔහුට තබූ භෞතික අපහසුතා නිසා කිසිවිටෙකත් අවුල් වුයේ නැත. අයින්ස්ටයින්ගෙන් පසු කිසිම විද්‍යාඥයෙක්  අපේ, කාලය විශ්වය සහ ගුරුත්වාකර්ෂණය පිලිබඳ දැනුම ඔහු තරම පළල්  කලේ නැත.” ශ්‍රීමත් රිස් ,රාජකීය තාරකා විද්‍යාඥ වරයා වරක් කිවේය.
ඔහුට වයස 21 දී ස්නායු රෝගය වැළදෙන විට වෛද්‍යවරුන් කිවේ ඔහුට අවුරුදු දෙකකට වඩා කාලය නොමැති බවය. ඔහු ඔහුගේ ප්‍රියතම සංගීත කරුවා වූ වැග්නර් ගේ සංගීතයට කන්දෙමින් කාමරයට ව බිව්වේය. අවුරුදු දෙකකට  පසු නැවත තමන්ගේ ආචාර්ය උපාධ්යේ නිබන්ධනය කරන්නට පටන් ගත්තේය.
වයස 30 වනවිට ඔහු රෝදපුටුවට බැඳුනු අතර වයස 44 දී නියුමෝනියාව වැළඳී ජීවිතය බේරා ගැනීමට කටහඬ ද ඉවත් ඉරීමට සිදුවිය. ඉන්පසු ඔහු කතාකලේ පුටුවේ අතේ තිබූ පාලකයක් මඟින්  පරිගණකයක් හරහාය.
අයින්ටයින් මෙන්ම හොව්කින්ග් ද කුඩාකල කියවන්නට ලියන්නට ඉගෙන ගැනීමට තරමක් පමාවිය.ගණිතයට , දුර දුවන්නට සහ රසායන විද්‍යාවට පමණක් උනන්දු වූ ඔහු කවදාවත් පංතියේ පළමුවැනියා වුයේ නැත. නමුත් අමාරු ගණිත ගැටළු වලට ඉවෙන් මෙන් හරි  පිළිතුර හිතාගැනීමේ හැකියාවක් තිබුණි.
පසුව කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ උපාධිය අවසානයේ  පළමුවැනි සහ දෙවන ඉහල සාමාර්ථයක් අතර සිටින බව දැනගෙන අවසාන සම්මුඛ පරීක්ෂණයේදී තමන්ට පළමුවෙනි පංතියේ සාමාර්ථයක් නොලැබුණහොත් කේම්බ්‍රිජ් හිම ආචාර්ය උපාධිය කරන බවටත් ලැබුනහොත් ඔක්ස්ඵඩ් යන බවත් කිවේය. ඔහුට ඔක්ස්ෆර්ඩ්  යන්නට ලැබිණ.
ඔහු මෙම රෝද පුටුවට බැඳුනු ජිවිතයෙන්  පරණ ජ්විතයට වඩා සතුටු වන බවත් , ඔහුගේ එකම අරමුණ විශ්වය සම්පුර්ණයෙන් තේරුම් ගැනීමත් , එය මේ තියෙන විදිහට තියෙන්නෙ ඇයිද යන වගත් මෙය තියෙන්නෙ ඇයිද යන වගත් දැනගැනීමට බවය.
ඔහුගේ මුල්ම වැදගත් ශාස්ත්‍රීය සොයාගැනීම   සිදුවුයේ 1970 ඔහු රෝගර් පෙන්රෝස් සමග කාල අවකාශය අසිමිත ලෙස නැමුණු විට ඇතිවන ඒක ලක්ෂික බාවය විශ්වයේ පටන් ගැන්ම බවත් එය බිග් බෑන් අවස්ථාව බවත් අඳුරු ආගාධ ගණිත මාර්ගයෙන් පෙන්වා දීමය.
 හොව්කින්ග් ට වැරදි සිදු නොවුවා නොවේ. එයත් ඔහුගේ ප්‍රියතම විෂයය වූ black hole අඳුරු ආගාධ විශයේමය. 1974 වසරේ ඔහු අඳුරු ආගාධ අවසානයේ තාපය පිටකර විනාශ වන බවත් ජිවිත කාලයක් තුල ඒ තුල  එකතු වූ දත්ත ඒ මොහොතේ විනාශ වන බවත් කිවේය. බොහෝ භෞතික  විද්‍යාඥයන් මෙයට විරුද්ධ  වුහ.ඔවුන් කිවේ එම තොරතුරු සිද්ධි ක්ෂිතිජය හි ගබඩා  විය යුතු බවය.
අවසාන හොව්කින්ග් ට තමන්ට වැරදි ඇති බව වැටහුණි. ඔහු දවසක බාර් එකක මිතුරන් පිරිසක් සමග මේ පිලිබඳ කතා කරමින් සිටියදී එක්වරම තම කටහඬ පාලකයේ උච්චම හඬට වැඩි කළේය. අවන්හලේ සිටි සියල්ලෝම ඒ පැත්තට හැරුනහ.
“මම පිළිගන්නව” හොව්කින්ග් කෑ ගැසුවේය.
“මම පිළිගන්නව තොරතුරු විනාශ වීම වෙන්නේ නැහැ කියල” ඔහු ප්‍රකාශ කළේය.
ඔහුට වයස 37  දී  කේම්බ්‍රිජ් හි ගණිතය පිලිබඳ ලුකැසියන්  මහාචාර්ය වරයා බවට පත්විය. මෙය ගණිතය පළිබඳ එංගලන්තයේ ඉහලම තැන බව එහි කලින් සිටි විද්‍යාඥයන් දෙස බැලූ විට පැහැදිලි වෙයි. අයිසැක් නිව්ටන් ,චාල්ස් බැබේජ් සහ පෝල් ඩිරාක් එයින් තිදෙනෙකි.
ඔහුගේ ලිවීමේ හැකියාවනුත් ඒ තරමටම විශිෂ්ටය.ඔහු ලියු A brief history of time පිටපත් මිලියන් 10 ක් විකුණා භාෂා 40 කට පරිවර්තනය විය.
ඔහු 1965 විවාහ විය. ඇය ඔහුගේ මේ අසනීපය දැනගෙන සිටියාය.දරුවන් තිදෙනෙකු ලැබුවේය. අවුරුදු 26 කට පසු ඇගෙන් වෙන්විය. ඇය ඒ විවාහය ගැන පොතක් ලීවේය. ඔහු ඇති විශාල මමත්වයකින් යුත් කුඩා ළමයෙකු යයි කීවාය. තව අවුරුදු 4 කට පසු ඔහු බලාගැනීමට සිටි හෙදියක සමග විවාහ විය.
ඔහු ඔට්ටු දැමීමටත් එව්වයින් පරදින්නටත් ප්‍රසිද්ධය. 1975 ඔහු ඇමෙරිකානු භෞතික විද්‍යාඥ කීප තෝන් සමග cygnus හොව්කින්ග් වෙතින් පිටවන විකිරණ අඳුරු ආගාධයක ඒවා නොවන බවට ඔට්ටුවක් දැම්මේ Penthouse සඟරාව සඳහා අවුරුද්දක මුදල්  ගෙවීමටය. ඔහු 1990 වේ  පැරදින.19997 වසරේ ඔහු මුලින් කියූ අඳුරු අගාධයේ තොරතුරු විනාශ වීම පිළිබඳව එන්සයික්ලොපිඩියා එකක් ඔට්ටුවක් දමා 2004 වසරේ පරාජය පිළිගත්තේය. 2012 ඔහු හිග්ස් බෝසොම් සොයාගැනීමට බැරි වන බවට ඩොලර් 100 ක ඔට්ටුවක් දමා පරාද විය
“ මම මේ මොලය එහි කොටස් කැඩුණු විට නවතින පරිඝනකයක් ලෙස සලකමි. කැඩුණු පරිඝනක සඳහා දිව්‍යලෝක නැත; එම අදහස අන්ධකාරයට බය මිනිසුන් සඳහා ගෙතුණු  සුරංගනා කතාය,”

මා සිතන විදිහට නිර්වාණය යනු අප නැවත ඉපදෙන්නේ නැති බව සාක්ෂාත් කරගැනීමයි. ඒ අනුව ඔහු නිවන් අවබෝධ කරගෙන ඇති බව මට විශ්වාශය.


මහාචාර්ය ස්ටෙෆන් විලියම් හෝව්කින්ග්

ස්ටෙෆන් විලියම් හෝව්කින්ග් 1942 ජනවාරි 8 වෙනි දින (ගැලීලියෝ මරා දමා හරියටම අවුරුදු 300 කට පසු) එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් හිදී උපත ලැබූවේය. ඔහුගේ දෙමව්පියන්ගේ ගෙදර තිබුනේ උතුරු ලන්ඩනයේ වුවද, දෙවන ලෝක මහා යුද්ධය කාලේ, ඔක්ස්ෆර්ඩ් ප්‍රදේශය දරුවන් ලැබීම සදහා, වඩා ආරක්ෂිත ප්‍රදේශය ලෙස සලකන ලද්දෙන් ස්ටෙෆන්ගේ උප්පත්තිය සඳහා ඔවුහු ඔක්ස්ෆර්ඩ් ප්‍රදේශය පදිංචිය සඳහා තෝරා ගත්හ.  ඔහුට වයස 8 ක් වූ පසු, ඔහුගේ පවුල ලන්ඩනයට සැතපුමි 20 ක් පමණ උතුරින් පිහිටි සාන්ත ඇල්බන්ස් නගරයට පදිංචියට ගියේය. වයස අවුරුදු 11 දී ස්ටෙෆන් සාන්ත ඇල්බන්ස් විද්‍යාලයටද ඉන්පසු තම පියා ඉගෙන ගත් විශ්ව විද්‍යාලය වූ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට ඇතුලු වූයේය. පියා ස්ටෙෆන්, වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නවාට කැමති වුවද, පුතා කැමති වූයේ ගණිතය හැදෑරීමටය.එහෙත් ගණිතය විශ්ව විද්‍යාලයේ නොතිබූ හෙයින්, ඔහු භෞතික විද්‍යාව හැදෑරීය. අවුරුදු තුනකදී, ලොකු මහන්සියකින් තොරව, ඔහු, ස්වභාවික විද්‍යාවට පලවෙනි පන්තියේ ගෞරව සමාර්ථයක් ලබා ගත්තේය.
ස්ටෙෆන්, ඉන්පසු ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා පිළිබඳ අධ්‍යයනය කරන්නවුන් කිසිවෙකුත් නොවූ හෙයින්, තාරකා විද්‍යා අධ්‍යයනය සදහා කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට බැදුනි. ඔහු කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ සිටි ෂෙරෙඩි හොයිල්, ඔහුගේ පරීක්ෂකවරයා බවට සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු වූ නමුත්, ඔහුට ලැබුනේ ඩෙනිස් ස්කියාමාය. ආචාර්ය උපාධිය ලබා ගැනීමෙන් පසු, ඔහු ‍ගොන්විල් සහ කැයුස් විශ්ව විද්‍යාල කොලීජියේ  පලමුවන පර්යේෂණ අධිශිෂ්‍ය බවට පත්විය. 1973 දී අභ්‍යාවකාශ අධ්‍යයන ආයතනයෙන් ඉවත් වී කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ගණිත අංශයේ මහාචාර්ය වරයා බවට පත්විය. මෙම මහාචාර්ය පදවිය ඇතිකිරීම සදහා 1663 දී මුදල් ප්‍රදානය කර ඇත්තේ, එකල විශ්ව විද්‍යාල වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වූ හෙන්ර් ලූකාස් පියතුමා විසිනි. එම පාර්ලිමේන්තු අසුන අයිසැක් බැරෝ විසින්ද පසුව  1669 දී අයසැක් නිවිටන් විසින්ද හොබවන ලදි. ස්ටෙෆන් ක්‍රියාකාරීව විශ්ව විද්‍යාලයේ වැඩ කටයුතු වල යෙදෙන අතර ව්‍යවහාරික ගණිතය සහ න්‍යායාත්මක භෞතික විද්‍යාව අංශයෙහි අධ්‍යක්ෂක වරයෙකු ලෙස කටයුතු කරයි.
ස්ටෙෆන් හෝව්කින්ග්, විශ්වය පාලනය කරන මූලික නීතී පිළිබද බොහෝ කලක් අධ්‍යයනය කළේය. රොජර් පෙන්රෝස් සමග ඔහු, අයින්ස්ටයින්ගේ සාපේන්ෂතාවාදය, අවකාශය - කාලය ට පටන් ගැන්මක්, බිග්බෑන්ග් අවස්ථාවක් ලෙස, තිබිය යුතු බවත් එහි අවසානය අදුරු ආගාධයකින් තිබිය යුතු බවත් පෙන්වා දුන්නේය. මෙම ප්‍රතිඵල, අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයත් කොන්ටම් වාදයත් එකට එකතු කල යුතු බව පෙන්වා දුනි. එම එකතු කිරීමෙන් ඔහු සොයා ගත් එක් දෙයක් නම් අදුරු ආගාධ සම්පුර්ණයෙන් අදුරු නොවිය හැකි බවත්, ඒවාද විකිරණ පිටකර වාෂ්ප වී අවසන නොපෙනී යා හැකි බවයි. අනෙක් තර්කය, චෛතසික කාලයෙන් මැනීමේදී විශ්වයට කෙලවරක් හෝ සීමාවක් නොමැති වීමයි. මෙයින් කියවෙන්නේ විශ්වය පටන් ගත් ආකාරය සම්පූර්ණයෙන්ම නිර්ණය වන්නේ විද්‍යා වේ නීතින් මත බවය.
අවකාශ කාලයේ මහා පරිමාන සැකිල්ල, ජී. එෂ්. ආර්. එලිස් සමග: අයින්ස්ටයින්ගේ  සියවස් සමාලෝචනය, ඩබ්ලිව්. ඊශ්‍රායල් සමග: ගුරුත්වාකර්ශණය සමග අවුරුදු 300 ක්, ඔහුගේ සමහර ප්‍රකාශනයන්ය. ඔහුගේ ජනප්‍රිය පොත් අතර කාලය පිළිබද කෙටි ඉතිහාසයක්, අදුරු ආගාධ සහ ලදරු විශ්වයන් සහ අනෙකුත් නිබන්ධයන්, විශ්වය කෙටියෙන්, මහා සැලැස්ම සහ මගේ කෙටි ඉතිහාසයද වෙයි.
මහාචාර්ය හෝව්කින්ග් ට ගෞරව උපාධි 12 ක් ලැබී ඇත. 1962 දී,CBE ගෞරවයද 1989 දී ගෞරවයේ සහකරු නම්බු නාමයද ලැබුණි. ඔහුට නොයෙකුත් ගෞරවනාම, ත්‍යාග සහ පදක්කම් ලැබී ඇති අතර රාජකීය සමිතියේ අධි සාමාජිකයෙකු හා එක්සත් ජනපද ජාතික විද්‍යා ආයතනයේ සාමාජිකයෙකු වේ.
ස්ටෙෆන්ට වයස 21 ක සම්පූර්ණ වෙද්දීම වාගේ ALS  නමැති ස්නායු රෝගය වැලදුනි. රෝද පුටුවට සීමා වී පරිඝණකකරණය කටහඩ පාලකයකින් කථා කලද, ඔහු තමාගේ පවුල් ජීවිතය (ඔහුට දරුවන් තිදෙනෙකු සහ මුනුබුරන් තිදෙනෙකු සිටී) සහ ඔහුගේ න්‍යායික භෞතික විද්‍යා වේ පරීක්ෂණ කිරීම්, ලොවේ ප්‍රසිද්ධ නගරවල  දේශණ පැවැත්වීම ඇතුලුව කරගෙන යයි. යම් දිනෙක අභ්‍යවකාශයට යාමට ඔහු තවමත් බලාපොරොත්තු වෙයි.


5 comments:

  1. මා සිතන විදිහට නිර්වාණය යනු අප නැවත ඉපදෙන්නේ නැති බව සාක්ෂාත් කරගැනීමයි. ඒ අනුව ඔහු නිවන් අවබෝධ කරගෙන ඇති බව මට විශ්වාශය.+++++++++++++++++++++++

    ReplyDelete
  2. ස්තුතියි.වටිනා ලිපියක්

    ReplyDelete
  3. ස්ටීවන් හෝකින්ස්ගේ අවසාන පර්යේෂණ පත්‍රිකාව පිළිබඳව damith kethaka ලියා තිබුණා.

    ReplyDelete
    Replies
    1. ගූගල් සමාගම විසින් සාදන ලද ජීබෝඩ් නම් ඇප් එක උපකාර කරගනිමින් සිංහලෙන් වොයිස් ටයිප් කරන විට ඉංග්‍රීසි නම් හොඳින් සිංහලෙන් ටයිප් වීම සිංහල නම ඉංග්‍රීසි අකුරෙන් ටයිප් වීම අපූරු සිදුවීමකි.

      Delete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...