Friday, February 23, 2018

දිගු කාලයක් හොඳින් ජීවත්වීමට හැදෑරිය යුතු නිල් වෘත

ලෝකයේ වැඩිම කලක් හොඳ සෞඛ්‍යයෙන් ජිවත්වන ජන කොට්ටාශ 5 ක් අඳුනාගෙන තිබේ.ඔවුන් ජිවත්වන ප්‍රදේශ හඳුනාගත් පසු එම ජන කොට්ටාශ වල සාමාන්‍ය ජිවන රටා පරීක්ෂා කිරීමෙන් වැඩි කලක් හොඳ සෞඛ්‍යයෙන් ජීවත්වන්නට නම් කුමන ආකාරයේ ජිවන පුරුදු අප ගොඩ නගාගත යුතු දැයි අදහසක් ලබාගන්නට පුළුවන. එය එලෙස ජිවත්වන්නට උනන්දුවක් දක්වන්නන්ට  යම් දිශාවක් දක්වයි.

  • මේවා මුලින් සොයාගැනීමේදී එම ප්‍රදේශ වටා නිල්පාට වෘතයක් ඇඳීම නිසා ඒවා නිල් ප්‍රදේශ එසේත් නැතිනම් නිල් වෘත  ලෙස හැඳින්වීමට පටන්ගෙන තිබේ. ඒවා පහත පරිදිය.
    1 ඉතාලියේ සාර්දිනියා දුපත.
    2 ජපානයේ ඔකිනාවා ප්‍රදේශය.
    3 කැලිෆෝර්නියාවේ ලෝමා ලින්ඩා හි ජනයා
    4 කොස්ට රිකා හි නිකොයා අර්ධද්වීපයේ ජනයා
    5 ග්‍රීසියේ ඉකානා දුපත

    ලෝකයේ පුද්ගලයෙකු ගේ සාමාන්‍ය ජිවත්වන ආයුෂ වසර 71.4 කි.අපේ මෙම කාලය අවුරුදු 75 කි. සන්සන්දයක් සඳහා ඇමෙරිකාවේ 79 ක් වන අතර ඉන්දියාවේ අවුරුදු 64 කි.

    මෙම ප්‍රදේශ පහ ලෝක සිතියම පුරාම විසිරි තිබෙන ස්ථාන 5 ක් වීම නිසා මෙම දිර්ගායුෂ යම් ජනතාවකගේ ජන්මයෙන් ලැබෙන දෙයක් හෝ එසේත් නැත්නම් යම් රටකට විශේෂිත තත්වයක්  නොවන බව පැහැදිලි කරගත හැක. දැන් මේ ප්‍රදේශ වල ජනයා දවස ගෙවන ආකාරයෙන් ජිවත්වන ආකාරයෙන් දීර්ග එමන්ම අසනීප අඩු ජිවිත ගතකිරීම සඳහා කුමන ආකාරයේ පුරුදු ඇතිකරගත යුතු දැයි අපට සොයාබැලිය හැක.

    මෙම නිල් ප්‍රදේශ වලට පොදු යයි සැලකිය හැකි පුරුදු සහ ලක්ෂණ මොනවාද?
    1.    පවුල් ඒකකයේ බැඳීම්
    2.    අඩුවෙන් දුම්බීමේ පුරුද්ද
    3.    ගන්නා ආහාර වලින් වැඩි කොටසක් ශාඛ ආහාර වීම.
    4.    නිරතුරුව මධ්‍යම ප්‍රමාණයෙන් භෞතික ක්‍රියාකාරකම්වල යෙදීම - දෛනික වැඩ කටයුතු සඳහා දවසකට සැතපුම් පහක් පමණ  ඇවිදීම, බයිසිකලයෙන් පාසලට යාම , ගොවිතැනෙහි සහ උද්‍යාන කටයුතුවල දීම වැනි.
    5.    ජන කොට්ටාශයකට ක්‍රියාකාරිව බැඳී දවස ගෙවීම.
    6.    සෝයා පරිප්පු වැනි ඇට වර්ග  ආහාරයේ වැඩිපුර  ඇතුලත් වීම.
    7.    තම ජිවිතයට යම් බලාපොරොත්තුවක් අරුතක්  තිබීම. රැට නින්දට යනවිට උදේ නැගිටින්නට හේතුවක් තිබීම.
    8.    ආතතිය අඩු ජිවන රටාවක්
    9.    අඩු කැලරි ප්‍රමාණයක් ආහාර ගැනීම
    10.                       ඇල්කොහොල් විශේෂයෙන් වයින් , මධ්‍යම ප්‍රමාණයෙන් ගැනීම, දවසකට විදුරු දෙකක් පමණ.
    11.                       ආගම් සහ ඇදහිලි වල යෙදී සිටීම.
    12.                       බඩ  පිරීමට 20% ක් අඩුවෙන් ආහාර ගැනීම.
    වැඩි කාලයක් සෞඛ්‍යයෙන් ජීවත්වන්නට අවශ්‍යනම්; අප සියලු දෙනාටම පොදු පැතුමක්, මෙම දර්ශකයන් දෙසට අවධානය යොමුකිරිම ගුනදායක්බව පෙනේ.

    ආයුබෝවන් !

3 comments:

  1. About 20 years ago, there was a radio interview with a 100+ years old WW1 veteran (who, at that time was the only surviving WW1 soldier in Victoria, Australia). Interview went on like this;
    Radio- What is secret to your longevity ??
    WW1 vet- (in a shivering voice) Pllllenty of scotch!
    Rad- Didn't your doctor told you, that it's no good for your health ??
    Vet- Sure he did. But he passed away long ago.

    ReplyDelete
  2. /* ඇල්කොහොල් විශේෂයෙන් වයින් , මධ්‍යම ප්‍රමාණයෙන් ගැනීම, දවසකට විදුරු දෙකක් පමණ.*/

    එතැනින් දියුණු වීම තමයි ප්‍රශ්නය!
    මාත් මුලින් වයින් වීදුරුවක් හෝ විස්කි සෙන්ටිමීටරයක් තමයි පානය කළේ.
    ඉතා කෙටි කාලයකින් තත්වය දියුණු වුනා!

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...