Wednesday, March 21, 2018

තෙල්දෙණියේ වරද කාගේද ?

පසුගිය  දිනවල තෙල්දෙණියෙන් පටන්ගෙන තවත් මහනුවර අසබඩ කුඩා නගර කිහිපයක සිදුවුණු ජාතිවාදී කලබලය, සිදුවිය නොයුතු දෙයක් බව කියන්නටත් අවශ්‍ය නැත, අප සියලු දෙනාම එය හොඳින්ම දන්නෙමු.

අවුරුදු 30ක් පමණ කාලයක් පැවැත්වුණු බරපතල යුද්ධයක් අවසාන කර සිටින අපට ඒ යුද්ධය අවසන් වූ විගස අප බලාපොරොත්තු වූ සාමයේ ප්‍රතිලාභ; සාමය හැරෙන්නට,  ලබාගන්නට හැකිවී නොමැත.

අපගේ නිදහස් යයි කියාගන්න අධ්‍යාපනය සහ සෞඛ්‍ය  ජනතාවට කිසිම වියදම් කරන මුදලට කිසිසේත්ම සසන්දනය කළ නොහැකි ඉතාමත් අකාර්යක්‍ෂම තාවයෙන් සේවා සපයති. රාජ්‍ය ගමනාගමන ආයතන ඉතාම අපුල සේවයක් සපයාදෙමින් දිනපතා අපේ ධනය විනාශ කරති.

අධ්‍යාපනයේ මුදුන් පෙත්තට ගොස්  උපාධිය ලබාගන්නා සිසුන් රජයෙන් රැකියා ඉල්ලා පාරේ කලබල කරති. විනාඩි පහකටත් වඩා ඩු කාලයකට රුපියල්  දහසකටත්  වැඩියෙන් ගෙවා වෛද්‍යවරයෙකු බැලීමට වෙලාවක් වෙන්කරගත්තත් වෛද්‍ය වරයා හමුවෙන්නේ පැය ගණනක් පරක්කු විය. මුදල් නොගෙවෙන තැන්වල තත්වය සිතාගන්නට පුළුවන.
මෙසේ විසඳාගැනීමට ඕනා තරම් ප්‍රශ්න තිබියදී තවත් කුණු ගොඩවල් අවුස්සා ගන්නේ ඇයි? මෙවැනි සුළු ප්‍රශ්නයක් මේ තරම් වත් දුරදිග යන්නට ඉඩ දුන්නේ ඇයි?

මට පෙනෙන සහ හිතෙන විදිහට ඉහත ප්‍රශ්න වලට සහ ඒවා ව්‍යාප්ත වීමට තුඩු දුන් කාරනා පහත පරිදිය.
1. මැරුණු සිංහල තරුණයා වෙනුවෙන් නිතිය ක්‍රියාත්මක නොවේ යයි ඔහුගේ මිතුරන් සහ නෑදෑයනට තිබූ සැකය.- මෙයට වගකිව යුත්තේ ප්‍රදේශයේ පොලිසියයි. එම පිරිසට මෙම තරුණයාට පහරදුන් අයට නියමිත නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පෙනුනා නම් ඔවුන් කලබල කරන්නට පටන්ගන්නේ නැත.නිතිය ක්‍රියාත්මක වීම පමණක් නොසැහෙන බවත් එය ක්‍රියාත්මක වන බව  පිටතින් පෙනිය යුතු යයි කියන්නේ මේ නිසාය.
2. මෙය ජාතිවාදී  ප්‍රශ්නයක් බවට පත්වීමට ඉඩකඩ ඇතිබව පුර්ව අපේක්ෂාවක් (anticipate) නොකිරීම-  එසේ කලේනම් එම ප්‍රදේශයට පොලිස් සහ හමුදා බල ඇණියක් ගුවනින් ගෙනයාමට හැකියාව තිබිණ.ප්‍රදේශයේ ජෙෂ්ට පොලිස් නිලධාරින් සහ පොලිසියේ තීරණ ගන්නන්  මෙලෙස සිද්ධිය හරියට නොකියවිමට වගකිවයුතුය. දවස් කිහිපයකට පසු නුවරට මන්ත්‍රීවරුන් මේ පිළිබඳව සාකච්චා කිරීමට යැවූ හෙලිකොපටරය මේ සඳහා යොදාගන්නට ඉඩ තිබුණි.
3. තෙල්දෙණියේ කඩවල් ගිනිතැබීම ආරම්භ වනවිටම මෙය අසල නගර වලට පැතිරීම වැලක්වීමට එම නගරවල ආරක්ෂාව අතිශයින් වැඩිකළ යුතුව තිබිණ. මෙතරම් විශාල හමුදා තිබෙන රජයකට මෙය ඉතාමත් සුළු වැඩකි. මෙයත් එක්වරම සිදුවී ඇද්දැයි සැක සහිතය. නැත්නම් එම ප්‍රදේශ වල සිද්දීන් ඇති වන්නට හැකියාවක් නොමැත. හෙලිකොප්ටර මුර සංචාර , මුර බල්ලන් වැනි show of force පාවිච්චි කල යුතුව තිබිණ.
4. සමාජ ජාල වල සහ පණිවුඩ ජාල මඟින්  බොරු ප්‍රචාර පැතිරවීම- මෙය ඉතා තදින් සිදුවිය. මෙලෙස පණිවුඩ පතුරවන්නන් අල්ලා ගෙන ඔවුනට නිසි දඬුවම් දීමට රජය ක්‍රියාකළ යුතුව තිබිණ. ජාතිවාදය ඇවිලවීම ලංකාවේ දඬුවම් ලැබිය හැකි වරදක් නම් එය කෑලෑ පත්තරයකින් කලත් වැරදිය, FB එකේ කලත් වැරදිය. FB ඒක යම් වරප්‍රසාද ලත් මාධ්‍යක් නොවේ. එයත් තවත් එක්තරා මාධ්‍ය වර්ගයකි. ඒවායේ වැරදි කරන්නන්ට දඬුවම් දීමට  නීති හදමින් කල් අරින්නට උවමනාවක් නැත. ඒවායේ කරන වැරදිද පවතින නීතියෙන් දඬුවම් කල හැකි නම් දඬුවම්  කල යුතුය.

මේ රටට අනාගතයක් තිබිය යුතුය. වගකීම් ලබාගෙන ඒවායින් වරප්‍රසාද ලබන්නන් වගවිමද කල යුතුය.

1 comment:

  1. කියල වැඩක් නෑ බොස්.

    මේ සටහනේ ඔබ සඳහන් කර ඇති කොළඹදී සිදුවෙන විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගේ පෙළපාලි සහ උද්ඝෝෂණ වලට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර අතින් පයින් ද පහර දීම ගැන සිතන විට, තෙල්දෙණියේ සිදුවීම්වලදී එවැනිම තරුණ කණ්ඩායම් වලට නිදහසේ දේපල විනාශ කරන්නට ආරක්ෂක අංශ විසින් කැමැත්තෙන්ම ඉඩ දුන්න ද කියාත් සිතනවා.

    හරියට 1983 ජූලියේදී සිදු වුණා වගේ.

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...