මහනුවර උඩවත්ත කැලේ අභය භූමියේ, නැගෙනහිර බෑවුමේ, අභිරහස.
මහනුවර උඩවත්ත
කැලේ අභය භූමියේ, නැගෙනහිර බෑවුමේ, අභිරහස.
මහනුවර යුගයේදී,
උඩ වාසල වත්ත නමින් හැදින්වුනු, අක්කර 257 ක, උඩවත්ත කැලේ අභය භූමිය, මහනුවර නගරයේ
පෙනහල්ල වැනිය. තේ කෝප්පයක හැඩය ඇති නගරය තුල, දහවල පුරා සමහර ප්‍රධාන පාරවල් වසා
ගෙන, කෙරෙන පරිසර දූෂණය, යම් තරමකින් හෝ සමනය කරන්නේ, මේ වෟක්ෂ දෙවියාය. මේ කැලේ
නැගෙනහිරින්, ලේවැල්ල ගඟ පසු වූ විට, දුම්බර ද්‍රෝණිය පටන් ගනියි. 1856 ආරක්ෂිත
වනයක් ලෙස නම් කෙරුණු මෙය, මෑත ඉතිහාසයේ එලෙස නම් කෙරුණු, ප්‍රථම වනය බවද මා අසා
තිබේ. නගර සීමාවක් තුල, මෙතරම් විශාල වනයක් පිහිටා තිබීමද, කලාතුරකින් සිදු වන
දෙයකි.
මා ජීවත්
වන්නේද, පහත දුම්බර නිසා, උඩවත්ත කැලේ නැගෙනහිර බෑවුම, මගේ නිවසේ ස්ථීර දර්ශනයේ
රැජිණිය වෙයි.
මම මුලින්ම,
බුල්ඩෝසරයක් දැක්කේද උඩවත්ත කැලය තුලය. අපි
ඒ කාලයේ ඒවා හැදින්වූයේ කැටපිලර් නමිනි; ඒ බොහෝ විට, එකල බුල්ඩෝසර් නිපදවූයේ,
ඇමරිකාවේ කැටපිලර් සමාගම පමණක් වු නිසා, වන්නට පුලුවන. අප පාසැල් යද්දී, මට මතක හැටියට ඒ, හාමුදුරු
නමක්, උඩවත්ත කැලේ නැගෙනහිර බෑවුමේ කොටසක්, තමන්ට අයිතියි කියා, බුල්ඩෝසරයක් රැගෙන
පැමිණ, එම ඉඩම කොටස් කරන අවස්ථාවේදීය. ටික දිනක් මෙය කර ගෙන යන විට, එය ඉඩමේ නීති
ප්‍රශ්නයක් නිසා වැලැක්වුනු අතර, එලෙස සුද්ධ කරන ලද ප්‍රදේශය, තවමත් කැලෑව
වැවෙන්නේ නැතිව, එලෙසම පවතී.
මෙලෙස ඒ කෑල්ලේ
පමණක්, මෙතරම් කාලයක් ගතවීමෙන් පසුවත්, කැලෑව වැවෙන්නේ නැතිව තිබීම, පුදුම සහගතය.
මේ කොටසේ ඉද හිට, අවුරුදු කිහිපයකට වරක්, ගින්නක් හටගනී. ලොකු ගස් හතරක් පහක්
හැරෙන්නට, සම්පූර්ණයෙන්ම තෟණ භූමියකි. මෙසේ දශක ගණනක්, එසේ කැලය නොවැවීමටත්,
වවන්නට කවුරුත් උත්සාහ නොකරන්නටත්, හේතුව කුමක් විය හැකිදැයි, මම කල්පනා කලෙමි.
කෙනෙකුට සිතන්නට පුලුවන්, හේතු වි ඇත්තේ පහත ඒවායින් එක් හේතුවක් විය යුතුය.
1.සාමාන්‍යයෙන්
මහනුවර ප්‍රදේශයේ, ඉඩම්වල බොහෝ තැන්වල, මතු පිටට අඩි කිහිපයක් යටින්, කලුගල් ස්ථරය
තිබේ. මෙම ස්ථානයේ කලුගල ඉතා මතු පිටින් තිබෙන නිසා, ලොකු ගස් වලට පැලවෙන්නට
අමාරුය. නමුත් හරියටම මෙතන පමණක් ඉහලට පැමිණ තිබීම පිලිගන්නට අපහසුය.
2.මෙහි පැමිණෙන
දේශීය හා විදේශීය සංචාරකයන්ට, තෟණ භූමියක නිදර්ශනයක් බලා ගැනීමට සැලැස්වීමට, මෙය
උඩවත්ත කැලේ භාරව සිටින රජයේ දෙපාර්තමේන්තු වට අවශ්‍යය. එහෙයින් ඔවුන් ඝණ කැලයක්
වර්ධනය වීමට ඉඩ නොදෙති.
3.සාමාන්‍යයෙන්
අපේ රටේ සිදු වන විදිහට, අර මුලින් කිවූ ඉඩම් නඩුව, තවමත් උසාවියේ කල් යමින්
පවතිනවා වන්නට පුලුවන. මේ නිසා ඉඩම, නඩුව පටන් ගන්නා අවස්ථාවේ තිබූ ආකාරයටම, තිබිය
යුතු හෙයින්, කවුරුන් හෝ ගස් වැවෙන්නට ඉඩ නොදී සිටිනවා වන්නට පුලුවන.
4.1815 ශ්‍රී
වික්‍රම රාජසිංහ රජු අල්ලා ගෙන මහනුවර සිට කොළඹට ගෙන යන අතරතුර, තමන්ගේ විශාල
ධනයක් සගවා ඇති බවත්, එය තිබෙන තැන දැන්වීමට, තමන්ට එකල ඉංග්‍රීසී ආණ්ඩුකාර වරයා
වූ ශ්‍රීමත් රොබට් බ්‍රවුන්රිග්, හමුවීමට අවශ්‍ය බව දන්වා සිටියේය. සමහර විට එම
නිධානය , මෙතන තිබෙන නිසා, ලොකු ගස් වලට මුල් දුවා, වර්ධනය වීමට අපහසුය.
5.මෙම අක්කර
දහයක් පමණ වර්ග ප්‍රමාණයක, ලොකු ගස් කුඩා කලම කා දමා විනාශ කරන, සතුන් ප්‍රබේදයක්
ජීවත් වේ.
6.සතුරු ආක්‍රමණයකදී,
රාජකීය පවුලට රසහිගතව පැනයාමට, උඩවත්ත කැලය හරහා රහස් උමඟක් තිබූ බව, ජනප්‍රවාදයේ
සදහන් වේ. සමහර විට, උමගේ ප්‍රධාන හන්දියක් මේ ස්ථානයට යටින් පිහිටා තිබෙන නිසා,
ලොකු ගස් හැදෙන්නට අපහසුය.
ඇත්තෙන්ම
පිලිතුර කුමක් විය හැකිද?
දවසක ගිහින්ම බලමු
ReplyDeleteකාරණා කිහිපයක්ම දක්වා ඇති එක අපුරුයි...හතර වෙනි එක ඇත්ත නම් , මෙලහකට එතන ඇත්තේ තඩි වලක්..
ReplyDelete7.අයිතිහාසික වටිනාකමක් ඇති භුමි බාගයක කැලය එලිකිරිම නිසා ඇතිවු දේව උදහසක් නිසා සිදුවන්නකි
ReplyDelete1988 දී, හමුදා බලඇණි කීපයක් යොදවා, උඩවත්ත කැලේ පීරපු අවස්ථාවක තමයි, මා, මේ රක්ෂිතයේ ස්වභාවික අලංකාරය මුලින්ම දැක්කේ. වටිනාකම තේරුම් ගත්තේ.
ReplyDeleteමෙය තවදුරටත් රැකගැනීමට නම්, දැඩි නීති රීති යටතේ පමණක් සංචාරයට අවසර දිය යුතුයි.
කැටපිලර් විතරක් නෙවෙයි, අපේ අය වාහන වලට නම් හදන හැටි 'අති විශිෂ්ටයි' ඔක්කොම ටිපර් රථ 'කැන්ටර්' ඔක්කොම පිකප් ට්‍රක් 'ඩබල් කැබ්' (දැන් නිකම්ම නිකම් 'කැබ් රථ' විතරයි. 'කන්ටේනර් රථ' කියලා ජාතියකුත්, 'වීල්' කියලා ජාතියකුත් තියනවා.
මං හිතන්නේ ඔතැන රාවණා මහ රපතුමා තමන්ගේ ක්‍රිඩ කෞෂලය සදහා භාවිතා කළ ස්තානයක් වෙන්න ඇති.. මොකද වර්ගපුර්ණිකාවට අනුව උඩවත්ත කියන නම ඇහුවම එහෙම හිතෙනවා.. හැක්
ReplyDelete4 වන පිළිතුරට මමද සිංහලේ පොලිටික්කන්ද කැමතියි...
ReplyDeleteඇත්තෙන්ම මෙය රජය සහ විද්වතුන් විසින් සොයා බැලිය යුතු ප්‍රෂ්නයකි .මෙහි යම් කුප්‍රකට අදහසක් තිබිය හැක. එසේ නැත්නම් කැලය වැවිය යුතුය
ReplyDeleteThe Soil. The soil has the game changed. :D
ReplyDeletetend to disagree, how does soil in that particular patch changes so drastically from surrounding area
ReplyDelete