‘නිදහස්‘ සෞඛ්‍යය සේවය පොදු ජනයා සදහා නිදහස් කර ගැනීම.
නිදහස් සෞඛ්‍යය
යනු රටෙහි ජනතාවට, කිසිම බේදයක් නොමැතිව සෞඛ්‍ය පහසුකම් ලබාදීමයි. මේ සදහා, රටේ
ජනතාව ගෙන් බඳු ලෙස ලබා ගන්නා, මුදල් යොදවනු ලැබේ. 2015 අයවැයෙන්, මේ සදහා වෙන්
කරන ලද, ජනතාවගේ මුදල් ප්‍රමාණය රුපියල්
බිලියන 180 කි.
මේ සහ අති මහා ධන සම්භාරයක්, නිදහස් සෞඛ්‍ය සේවය
සදහා යෙදෙව්වද, ඇත්තෙන්ම මෙම සෞඛ්‍ය සේවය නිදහස්ද? පහත සදහන් හේතු නිසා, නිදහස් සෞඛ්‍ය ඒ සදහා මුදල් යොදවන ජනතාවට
කාර්යක්ෂමව බේද බින්නයකින් තොරව නොලැබෙන බව, පිලි නොගන්නට ලංකාවේ කිසිම කෙනෙකුට
නොහැකිය.
1.ලාංකිකයින්
ගෙන් 75%කට වඩා, සුලු හා මධ්‍යම අසනීප වලට ප්‍රතිකාර ගන්නේ, උදේ 8 ට පෙර සහ හවස 5
න් පසු, මුදලට වෙදකම් කරන, රජයේ රෝහල් වල වෛද්‍යවරුන් ගෙනි.
2.විශේෂඥ වෛද්‍යවරයෙකුගේ
උපදෙස් ලබා ගැනීමට ඕනෑ වූ විට, ඉතාමත්ම දුප්පත් රෝගීන් හැරුනු විට, අනෙකුන් යන්නේ
නගර පුරා හතු පිපෙන්නාක් මෙන් ඇතිවී තිබෙන, චැනල් සෙන්ටර් වෙතටය. ඒවායේ එක්
රෝගියෙකු ගෙන් වරකට, සාමාන්‍යයෙන් ශ්‍රමිකයන් දෙදෙනෙකුගේ, දෛනික වැටුප හා සමාන
මුදලක්, අය කරනු ලැබේ.
3.බොහෝ රජයේ
රෝහල් වලද, සමහරක් බෙහෙත් සහ බොහොමයක් විද්‍යාගාර පරීක්ෂණ, පිටතින් මුදල් ගෙවා කර
ගැනීමට, අණ කරනු ලැබේ.
4.ජයවර්ධනපුර
රෝහල වැනි, රජයට සම්බන්ධ රෝහල් වලද, ප්‍රතිකාර සදහා මුදල් අය කරයි.
5.මධ්‍යම; මධ්‍යම
පන්තියේ සිට ඉහලට බහුතරයක්, සියලුම ප්‍රතිකාර සදහා යන්නේ, පෞද්ගලික රෝහල් වලටය.
ඒවායේද බොහෝ රජයේ සේවය කරන වෛද්‍යවරු, අර්ධකාලීනව සේවය කරති.
6.ජනතාවගේ ප්‍රමාණයට
ගැලපෙන තරම්, වෛද්‍යවරුන් නොමැති වීම; පුද්ගලයන් 1000 කට .6 ක් වන මෙම ප්‍රමාණය,
සාමාන්‍යයෙන් දියුණු රටක, අනුපාතයෙන් ¼ ක් පමණ වෙයි. එම තත්වයට යාමට නම්, ශ්‍රී ලංකාවේ දැන්
සිටින වෛද්‍යවරු ප්‍රමාණය 4 ගුනයකින් වැඩිකල යුතුය.
මෙවැනි විශාල සහ ඔඩු ගිය, ජනතාවගෙන් බහුතරයක්
මුදල් ගෙවා සේවා ලබා ගන්නා පද්ධතියකට, නිදහස්, එසේත් නැත්නම්, මුදල් නොගෙවන, සෞඛ්‍ය
සේවාවක් බුක්ති විදීම යැයි කෙනෙකුට, කටහැර කිව හැකිද?
වචනයෙහි
පරිසමාප්ත අර්ථයෙන්ම, නිදහස් සෞඛ්‍ය සේවයක් ජනතාවට ලබා දෙන්නට නම්, ජනතාව විසින්
පත් කරන ලද රජය, පහත සදහන් ආකාරයේ සෞඛ්‍ය සේවා ජාලයක් ඇති කරන්නට කල්පනා කල යුතුය.
සෑම ග්‍රාමසේවක
කොට්ඨාශ දෙකකටම, මධ්‍ය ගතවන ආකාරයට, එක සෞඛ්‍ය මුර පොලක් පිහිටවිය යුතුය. ශ්‍රී
ලංකාවේ ග්‍රාමසේවක කොට්ඨාශ 14000 ක් තිබෙන නිසා, මෙම මුර පොලවල් සංඛ්‍යාව 7000 ක්
පමණ වේ. මෙම මුර පොලක් කුඩා නිවසක්/කාර්යාලයක් විය හැකි වන අතර, විශේෂයෙන් මේ සදහා
පුහුණු කරන ලද, හෙද නිලධාරියෙකුගේ සේවය, ලබා දිය යුතුය. ඒවායේ තම බල ප්‍රදේශය තුල
ජීවත් වන, සියලු දෙනාගේ සෞඛ්‍ය වාර්තා තබාගත යුතුය. කෙනෙකු අසනීප වූ විට, මුලින්ම
යා යුත්තේ මෙතනටය. රුධිර පීඩනය හා වෙනත් මූලික පරීක්ෂණ එතැන සිදුකර, සැක කරන රෝගයට
අනුව, රෝගියා, එයට නියමිත වෛද්‍යවරයෙකු වෙත යැවීම, සිදු කෙරේ. මේ වේලාවන් මනා කලමනාකරණයකින්
සිදු කිරීමෙන්, දැන් සිදුවන වාක් මෙන් රෝගීනට, දවස් ගණන් ඉස්පිරිතාලයේ, බංකු මත
ලතවෙන්නට, සිදුවන්නේ නැත. හරියටම අවශ්‍ය තැනට, අවශ්‍ය වේලාවට රෝගියා යොමු කල හැක.
සෑම මුර පොරවල්
තුනකටම, එක් වෛද්‍යවරයෙකු පත්කල හැක. දවසේ කලින් නිශ්චය කරගත් වේලාවන් තුනකදී, මුර
පොලවලින් වෛද්‍යවරයා බැලිය යුතු යැයි, නිශ්චය කරගන්නා ලද රෝගීන්, මුරපොල වෙත වෛද්‍යවරයා
පැමිණ, පරීක්ෂා කල හැකිය.
වෛද්‍යවරයා
විසින් තීරණය කරන ලද බෙහෙත්, රෝගීන් වෙත ලබා දීමටද, මෙවැනිම ජංගම බෙහෙත් ශාලාවක්,
සෑම ග්‍රාමසේවක කොට්ඨාශ 20 කට එකක් ලෙස ඇතිකල හැක. ඒවාටද කලින් දැන්වූ වේලාවන් වලට,
සෑම මුරපොලක් වෙතට පැමිණ, බෙහෙත් නිකුත් කල හැක.
බරපතල හා
සාමාන්‍ය වෛද්‍ය වරයෙකුට, නිශ්චය කරගත නොහැකි රෝගීන්ට පමණක්, ප්‍රධාන රෝහල් වලට
ගොස්, නියමිත වේලාවේදී, විශේෂඥ වෛද්‍යවරුන් මුණ ගැසී, ඒ අවශ්‍යතා ඉටුකර ගත හැක.
මෙම වෛද්‍ය
මුරපොල ජාලය, තුනේ පොකුරු කණ්ඩායම් වශයෙන්ද, ප්‍රාදේශීය කණ්ඩායම් වශයෙන්ද, දිස්ත්‍රික්,
පලාත් සහ ජාතික වශයෙන්ද, අන්තර්ජාලයෙන් සම්බන්ධ කර, ඒකක සේවා පරිපාලනය සිදු කල
හැක.
මෙම ජාලය
ඉන්දියාවේ කේරලයේ, ඉතියෝපියාවේ සහ තවත් රටවල් කිහිපයක, ප්‍රාථමික වශයෙන් ක්‍රියාත්මක
වේ. අප රට ඒවාට වඩා බොහෝ කුඩා, එහෙත් ශක්සරතාවයෙන් ඉතා ඉහල, ඉහල අධ්‍යාපනයකින්
යුත් ජනතාවකගෙන් යුක්තය. අන්තර්ජාල පහසුකම් රටපුරා විහිදී තිබේ. අපට මෙවැනි, අනෙක්
රටවලට අනුගමනය කරන්නට සිතෙන, සේවා ජාලයක් හදා ගන්නට බැරිකමක් නැත. අවශ්‍යය ඕනෑකමත්,
නිර්මාණශීලිත්වයත්,
කැපවීමත්,
පමණි. අනෙක් සියල්ල තිබේ. මුදල් නැතැයි කියා, බේරෙන්නට පුලුවන් කමකුත් නැත.
මක්නිසාද, අපි දැනටමත් එක් පුද්ගලයෙකුගේ, ඊනියා නිදහස් සෞඛ්‍යය සදහා, වසරකට
රුපියල් 9000 ක්, වියදම් කරන බැවිනි.
මුලු රටටම,
පද්ධතියක් ගොඩනන්වන්නට බයනම්, අඩු ගණනේ, එක් ප්‍රාදේශීය බල ප්‍රදේශයක නියමු ව්‍යාපෟතියක්
ලෙසට, පටන් ගන්නට පුලුවන. එය සාර්ථක වූ පසු, ව්‍යාප්ත කරන්නට හැකි වන්නේය. මෙවැනි
නියමු ව්‍යාපෟතියක්, සාර්ථක තත්වයට පත් වුවහොත්, බිල් හා මිලින්ඩා ගේට් පදනම වැනි,
සංවිධානාත්මකව ජනතා සුභ සිද්ධිය පමණක් සිතේ තබාගෙන, ක්‍රියාත්මක වන පුණ්‍ය
ආයතනයන්ද, උදව් කරනු නිශ්චිතය.
වැඩේ
හරිගියොත්; වරදින්නට කිසිම හේතුවක් නැත, අපේ සෞඛ්‍ය ඇමතිතුමාට, නොබෙල්, මැග්සේසේ,
වැනි අන්තර් ජාතික පිලිගැනීම්, අතේ ඇගිලි වලින් ගණන් කරන්නටත් බැරි තරම්, ලැබෙනු
ඇත.
ලංකාවෙ රෝහල් වල පහසුකම් පිළිබඳව කොහොමටත් සෑහීමකට පත්වෙන්න බෑ. ඉස්පිරිතාලෙක බෙහෙත් ගන්න කොච්චර අමාරුද. පෝලිම් කොයිතරම් දිගද. ඇඳන් නැතිව කොච්චර මිනිස්සු බිම ඉන්නවද. රජයක් විදියට ඔය යොදවන මුදල් කාර්යක්ෂම සේවාවක් වෙනුවෙන් නිසි කළමනාකරණයකින් යෙදවීමක් සිද්ධ වෙන්නෙ නෑ. බෙහෙත් මිලදීගැනීමේ පටන් රෝහල් සේවකයන්ගේ වැඩ වල කාර්යක්ෂමතාවය දක්වා බොහොම අඩුපාඩු තියනවා, අපතේ යැවීමක් සිද්ධ වෙනව. ප්‍රයිවට් ප්‍රැක්ටිස්(pp) කරනව කියල අපි දොස්තරලට බණිනව. හැබැයි ඔය pp ටික නතර උනොතින් බලන්න පුළුවන් මොකක්ද වෙන්නෙ කියල. දොස්තර වරුන්ට බනිනවා වගේම ඔය ප්‍රශ්නෙදි ඒ වෙනුවෙනුත් කතා කරන්න අවශ්‍යයි. ආණ්ඩුව සෞඛ්‍යය වෙනුවෙන් යොදවන මුදල් අඩු කරල හරි ආකාර සේවාවක් සපයන එක පහ හැරීමෙන් තමයි pp වලට මිනිස්සු යන්නේ. පෝලිමේ ඉඳල අමු කට්ටක් කාගෙන බෙහෙත් ගන්න වෙන නිසා තමයි මුදල් ගෙවල මිනිස්සු බෙහෙත් අරගන්න පුරුදු වෙලා තියෙන්නෙ. උදේට සහ හවසට ගමේ ගොඩේ පටන් උනාට හෙම්බිරිස්සාවට බෙහෙත් දෙන දොස්තරලගේ pp වලින් කී දෙනෙකුට බෙහෙත් දෙනව ඇත්ද දවසකට.ඔය කන්දරාව ඉස්පිරිතාල වලටම තල්ලු කරන්න උනොත්? දැනටත් අර තරම් පෝලිම් ගැහෙන ඉස්පිරිතාල වලට කොච්චර සෙනගක් ඒවිද? ඕන්න ඔය ගැටලුවලට විසඳුම් දෙන්නෙ නැතිව කිසි දෙයක් කරන්න බෑ. නියමිත ප්‍රමාණාත්මක වැටුපක් දොස්තර කෙනෙක්ට ගෙවල රෝහල් වල පහසුකම් වැඩි කලොත් ඔය ප්‍රශ්නෙට විසඳුම් ලැබේවි.හැබැයි රජය කරන්නෙ ඒ වගකීමත් pp වලට පවරලා මෙන්නෝ මුන් සල්ලි වලට බේත් දෙනවෝ කියල උන්ටම බනින එක.
ReplyDeleteඔව්වා හරියන්නේ නෑ, ඔක්කෝලටම ස්මාර්ට් කාඩ් එකක් දෙන්න ඕන, තමුන්ට කැමති තැනකින් /දොස්තර කෙනෙකුගෙන් බෙහෙත් ගන්න, වඩා පහසුවට රජයේ රෝහල් ඇතුලෙම එයාලට වෙන වෙනම කාමර දෙන්නත් පුළුවන්. රොග නිශ්චය සහ නිර්දේශ සියල්ල ක්ලවුඩ් ඩේට බේස් එකකට යවලා, ඒ තොරතුරු අනුව දොස්තර වරයාට / ආයතනයට අදාල මුදල පියවන්න. නිදහස් සෞඛ්‍ය සේවයේ අසනීප ඔක්කෝම නිට්ටාවටම සුව වෙයි. හැබැයි වැඩේ සිද්ධවෙන්න නම් රනිල්ටම කියල පාර්ලිමෙන්තුවේ 75% වත් ඕන වෙයි.
ReplyDelete