අනුන්ගේ ඉඩමකින් වීව් එකක් ලබාගැනීම
අපි පොඩිකාලයේ අපේ ගම්වල කුඹුරු ඉඩම් ගොඩ ඉඩම් වලට වඩා මිලෙන් වැඩි විය . කුඹුරු ඉඩම් වැඩිපුර තිබීම නම්බුවක් විය . අඳ ගොවියන් කොලදිම කියන්නට එනවිට කැවුම් කොකිස් හදා ගෙන බුලත් හුරුල්ලක් රැගෙන කුඹුරු හිමියා වෙත පැමිණියහ.
අඳ ගොවි පනත පැමිණි පසු කුඹුරු හිමියන් තමන්ට කුඹුරු අහිමිවේ යයි බියෙන් ඔවුන් ඉවත් කිරීමට නොයෙකුත් උත්සාහ කළහ , නඩු මගට පවා බැස්සහ . මේ සියල්ල හදිසියේම වෙනස්වුනි. වී ගොවිතැන , විශේෂයෙන්ම වාරිමාර්ග රහිත , වැසි ජලයෙන් ගොවිතැන් කරන කුඹුරු ,ලාබ රහිත ව්‍යාපාරයක් බවට පත්වුණි . අඳ ගොවියෝ කුඹුරු අයිතිකරුවන්ට ස්වේච්චාවෙන්ම ආපසු කුඹුරු බාරදුන්හ .
තමන්ම වැඩකරන්නේ නැත්නම් ඇත්තෙන්ම කුඹුරු වලින් පාඩු සිද්ද වන්නට පටන්ගත්තේය . එසේත් නැත්නම් වාරිමාර්ග රහිත කුඹුරුවලින් කොහොමත් එතරම් ලාබයක් ලැබී නොමැති බව තේරෙන්නට පටන්ගත්තේ ශ්‍රමයට මුදල් ගෙවන්නට සිදුවූ විටය .
කුඹුරු විකුනන්නටත් බැරිය ; මක්නිසාද , කුඹුරට යාබදව තිබෙන කුඹුරේම වනාත එසේත් නැත්නම් ඕවිටේ , පර්චස් එකක් ලක්ෂ 5 කි , කුඹුරේ අක්කරයක්ම ලක්ෂ 5 කට ගන්ට ගැනුම්කරුවෙක් සොයාගන්නට බැරිය , හේතුව කුඹුරු වල ගෙවල් හදන්නට හෝ වෙනත් වගාවක් කරන්නට නීතියෙන් තහනම් වීමය. ගොඩ කුඹුරක කෙසෙල් වගා කර මට වරක් ගොවිජන සේවා දෙපාර්මෙන්තුවෙන් පන්විල උසාවියේ නඩුවක්ද ගොනු කළේය .
මම දැන් හවසට ඇවිදින්නට යනවිට ග්‍රාමසේවා කොට්ටාශ 5 ක් හරහා යන්නෙමි. හපුගස්වෙල , පිටියෙගෙදර, බන්නකදෙනිය , ගලහිටියාව ,හාතියල්වෙල යනාදී නම්වලින් හැදින්වෙන නොයෙකුත් කුඹුරු යාය වල සුන්දරත්වය විදින්නෙමි.
මේ කුඹුරු අක්කර 200/300 පමණ භූමියෙන් මේ යල කන්නයේ ගොවිතැන් කර ඇත්තේ එකම එක අක්කර බාගයක ලියදි 6ක කුඹුරක් පමණි .මහනුවර දිස්ත්‍රික්කය තුල කුඹුරු අක්කර විසිපන්දාහක් පමණ තිබේ. අනික් අහස් දියෙන් වගාකරන දිස්ත්‍රික්ක වලත් බලන විට, මෙම වැඩකට නොගන්නා භුමි ප්‍රමාණය, අක්කර මිලියනයකටත් වඩා වැඩි වනු ඇත. මට පෙනෙන විදිහට, මහවැලි ප්‍රදේශ හැර අනෙක් දිස්ත්‍රික්කවල, කුඹුරු වලින් 25% ක වත් ඇත්තටම වී ගොවිතැන කෙරේදැයි සැක සහිතය. එවැනි නාස්ති වී යන ඉඩම් අක්කර 250000 ක් ඇත්තේ යැයි සිතමූ. ගොඩකරන්නට හෝ නිවාස හදන්නට ඉඩ නොදී, මේ ඉඩම්වල පොල් වගා කරන්නට ඉඩ දුන්නේ යැයි සිතමු. මෙම පොල් වගාවෙන් අඩුම තරමින්, වසරකට පොල් ගෙඩි මිලියන 500 ක් පමණ කඩන්නට පුලුවන. මෙය රටේ ආර්ථිකයේ වර්ධනයේ ඇඟට දැනෙන වෙනසක් සිදුකරනු නොවනුමානය.
මේ ලගකදී නිවාස හදා විකුණන මගේ මිතුරෙකු කුඹුරක් අයිනේ නිවසක ජීවත්වීමේ, ලොකුම වාසිය මෙලෙස පැහැදිලි කළේය.
"කිසිම ආයෝජනයක් නැතිව මීටර් 50/60 දුරට වීව් එකක් තියාගන්නට පුලුවන්, ගොවිතැන් කරන කුඹුරක නම්, මාසෙන් මාසෙට වීව් එකේ පාටයි ඩිසයින් එකයි වෙනස් වෙනවා. හරියට මාසෙන් මාසෙට කැන්වස් එක මාරුකරනවා වාගේ , අවුරුදු සියයකින් වත් වීව් එක බ්ලොක් වෙන්නේ නැහැ කියලා 100% ෂුවර්"
අපට වී දුන් තැනින් අපි දැන් ගන්නේ වීව් එක්ක පමණක්ද?
http://maathalan.blogspot.com/2016/06/lets-plant-ganja-instead-of-rice.html?m=0
ReplyDeletehttp://maathalan.blogspot.com/2016/06/lets-plant-ganja-instead-of-rice.html?m=0
ReplyDeleteInteresting idea
ReplyDelete